නලින් ද සිල්වා

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නලින් ද සිල්වා

    සිංහල බෞද්ධ අධිපති කතිකාව තුළ නිරතුරුව මතු කෙරෙන ජනප‍්‍රිය ප‍්‍රශ්නයක් වන්නේ ‘‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්ද? යන්න යි. මේ ප‍්‍රශ්නයට බොහෝ පිළිතුරු දෙනු ලැබ ඇතත් ප‍්‍රශ්නය දිගින් දිගටම අසනු ලැබේ. දැන් මේ ප‍්‍රශ්නය බොහෝ දෙනා විසින් අසනු ලැබුවත්, මුලින්ම මේ ප‍්‍රශ්නය ඇසුවේත් එය ජනප‍්‍රිය කරනු ලැබුවේත් මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. ඒසේම මේ ප‍්‍රශ්නය වඩාත්ම සවිස්තරාත්මකව සහ සංගතව ඉදිරිපත් කරනු ලැබුවේ ද ඔහු විසිනි.

    පහත පළ වන්නේ 1982 දී මහාචාර්ය නලින් ද සිල්වා විසින් යථාර්ථ නැමැති සඟරාවට ලියූ ලිපියකි. එම ලිපිය 1994 දී රාවය පුවත්පතේ නැවත පළ කොට තිබුණි.

    ඊළාම් අයිතිය

    උතුරේ දෙමළ ජනතාව වෙන්වී තමන්ගේ ම රාජ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා කැමැත්ත, 1977 මැතිවරණයේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ජන්දය දීමෙන් පළකර ඇත. අද ද්‍ර.එ.වි.පෙ ක්‍රියා කරන්නේ එම කැමැත්තට පටහැනිව ය. එහෙත් එපමණින් ම වෙන්වීමට දෙමළ ජනතාවට ඇති උවමනාව නැති වී යැයි කිව නොහැකිය. ලන්ඩනයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති කමිටුව වැනි සංවිධාන ද්‍ර.එ.වි පෙරමුණට බාහිරව මතු වන්නේ එම අවශ්‍යතාවය දෙමළ ජනතාවට තිඛෙන බැවිනි. දෙමළ ජනතාවට එසේ වෙන්වීමට කැමැත්තක් තිබූ පමණින් ම ඔවුන්ට එවැනි අයිතියක් තිබේද? වෙන්වීමෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබේද? වෙන්විය යුත්තේ කිනම් පන්තියක නායකත්වය යටතේද? ධනපති පන්තියේ නායකත්වය යටතේ වෙන් වේ නම් එසේ වෙන් වීම කරණකොටගෙන දෙමළ ජනතාවට යහපතක්වේද? අයහපතක් වේ නම් වෙන්වීමට විරුද්ධ විය යුතුද? යනාදී ප්‍රශ්න අද ධනපති විරෝධී දේශපාලන තලයෙහි සාකච්ජා වෙමින් පවතී.

    මේ රටේ දෙමළ කථා කරන ජනතාව සිංහල ජනතාවත් සමග ම ධනපති ක්‍රමය යටතේ සූරාකෑමට ලක්ව සිටී. එයට අමතරව ඔවුන් ජාතික වශයෙන්ද පීඩනයට පත්වේ. රැකියාවන් ලබාගැනීමේ දී, විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී දෙමළ ජනතාවට අවාසි වන අන්දමට කරුණු සිදු වේ. වතුකරයේ දෙමළ ජනතාව ජීවත් වන්නේ මනුෂ්‍යයනට ඔබින ආකාරයකට නොවේ.

    දෙමළ ජනතාවට විශේෂ වරප්‍රසාද ලැබී ඇතැයි යන්න සිංහල ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ධනපති සන්නිවේදන මාධ්‍යයන් විශාල උත්සාහයක් දරා ඇත. මිෂනාරි අධ්‍යාපන ක්‍රමය යටතේ යාපන අර්ධද්වීපයේ උසස් පාඨශාලා ඇතිවීමත්∙ එමගින් උසස් අධ්‍යාපනයක් ලැබීමේ පහසුකමත්දෙමළ ජනතාවට අත්වූ බවත් සැබෑ ය. ඒ හේතුකොටගෙන ඉංග්‍රීසි පාලන සමයෙහි රැකියාවක් ලබා ගැනීමේ දී දෙමළ ජනතාවට යම් වාසිගත තත්ත්වයක් ඇතිවිය. එහෙත් මෙහි දී අප විශේෂයෙන් මතක තබාගත යුත්තක් නම් එම වාසිය අත්වූයේ ඉංග්‍රීසි උගත් දෙමළ ජනතාවට බවය.

    එසේ නම් ඇත්තටම සිදුවූයේ සිංහල ජනතාවට වඩා දෙමළ ජනතාවට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩකඩ සපයා තිබීම ය. මෙහි අසාධාරණයක් වී නම් “නිදහස” ගැනීමෙන් පසුව සිංහල කථා කරන පළාත්වල ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන පාසල් වඩ වඩා ඇති කිරීමට පාලකයන්ට අවස්ථාව තිබුණි. නැත්නම් ඉංග්‍රීසිය දෙවන භාෂාවක් ලෙස මනාව ප්‍රගුණ කරවමින් සිංහලෙන් හා දෙමළෙන් ජනතාවට තම තමන්ගේ වැඩ කටයුතු කර ගැනීම සඳහා පහසුකම් ඇති කරලීමට තිබුණි.

    එහෙත් ඔව්හි එසේ නොකළහ. එදත් අදත් කවදත් ඉංග්‍රීසි ඉගෙනීමට ලැබුණේ, ලැඛෙන්නේ ටික දෙනකුට පමණ ය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ මුවාවෙන් ඉංග්‍රීසි ඉගැන්වීම තවත් සීමා කරනු ලැබී ය. රජයේ සියලු කටයුතු සිංහලෙන් කරන බවට සිංහල ජනතාවට ප්‍රතිඥා දුන් නමුත් අද වනතුරුත් එය ඉටු වී නොමැත. සිංහලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවෝ ඉංග්‍රීසි උගතුන්ගේ ගැරහුමට ලක්වෙති. සිංහල මාධ්‍යයෙන් උපාධියක් ලද්දෙකුට වඩා ඉංග්‍රීසියෙන් කථා කිරීමට හැකි සාමාන්‍ය පෙළ පොදු අධ්‍යන සහතිකය ලද්දෙකුට රැකියාවක් ලබාගැනීමේ ඉඩකඩක් ඇත.

    දෙමළ ජනතාවට හිමිව තිබී යැයි කියූ වරප්‍රසාදය සිංහල ජනතාවට ලබා දීමේ මුවාවෙන් සිදු වී ඇත්තේ කුමක්ද? එක් පැත්තකින් දෙමළ උගත් තරුණයන් පීඩනයට ලක් කිරීම ය. අනෙක් පැත්තෙන්, උපරිම වශයෙන් සිංහලයෙන් පමණක් උගත් තරැණයන් මධ්‍යම හා පහළ ශ්‍රේණිවල රැකියාවන්ට සීමා කිරීම ය.
    අධ්‍යාපනය පළල් කිරීම, විශ්ව විද්‍යාල හා තෘතීය අධ්‍යාපනය වැඩි කොටසකට ලබාදීම, රැකියාවන් ලබාදීම ආදිය ඉටු කිරීමේ හැකියාවක් කිසිම ධනපති ආණ්ඩුවකට නැත. එම නොහැකියාව වසා ගැනීම සඳහා සෑම ධනපති පක්ෂයක් ම විටින් විට සිංහල ජනතාව අතර ජාතිවාදය අවුස්සා ඇත. ඒ අතර සෑම ජන කොටසක්ම පීඩනයට ලක් කෙරේ.

    එක් භූගෝලීය ප්‍රදේශයක ජීවත් වන, එක් සංස්කෘතියකට හිමිකම් කියන, එක් භාෂාවක් කථාකරන ජනතාවක් ලෙස දෙමළ ජනතාව ඔවුන් “දෙමළ” නිසා ම අමතර පීඩනයකට ද ලක්ව සිටිති. එසේ නම් ඔවුන්ව පීඩනයට පත් කරන රාජ්‍යයෙන් වෙන්වීමට ඔවුන්ට අයිතියක් නැත්ද?

    අවුරුදු දහස් ගණනකට උඩදී සිංහලයන් එම පළාත්වල පදිංචිව සිටීම නිසා ඓතිහාසික වශයෙන් මේ පෙදෙස්වල උරුමය සිංහලයන්ට අයත් විය යුතු බව සමහරු කියති. මෙම ඓතිහාසික සාධකය කෙතරම් දුරට සත්‍යයක්දැයි නොදනිමි. එහෙත් දෙමළ ජනතාව සිංහලයන්ට කලින් උතුරේ පදිංචිව සිටි බැව් පෙන්වීමට ද සාධක ඇති බව තවත් අය කියති. මෙම ප්‍රශ්නයට විසඳුමක් ඉතිහාසඥයින්ගෙන් බලාපොරොත්තු විය නොහැක. උතුරේ කවද කවුරුන් පදිංචි වීද යන්න දැන ගැනීම තුළින් අපට කුමක් ලබාගත හැකිද? රටක හෝ ප්‍රදේශයක මුල් පදිංචි කරුවන්ට එම රට හෝ ප්‍රදේශය අයිති විය යුතුය යන තර්කය ඔස්සේ රාජ්‍ය බිහි කිරීමට හැකි යයි සිතීම ඉතාමත් හාස්‍යජනක ය.

    රාජ්‍ය බිහිවන්නේ යම් යම් අවශ්‍යතාවයන් යටතේ ය. එහි පසුබිම මූලික වශයෙන් ආර්ථික උවමනාවන් ය. බාහිර සූරාකෑමකින් නිදහස්වීම මෙන් ම අභ්‍යන්තර සූරාකෑමකට ඉඩ සලසා දීම ද එම උවමනාවන් අතර වේ. එහි දී එක් පීඩනයකට එරෙහිව සටන් වදින අතර තවත් පීඩනයකට මුල පිරීම ද සිදුවේ.
    දෙමළ ජනතාව අද පීඩනයකට විරුද්ධව සටන් වැදී ඇත. එහි දී නායකත්වයගෙන ඇත්තේ කිනම් පන්තියක් ද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී. ද්‍ර.එ.වි.පෙ. ධනපති පක්ෂයක් ලෙස එම නායකත්වයෙහි එක්තරා ප්‍රමාණයකට තවමත් රැඳී ඇත. එහෙත් දෙමළ ජනතාවගේ ධනපති පන්තියට අද වෙන්වීමක් අවශ්‍යද? වෙන්වීම අවශ්‍ය කිනම් කොටසකටද? කිනම් පංතියකට ද? ඔවුන්ට නායකත්වය සපයන්නේ කවුරුන්ද?

    බොහෝ මාක්ස්වාදී පක්ෂ දෙමළ ජනතාවගේ ස්වයං නීර්ණයන අයිතිය පිළිගනියි. දෙමළ ජනතාවට අවශ්‍ය නම් වෙන්වීමේ අයිතිය ද ඔවුන්ට ඇති බව මෙම පක්ෂ නොයෙක් විට කියා ඇත. එහෙත් බොහෝ විට අපට මෙවැනි තර්කයක් ද මෙම පක්ෂ මගින් ඉදිරිපත් කරනු දක්නට ලැබී ඇත. “ධනපති පන්තියේ නායකත්වය යටතේ හෝ සුළු ධනේෂ්වර නැගිටීමක් ලෙස ඇතිවන සටනකින් දෙමළ ජනතාවට විමුක්තියක් නොලැබේ. එබැවින් දෙමළ ජනතාව කළ යුත්තේ දකුණේ පෑගෙන සිංහල ජනතාව සමග එක් වී සටන් කිරීම ය.” බැලූ බැල්මට මෙවැනි ප්‍රකාශන සාධාරණ ය. එහෙත් එක්සත් සටනක් කරන්නේ කෙසේද යන්න ගැන අදහසක් පවා නැති විටෙක එවැනි ප්‍රකාශන හුදු ප්‍රකාශන බවට පත් වේ. දෙමළ ජනතාවට වෙන්වීමට අයිතියක් ඇතැයි පිළිගනිමින් එම අයිතිය ක්‍රියාත්මකව පිළිනොගන්නා බවක් ඉන් අදහස් වේ. මෙය උගුරට හොරා බේත් කෑමට තැත් කිරීමකි.

    ඒකපාක්ෂිකව ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කිරීමට සැරසෙන ලන්ඩන් කමිටුවට ජනතා පදනමක් තිබේදැයි දැන ගැනීමට සැරසීම මෙම පක්ෂවල තවත් ලක්ෂණයක් බවට පත්ව තිබේ. ජනතා පදනමක් තිබේද නැද්ද යන්න මැන ගන්නේ කෙසේද? ද්‍ර.එ.වි.පෙ. ඊළාම් ප්‍රකාශ කිරීමට විරුද්ධ බැවින් අප ද එය සුළුකොට තැකිය යුතු ය යන්න ප්‍රශ්නයෙන් පැන යාමේ තවත් මගකි. ආණ්ඩුව සමග සම්මුති ගසාගත් ද්‍ර.එ.වි.පෙරමුණෙන් පක්ෂපාතී සහතිකයක් ලබා ගත හැකි විමුක්තිකාමී සංවිධානයක් තිබිය හැකිද? මේ සියල්ල නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සෙවීමට සමානය.

    දෙමළ ජනතාව වෙන්වීමට අදහස් කර ඇත්නම් ඒ අයිතිය ඔවුන්ට තිඛෙන බව ප්‍රකාශ කිරීමට ධනපති විරෝධී පක්ෂ බිය වන්නේ ඇයි? ඒ අයිතිය වෙනුවෙන් කිසිම කොන්දේසියක් පැනවිය නොහැකිය. වෙන්වීමෙන් වන ආදීනව ගැන අනවශ්‍ය අවධානයක් යෙදීම, ජනතා පදනම ගැන කරුණු සෙවීම, ද්‍ර.එ.වි.පෙරමුණේ අදහස පසුපස යාම අවසාන වශයෙන් සිංහල ජාතිවාදයට යටවීමකි.

    දෙමළ ජනතාවගේ විරෝධය, සිංහල ජාතියේ නාමයෙන් තමන් පීඩනයට ලක් කරන ආණ්ඩුවට මිස, සිංහල ජනතාවට නොවේ. සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් එකට නිවහල් විය හැකි ය. එහෙත් එයට පළමුව දෙමළ ජනතාවට වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුය.

    නලින් ද සිල්වා.

    උපුටා ගැනීම: http://demalageprashnaya.wordpress.com/2013/09/15/දෙමළාට-දෙමළ-වීම-නිසාම-තිබ/

    PS: මහාචාර්ය නලින් ද සිල්වාගේ පැරණි ලිපි කියවා බලා ඔහුට අභියෝග කරන්න යයි කියූ අය වෙනුවෙනි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වසර 31ක් පැරණි ලියවිල්ලක තිබූ දෙයක් ගැන නොව දැන් මහාචාර්යතුමා ගේ අදහස විමසිය යුතු බවයි මගේ අදහස.
    ඒ වසර 31කට පෙර තිබූ තත්ත්වයන් අතිශය බරපතල ලෙස මේ වන විට වෙනස් වී ඇති බැවිනි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වසර 31ක් පැරණි ලියවිල්ලක තිබූ දෙයක් ගැන නොව දැන් මහාචාර්යතුමා ගේ අදහස විමසිය යුතු බවයි මගේ අදහස.
    ඒ වසර 31කට පෙර තිබූ තත්ත්වයන් අතිශය බරපතල ලෙස මේ වන විට වෙනස් වී ඇති බැවිනි.

    ඒ කාලෙ එහෙම තර්ක කරල ලිපි ලියල තියෙනවනෙ ... මම ඕක දැම්මෙ නලින්ද සිල්වගෙ පරණ ලිපි කියවල එයා කවුද කියල දැනගෙන එන්න කියල කියපු අයට බලාගන්න
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    TFS rep added.

    බෞද්ධයෙක් විදිහට බැලුවොත් කියල තියෙන දේ හරි.

    "අපි සියලු දේ අත්හැරිය යුතුයි.එනිසා පොළව වෙනුවෙන් ගහගෙන වැඩක් නෑ."

    සිංහලයෙක් විදිහට බැලුවොත් කොටියෙක්.

    "එක බිම් අගලක් දෙන්නෙ නෑ පර දෙමළු."

    සිංහල බෞද්ධයෙක් විදිහට බැලුවොත්.

    "සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් එකට නිවහල් විය හැකි ය. "

    හැබයි මේක සිංහල
    බෞද්ධ රට.ඔවුන් අප වෙත දක්වන ප්‍රතිචාර අනුව අපි අඩු වැඩි වශයෙන් සිංහල කම බෞද්ධකම එහෙට මෙහෙට කරල අන්තිමට සිංහල බෞද්ධ කියන තැනට එන්න ඕනි.පහු ගිය අවුරුදු 30 යුද්ධ කරා සිංහල කම ටිකක් වැඩි කරල දැන් බෞද්ධ කම ටිකක් වැඩි කරන්න කාලෙ හරි.
    දෙමළ විතරක් නෙවෙයි ලංකාවෙ වෙන ඕනිම ජාතිවාදි ප්‍රශ්ණයක් ඇත්තටම බැලුවොත් විසදල තියෙන්නෙ මේ විදිහට.ඉස්සරහට විසදමින් ඉන්නෙත් මේ විදිහට

    • Like
    Reactions: mldarshana

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිහිපදෙනෙකු දැන් ලිං කපනවා වෙන්න පුළුවනි

    මොකක්ද ඔකේ වැරැද්ද?:eek::eek::eek:

    ltte ඇති වෙන්න කලින් කියපු සේද්දක්නේ ඕක....අනික ඔය මතවදේ වෙනස් උනා කියලා සර්ම කියලා තියෙනවා
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නලින් ද සිල්වා යනු අමු පිස්සෙකි.
    මටනම් මේ පොරයි කට්ටඩිස් කෙනෙකුයි අතර කිසිම වෙනසක් නෑ..
    අර අපේ කාලෝ ෆොන්සෙකා මහත්තයා තමා මූ ගැන හරියටම කියුවෙ.

    "ඔබතුමා අලුත් දෙවලුත් හොයගෙන තියනවා ඇත්ත කියලත් තියනවා හැබැයි, කියපු අලුත් දෙවල් ඇත්ත නෙවෙයි ඇත්ත දේවල් අලුත් නෙවෙයි"
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    මොකක්ද ඔකේ වැරැද්ද?:eek::eek::eek:

    ltte ඇති වෙන්න කලින් කියපු සේද්දක්නේ ඕක....අනික ඔය මතවදේ වෙනස් උනා කියලා සර්ම කියලා තියෙනවා

    ඒක තමයි බං ඒ කාලේ එහෙම උනාට දැන් ඔහොම කිව්වොත් ලිඳේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ කාලෙ එහෙම තර්ක කරල ලිපි ලියල තියෙනවනෙ ... මම ඕක දැම්මෙ නලින්ද සිල්වගෙ පරණ ලිපි කියවල එයා කවුද කියල දැනගෙන එන්න කියල කියපු අයට බලාගන්න

    ඒක මහා මෝඩ තර්කයක් බං..අවුරුදු 32 කට කලින් යුද්ධයක්වත් අපේ රටේ ඇති වෙලා නෑ...එදා තිබුන තත්වයද අද තියෙන්නේ?එදා හිටපු මිනිස්සුද අද ඉන්නේ? නලින් ද සිල්වා ම කියනවා සහ පිලිගන්නවා, ඔහුගේ ගොඩක් දේශනා වල, ඉස්සර ඔහු උග්‍ර මාක්ස්වාදියෙක් කියල..ඒ හැම දෙයක්ම ඉගෙනගත්ත නිසා තමයි ඒ දේවල් වල බොරුව ඔහුට හොදටම තේරෙන්නේ..බුදුහාමුදුරුවොත් එක පාර බුදු උනේ නෑ..අසිත, අලාර කාලාම ලග මහන වෙලා හිටියා...නමුත් බුදු උනාට පස්සේ කවුරුත් කිව්වද, ඔහු දේශනා කරන්නේ අලාර-කාලාමගේ බණ කියල? ඔහු ඒ එක් එක් ආචාරයවරයා ලග හිදිමින්, ඒ දහම ඉගෙනගත්ත නිසා තමයි ඒවායේ බොරුව තේරුනේ..තමන් නොදන්නා දෙයක් බොරු කියල කියන තරම් කුහක කමක් කොහෙවත් නෑ..
    නලින් ද සිල්වා ගැන කිව්වොත් , ඔහු කවදාවත් කියල නෑ ඉස්සර ඉදල ඔහු මේ ජාතික චින්තනයේ හිටියා කියල..මං අර පොස්ට් කරපු video එකේ (51:00 ඉදල බලපන්) පවා කියනවා ඔහුගේම වචන වලින්,

    "අපි මේ වල්මත් වෙලා අරෙහෙ මෙහෙ ගිහිල්ල ආපහු ආපු මිනිස්සුනේ.,මොනවා උනත්...
    බටහිර විද්‍යාවයි, මාක්ස්වාදයයි ඉගෙනගෙන, නන්නත්තාර වෙලා ඉදගෙන, කොහෙද පූරුවේ වාසනාවකට, පූරුවේ මොකක් හරි ලොකු කුසලයක් කරලා තියෙන්න ඇති, ආපහු එන්න..."

    මේ වගේ තමන් කරපු වැරැද්ද පිළිගන්න තරම් නිහතමානී මිනිහෙක් වෙන කියන්න පුළුවන් ද?
    මාක්ස්වාදය කාපු මිනිහෙක්ට, ඔය ජ.වී.පෙ පොඩි කොල්ලෝ, වචන දෙක තුනක් අමාරුවෙන් කියව කියව ඔහුට අභියෝග කරන්න එන කොට, තරහ යන එක සාධාරණයි...
    ඉතින් බටහිර විද්‍යාවේ පරතෙරට ගිහින් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරපු මිනිහෙක්ට, නිවුටන්ගේ නියම, අයිස්ටයින් ගේ නියම වලින් තර්ක කරන්න ගිහාම මල පනින එක සාධාරණ නැද්ද?
    අනික නලින් ද සිල්වා විතරක් නෙමෙයි...අද ජාතික චින්තනය ගැන කියන ගොඩක් දෙනෙක්, අවුරුදු 30ක් ආපස්සට යන්න ඕන නෑ..මේ මෑතක් වෙනකන් එල්ලගෙන හිටියේ කසිකබල් මාක්ස්වාදී මත...නමුත් දැන් ඔවුන් හරි මගට ඇවිත්...ඒ ගැන තමන් සතුටු වෙනවා කියලත් මහාචාර්යතුමා කියනවා..
    ඔය X කණ්ඩායමෙන් කැඩිලා ඇවිත් අද රුපවාහිනියේ ජාතිකත්වය ගැන අදහස් පල කරන අය ඉන්නවා..වැඩිය ඕන නෑ, දැන් රුපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා පවා, මීට අවුරුදු 10 කට කලින් රුපවාහිනී විවාද වල මොනවද කියල තියෙන්නේ කියල බලන්න..නලින් ද සිල්වා මහතා කියනවා, එක පාරක් ඔහු සමහ ජාතිකත්වයට විරුද්ධව රූපවාහිනී විවාදෙකට ආවේ, දැන් ඉන්න සභාපතිතුමා කියල...නමුත් මිනිස්සු , අත්දැකීම් එක්ක මතවාද වෙනස් කරගන්නවා..ඒක වැරදියි කියන්න කාටවත් බෑ...
    අවුරුදු 31ක් ආපස්සට යන්න ඕන නෑ...අවුරුදු 5 කට කලින් කවුද කිව්වේ, කොටින්ව පරද්දන්න පුළුවන් කියල..? පොන්සේකා, ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියපු මිනිස්සු, මාස කීපයකට පස්සේ ඔහුව රටේ ජනාධිපති කරන්න හදපු හැටි අමතකද? (මං දන්නවා එතන තියෙන්නේ දේශපාලන වාසි ගැනීමක්...ඒක, මෙතනට අදාළ නෑ.. නමුත් මිනිස්සු තමන්ගේ මතයන් වෙනස් කරන විදිහ ගැන කියන්න ඒක යොදා ගත්තේ...)
     
    අනේ බන් ඒ කාලෙ ලිපි ලිව්වෙත් තමන් තරම් දන්න ජගතෙක් මේ තුන් ලෝකෙම නෑ කියල තමයි ... කෙනෙක්ගෙ මතවාදය වෙනස් කරගන්නෙක ගැන නෙවෙයි අවුල තියෙන්නෙ ... හංගල ගහන එක ... අද කියනව ඒ කාලෙ විහිළුවට කියපුව කවුද ඕව ගණන් ගන්නෙ කියල (මම එහෙම කියනව අහල තියෙනව) ... ඔය වගෙ කෙනෙක් තව අවුරුදු 10කින් අද කියන ඒව ගැන කියන්නෙත් ඔය විදියටම තමයි ... ඔන්න ඕක තමයි ඔතන තියෙන ප්‍රශ්ණෙ ...
     
    කෙනෙක්ගෙ මතයක් පිළිගන්නකොට පරිස්සම් වෙන්න ඕනි ඒකයි, ඒකයි බුදුහාමුදුරුවො කිව්වෙ තමන්ගෙ බුද්ධියෙන් තේරුම් ගන්න කියල.
    බුදුරජාණන්වහන්සේ එහෙම කිව්ව නම් අනික් අය ගැන කවර කතාද?
    තමන් ලග සාක්ෂි තියෙනව නම් වෙන කෙනෙක්ගෙ මතය තමන්ගෙ කර ගන්න.පිළිලයක් විදිහට නෙවෙයි තමන්ව ආරක්ශා කරන ඇදුමක් විදිහට.ඇදුම හොද නැත්තන් වෙන ඇදුමක් ගන්න පුළුවන්නෙ, අනිවා කොහොම උනත් තිබ්බ ඇදුමට වඩා ජරා ඇදුමක් ගන්නෙ නෑ නෙ.ඒක නිසා මතවාද පිළිගනනකොට පරිසමින්.
    පිළිලයක් ගැලෙව්වොත් ගහක් මැරෙන්න උනත් පුළුවන්නෙ.ඒ නැතත් ගහ තුවාල වෙන්න උනත් පුළුවන්නෙ
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ බන් ඒ කාලෙ ලිපි ලිව්වෙත් තමන් තරම් දන්න ජගතෙක් මේ තුන් ලෝකෙම නෑ කියල තමයි ... කෙනෙක්ගෙ මතවාදය වෙනස් කරගන්නෙක ගැන නෙවෙයි අවුල තියෙන්නෙ ... හංගල ගහන එක ... අද කියනව ඒ කාලෙ විහිළුවට කියපුව කවුද ඕව ගණන් ගන්නෙ කියල (මම එහෙම කියනව අහල තියෙනව) ... ඔය වගෙ කෙනෙක් තව අවුරුදු 10කින් අද කියන ඒව ගැන කියන්නෙත් ඔය විදියටම තමයි ... ඔන්න ඕක තමයි ඔතන තියෙන ප්‍රශ්ණෙ ...

    දැන් කවුද එහෙම නොකියපු කෙනෙක් ඉන්නේ? ඉපදුන දවසේ ඉදලා, මැරෙනකන් එකම මතයක් දරපු එක මිනිහෙක් හරි මේ ලෝකේ කවදා හරි පහල වෙලා තියෙනවද? ඉන්නවා නම් කියන්න බලන්න...අඩුම තරමේ බුදු වෙන්න කලින් සිදුහත් කුමාරයා වත්?
    අනිවාර්යෙන් ඒ කාලේ ඔහු හිතන් ඉන්න ඇති මාක්ස්වාදය තමයි සියල්ලටම විසදුම කියල..හරියට අද ඉන්න ජේ.වී.පී පැටවූ හිතනවා වගේ..නමුත් ජාතික මතවාදෙට ආවට පස්සේ ලියපු කිසි ලිපියක පරස්පරයක් නෑ...
    1990 ගණන් වල ඉදල ඔහු එකම මතයක හිටියේ..උබ කියනවා නම් අවුරුදු 10 න් 10 වෙනස් වෙනවා කියල, එහෙනම් 2000 දී එක මතයකුත් 2010 දී තව මතයකුත් කියන්න ඕන...දැනට එහෙම වෙලා නැති නිසා, ඉස්සරහටත් එහෙම නොවෙයි කියල අපිට සාධාරණව හිතන්න පුළුවන්..
    අනික දැන් ඉන්න තැන ඉදල හැරිලා බැලුවම, තමන් මාක්ස්වාදය ගැන කියපු දේවල් විහිලු තමයි කියල ඔහුට හිතෙන එක පුදුමයක් නෙමෙයි...
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක මහා මෝඩ තර්කයක් බං..අවුරුදු 32 කට කලින් යුද්ධයක්වත් අපේ රටේ ඇති වෙලා නෑ...එදා තිබුන තත්වයද අද තියෙන්නේ?එදා හිටපු මිනිස්සුද අද ඉන්නේ? නලින් ද සිල්වා ම කියනවා සහ පිලිගන්නවා, ඔහුගේ ගොඩක් දේශනා වල, ඉස්සර ඔහු උග්‍ර මාක්ස්වාදියෙක් කියල..ඒ හැම දෙයක්ම ඉගෙනගත්ත නිසා තමයි ඒ දේවල් වල බොරුව ඔහුට හොදටම තේරෙන්නේ..බුදුහාමුදුරුවොත් එක පාර බුදු උනේ නෑ..අසිත, අලාර කාලාම ලග මහන වෙලා හිටියා...නමුත් බුදු උනාට පස්සේ කවුරුත් කිව්වද, ඔහු දේශනා කරන්නේ අලාර-කාලාමගේ බණ කියල? ඔහු ඒ එක් එක් ආචාරයවරයා ලග හිදිමින්, ඒ දහම ඉගෙනගත්ත නිසා තමයි ඒවායේ බොරුව තේරුනේ..තමන් නොදන්නා දෙයක් බොරු කියල කියන තරම් කුහක කමක් කොහෙවත් නෑ..
    නලින් ද සිල්වා ගැන කිව්වොත් , ඔහු කවදාවත් කියල නෑ ඉස්සර ඉදල ඔහු මේ ජාතික චින්තනයේ හිටියා කියල..මං අර පොස්ට් කරපු video එකේ (51:00 ඉදල බලපන්) පවා කියනවා ඔහුගේම වචන වලින්,

    "අපි මේ වල්මත් වෙලා අරෙහෙ මෙහෙ ගිහිල්ල ආපහු ආපු මිනිස්සුනේ.,මොනවා උනත්...
    බටහිර විද්‍යාවයි, මාක්ස්වාදයයි ඉගෙනගෙන, නන්නත්තාර වෙලා ඉදගෙන, කොහෙද පූරුවේ වාසනාවකට, පූරුවේ මොකක් හරි ලොකු කුසලයක් කරලා තියෙන්න ඇති, ආපහු එන්න..."

    මේ වගේ තමන් කරපු වැරැද්ද පිළිගන්න තරම් නිහතමානී මිනිහෙක් වෙන කියන්න පුළුවන් ද?
    මාක්ස්වාදය කාපු මිනිහෙක්ට, ඔය ජ.වී.පෙ පොඩි කොල්ලෝ, වචන දෙක තුනක් අමාරුවෙන් කියව කියව ඔහුට අභියෝග කරන්න එන කොට, තරහ යන එක සාධාරණයි...
    ඉතින් බටහිර විද්‍යාවේ පරතෙරට ගිහින් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරපු මිනිහෙක්ට, නිවුටන්ගේ නියම, අයිස්ටයින් ගේ නියම වලින් තර්ක කරන්න ගිහාම මල පනින එක සාධාරණ නැද්ද?
    අනික නලින් ද සිල්වා විතරක් නෙමෙයි...අද ජාතික චින්තනය ගැන කියන ගොඩක් දෙනෙක්, අවුරුදු 30ක් ආපස්සට යන්න ඕන නෑ..මේ මෑතක් වෙනකන් එල්ලගෙන හිටියේ කසිකබල් මාක්ස්වාදී මත...නමුත් දැන් ඔවුන් හරි මගට ඇවිත්...ඒ ගැන තමන් සතුටු වෙනවා කියලත් මහාචාර්යතුමා කියනවා..
    ඔය X කණ්ඩායමෙන් කැඩිලා ඇවිත් අද රුපවාහිනියේ ජාතිකත්වය ගැන අදහස් පල කරන අය ඉන්නවා..වැඩිය ඕන නෑ, දැන් රුපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා පවා, මීට අවුරුදු 10 කට කලින් රුපවාහිනී විවාද වල මොනවද කියල තියෙන්නේ කියල බලන්න..නලින් ද සිල්වා මහතා කියනවා, එක පාරක් ඔහු සමහ ජාතිකත්වයට විරුද්ධව රූපවාහිනී විවාදෙකට ආවේ, දැන් ඉන්න සභාපතිතුමා කියල...නමුත් මිනිස්සු , අත්දැකීම් එක්ක මතවාද වෙනස් කරගන්නවා..ඒක වැරදියි කියන්න කාටවත් බෑ...
    අවුරුදු 31ක් ආපස්සට යන්න ඕන නෑ...අවුරුදු 5 කට කලින් කවුද කිව්වේ, කොටින්ව පරද්දන්න පුළුවන් කියල..? පොන්සේකා, ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියපු මිනිස්සු, මාස කීපයකට පස්සේ ඔහුව රටේ ජනාධිපති කරන්න හදපු හැටි අමතකද? (මං දන්නවා එතන තියෙන්නේ දේශපාලන වාසි ගැනීමක්...ඒක, මෙතනට අදාළ නෑ.. නමුත් මිනිස්සු තමන්ගේ මතයන් වෙනස් කරන විදිහ ගැන කියන්න ඒක යොදා ගත්තේ...)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,077
    5,848
    113
    canada
    මහාචාර්ය නලින් කියන හැම දෙයක්ම ගැන මට පැහැදීමක් නැහැ. එත් ඔහු සිංහල Buddhist මතවාදය වෙනුවෙන් පෙනි සිටන කෙනෙක්. මම ඔහුට ගරු කරන්නේ එකයි. බොහෝ උගත්තු (උයන්ග්ගොඩ, කළෝ ෆොන්සේකා වගේ) අපේ රට ජාතිය පාවාදීල බෙදුම්වාද වෙනුවෙන් පෙනිසිටිනවා. උන් අපේ පවට ඉපදුන කාලකන්නි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,077
    5,848
    113
    canada
    අවුරුදු 30 කට කලින් ගොඩක් දැනුම තියෙන අය, තරුණයන් අන්ත මාක්ස්වාදී අදහස් දරුවා. එක ස්වාබවිකයි. ඒ දවස්වල චීන විප්ලව, රුසියන විප්ලව 1917, කියබා විප්ලව වගේ දේවලින් මිනිස්සු පිබිදිලා හිටියේ. ඇමෙරිකන් අදිරජවාදයට එරෙහිව එකම විසදුම සමාජ වාදය කියල හිතන් හිටියේ. එත් දැන් තත්වය ඊට වැඩ වෙනස්.
     
    දැන් මොකක්ද...කරන්න ඕනි......
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,077
    5,848
    113
    canada
    උයන්ගොඩ, කළෝ ෆොන්සේකා සහ ඔය පශ්චර්ත් නුතන මතවාදී උගත්තු ලංකාවේ පවට පහලවෙච්ච කාලකන්නි