ඔබට රැකියාවක් ලැබුනද? නැත්තම් කියවන්න.

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඔබට රැකියාවක් ලැබුනද? නැත්තම් කියවන්න.

    සම්මුඛ පරීක්ෂණය ගොඩ දාමු. රැකියාව ජය ගමු.


    About.jpg

    රැකියාවල් හොයන කොල්ලෝ කෙල්ලන්ට වැදගත් මාතෘකාවක් ගැන පොඩි ලිපියක් දාන්න හිතුනා. මේ වගේ එව්වා මීට කලින් එළකිරියේ කීපයක්ම තියනවා දැක්ක. ඒවා දාපු කට්ටියට ස්තුති කරන ගමන් මමත් එකක් දානවා ඔන්න. කියවල බලලා වැදගත් යමක් තියනවනම් reply පාරක් දාල යන්න. ;)

    අධ්‍යාපන කටයුතු ඉවර උනහම අපි කව්රු කව්රුත් හොඳ රස්සාවක් හොයාගන්න පුදුම කට්ටක්නෙ කන්නේ? ඉතින් තමන්ට තියන සුදුසුකම් වලට ගැලපෙන රස්සාවල් වලට apply කරනවා. ඉස්සරනම් Sunday Observer වගේ පත්තර වල රැකියා ඇබෑර්තු පිටු ගණන් පලවෙන එක දිහා තමයි ඔක්කොම බලන් ඉන්නේ. හැබැයි කාලයේ වෙනසත් තාක්ෂණයේ දියුණුවත් එක්ක direct online apply කරන්න වගේම job sites රාශියකුත් බිහි වෙලා මේ වැඩේ ලේසි වෙලා තියනවා. ඉතින් මේ ඔක්කොටම කලින් තමන්ගේ සුදුසුකම් වලට අදාලව හොඳ CV එකක් හදා ගන්න. මේක තමයි මුල්ම කාරණේ. බලන කෙනාට ඉක්මනින් අදහසක් ඔලුවට ගන්න පුළුවන් විදියට සාරාංශගතව බට් අදහස මුළුමනින්ම කියවෙන විදියට සකස් කරගන්න වගබලා ගන්න. සිත්ගන්නාසුළු format එකකින් සකස් කරගන්න. අන්තර්දැල පිරික්සුවොත් ඕනතරම් formats හොයාගන්න පුළුවන්. :yes:

    සමහරවිට දහස් ගණනක් එකම පුරප්පාඩුවට apply කරනවා වෙන්න පුළුවන්. ඒ අයදුම් පත්‍ර ගොඩේ ඔබේ අයදුම්පත්‍රයට විශේෂ තැනක් අවදානයක් ඒකෙන් ලැබේවි. :love:

    මන් කතා කරන්නේ CV හැදිල්ලගැන නෙමෙයි. :oo::no: කොහොම කොහොමහරි CV එකක් හදාගෙන ජොබ් කට්ටකට apply කරලා interview ත් ගියා කියමුකෝ. සමහරුන්ට තියන බයටම CVඑකේ තියන ගාම්බීරකම බලු වෙලා දාඩිය දාල ඇන ගන්නවා අපි දැකලා ඇති, අහලා ඇති.:sorry: අතට ආපු ජොබ් එක මේ බොරු බයවිල්ල නිසා වෙන කෙනෙක්ට ලැබෙනවා, අපරාදේ කියලා හිතෙන්නේ ඊට පස්සේ. එතකොට බඩු බනිස් වෙලා.:( එහෙම නොවී හැමෝම ඉලක්ක කරන ජොබ තමන්ගේ පැත්තට හරව ගන්න උදව් වෙන කරුණු කීපයක් අන්තර්ජාලය ඇසුරින් ලියන්න හිතුනා.:cool:

    Interview එක ඇති ස්ථානයට ඔබට තව පැයකින් , වරුවකින් , දවසකින් යන්නට තිබෙනවායැයි සිතමු. ඔබ එහි යන්නට පෙර සිටම ඔබ නොදැනුවත්වම interview එක පටන් ගෙන අවසානය. එනිසා සුදානම් වන්න. :confused::oo:

    මොකක්ද ඒ හරුපේ? පොඩ්ඩක් ඉන්න, පැහැදිලි කරන්නම්. :yes:

    ඔබට යෙදී ඇති රැකියාවේ ස්වභාවය අනුව ඔබ සුදානම් වෙන්න ඕන.මොකක්හරි විෂයන් ආශ්‍රයෙන්නම් ඒවා ගැන නැවත අධ්යනය කරන්න ඕන. මොකද අදාළ විෂයට සමගාමී ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න එපැයි. මේක ලිඛිත පරීක්ෂණය වගේ නෙමෙයි. ඔබේ උත්තරදීමේ විලාසයයි ඔවුන් බොහෝ වෙලාවට බලන්නේ. ඒ විතරක් මදි company එකට අදාළ website එක පතුරු ගහන්න. එකෙන් ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි. එයාල මොනවද කරන්නේ? මේ ජොබ් role එකෙන් මොනවගේ කෙනෙක්ද එයාල හොයන්නේ කියන එකට හොඳම විසදුම මේකයි. තව මොනවා හරි කරුණු තියනවනම් ඒවා ගැනත් දැනුවත් වෙලා දැනුමෙන් සන්නද්ධ වෙන්න. හැබැයි බකපන්ඩිත වෙන්න එපා. එහෙම උනොත් උන්ට එපා වෙයි. :sorry::eek:

    ඒ වගේම තමන්ගේ ඇඳුම පැලදුම කොන්ඩේ රැවුල කපලා පිළිවෙලට යන්න වග බලා ගන්න. කෙල්ලෙක්නම් ඒත් එහෙමයි.:dull: ආ.. නෑ නෑ. රැවුල නැතුව අදාළ අදාළ දේ ගැන සැලකිලිමත් වෙන්න. මන් ඔව්ව දන්නේ නෑ. මේ පින්තුරේ දිහා බලන්න, පොඩි අදහසක් එයි. :cool:


    interview-tips.gif


    රස්නේ නිසා කෝට් බෑයනම් නැතුවට කාරී නෑ. :P

    වෙලාවට පෙර ඒ ස්ථානයට යන්න. හැබැයි විනාඩි 15 ක් විතර තියලා ඇතුලට ගියානම් ඇති. නැත්තම් උන්ට උනත් ඇණයක් වෙන්න පුළුවන්නේ?? :lol: අන්තිම මොහොතේ නොයා කල් වෙලා ඇතුව යන එකෙන් ලොකු සැහැල්ලු ගතියක් දැනෙයි.

    ඔබ ගැන පුර්ව අදහසක් දෙන්න පුළුවන් විදියට හැසිරෙන්න. මුල්ම දැකීමේදී සහ අඳුනා ගැනීමේදී අනික් කෙනාට දෙන image එක ලොකු බලපෑමක් කරනවා වෙන්න පුළුවන්නේ? :yes: Bad image එකක් දුන්නොත් වැඩේ එතැනින්ම හබක්.:growl: Smart විදියට ඉන්න. Smart කියන්නේ මෝල් ගහක් ගිලලා වගේ කෙලින් ඉන්න එක නෙමෙයි.:no: Impression එක. ඒ කියන්නේ යහපත් හැගීමක් ප්‍රතිරූපයක් ගොඩ නගා ගත යුතුයි. එව්වා ඉතින් බකන් නිලං හිටියට ලැබෙන්නේ නෑ. පුහුණු විය යුතුයි. කඩ්ඩ අනිවාර්යයි. දවසකට වචන 3ක් ඉගෙන ගත්තත් ඇති. අව්රුද්දක් යනකොට වචන 1000ක් ඉගෙන ගෙන. :cool:

    මේ සම්මුඛ පරීක්ෂණයට ඔබට කලින් කී දෙනෙක් මුහුණ දෙන්න ඇත්ද? ඔබට පසු කී දෙනෙක් මුහුණ දෙයිද? ඔබ සුදුස්සෙක් වෙයිද? වැඩේ තියෙන්නේ ඔයාගේ අතේමයි. තමන්ගේ strenth එක, achivements, professional and personal goals, skills you're looking to develop වගේ පොදු ප්‍රශ්න වලට හොඳින් සුදානම් වෙන්න. උපරිම සාර්ථක, සිත්ගන්නාසුළු පිළිතුරු දෙන්න. බය වෙන්න එපා. බය වෙන්න උන් යක්කු නෙමෙයිනේ? සාමාන්‍ය ස්වරුපයෙන් සිනා මුසුව ආචාරශීලීව කතාබහ කරන්න.

    බොහෝ වෙලාවට ඔව්න් ඔබගෙන් අහවි මොනවහරි ප්‍රශ්නයක් තියනවනම් අහන්න කියලා?? ඒ වගේ දෙයක් තිබ්බොත් නොපැකිලව අහන්න. හැබැයි ගොන් ප්‍රශ්න අහන්න එපා, සායම ඉවරයි. :frown::lol:මුකුත් ප්‍රශ්න නැත්තම් සුහදව නැති බව දන්වන්න. :D


    අනෙකාට පෙර ඔබ දිනන්න බලන්න.

    ඔබ සමාගමේ දොරටුවෙන් ඇතුළු වූ මොහොතේ සිටම ඔවුන් ඔබව ඇගයීමකට , තක්සේරුවකට ලක් කරනවා වෙන්න පුළුවන්. එනිසා මුණ ගැහෙන සෑම සේවකයෙක්, නිලධාරියෙක් සමගම ආචාරශිලිව හැසිරෙන්න. ඕනවට වඩා නෙමෙයි, අවස්ථානුකුලව. අනෙක් අයදුම්කරුට යන්න තිබෙන අවස්ථාව ඔබ වෙත රඳවා ගන්න සමහරවිට පොඩි හරි උදව්වක් වෙයි. :yes:

    "It's much better to be over- dressed than under"

    තෙරුනානේ?? :P

    සම්මුඛ පරීක්ෂණය ඇරඹුමේදී/ අතරතුරදී,

    • Interviewer වෙත ඔබගේ සුහද ආචාරය පිරිනමන්න. සවිමත්, ස්ථිර ලෙසට දැනෙන ආකාරයෙන් අතට අත දෙන්න.

    • Relax !!
    • තනි වචනේ පිළිතුරු මග අරින්න. විග්‍රහ කරන්න සැමවිටම.
    • අවංක පිළිතුරු ලබා දෙන්න.
    • ඔබට යම් පැහැදිලි කිරීමක් ඔවුන්ගෙන් අවශ්‍යනම් ඒ බව කාරුණිකව අසන්න.
    • Eye contact රඳවගන්න.
    • අවධානයෙන් සිත යොමු කර රඳවා තබා ගන්න.
    :D:D:D






    600interview_shaking_hands.jpg



    ඇතැම් වෙලාවට දහස් ගණනක් සහභාගී වෙන සම්මුඛ පරීක්ෂණයකට වෙන්න පුළුවන් ඔයා යන්නේ. කෙටි වෙලාවක් ඇතුලත ඔබ කල හැකි උපරිම දේ කරන්න ඕන. ඔවුන්ට මතක හිටින චරිතයක් ලෙස ඔබව ඔවුන් තුල රඳවන්න. :yes:කෙටි කාලයක් ඇතුලත මේ දේ කරන්න පුලුවන්නම් ඔබ දිනුම්, දෙවැනි කැඳවීමත් ලැබෙයි. ඔවුන් හිතයි ඔබ වැනි විශිෂ්ටයෙක්, මිත්‍රශීලියෙක්, දැනුමැති කෙනෙක් සමග වැඩ කරන්න තියනවනම් කියලා? ඒ අවස්තාව ඔබට ගන්න මේ කරුනුත් පොඩ්ඩක් හරි උදව්වක් වෙයි කියල හිතනවා.


    ඔබට බැරි උනොත් පසුබට වෙන්න එපා. දෙවැනි උත්සාහය හරි යයි !!!! :cool::cool:


    :love: හැමෝටම ජය !! :love:


    interview-success.jpg



    ප. ලි: කඩේ යන, ගොටු අල්ලන, රෙදි අපුල්ලන උදවියට මේ බාධක වලින් තොරව රැකියාවක් සොයා ගත හැකි බැවින් කමන්ට් කිරීමෙන් වලකින්න. :P:P

    බන්ටු@elakiri.com
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට කොල්ලෝ එළකිරි..
    6420847.gif

    මොකෙක්ගෙ වත් යටතෙ වැඩ කරන්න මම නම් කැමති නැහැ.. ලොකු සීන් නෙවේ.. මාර උකේ අමාරු මටත් තියෙන්නෙ..

    5527075.png


    9Y7qmQ3.png
     
    • Like
    Reactions: බන්ටු

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්ටු;16047730 said:
    ඔබට බැරි උනොත් පසුබට වෙන්න එපා. දෙවැනි උත්සාහය හරි යයි !!!! :cool::cool:
    :oo:
    එව්වා ඉතිං එංගලන්තේ,,,
    කොහේද බන් මල්ලී දෙවෙනි උත්සාහය හරි යන්නේ.
    ලංකාවේ දැන් බහුතරයක් ඉන්ටවිව් තියන්නේ අදාල එකාව තෝරාගෙන ඉවරවෙලා බන්.
    නිකන් නාමිකව විතරක් ඉන්ටවිව් එකක් කැදවලා ''අපි දන්වලා එවන්ම්'' කියලා
    අහිංසක කොල්ලන්ගේ කෙල්ලන්ගේ කාලයයි මහන්සියයි බලාපොරොත්තුයිත් හුරාගෙන කන රටක්වෙලා බන් මේක.
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පට්ට කොල්ලෝ එළකිරි..

    6420847.gif

    මොකෙක්ගෙ වත් යටතෙ වැඩ කරන්න මම නම් කැමති නැහැ.. ලොකු සීන් නෙවේ.. මාර උකේ අමාරු මටත් තියෙන්නෙ..

    5527075.png

    9Y7qmQ3.png


    දෑතේ කරුමාන්තේ කොර ගෙන හිටපන්. උඹව ගත්තොත් කම්පැනි සුන්. එනිසා ඔය විදිය හොඳා. :rofl::rofl:

    රිප්ලයි එකට තෑන්ක්ස් සචියෝ :love:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :oo:
    එව්වා ඉතිං එංගලන්තේ,,,
    කොහේද බන් මල්ලී දෙවෙනි උත්සාහය හරි යන්නේ.
    ලංකාවේ දැන් බහුතරයක් ඉන්ටවිව් තියන්නේ අදාල එකාව තෝරාගෙන ඉවරවෙලා බන්.
    නිකන් නාමිකව විතරක් ඉන්ටවිව් එකක් කැදවලා ''අපි දන්වලා එවන්ම්'' කියලා
    අහිංසක කොල්ලන්ගේ කෙල්ලන්ගේ කාලයයි මහන්සියයි බලාපොරොත්තුයිත් හුරාගෙන කන රටක්වෙලා බන් මේක.

    Private සෙක්ටර් එක තාම පිරිහිලා නෑනේ?? :confused:
    රාජ්‍ය ආයතන බහුතරක්නම් ඔහොම තමයි, අපිත් දන්නවානේ..:yes:
    ගොනාට ඇන්දවීල්ලනම් අනුමත කරන්න බෑ.:no: