නාලන්ද එල්ලාවල ඝාතන නඩුවෙන් ඇමති පුංචිනි

siripala

Member
Oct 10, 2006
2,869
442
0
නාලන්ද එල්ලාවල ඝාතන නඩුවෙන් ඇමති පුංචිනි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වූ නාලන්ද එල්ලාවල වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනා ලබා සිටි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

1997 පෙබරවාරි 11 වන දින හෝ ඊට ආසන්න දිනයක කුරුවිට නගරයේදී නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාට සහ කොස්තාපල් ටීඑම් ජයසේනට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර ගොනු කරනු ලැබ තිබුණි.

සුසන්ත පුංචිනිලමේ එවකට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ අතර, නාලන්ද එල්ලාවල ඝාතනය රට පුරා ප්‍රබල ආන්දෝලනයකට ලක් වූ සිදුවීමකි.


131218130048_susantha_punchinilame_304x171_bbc_nocredit.jpg

ඝාතනය සිදු වන අවස්ථාවේ සුසන්ත පුංචිනිලමේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයකු විය


සියලු විත්තිකරුවන් නිදහස්

විදේශ රැකියා පිලිබඳ අමාත්‍ය ඩිලාන් පෙරේරා, නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් උපාලි සිරිසෝම ඇතුළු තිදෙනකුට තුවාල සිදු කිරීමත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා අතර විය.

මූලික නඩු විභාගයේදී ඇතැම් විත්තිකරුවන් නිදහස් වීම සහ නඩු විභාගය අතරතුරදී මියයාම හේතුවෙන් මේ වන විට විභාගය පැවැත්වුනේ අමාත්‍ය පුංචිනිලමේ ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව පමණි.

එයින් තිදෙනකු ඔවුන්ට එරෙහි චෝදනාවලින් පසුගිය නොවැම්බර් 12 වැනි දින නිදොස් කොට නිදහස් කෙරිණ.

පැමිණිල්ල මගින් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නොමැති බැවින් විත්තියේ සාක්කි නොකැඳවාම අමාත්‍ය පුංචිනිලමේ ද චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සිංගප්පුලි අද නියෝග කළේය.

මේ අනුව නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ සියලුම විත්තිකරුවන් මේ වන විට නිදහස ලබා ඇත.


BBC Sinhala Sandeshaya
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මාගේ මතය : ශ්‍රී ලංකාවේ මිනිසුන්ට යුක්තිය කවදා ඉෂ්ටවෙවිද
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
එලොව ගියත් ලැබෙන්නේ නැහැ.



පැටියා;16042918 said:
එලොව ගියාට පස්සෙ තමා ආයිබොවන්ඩ :dull:
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සමුහ ඝාතනයක් කරලා හරි කමක් නැහැ ආණ්ඩුවේ පක්ෂෙට එකතු වෙනවානම් නිදොස්කොට නිදහස් කෙරේ.

මෙයට මහින්ද රාජ(පක්)ෂ
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරුන්ට සාධාරණ නඩු තීන්දුවක් ලබා දෙන්න පාලක ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. රටේ ජනාධිපති නියෝග කලොත් මේ තීන්දුව දෙන්න කියල ඒක දෙනවා. අද නඩුකාරයින් සහ උසාවිය පඹයෝ ගානට පත්වෙලා . අද දිනය : Thursday, December 19, 2013



අවුරුදු 17 ක් මේ නඩුව ඇදගෙන අපු නඩුකාර වේ** ගේ පුතාලට ඉතින් ????
 

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පැටියා;16042916 said:
    දැං එතකොට වෙඩි තියපු එකෙක් නෑ නොවැ ආයිබොවන්ඩ. :D

    ලංකාවේ හුඟක් මරණ මෙන්න මෙහෙමලු වෙන්නෙ

    
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක ඉතින් මොන ආන්ඩුව ආවත් එකයි බන් ...ආන්ඩුව කරන උන් උන්ට ඕනි දේවල් කරගන්නවා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    1962134986cartoon-L.jpg


    ආසියාවේ හරක් පට්ටිය



    මේකතමා පට්ටම කතාව ඩිලන් කොහොමද කෑ ගැහුවෙ ඒදවස්වල ..දැන් ඉන්නව කැ@ කාපු රිලවා වගේ
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    sahathika attha



    මේකතමා පට්ටම කතාව ඩිලන් කොහොමද කෑ ගැහුවෙ ඒදවස්වල ..දැන් ඉන්නව කැ@ කාපු රිලවා වගේ