මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)
මිනිසුන් විසින් ආහාර දාමයේ මුල් තැන අරගෙන දැනට අවුරුදු දහස් ගණනක් වනවා. එහි ප්‍රතිපලයක් ලෙසට හා මිනිස් ජනගහනයේ වර්ධනයත් සමග අනෙකුත් සතුන් මේ වන විට වඳ වීමේ තර්ජනයකට මුහුණ පා සිටිනවා.
නමුත් මෑත ඉතිහාසයේත් විටින් විට මිනිසුන් ආහාර දාමයේ දෙවන තැනට වැටෙන අවස්ථා බොහොමයක් තිබෙනවා. බොහොමයක් සතුන් මිනිසුන්ට බිය වීමට අනුවර්තනය වී සිටියත් විටින් විට මිනිසුන්ට බිය නොවන හා මිනිස් ආධිපත්‍යයට අභියෝග කිරීමේ හැකියාව ඇති සතුන් බිහි වනවා.
මේ ලිපියේ අරමුණ වන්නේ මෑත ඉතිහාසයේ ලෝකප්‍රසිද්ධ වූ එවැනි අවස්ථා කිහිපයක් ගැන කරුණු දැක්වීමයි.
මෙය තමයි ලෝක ඉතිහාසයේ සඳහන් වී තිබෙන එක් සතුන් කණ්ඩායමක් විසින් කර තිබෙන විශාලම මිනිස් සංහාරය. 1932 දී Njombe ප්‍රදේශයේ විසු 20ක් පමණ වන සිංහ රැලක් විසින් මෙය සිදු කරන ලදී. එතෙක් සාමාන්‍ය ලෙස හැසිරුනු මේ සිංහ රැල 1932 දී එක්වරම ඉතා දරුණු ලෙස අවට ගම්මාන වලට පහර දීමට ආරම්භ කර ඇත. මොවුන් මිනී මසට ඉතා ගිජු බවක් දැක්වූ අතර ඇතැම් විට එක් රාත්‍රියකදී කුඩා ගම්මාන සහමුලින්ම විනාශ වූ බව සඳහන් වේ.
ගෝත්‍රික ජනතාව විශ්වාස කලේ එම ප්‍රදේශයේ නායකයා විසින් එම පළාතේ සිටි ප්‍රසිද්ධ යකදුරෙකු නිලයෙන් පහ කිරීම නිසා ගමට වෛරයෙන් බැඳුනු එම යකදුරා විසින් මේ සිංහ රැල ආවේශ කල බවයි. නායකයා විසින් උදවු ඉල්ලා පණිවුඩ යැවුණු අතර එවකට අප්‍රිකාවේ සිටි ප්‍රසිද්ධ දඩයක්කරුවකු වූ George Rushby විසින් අභියෝගය භාරගන්නා ලදී. දඩයක්කරුවන් කණ්ඩායමක් සමග ගිය ඔහු මෙම සිංහ රැලෙන් සිංහයන් 15 මැරීමට සමත් වූ අතර ඉන් පසු ඉතිරි සිංහයින් ප්‍රදේශය අතහැර පලා ගොස් ඇත.
නමුත් ඒ වන විටත් රජයේ වාර්තා අනුව මිනිසුන් 1500 ක් මියගොස් සිටි අතර මිනිසුන් පවසන්නේ 2000 කට වැඩි පිරිසක් මේ සිද්දියෙන් මියගිය බවයි. අදටත් එහි ගෝත්‍රික ජනතාව මෙම සිද්ධිය ගැන කතා කිරීමට බිය වන ඔවුන් සිතන්නේ එසේ කතා කළහොත් මෙම සිංහයන් යලි පැමිණෙනු ඇති බවයි.
වාර්තා වල සඳහන් ආකාරයට දඩයක්කරුවකුගේ වෙඩි පහරින් අබාධ වූ ඌ ඉතා පහසු ගොදුරක් වන මිනිසුන් දඩයම් කර ඇත. මිනී මසට පුරුදු වූ දිවියා සුව වූ පසුවත් මිනී මස් උගේ ප්‍රියතම ආහාරය කරගෙන ඇත.
1910 දී Jim Cobert විසින් මෙම දිවියා මරා දැමීමට සමත් වී ඇත.
මෙම දිවියාට අමතරව ඉන්දියාවේ මිනී මස් කන තවත් ප්‍රසිද්ධ දිවියන් සිට ඇත.
කහානී මිනී කන්නා - මිනිසුන් 200කට වැඩි පිරිසක් මරා ඇත.
රුද්‍රප්‍රයාග් මිනී කන්නා - වන්දනාවේ ගිය මිනිසුන් 125ක් මරා ඇත.
මෙම සිද්ධිය ලෝකයේ ඉතා ජනප්‍රිය වූ අතර මෙම සිද්ධිය අලලා චිත්‍රපට 3 ක් පමණ නිෂ්පාදනය වී ඇත. මෙය මෙතරම් ප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුවක් වුයේ මෙම සිද්ධියට මුහුණ දුන් ප්‍රධාන පුද්ගලයා වන John Henry Patterson ඔහුගේ අත්දැකීම පොතකින් එළිදැක්වීමයි.
මේ සියල්ල ආරම්භ වන්නේ 1898 දී බ්‍රිතාන්‍ය රජය කෙන්යාවේ ට්සාවෝ ගඟ හරහා දුම්රිය පාලමක් ඉදිකිරීම ආරම්භ කිරීමත් සමගයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා වුයේ John Henry Patterson. ජනාවාස වලින් තොර ප්‍රදේශයක් වූ නිසා ඔහුත් සමග ගිය කම්කරුවන් නවාතැන් සඳහා පාලම අසල තාවකාලික කුඩාරම් තනන ලදී. අතිශය දුෂ්කර කටයුත්තක් වූ මෙය කම්කරුවන්ට මනු ලොව අපායක් වුයේ තනි සිංහ සහෝදරයන් දෙදෙන්ක්ගේ බැල්ම මේ කම්කරුවන් වෙත වැටීමත් සමගයි.
එම ප්‍රදේශයේ වාසය කරන අනෙකුත් සින්හයින්ට වඩා ශරීරයෙන් විශාල වූ මොවූන්ට කේෂර තිබුනේ නැත. ඔලුවේ සිට වලිගයට මීටර 3ක් විය. එමෙන්ම මිනිසුන් රැවටීමට පවා සමත් තියුණු බුද්ධියක් සමග පුදුමාකාර නිර්භීත කමක් මොවුන්ට තිබිණි.
මුලින් මුලින් රාත්‍රී කාලයේ කුඩාරම් වල නිදා සිටින කම්කරුවන් කැලෑවට ඇදගෙන ගොස් කා දැමීමට පුරුදුව සිටියත් සති කිහිපයකට පසු කුඩාරම ඉදිරියේම මිනිසුන් කා දැමීමට මොවුන් නිර්භය විය. මේ කණ්ඩායම තුවක්කු ඇතිව සිංහ තර්ජනයකට මුහුණ දීමට සුදානම්ව මේ ප්‍රදේශයට පැමිණියත් මේ සිංහයින් දෙදෙනාගේ තියුණු බුද්ධිය නිසා ඔවුන් අසරණ විය. උන් ගින්දරට බය නොවීය, කටු සහිත වැටවල් ඉදි කලත් ඒවායින් රිංගා හෝ උඩින් පැන ඒමට සමත් විය, වෙඩි උණ්ඩ මගහැර අනික් මිනිසුන් ඉදිරියේ මිනිසුන් ඩැහැගෙන යාමට තරම් නිර්භය විය. ඇතැම් විට ඒක සිංහයෙකු තුවක්කු සහිත මිනිසුන් ඔහු පසුපස එළවීමට රැවටීමට ලක් කරන විට අනෙක් සිංහයා අනාරක්ෂිත වූ තාවකාලික රෝහලට පැන මිනිසුන් ඝාතනය කරන ලදී.
උදවු ඉල්ලා පණිවුඩ යැවුවත් ඔවුන් සිටි ප්‍රදේශයට උදව් ඒමට කල් ගතවන බැවින් John Henry මේ සිංහයින් මැරීමට උත්සහ කරන ලදී. අසාර්ථක වූ දඩයම් කිහිපයකින් පසු තමන් මැරීමට ඉතා අසන්න වූ John Henryට සිංහයින් කුරුමානම් ඇල්ලිය. අවස්ථා කිහිපයකදී ඔහු මැරීමට ඉතා ආසන්න විය.
කෙසේ හෝ 1898 දෙසැම්බර් මාසයේදී එළුවෙකු ඇම ලෙස භාවිත කර පළමු සිංහයා මැරීමට John Henry සමත් විය. පළමු වෙඩි පහරින් තුවාල වූ සිංහයා ලුහුබදින විට ටික වෙලාවට පසු ඔහුට තේරුම් ගියේ වෙඩි කෑ සිංහයා ඔහුව ලුහුබඳින බවයි. දෙවෙනි වෙඩි පහරින් පසුව සිංහයා පලා ගිය අතර අනෙක් දිනයේ සිංහයාගේ මළකුණ හමු විය.
තමන්ගේ සහෝදරයාගේ වියෝවත් සමග අනෙක් සිංහයා තවත් ප්‍රචණ්ඩ විය. දවස් 10කට පසු පෙර සේම ඇමක් අටවා සිංහයාට තුවාල කිරීමට හැකි වූ අතර ඉන් පසු සිංහයා John Henry ලුහුබැදීමට ආරම්භ කර ඇත. තවත් වෙඩි පහර 7 කට හා අවසානයේ ඔලුවට එල්ල කල වෙඩි පහරට පසු ඔහු වෙත ලඟා වීමට උත්සහ කරමින් අවසන් සිංහයා මියගොස් ඇත. මුළු වෙඩි පහරවල් ගණන 9 කි.
මුන් දෙදෙනා මැරීමට පෙර මස 9ක් ඇතුලත මේ සිංහයින්ට මිනිසුන් 140ක් ගොදුරු වී තිබූ අතර පසුව මුන් විසූ ගුහාව සොයාගන්නා ලදී. එම ගුහාව මිනිස් අවශේෂ වලින් පිරී තිබූ බව සඳහන් වේ. මේ සිංහයින් දෙදෙනාගේ සම පුරවා අදටත් Chicago කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට තබා ඇත.
මේ තිබෙන්නේ John Henry රචනා කලා man eaters of Tsavo කෘතියේ audio book එක.
මේ කතාව අලලා නිෂ්පාදනය කල The gost and the darkness චිත්‍රපටයේ කොටසක්.
ඉන්දියාවේ චම්පාවට් ව්‍යාඝ්‍ර ධේනුව.
මෑත ඉතිහාසයේ තනි සත්වයකු කල වැඩිම මිනිස් ඝාතන ගණන සඳහන් වන්නේ මේ සිද්ධියෙදියි. මේ සියල්ල ආරම්භ වන්නේ 19 වන සියවසේ අවසානයේ. නේපාලයේ හිමාලය ආසන්න අඩවියේදී එක්වරම මිනිසුන් කණ්ඩායම් අතුරුදහන් වීමට පටන්ගැනින. පසුව ව්‍යාඝ්‍ර ධේනුවක් මෙයට වගකිව යුතු බව සොයාගෙන ඇත. දඩයක්කරුවකුගේ වෙඩි පහරකින් දත් දෙකක් කැඩීමේ වේදනාවෙන් පෙළුන ඌ පළමුව මෙසේ මිනී මැරීමට පටන්ගෙන ඇත. පසුව මිනී මසට පුරුදු වූ ව්‍යාඝ්‍රයා දිගින් දිගටම මිනී මැරීම කරගෙන ගොස් ඇත. දඩයම් කරුවන් කොතරම් උතසහ කලත් ඌ මරා දැමීමට හැකි වී නැත. මරණ සංඛ්‍යාව 200 ඉක්මවූ පසු නේපාල රජය ව්‍යාඝ්‍රයා මරා දැමීමට හමුදා ඒකකයක් යවන ලදී. හමුදාව ඌ වට කරන විට ඉන්දියාවට පලා ඒමට සමත් විය.
මුගේ අලුත් දඩබිම වුයේ ඉන්දියාවේ චම්පාවට් කලාපයයි. ඌ දඩයම් කල සෑම මිනිසෙකු සමගම උගේ දඩයම් ක්‍රම හා නිර්භය බව දියුණු විය. මිනිසුන් සිතුවේ ඌ මිනිසුන්ට දඬුවම් දීමට ආ යක්ෂයෙකු බවයි. මහ දවල් ගම්මාන වලට පහර දීම සුලභ දෙයක් විය. මිනිසුන් දහවලෙත් ගෙවල් වලින් එලියට බැසීමට බිය විය.
මේ ව්‍යාඝ්‍ර ධේනුව ලුහුබැඳ මරා දැමීමට ගිය බොහෝ දෙනෙකු උගේ ගොදුරු බවට පත්විය. මේ නිසා පසුව කිසිවෙකු මේ සඳහා ඉදිරිපත් වුයේ නැත. අවසානයේ මෙම ඛේදවාචකය නතර කිරීමට ඉදිරිපත් වුයේ Jim Corbett නම් දඩයක්කරුවෙකි. කුරුමානම් අල්ලා සිටි ඔහුට ව්‍යාඝ්‍රයා මැරීමට අවස්ථාව උදා වුයේ 1911දි ඌ ඔහු සිටි ගමේ කුඩා දැරියක් මරා රැගෙන ගොස් තිබූ විටය. ලේ සලකුණු හා ශරීර කොටස් ඔස්සේ ලුහුබැඳ ගිය ඔහු, අලුත් ගොදුර ආහාරයට ගනිමින් සිටි ව්‍යාඝ්‍ර ධේනුව මරා දැමීමට සමත් විය.
මේ ව්‍යාඝ්‍ර ධේනුව මියයාමට පෙර රජයේ වාර්තා අනුව මිනිසුන් 436ක් මරා දම තිබුණි. මේ ප්‍රදේශයේ මිනිසුන් ඌට කොතරම් බිය වුවාද කිවහොත් මේ ව්‍යාඝ්‍රයා මරා දැමූ පසු ඔහු සාධුවරයෙක් ලෙස නම් කරන ලදී. පසුව Jim Corbett ඉන්දියාවේ ව්‍යාඝ්‍රයින් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ පුරෝගාමියෙක් විය.
අප්‍රිකාවේ ගුස්ටාවේ
ගුස්ටාවේ නමින් හැඳින්වෙන්නේ බුරුන්ඩි රාජ්‍යයේ වෙසෙන නයිල් කිම්බුලෙකි. ඌ දැනට හදුනාගෙන තිබෙන ලොකුම නයිල් කිඹුලා වේ. දිගින් මීටර් 6ක් හා බරින් ටොන් එකක් පමණ වන ඌ අපිකාවේ සිටින විශාලම මාංශභක්ෂකයා ලෙසද නම් කල හැක.
ගුස්ටාවේ මේ වන විට මිනිසුන් 300 කට අධික ප්‍රමාණයක් මරා දමා ඇති අතර තවමත් නිදැල්ලේ හැසිරෙයි. ඌව අල්ලාගැනීම කොතරම් උත්සහ කලත් තවම කිසිවෙකු සාර්ථක වී නැත. උගේ ඇඟ පුරා කැළැල් තිබෙන්නේ ඌව ඇල්ලීමට හෝ මරා දැමීමට මිනිසුන් ගත උත්සාහ වල ප්‍රතිපලයක් ලෙසය. මේ කිඹුලා මරා දැමීමට කොතරම් අපහසුද යන වග ඔප්පු කිරීමට උගේ ඔලුවේ වෙඩි පහරක කැළලක් දැකිය හැකිය. උගුල් ඇටවුවත් ඒවා මගහැර යෑමට ඌ ඉතා දක්ෂය.
ගුස්ටාවේගෙ විශේෂය වන්නේ ඌ විනෝදයට මිනිසුන් මැරීමයි. එකවරම පහර දෙන ඌ මිනිසුන් 10ක් පමණ මරා නැවත කලක් යනතුරු අතුරුදහන් වෙයි. ඉන්පසු යලිත් අනපේක්ෂිත ලෙස වෙනත් ප්‍රදේශයකදී මිනිසුන් මරයි. උගේ රටාවක් නොමැති කම ඌ ඇල්ලීමට ඇති ප්‍රධාන අපහසුතාවයි.
මේ සිද්ධිය අභාෂයෙන් හොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය වී ඇත.
මේ වගෙ ඔයාල දන්න සිද්ධිත් තියනවනම් මෙතන කට්ටිය එක්ක බෙදාගන්න.
Diya Rakus සහෝදරයා ලංකාවේ වෙච්ච මේ වගේ සිද්ධියක් ගැන අපිත් සමග බෙදාගෙන තියනව.
මේ link එකෙන් කෙලින්ම ඒ post එකට යන්න පුළුවන්.
http://www.elakiri.com/forum/showthread.php?&p=15964899#post15964899
මිනිසුන් විසින් ආහාර දාමයේ මුල් තැන අරගෙන දැනට අවුරුදු දහස් ගණනක් වනවා. එහි ප්‍රතිපලයක් ලෙසට හා මිනිස් ජනගහනයේ වර්ධනයත් සමග අනෙකුත් සතුන් මේ වන විට වඳ වීමේ තර්ජනයකට මුහුණ පා සිටිනවා.
නමුත් මෑත ඉතිහාසයේත් විටින් විට මිනිසුන් ආහාර දාමයේ දෙවන තැනට වැටෙන අවස්ථා බොහොමයක් තිබෙනවා. බොහොමයක් සතුන් මිනිසුන්ට බිය වීමට අනුවර්තනය වී සිටියත් විටින් විට මිනිසුන්ට බිය නොවන හා මිනිස් ආධිපත්‍යයට අභියෝග කිරීමේ හැකියාව ඇති සතුන් බිහි වනවා.
මේ ලිපියේ අරමුණ වන්නේ මෑත ඉතිහාසයේ ලෝකප්‍රසිද්ධ වූ එවැනි අවස්ථා කිහිපයක් ගැන කරුණු දැක්වීමයි.
ටැන්සානියාවේ Njombe සිංහ රැළ
මෙය තමයි ලෝක ඉතිහාසයේ සඳහන් වී තිබෙන එක් සතුන් කණ්ඩායමක් විසින් කර තිබෙන විශාලම මිනිස් සංහාරය. 1932 දී Njombe ප්‍රදේශයේ විසු 20ක් පමණ වන සිංහ රැලක් විසින් මෙය සිදු කරන ලදී. එතෙක් සාමාන්‍ය ලෙස හැසිරුනු මේ සිංහ රැල 1932 දී එක්වරම ඉතා දරුණු ලෙස අවට ගම්මාන වලට පහර දීමට ආරම්භ කර ඇත. මොවුන් මිනී මසට ඉතා ගිජු බවක් දැක්වූ අතර ඇතැම් විට එක් රාත්‍රියකදී කුඩා ගම්මාන සහමුලින්ම විනාශ වූ බව සඳහන් වේ.
ගෝත්‍රික ජනතාව විශ්වාස කලේ එම ප්‍රදේශයේ නායකයා විසින් එම පළාතේ සිටි ප්‍රසිද්ධ යකදුරෙකු නිලයෙන් පහ කිරීම නිසා ගමට වෛරයෙන් බැඳුනු එම යකදුරා විසින් මේ සිංහ රැල ආවේශ කල බවයි. නායකයා විසින් උදවු ඉල්ලා පණිවුඩ යැවුණු අතර එවකට අප්‍රිකාවේ සිටි ප්‍රසිද්ධ දඩයක්කරුවකු වූ George Rushby විසින් අභියෝගය භාරගන්නා ලදී. දඩයක්කරුවන් කණ්ඩායමක් සමග ගිය ඔහු මෙම සිංහ රැලෙන් සිංහයන් 15 මැරීමට සමත් වූ අතර ඉන් පසු ඉතිරි සිංහයින් ප්‍රදේශය අතහැර පලා ගොස් ඇත.
නමුත් ඒ වන විටත් රජයේ වාර්තා අනුව මිනිසුන් 1500 ක් මියගොස් සිටි අතර මිනිසුන් පවසන්නේ 2000 කට වැඩි පිරිසක් මේ සිද්දියෙන් මියගිය බවයි. අදටත් එහි ගෝත්‍රික ජනතාව මෙම සිද්ධිය ගැන කතා කිරීමට බිය වන ඔවුන් සිතන්නේ එසේ කතා කළහොත් මෙම සිංහයන් යලි පැමිණෙනු ඇති බවයි.
ඉන්දියාවේ පනාර් දිවියා.
ඉතිහාසයේ වාර්තා වන තනි දිවියෙකු විසින් වැඩිම මිනී ඝාතන සංඛ්‍යාවක් කරන ලද අවස්ථාවයි මේ. ශරීරය කුඩා වුවත් හොඳ බුද්ධියක් දිවියාට තිබෙන බව විශ්වාස කෙරේ. පසුගිය සියවසේ මුල් අවදියේ මෙම සිදුවීම සිදු වූ අතර පනාර් ප්‍රදේශයේ 400ක් පමණ මෙම දිවියාට ගොදුරු විය.
වාර්තා වල සඳහන් ආකාරයට දඩයක්කරුවකුගේ වෙඩි පහරින් අබාධ වූ ඌ ඉතා පහසු ගොදුරක් වන මිනිසුන් දඩයම් කර ඇත. මිනී මසට පුරුදු වූ දිවියා සුව වූ පසුවත් මිනී මස් උගේ ප්‍රියතම ආහාරය කරගෙන ඇත.
1910 දී Jim Cobert විසින් මෙම දිවියා මරා දැමීමට සමත් වී ඇත.
මෙම දිවියාට අමතරව ඉන්දියාවේ මිනී මස් කන තවත් ප්‍රසිද්ධ දිවියන් සිට ඇත.
කහානී මිනී කන්නා - මිනිසුන් 200කට වැඩි පිරිසක් මරා ඇත.
රුද්‍රප්‍රයාග් මිනී කන්නා - වන්දනාවේ ගිය මිනිසුන් 125ක් මරා ඇත.
අප්‍රිකාවේ ට්සාවෝහි Ghost හා Darkness(ට්සාවෝ මිනී මරුවන්)
මෙම සිද්ධිය ලෝකයේ ඉතා ජනප්‍රිය වූ අතර මෙම සිද්ධිය අලලා චිත්‍රපට 3 ක් පමණ නිෂ්පාදනය වී ඇත. මෙය මෙතරම් ප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුවක් වුයේ මෙම සිද්ධියට මුහුණ දුන් ප්‍රධාන පුද්ගලයා වන John Henry Patterson ඔහුගේ අත්දැකීම පොතකින් එළිදැක්වීමයි.
මේ සියල්ල ආරම්භ වන්නේ 1898 දී බ්‍රිතාන්‍ය රජය කෙන්යාවේ ට්සාවෝ ගඟ හරහා දුම්රිය පාලමක් ඉදිකිරීම ආරම්භ කිරීමත් සමගයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා වුයේ John Henry Patterson. ජනාවාස වලින් තොර ප්‍රදේශයක් වූ නිසා ඔහුත් සමග ගිය කම්කරුවන් නවාතැන් සඳහා පාලම අසල තාවකාලික කුඩාරම් තනන ලදී. අතිශය දුෂ්කර කටයුත්තක් වූ මෙය කම්කරුවන්ට මනු ලොව අපායක් වුයේ තනි සිංහ සහෝදරයන් දෙදෙන්ක්ගේ බැල්ම මේ කම්කරුවන් වෙත වැටීමත් සමගයි.
එම ප්‍රදේශයේ වාසය කරන අනෙකුත් සින්හයින්ට වඩා ශරීරයෙන් විශාල වූ මොවූන්ට කේෂර තිබුනේ නැත. ඔලුවේ සිට වලිගයට මීටර 3ක් විය. එමෙන්ම මිනිසුන් රැවටීමට පවා සමත් තියුණු බුද්ධියක් සමග පුදුමාකාර නිර්භීත කමක් මොවුන්ට තිබිණි.
මුලින් මුලින් රාත්‍රී කාලයේ කුඩාරම් වල නිදා සිටින කම්කරුවන් කැලෑවට ඇදගෙන ගොස් කා දැමීමට පුරුදුව සිටියත් සති කිහිපයකට පසු කුඩාරම ඉදිරියේම මිනිසුන් කා දැමීමට මොවුන් නිර්භය විය. මේ කණ්ඩායම තුවක්කු ඇතිව සිංහ තර්ජනයකට මුහුණ දීමට සුදානම්ව මේ ප්‍රදේශයට පැමිණියත් මේ සිංහයින් දෙදෙනාගේ තියුණු බුද්ධිය නිසා ඔවුන් අසරණ විය. උන් ගින්දරට බය නොවීය, කටු සහිත වැටවල් ඉදි කලත් ඒවායින් රිංගා හෝ උඩින් පැන ඒමට සමත් විය, වෙඩි උණ්ඩ මගහැර අනික් මිනිසුන් ඉදිරියේ මිනිසුන් ඩැහැගෙන යාමට තරම් නිර්භය විය. ඇතැම් විට ඒක සිංහයෙකු තුවක්කු සහිත මිනිසුන් ඔහු පසුපස එළවීමට රැවටීමට ලක් කරන විට අනෙක් සිංහයා අනාරක්ෂිත වූ තාවකාලික රෝහලට පැන මිනිසුන් ඝාතනය කරන ලදී.
උදවු ඉල්ලා පණිවුඩ යැවුවත් ඔවුන් සිටි ප්‍රදේශයට උදව් ඒමට කල් ගතවන බැවින් John Henry මේ සිංහයින් මැරීමට උත්සහ කරන ලදී. අසාර්ථක වූ දඩයම් කිහිපයකින් පසු තමන් මැරීමට ඉතා අසන්න වූ John Henryට සිංහයින් කුරුමානම් ඇල්ලිය. අවස්ථා කිහිපයකදී ඔහු මැරීමට ඉතා ආසන්න විය.
කෙසේ හෝ 1898 දෙසැම්බර් මාසයේදී එළුවෙකු ඇම ලෙස භාවිත කර පළමු සිංහයා මැරීමට John Henry සමත් විය. පළමු වෙඩි පහරින් තුවාල වූ සිංහයා ලුහුබදින විට ටික වෙලාවට පසු ඔහුට තේරුම් ගියේ වෙඩි කෑ සිංහයා ඔහුව ලුහුබඳින බවයි. දෙවෙනි වෙඩි පහරින් පසුව සිංහයා පලා ගිය අතර අනෙක් දිනයේ සිංහයාගේ මළකුණ හමු විය.
තමන්ගේ සහෝදරයාගේ වියෝවත් සමග අනෙක් සිංහයා තවත් ප්‍රචණ්ඩ විය. දවස් 10කට පසු පෙර සේම ඇමක් අටවා සිංහයාට තුවාල කිරීමට හැකි වූ අතර ඉන් පසු සිංහයා John Henry ලුහුබැදීමට ආරම්භ කර ඇත. තවත් වෙඩි පහර 7 කට හා අවසානයේ ඔලුවට එල්ල කල වෙඩි පහරට පසු ඔහු වෙත ලඟා වීමට උත්සහ කරමින් අවසන් සිංහයා මියගොස් ඇත. මුළු වෙඩි පහරවල් ගණන 9 කි.
මුන් දෙදෙනා මැරීමට පෙර මස 9ක් ඇතුලත මේ සිංහයින්ට මිනිසුන් 140ක් ගොදුරු වී තිබූ අතර පසුව මුන් විසූ ගුහාව සොයාගන්නා ලදී. එම ගුහාව මිනිස් අවශේෂ වලින් පිරී තිබූ බව සඳහන් වේ. මේ සිංහයින් දෙදෙනාගේ සම පුරවා අදටත් Chicago කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට තබා ඇත.
මේ තිබෙන්නේ John Henry රචනා කලා man eaters of Tsavo කෘතියේ audio book එක.
මේ කතාව අලලා නිෂ්පාදනය කල The gost and the darkness චිත්‍රපටයේ කොටසක්.
ඉන්දියාවේ චම්පාවට් ව්‍යාඝ්‍ර ධේනුව.
මෑත ඉතිහාසයේ තනි සත්වයකු කල වැඩිම මිනිස් ඝාතන ගණන සඳහන් වන්නේ මේ සිද්ධියෙදියි. මේ සියල්ල ආරම්භ වන්නේ 19 වන සියවසේ අවසානයේ. නේපාලයේ හිමාලය ආසන්න අඩවියේදී එක්වරම මිනිසුන් කණ්ඩායම් අතුරුදහන් වීමට පටන්ගැනින. පසුව ව්‍යාඝ්‍ර ධේනුවක් මෙයට වගකිව යුතු බව සොයාගෙන ඇත. දඩයක්කරුවකුගේ වෙඩි පහරකින් දත් දෙකක් කැඩීමේ වේදනාවෙන් පෙළුන ඌ පළමුව මෙසේ මිනී මැරීමට පටන්ගෙන ඇත. පසුව මිනී මසට පුරුදු වූ ව්‍යාඝ්‍රයා දිගින් දිගටම මිනී මැරීම කරගෙන ගොස් ඇත. දඩයම් කරුවන් කොතරම් උතසහ කලත් ඌ මරා දැමීමට හැකි වී නැත. මරණ සංඛ්‍යාව 200 ඉක්මවූ පසු නේපාල රජය ව්‍යාඝ්‍රයා මරා දැමීමට හමුදා ඒකකයක් යවන ලදී. හමුදාව ඌ වට කරන විට ඉන්දියාවට පලා ඒමට සමත් විය.
මුගේ අලුත් දඩබිම වුයේ ඉන්දියාවේ චම්පාවට් කලාපයයි. ඌ දඩයම් කල සෑම මිනිසෙකු සමගම උගේ දඩයම් ක්‍රම හා නිර්භය බව දියුණු විය. මිනිසුන් සිතුවේ ඌ මිනිසුන්ට දඬුවම් දීමට ආ යක්ෂයෙකු බවයි. මහ දවල් ගම්මාන වලට පහර දීම සුලභ දෙයක් විය. මිනිසුන් දහවලෙත් ගෙවල් වලින් එලියට බැසීමට බිය විය.
මේ ව්‍යාඝ්‍ර ධේනුව ලුහුබැඳ මරා දැමීමට ගිය බොහෝ දෙනෙකු උගේ ගොදුරු බවට පත්විය. මේ නිසා පසුව කිසිවෙකු මේ සඳහා ඉදිරිපත් වුයේ නැත. අවසානයේ මෙම ඛේදවාචකය නතර කිරීමට ඉදිරිපත් වුයේ Jim Corbett නම් දඩයක්කරුවෙකි. කුරුමානම් අල්ලා සිටි ඔහුට ව්‍යාඝ්‍රයා මැරීමට අවස්ථාව උදා වුයේ 1911දි ඌ ඔහු සිටි ගමේ කුඩා දැරියක් මරා රැගෙන ගොස් තිබූ විටය. ලේ සලකුණු හා ශරීර කොටස් ඔස්සේ ලුහුබැඳ ගිය ඔහු, අලුත් ගොදුර ආහාරයට ගනිමින් සිටි ව්‍යාඝ්‍ර ධේනුව මරා දැමීමට සමත් විය.
මේ ව්‍යාඝ්‍ර ධේනුව මියයාමට පෙර රජයේ වාර්තා අනුව මිනිසුන් 436ක් මරා දම තිබුණි. මේ ප්‍රදේශයේ මිනිසුන් ඌට කොතරම් බිය වුවාද කිවහොත් මේ ව්‍යාඝ්‍රයා මරා දැමූ පසු ඔහු සාධුවරයෙක් ලෙස නම් කරන ලදී. පසුව Jim Corbett ඉන්දියාවේ ව්‍යාඝ්‍රයින් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ පුරෝගාමියෙක් විය.
අප්‍රිකාවේ ගුස්ටාවේ
ගුස්ටාවේ මේ වන විට මිනිසුන් 300 කට අධික ප්‍රමාණයක් මරා දමා ඇති අතර තවමත් නිදැල්ලේ හැසිරෙයි. ඌව අල්ලාගැනීම කොතරම් උත්සහ කලත් තවම කිසිවෙකු සාර්ථක වී නැත. උගේ ඇඟ පුරා කැළැල් තිබෙන්නේ ඌව ඇල්ලීමට හෝ මරා දැමීමට මිනිසුන් ගත උත්සාහ වල ප්‍රතිපලයක් ලෙසය. මේ කිඹුලා මරා දැමීමට කොතරම් අපහසුද යන වග ඔප්පු කිරීමට උගේ ඔලුවේ වෙඩි පහරක කැළලක් දැකිය හැකිය. උගුල් ඇටවුවත් ඒවා මගහැර යෑමට ඌ ඉතා දක්ෂය.
ගුස්ටාවේගෙ විශේෂය වන්නේ ඌ විනෝදයට මිනිසුන් මැරීමයි. එකවරම පහර දෙන ඌ මිනිසුන් 10ක් පමණ මරා නැවත කලක් යනතුරු අතුරුදහන් වෙයි. ඉන්පසු යලිත් අනපේක්ෂිත ලෙස වෙනත් ප්‍රදේශයකදී මිනිසුන් මරයි. උගේ රටාවක් නොමැති කම ඌ ඇල්ලීමට ඇති ප්‍රධාන අපහසුතාවයි.
මේ සිද්ධිය අභාෂයෙන් හොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය වී ඇත.
මේ වගෙ ඔයාල දන්න සිද්ධිත් තියනවනම් මෙතන කට්ටිය එක්ක බෙදාගන්න.

Diya Rakus සහෝදරයා ලංකාවේ වෙච්ච මේ වගේ සිද්ධියක් ගැන අපිත් සමග බෙදාගෙන තියනව.
මේ link එකෙන් කෙලින්ම ඒ post එකට යන්න පුළුවන්.
http://www.elakiri.com/forum/showthread.php?&p=15964899#post15964899
Last edited:

TFS