Make red Wine at Home / රතු වයින් ගෙදර හදමු..
(අද කියාදෙන්න යන දේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. හැබැයි මේ නිවාඩුකාලේ වයින් වලට ලොකු මුදලක් වියදම් කරනවා නම් ගෙදරදී පිරිසිදු වයින් හදාගන්න පුළුවන්. දැන් කවුරු හරි හදන්න යනවා නම් ජනවාරි මැද වගේ තමයි ගන්න පුළුවන් )
(මම 2පාරක් සාර්ථකව අත්හදා බැලුවා. දැනුත් එකක් හඳලා තියෙන්නේ step by step ෆොටෝ ගන්න බැරි උනා අන්තිමට photo එකක් දාන්නම්)
අවශ්‍ය ද්‍රව්‍ය
සාදන ක්‍රමය.
කඩෙන් මිදි යුෂ ගත්ත කට්ටියට ඉහත කියපු සේරම bypass කරන්න පුළුවන් අඩු කාලයකින් හදාගන්න පුළුවන් උනාට අර quality කියන එක හරි නැතිලු. අනික තමයි අධි සාන්ද්‍රණය කරපු මිදි යුෂ කියලා සමහර විට කෘතීම ජාති දෙන්න පුළුවන්. මට මෙතන නමක් කියන්න බැහැ. ඔයාලට 100% confirm නම් ස්වාභාවික මිදි යුෂ කියලා ඉහත කියපු ටික අයින් කරලා මෙතන ඉඳන් හදාගෙන යන්න....

- රතු මිදි 1kg (ප්‍රමාණය තමන්ට අවශ්‍ය පරදි අනුපාතයට වෙනස් කරගන්න)
කොළපාට මිදි/රෝසපාට යාපනයේ මිදි හරියන්නේ නැහැ කළු පාටට හුරු මිදි එකමහොයා ගන්න. ( කඩේ තියෙන මිදි යුෂ කෝඩියල් වලින් කරන්න පුළුවන්. පහලට කියවන්න)
- සුදු සීනි 1kg
- ඊස්ට් (Yeast) 15 grams (50g රු 35/=)
- මැටි හෝ සෙරමික් භාජනයක් (ප්ලාස්ටික් සමහර භාජන වල පල්කරන්න සුදුසු නැහැ. මම හැඳුවෙත් ප්ලාස්ටික් එකක.
අල්මීනියම් එව්වට කොහොමත් දාන්න එපා)
මිදි 1kg එකක් යොදාගෙන සෑදීමට අපහසු නම් වෙළදපොලේ ඇත් මිදි යුෂ යොදා ක්ෂණිකව වයින් සෑදිය හැක. නමුත් නියම ගුණවත් වයින් සැදීමට නම් මා අනුමත කරන්නේ කළු මිදි පමණි.
කඩේ කොඩියල් යොදා සකස්කරන ආකාරය ද පහත සඳහන්වෙයි. නමුත් ගුණාත්මක බව සහතික කල නොහැක
කඩේ කොඩියල් යොදා සකස්කරන ආකාරය ද පහත සඳහන්වෙයි. නමුත් ගුණාත්මක බව සහතික කල නොහැක
සාදන ක්‍රමය.
- ප්‍රථමයෙන් මිදිගෙඩි සියල්ල භාජනයකට දමා තරමක් උණූ වතුරින් හොඳට සෝදාගන්න. මිදිවල ඇති සියළුම රසායනික ද්‍රව්‍ය සහ විෂබීජ නැති වීම සඳහා උනුවතුරින් සොදා ගන්න.
- පසුව මිදි 1kg පෙරකී භාජනයට දමා හොදින් තලාගන්න. ඒ සඳහා පිරිසිදු ලී දෙයක් පමණක් යොදා ගන්න.(පිහිවලින්,ගැරුප්පු වලනි දමාගෙන අනින එපා)
- මිදිගෙඩි ටික හොදට තැලුනට පස්සේ 100ml හෝ වැඩි පුර ටිකක්( තමන්ගේ අනුපාතයට අනුව) වතුර ටිකක් භාජනයට දමන්න. ඒ සමඟ ඊස්ට් 15g ද භාජනයට දමා හොඳින් කලවම් කර ගන්න.
- පසුව සීනි 1kg වලින් හරියටම භාගයක් දමා (500g) සියල්ල ඉතා හොදින් මිශ්‍ර කරන්න. ලී උපකරණයකින් මිශ්‍ර කරන්න අමතක කරන්න එපා.
- භාජනයේ කට වසන්න. ගොඩක් තදට වහන්න එපා ටික වෙලාවකින් පුපුරන්න පුළුවන් ඉටි කොළයක් සහ තද නැති රබර් පටියක් ආධාරයෙන් බදින්න පුළුවන්. ඇතුලේ ඇතිවන ප්‍රතික්‍රියා වායුව(මම හිතනවා කාබන්ඩයොක්සයිඩ් කියලා
මම කොමර්ස් කරේ ) තරමක් පිට විය යුතුයි.
- එසේ කට බැදගත් භාජනය දවස් 14 යනකම් වියලි අඳුරු ස්ථානයක තැම්පත් කරන්න.
කඩෙන් මිදි යුෂ ගත්ත කට්ටියට ඉහත කියපු සේරම bypass කරන්න පුළුවන් අඩු කාලයකින් හදාගන්න පුළුවන් උනාට අර quality කියන එක හරි නැතිලු. අනික තමයි අධි සාන්ද්‍රණය කරපු මිදි යුෂ කියලා සමහර විට කෘතීම ජාති දෙන්න පුළුවන්. මට මෙතන නමක් කියන්න බැහැ. ඔයාලට 100% confirm නම් ස්වාභාවික මිදි යුෂ කියලා ඉහත කියපු ටික අයින් කරලා මෙතන ඉඳන් හදාගෙන යන්න....
- දවස් 14 ගියාට පස්සේ භාජනය ඇරගෙන ඇතුලේ තියෙන සේරම දේවල් පිරිසිදු තවත් භාජනයකට දමාගන්න. ඒ භාජනය හිස්කරලා ගන්න.
- නැවතත් ඒකටම(දවස් 14 තිබුණ භාජනයට) හොදට පෙරලා යුෂ ටික විතරක් දාන්න. පොල් මිරිකනවා වගේ මිදි යුෂ ටික හොදට මිරිකලා දාන්න. (උබලා ග්ලවුස් 02 දාපල්ලා අත්වල තියෙන කුණු නිසා වයින් එක අප්සට් වෙන්න පුළුවන්)
ඔතනදී පොඩි ගැටළුවක් එනවා. කලින් කිබුන ප්‍රමාණයට වඩා ටිකක් වැඩි පුර මිදි යුෂ එයි. භාජනයේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.
- කලින් මම කියපු සීනි ඉතුරු 500g ප්‍රමාණය එකතු කරගන්න.
(සීනි තියෙන අය බය වෙන්න එපා සීනි ඊස්ට් සමඟ ප්‍රතික්‍රියාකර පොඩි ඇල්කොහෝල් එකක් හැදෙනවා. මේක එච්චර පැණිරහක් එන්නේ නැහැ.)
දැන් කඩෙන් මිදි යුෂ ගත්ත අයට කියන්නේ එයාලා ඒවා අධි සාන්ද්‍රණික මිදි යුෂ නම් වතුරත් සමඟ බෝතලේ ගහලා තියෙන අනුපාතයට කවලම් කරගන්න. අපි හිතමු 1L බෝතලයක් විතර නම් ඊස්ට් තේ හැන්දෙන් එකක් පමණක් මිශ්‍රකරන්න. සීනි මේස හැදි 15 පමණ දාන්න.
දෙගොල්ලෝම යොදාගත් භාජනයේ කට ගැටගසා තවත් දවස් 14 තියන්න. වියළි අඳුරු ස්ථානයක.
මම ඔය ක්‍රිම 02ටම හඳලා තියෙනවා. මේ තියෙන්නේ මම හදපු එක. එකට මම මිදි 500g ගත්තා... දැන් දෙවැනි අදීරයේ 03වැනි දවස තියෙන්නේ.
ගැටළුවක් තියෙනවා නම් මෙතන අහන්න පුළුවන්... සැර වැඩි කර ගන්න හැටි නම් අහන්න එපා.

Last edited:
thanks