මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි?

    මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ගුරු ගෙන් සුභ දෘෂ්ටියක් වැටිලා තියනවා. රවිගෙන් පාප දෘෂ්ඨියක් වටිලා තියනව, වගේ කතා ඔනෙතරම් අහන්න ලැබෙනවා. මෙහිදී වරාමිහිරයෙහි හා පරාශරයෙහි ග්‍රහ දෘෂ්ඨි පිලිඹඳ දැක්වෙන මත දෙ ආකාර වන අතර, ජොතිශය විශයක් වශයෙන් ඉගෙන ගන්නා කෙනාට මෙය තරමක් ගැටලු කාරී වන බව පෙනෙන්නට තිබෙ (මටද මෙය මුහුන දෙන්නට වූ විශාල අභියේගයක් විය ).
    පසු කලක හඳහන් පරීක්ශාවත් සමග ලැබුනු අත්දැකීම් හා ගුරුවරුන්ගෙන් ලැබුනු ගුරුහරුකම් පදනම් කරගනිමින් ග්‍රහදෘෂ්ඨි පිලිබඳ අවබෝධයක් ලබා ගතිමි.. පහත දැක්වෙන්නේ ඔබට එය අවබෝධ කරගැනීමට පහසු වෙන සේ සකස් කල වගුවකි (මෙය පෙරදිග භාවිතා වන අකරයට අනුව සකසා ඇත ).
    මෙහි කතිර ලකුනින් දැක්වෙන්නේ ඒ ඒ ග්‍රහයා සිටින තැන 1 යැයි සලකා ගනන් කල විට එම ග්‍රහයාට සම්පූර්නයෙන්ම පෙනෙන රාෂීන්ය...
    උදා: හඳහනක 4 වෙනි කොටුවේ ශනි සිටී යැයි සිතමු ඒවිට සෙනසුරුට පෙනෙන කොටු මොනවාදැයි බැලීමට සෙනසුරු සිටින කොටුව 1 ලෙස පටන්ගෙන ගනන් කරමු... එවිට 3 ලෙස එන්නේ හඳහනේ 6 වන රාශියයි... එනම් 4 වැන්නේ සිටින සෙනසුරුට 6 වැන්න සම්පුර්නයෙන් පෙනෙන අතර එම කොටුව ඔහුගේ බලපෑමට යටත්ය...

    Capture046.jpg

    බටහිර ජෝතිශයේ පෙරදිගමෙන් මහදසා අන්තර් දසා කාල ගනන් නොගන්නා අතර ග්‍රහ දෘශ්ඨි මත පදනම්ව පලාපල බලති.. මෙහිදී ඔවුන් භාවිතා කරන්නේ ග්‍රහයාගෙන් දෘෂ්ඨි වැටෙන අංශක ගනනයි.. එය පහත පරිදිය...
    එමග්‍රහයා සිටි තැනින් දෙපැත්තටම මෙම දෘෂ්ඨි සලකේ
    ශුභ දෘෂ්ඨි - අංශක 30 60 120
    අශුභ දෘෂ්ඨි - අංශක 45 90 135 150 180
    මිශ්‍ර දෘෂ්ඨි - අංශක 30 72 108 144

    බොහෝ විට ග්‍රහයෙක්ගේ තත්වය ඔහුට දෘෂ්ඨි දෙන ග්‍රහයා නිසා සම්පූර්නයෙන්ම වෙනස් වන අවස්ථා අප දැක ඇත. එමනිසා පලාපල කීමේදි ග්‍රහ දෘශ්ඨි වගකීමෙන් යුක්තව පරික්ශා කිරීම වටී.
    උපුටා ගැනීම මගේම බ්ලොග් එකෙන්
     
    Last edited:
    • Like
    Reactions: DAMER and ahinsak

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    නැකැත් රාල;15965726 said:
    grahayek yam kotuwakata drushtiyak dunnama a kotuwen kiyawena palapala honda ho naraka bawata path karanawa.... hithanna sikurugen suba drushtiyak 11 kotuwata watuna kiyala ethakota balaporoththu sapala weema adayam wadi weema wage subha pala athi karawanawa...

    ela