පනාමුරේ_ඇත්_රාජා...

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    පනාමුරේ_ඇත්_රාජා...

    1464136_604113956326604_1993124430_n.jpg


    මඩුවන්වෙල පරපුරේ නින්දගමක් ලෙස පැවති කොළොන්න කෝරලයේ පිහිටා ඇති පනාමුරේ ග්‍රාමය මේ ඓතිහාසික සංසිද්ධිය සිදු වූ ස්ථානයයි. කඳු, බෑවුම්, මිටියාවත්, ඇළ දොළින් සපිරි මේ ප්‍රදේශය එකල අතිශයින් රමණීය වනාන්තරයක් විය. වන සතුන්ගේ නින්දගමක් වූ පනාමුරය හා ඒ අවට ප්‍රදේශ එකල වඩාත් ප්‍රකටව තිබුණේ අලි ඇතුන් බහුල ප්‍රදේශයක් ලෙසිනි. 1912 දී සිදුකළ අලි ගණනයට අනුව එහි අලි ඇතුන් 2300 ක් පමණ වාසය කළ බව සඳහන්ව තිබුණි. මඩුවන්වෙල පරපුර මේ සියල්ලම තමන්ට අයත් බූදලයක් ලෙසින් සැලකූහ.
    සිය නින්දගමෙහි ජීවත් වූ අලි සම්පත අල්ලා විකිණීමෙන් ඔවුන් වරින් වර විශාල ආදායමක් ලැබූ බව ඉතිහාස කතාවන්හි සඳහන් වේ. ඔවුහු අවුරුදු පහකට වරක්වත් අලිගාල් පැවැත්වීම හෙවත් අලි ඇල්ලීම සිදු කළහ. 1912 දී මඩුවන්වෙල රටේ මහත්තයා එවැනි ඇත් ගාලක් පැවැත්වූ බව සඳහන් වේ. රජයේ අවසරයක් නොමැතිව වුවද ඇත් ගාලක් බැඳ අලි ඇල්ලීමේ බලය තිබූ එකම පුද්ගලයා වූයේ මඩුවන්වෙල රටේ මහත්තයාටය. අක්කර 64 ක භූමි ප්‍රදේශයක් පුරා එම ඇත්ගාල පවත්වා ගෙන ගිය බව සඳහන්ය.
    පනහේ දශකය වන විට මඩුවන්වෙල පරපුරේ ජීවමාන උරුමකරවා වූයේ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඔහු ඒ වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කතානායක ධුරයද දරමින් සිටියේය. අලි අල්ලමින් විශාල ආදායමක් උපයාගත් පරපුරක අයෙකු වශයෙන් ෆ‍්‍රැන්සිස් මොලමුරේද ඇත්ගාලක් පවත්වා ගෙන යාමට උත්සාහ දැරීය.
    ඔහු සතුව අලි ඇල්ලීමේ මන්තර තිබූ බවටත් එකල බොහෝ දෙනකු අතර ප්‍රචලිතව තිබුණි. වනාන්තරය මැද ස්වභාවිකව පිහිටා තිබූ දිය බුබුලක් ආශි‍්‍රතව ඔහු මෙම ඇත්ගාල ඉදිකරවන ලදී. මේ දිය බුබුලෙහි දිය කිසිදා නොසිඳෙන බවට විශ්වාසයක් එදා මෙන්ම අදද ජනතාව අතර පවතී.
    අලිගාල ඉඳිකොට තිබුණේ අක්කර හතරක පමණ භූමි ප්‍රදේශයක් වටකොටය. සුවිශාල බුරුත කඳන්වලින් අලි ගාල වටකොට තිබුණි. සද්දන්තයන් දියට බසිනා මාර්ගය සමීපව ඉදිකොට තිබුණු දොරටුවෙන් අලින් කොටුව තුළට පැන්නීම සිදුකර ඇත. ඉන්පසු කඩුල්ල සවිමත්ව බැඳ දමා ඇත. මෙතරම් සුවිශාල අලි වැටක් ඉදිකිරීමේ කාර්යය සිදුකර ඇත්තේ එම නින්දගමෙහි ජීවත් වූ ජනතාව විසිනි.
    අලි ඇතුන් ගාල තුළට කොටු කරන අන්දම නැරඹීම පිණිස එකල සුවිශාල ජනකායක් පැමිණි බවද සඳහන් වේ. ඔවුන් මේ සඳහා ප්‍රවේශ පත්‍රයක් ද මිලදී ගත යුතු විය. එය නැරඹීම පිණිස සුවිශේෂි නැරඹුම් මැදිරියක් ද ඉදිකොට තිබුණි. ප්‍රැන්සිස් මොලමුරේ විසින් පවත්වන ලද අලිගාල නැරඹීම සඳහා එවකට ශ්‍රී ලංකාවේ ඉංගි‍්‍රසි ආණ්ඩුකාරවරයා වූ සෝල්බරි සාමි, හමුදාපති රෝස් මෙන්ම කීර්තිමත් ඉංගි‍්‍රසි ලේඛක දොස්තර ආර්.එල්. ස්පිට්ල් ද සහභාගි වී ඇත.
    අලි ඇල්ලීමේ කාර්යයේ යෙදී සිටින පුද්ගලයන් හඳුන්වනුයේ ‘පනිත්තිලයන්’ නමිනි. ‘පනිත්තිලයන්’ සියලු දෙනාද මේ කාර්යය සඳහා එක්වී ඇත.
    වල් අලි කොටුකර බැඳ තැබීම සඳහා හීලෑ අලි 14 දෙනකු යොදාගෙන ඇත. ඔවුන් වෙනුවෙන් ඇත් ගොවුවෝ දෙදෙනෙක් ද ඊට සහභාගි වූහ. දින කිහිපයක පරිශ්‍රමයකින් පසු ඔවුන්ට වල් අලි 26 දෙනකු ගස් බැඳීමට හැකි විය. එහෙත් මේ අතර සිටි එක් සද්දන්තයෙකු කෙසේවත් මෙල්ල කළ නොහැකි විය. අඩි 9 ක් පමණ උසකින් යුතු වූ මේ සද්දන්තයාට වයස අවුරුදු 25 ක් තරම් විය. ඇතුන් ඇල්ලීමට නම් දැරූ අය පමණක් නොව අලි මන්තර දත් අයද දැරූ පරිශ්‍රමය වතුරේ ගියේය.
    ඒ කිසිවක් ඉදිරියේ මේ සද්දන්තයාගේ ඔද තෙද සිඳි නොගියේය. පැමිණි වද හිංසා දුක් ගැහැට හමුවේ තව තවත් දරුණු වූ ඌ හීලෑ අලි ඇතුන්ගේ පස්සා ගාත් බිම ඇදෙන්නට පහර දුන්නේය. ගස් බඳින ලද තම රැහේ එවුන් බේරා ගැනීමට එම ගස්වැල් වලට පහරපිට පහර දුන්නේය.
    අලි ගාලේ අයිතිකාරයා වූ ෆ‍්‍රැන්සිස් මොලමුරේට ද මේ සද්දන්තයා සුවිශාල ප්‍රශ්නයක් විය. වියරුවෙන් සිය රැහේ එවුන් වෙනුවෙන් මෙල්ල නොවී සටන් වදින මේ ඇතාට වරක් පිටව යන්නට ගාලේ දොර ඇර තැබුවේය. එහෙත් සිය පරපුරේ අනිත් එවුන් ගස් බැඳ තිබියදී බියගුල්ලකු මෙන් පලා යන්නට ඌ කිසිසේත්ම කැමැති නොවීය. තව තවත් රෞද්‍රව සටනට ආවා මිස පලායාමක් ඌට නොවීය.
    පනාමුරේ මේ ඇත් රාජාගේ වික්‍රමය පිළිබඳ ඒ වනවිට දස දෙස ප්‍රචලිත වන්නට විය. ඇතාගේ වික්‍රමය අභියස අසරණ වූ ෆ්‍රැන්සිස් මොලමුරේ ගේ අවසාන තීන්දුව වූයේ මේ සද්දන්තයා මරා දැමීමයි.
    රත්නපුරේ පොලීසියේ නිලධාරීන් හයදෙනෙකු ඒ සඳහා පැමිණියද එක වෙඩි පහරින් මේ සද්දන්තයා බිම හෙළීමට බැරි බව ඔවුහු ප්‍රකාශ කළහ. පසුව ඒ සඳහා කැඳවන ලද්දේ දිවයිනේ නම් දැරූ ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයාය. ඔහු නාවික හමුදාවේ සේවය කළ නාවික කොමදෝරු සෑම් කදිර්ගාමර් නම් විය.
    හරියටම ඒ 1950 වසරේ අගෝස්තු මස 09 වැනිදාය. සිය වර්ගයා වෙනුවෙන් දිවි ඇති තෙක් සටන් කරමියි සිතා ඇත් රජු වෙඩික්කරු ඉදිරියට දූවිලි අවුස්සමින් දිව ආවේය. රයිෆලයෙන් නිකුත් වූ වෙඩි උණ්ඩය ඇත් රජුගේ වම් ඇසට ඉහළින් සිරුරට කිඳා බැස්සේය. චිත්‍රපට දසුනක් සේ මෙය නැරඹු සියලු දෙනාගේ දෙනෙත් තෙත් කරවමින් සද්දන්තයා සිය උපන් භූමිය සිප ගත්තේය.
    එදා මෙදා තුර පුරා වසර 62 ක් තිස්සේ අපේ මතකයේ මේ සද්දන්තයා ගැන කුඩා මතකයක් විය. ඒ මතකය යළි යළිත් අලුත් කළේ මේ ගීතයයි.


    පනාමුරේ... පනාමුරේ...
    පනාමුරේ ඇත් රාජා...//

    අභීත නද පෑ හස්ති රජා ඒ
    කැලේ සටන් පෑ තේජා
    පනාමුරේ ඇත් රාජා..

    සොහොයුරු කැල සොයනා වූ නිදහස
    සදහා පණ දුන් ආලේනී
    ජාතිය උදෙසා ජීවේ පුදලා
    සිහිවේ සිහිවේ නාමේ ඔබගේ
    කළේ සටන් පා තේජා
    පනාමුරේ ඇත් රාජා...

    තිරිසන් බවයේ උපනත් ඔබගේ
    සිහිවේ එඩිතර භාවේ
    සුදු මිනිසාගේ ඒ වෙඩි පහරින්
    දිවිපා ළයදී ගියේද සුරලෝ
    පනාමුරේ කැලයේදී
    පනාමුරේ ඇත් රාජා...




    උපුටා ගැනීමකි...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    පනාමුරේ සතා ඇතෙක් නෙමෙයි අලියෙක්,නමුත් කරපු වීර ක්‍රියාවට තමා ඇතා කියන්නෙ. REP 7+
     
    • Like
    Reactions: DUSHYANTHA

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    එහෙත් සිය පරපුරේ අනිත් එවුන් ගස් බැඳ තිබියදී බියගුල්ලකු මෙන් පලා යන්නට ඌ කිසිසේත්ම කැමැති නොවීය. තව තවත් රෞද්‍රව සටනට ආවා මිස පලායාමක් ඌට නොවීය.
     
    • Like
    Reactions: DUSHYANTHA

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ වෙනකොට ලංකාවේ අලි,ඇතුන්ට අත්වී තියෙන ඉරණම හරිම සෝචනීයයි.ලෝකේ පුරාම ඉන්න අලි ඇතුන්ගෙන් ලස්සනම අලි ඇතුන් ඉන්නෙත් අපේ රටේ.ඊට පස්සේ මියන්මාරේ .
    ඉන්දියාවේ ඉන්න උන්ගේ කකුල් කොටයි
    අපේ රටේ රජකාලේ ඉඳන් කරපු වෙළඳාමක් තමා මේ අලි ඇතුන් අලෙවිය වගේම ඇත් දළ වෙලඳාම.
    සින්බෑඩ් ගේ කතා සෙට් එක කියවන් යනකොට හමු වෙන අලින්ගේ සොහොන් බිම කියන එක තිබිලා තියෙන්නෙත් ලංකාවේ (මට තිබුණ තැන නම් හරියට මතක නෑ..) අලි ඇතුන් මැරෙන කාලේ ලං වෙනකොට ඒ බිමට යනවලු. දැන් කොහේ යන්නද.එහෙමත් අලියෙක් ලු ආයූ වළඳා අවසාන කරලා මැරෙන්නේ. වගේම මේ ළඟකදී වනජීවී එකේ කෙනෙක් වැඩසටහනකදී කියුවා ඔය ඉන්න වල් අලින්ගේ වෙඩි නොකාපු එකෙක්ට ඉන්නේ එහෙමත් එකෙක් ලු. ගොඩක් වෙලාවට ඔය සත්තුන්ගේ ඇඟේ අම්බානක් වෙඩී කාපූ මූණිස්සම් තියෙනවලු. ඒ නිසා සමහර සත්තු ඒ තුවාල ආසාධනය වෙලා හෝ ඇස් වලට වෙඩි වැදිලා අන්ධ වීම නිසා නොකා නොබී හෝ මැරිලා යනවලු. අමතරම අලුතෙන්ම පටන් ගත්ත දැන් අලුත්ම (අවු 10ක් විතර ඇති) ඔය කැලෑආශ්‍රිතව කුණු දාලා මෙයාලා ඒ කුණු බෑග් පිටින් ගිලලා ඒ පොලිතීන් බඩවැල් වල හිර වෙලා මැරෙනවලු..
    කවුද බං මේවට වග කියන්නේ..:baffled::baffled:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අලි මරණ මිනිස්සුන්ට සාප වේවා good පොස්ට් රේප් added
    අනිවා මචං.. ලංකාවට විෂේශිත සත්තු හුඟක් දැන් වඳවීමේ තර්ජනයට ලක්වෙලා ඉන්නේ.. වන ජීවී එකේ උනුත් නිකං බයිලා ගහනවා විතරයි., නිසි පියවරක් ගන්නේ නෑ මේවා වලක්වන්ඩ.. :dull: :oo:

    thanx machan!! :)

    hello%20smile.gif


    u r welcome machans!! :D

    thanx machan!! :)

    පනාමුරේ සතා ඇතෙක් නෙමෙයි අලියෙක්,නමුත් කරපු වීර ක්‍රියාවට තමා ඇතා කියන්නෙ. REP 7+
    ඔව් මචං මමත් අහලා තියෙනවා!! :yes:
    ස්තුතියි ඒ ගැන සඳහන් කරාට!! :D


    Rep 7 added machan....

    කියවන කොටත් කදුළු එනවා....
    අනිවා මචං., මේක සිද්ධ උන වෙලාවේ එතන හිටි මිනිස්සු පොළොවේ හැපී හැපී අඬන්ඩ ඇති.. :(

    :(

    එහෙත් සිය පරපුරේ අනිත් එවුන් ගස් බැඳ තිබියදී බියගුල්ලකු මෙන් පලා යන්නට ඌ කිසිසේත්ම කැමැති නොවීය. තව තවත් රෞද්‍රව සටනට ආවා මිස පලායාමක් ඌට නොවීය.
    තිරිසනෙක් වෙලත් එහෙමයි මචං., මිනිස්සුන්ට මේක උනානං කීයෙන් කීදෙනෙක් මෙහෙම කරයිද?? :dull:

    ela mchan. good post.
    Rep 7+
    Nice post..thnx 4 share. +rep
    thanx machan!! :)

    අලි මරණ මිනිස්සුන්ට සාප වේවා
    එකෙන්ම මචං!! :yes:

    මේ වෙනකොට ලංකාවේ අලි,ඇතුන්ට අත්වී තියෙන ඉරණම හරිම සෝචනීයයි.ලෝකේ පුරාම ඉන්න අලි ඇතුන්ගෙන් ලස්සනම අලි ඇතුන් ඉන්නෙත් අපේ රටේ.ඊට පස්සේ මියන්මාරේ .
    ඉන්දියාවේ ඉන්න උන්ගේ කකුල් කොටයි
    අපේ රටේ රජකාලේ ඉඳන් කරපු වෙළඳාමක් තමා මේ අලි ඇතුන් අලෙවිය වගේම ඇත් දළ වෙලඳාම.
    සින්බෑඩ් ගේ කතා සෙට් එක කියවන් යනකොට හමු වෙන අලින්ගේ සොහොන් බිම කියන එක තිබිලා තියෙන්නෙත් ලංකාවේ (මට තිබුණ තැන නම් හරියට මතක නෑ..) අලි ඇතුන් මැරෙන කාලේ ලං වෙනකොට ඒ බිමට යනවලු. දැන් කොහේ යන්නද.එහෙමත් අලියෙක් ලු ආයූ වළඳා අවසාන කරලා මැරෙන්නේ. වගේම මේ ළඟකදී වනජීවී එකේ කෙනෙක් වැඩසටහනකදී කියුවා ඔය ඉන්න වල් අලින්ගේ වෙඩි නොකාපු එකෙක්ට ඉන්නේ එහෙමත් එකෙක් ලු. ගොඩක් වෙලාවට ඔය සත්තුන්ගේ ඇඟේ අම්බානක් වෙඩී කාපූ මූණිස්සම් තියෙනවලු. ඒ නිසා සමහර සත්තු ඒ තුවාල ආසාධනය වෙලා හෝ ඇස් වලට වෙඩි වැදිලා අන්ධ වීම නිසා නොකා නොබී හෝ මැරිලා යනවලු. අමතරම අලුතෙන්ම පටන් ගත්ත දැන් අලුත්ම (අවු 10ක් විතර ඇති) ඔය කැලෑආශ්‍රිතව කුණු දාලා මෙයාලා ඒ කුණු බෑග් පිටින් ගිලලා ඒ පොලිතීන් බඩවැල් වල හිර වෙලා මැරෙනවලු..
    කවුද බං මේවට වග කියන්නේ..:baffled::baffled:
    ඔය සොහොන් බිම ගැන මමත් අහලා තියෙනවා මචං., ඔය සොහොන් බිමේදී මැරුණු ඇතුන්ගේ දළ තමයි ඉස්සරම කාලේ විකුණලා තියෙන්නේ., දැන් වගේ මරවලා දළ කපලා විකුණලා නෑ., ඒ වගේම ගජ මුතු අරං තියෙන්නෙත් ඔය තැනින්ලු..
    දැන්නං ඉතිං ඕවගේ දූවිල්ලක්වත් නැතුව ඇති..
    මේ රටේ නං වගකිවයුත්තන් ගැන කතා කරලා වැඩක් නෑ මචං., කොහේ උනත් සාධාරණයක් නෑනේ., සියඹලංගමුවේ ඇතාට වෙච්ච දේ අදටත් අභිරහසක්., ඒ ඇතාගේ දළ වලට වෙච්ච දෙයක් නෑ..
    මෙහෙම කියන්න ගියොත් වෙනම thread එකක් දාන්ඩ කරුණු තියෙනවා මචං!
    ! :( :yes:
    thanx machan!! :)

    Rep added :cool:
    thanx machan!!
    :D
    යාළුවා;16005470 said:
    :(
    එකෙන්ම මචං.. :yes: