ලංකාවේ මිරිදිය මාළු
මේ ත්‍රෙඩ් එකෙන් මම EK members ට කියන්න යන්නේ ලංකාවේ ජීවත් වෙන මිරිදිය මාළු ගැන. ඔක්කොම මිරිදිය මාළු ගැන නෙවෙයි, අඩුම ගානේ 15 cm ක් වත් ලොකු වෙන මිරිදිය මාළු ගැන. මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ මම තව ත්‍රෙඩ් එකක් දානවා තව ලංකාවේ ඉන්න මිරිදිය මාළු කිහිප දෙනෙක් ගැන. ඒ මාළු ගැන විස්තර ගොඩක් තියෙන නිසා ඒවට වෙන වෙනම ත්රෙඩ්ස් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලට monster fish ගැන ගොඩක් දේවල් දැනගන්න ඕනේ නම් කෙලින්ම EK monster fish keepers ත්‍රෙඩ් එකට එන්න.
හුංගා
හුංගා කියන්නේ ලංකාවේ මිරිදිය ජලාශ වල ඉන්න දරුණු මාලුවෙක්. මූට english වලින් කියන්නේ Asian Stinging Catfish කියලා. විද්‍යාත්මක නාමය Heteropneustes fossilis. මෙයාලව අයිති වෙන්නේ cat fish වර්ගයට. මෙයාල ලංකාවේ වගේම ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය වගේ රටවල් වල මිරිදිය ජලාශ වලත් ජීවත් වෙනවා.
මෙයාලට පුළුවන් ඉතාම painful විදියට මිනිස්සුන්ට පහර දෙන්න. ඒකට මේ මාළුවා පාවිච්චි කරන්නේ උගේ මූනේ තියෙන කූරු. මේ මාළුවට විෂ ග්‍රන්තියක් තියෙනවා විෂ හැදෙන්න. මූ අනිනකොට ඒ විෂ තමයි පහර දීමට ලක් වන මිනිසාගේ හෝ සතාගේ ඇගට යන්නේ. ඉතාම විෂ සහිතයි.
කාවයියා
කාවයියා හෙවත් Climbing Perch ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිරිදිය මාලුවෙක්. මේ මාළුවට Anabas Cloquet කියලත් කියනවා. මෙයාල සෙන්ටිමීටර 20 ක් විතර ලොකු වෙනවා. මේ මාළුවට fresh water සහ brackish water වලත් ජීවත් වීමට හැකියාව තියෙනවා.
brackish water කියන්නේ fresh water වල තියෙනවට වඩා ලුණු (salt) සාන්ද්‍රණය වැඩි ජලාශ. නමුත් මේ ජලාශ වල වතුර මුහුදේ වතුර වල තියෙනවා තරම් ලුණු සාන්ද්‍රණයක් නැහැ.
කාවයියා ගෙ ඇඟ දුඹුරු සහ කොළ මිශ්‍ර පාටක් වන අතර බඩ ප්‍රදේශය කහ පාටට හුරුයි.
මේ මාළුවාගේ ඔලුවේ තියෙනවා කිසියම් අවයවයක්. එකෙන් මේ මාළුවට වාතයේ ඇති ඔක්සිජන් ලබාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ මාළුවට වතුර නැතුව පැය 8 -10 ක් විතර ඉන්න පුළුවන්.
එහෙම හිටියත් මේ මාළුවා ගොඩක් වෙලාවට මැරෙන්නේ හුස්ම ගන්න බැරුව නෙවෙයි, ශරීරය වියලී යාමෙන්.
ලූලා
ලූලා හෙවත් Channa striata ලංකාවේ ජීවත් වන දරුණු මිරිදිය මාලුවෙක්. ගොඩක් රටවල් වල මේ මාලුවව ගෙවල් වල ඇති කරනවා pets ලා විදියට. snake heads කියන්නේ මේ ජාතියේ මාළුන්ට තමයි. Snakehead murrel කියලත් මේ මාළුවට කියනවා.
මෙයාල ප්‍රධාන වශයෙන්ම මාංශ භක්ෂක මාළු. ඒ උනාට මාංශ නොවන කෑමත් සමහර වෙලාවට කනවා. ලූලාට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය පරිසර සාධක වෙන්නේ 23-27 C උෂ්ණත්වයක් සහ 7-8 ph අගයක් ඇති මිරිදිය ජලාශ. මේ මාළුවට උපරිම ලොකු වෙන්න පුළුවන් 100 cm විතර.
ලංකාවේ ජීවත් වෙන දත් තියෙන මිරිදිය මාලුවෙක් තමයි ලූලා.
මේ මාළුවාගේ තවත් විශේෂත්වයක් තමයි මෙයාල ඉක්මනින් බෝවෙන එක. සාමාන්යෙන් population එක දෙගුණයක් වෙන්න අවුරුදු 2-5 දක්වා කාලයක් තමයි යන්නේ. මේ මාළුවා ව්‍යාප්ත වෙලා ඉන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, පාකිස්තානේ, ඉන්දියාවේ, තායිලන්තේ සහ වෙනස් ආසියාතික රටවල් කිහිපයකම මිරිදිය ජලාශ වල මේ මාළුවා ජීවත් වෙනවා.
මඩ කනයා
මඩ කනයා හෙවත් Channa punctata කියන්නෙත් ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන මාලුවෙක්. මෙයාලත් අයිති වෙන්නේ snake head කියන මාළු වර්ගයටම තමයි. මඩ කනයට Spotted snakehead කියලත් කියනවා.
සාමන්යෙන් මෙයාලට හොදින් ජීවත් වෙන්න 22-28 C අතර උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. හොඳින් වැඩුනු මඩ කනයෙකුගේ ප්‍රමාණය 31 cm පමණ විය හැකියි. ගොඩක් රටවල් වල මෙයාලව විසිතුරු මත්ස්‍යයින් ලෙස සහ මිනිසුන්ගේ ආහාරයට ගැනීමට ඇති කරනවා.
ලංකාවේ, ඇෆ්ඝනිස්තානේ, පාකිස්තානේ, ඉන්දියාවේ, නේපාලේ, බන්ග්ලාදෙශේ, මියන්මාරේ සහ චීනේ මිරිදිය ජලාශ වල තමයි මඩ කනයා වැඩිපුරම ජීවත් වෙන්නේ.
මඩ කනයාට මිරිදිය ජලාශ වල මෙන්ම brackish water වලත් ජීවත් වීමට හැකියාව තියෙනවා. සාමාන්යෙන් මෙයාලගේ population එක දෙගුණයක් වෙන්න ගත වෙන්නේ අවුරුදු 2-5 දක්වා අතර කාලයක්.
Parandal kanaya
Parandal kanaya හෙවත් Channa orientalis කියන්නෙත් snake head වර්ගයට අයිති වෙන ලංකාවේ ජීවත් වන මිරිදිය මාලුවෙක්. Walking snakehead කියන්නෙත් මේ මාළුවට තමයි. උපරිම වශයෙන් මේ මාළුවට 33 cm දක්වා වර්ධනය වීමට හැකියාව තියෙනවා. Walking snakehead කියල කියන්නෙත් මේ මාලුවටම තමයි.
ph අගය 6-8 සහ 23-26 C උෂ්ණත්වය මේ මාළුවට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. මේ මාළුවාගේ විශේෂත්වයක් තමයි ඉතාම සීග්‍ර ලෙස බෝවීම. population එක දෙගුණයක් වෙන්න ගත වෙන්නේ මාස 15ක් වැනි ඉතාම කෙටි කාලයක්.
මේ මාළුවාගේ ප්‍රධාන වශයෙන් වාසස්ථාන වෙන්නේ ලංකාව, ඇෆ්ඝනිස්තානය සහ ඉන්දුනිසියාවයි. මේ මළුවටත් brackish water වල ජීවත් වීමට හැකියාව තියෙනවා. අනිත් හැම snake head මාලුවෙකුගෙම වගේ Parandal kanaya ගේත් ප්‍රධාන ආහාරය වෙන්නේ කුඩා මාළු වර්ග. මෙයාලට 36.5°C වැනි ඉහල උෂ්ණත්වයකදී පවා ජීවත් වෙන්න හැකියාව තියෙනවා.
මගුරා
මගුරා කියන්නේ ලංකාවේ ගොඩක් අය දන්නා මාලුවෙක්. දැකල නැති උනත් නම අහල තියෙනවා ගොඩක් අය. මේ මාළුවාගේ English නම තමයි Clarias brachysoma. Walking catfish කියලත් කියනවා.
මගුරා කියන්නේ ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන ඉතාම දරුණු මාලුවෙක්. මෙයාලගේ මුනේ තියෙන විෂ සහිත කටු වලින් මෙයාලට කරදර කරන්න එන සතුරන්ට දරුණු ලෙස පහර දෙන්න පුළුවන්.
මෙයාල ඉන්න ජලාශ වල වතුර අඩු උන කාලෙට ළඟ තියෙන වෙනත් ජලාශ වලට බිම දිගේ යන්න මෙයාලට පුළුවන්. ඒක නිසා තමයි Walking catfish කියල කියන්නේ. තව මෙයාලට පුළුවන් වාතයේ තියෙන ඔක්සිජන් වලින් හුස්ම ගන්න. එක නිසා වතුර නැතුව පැය ගානක් ඉන්න එක මෙයාලට ප්‍රශ්නයක් නෙවෙයි.
මේ මාලුන්ව ගොඩක් මිනිස්සු ආහාරය සඳහා ඇති කරනවා. pets විදියට මේ මාලුවව ඇති කරන අය අඩුයි. මෙයාලගෙත් population එක දෙගුණයක් වෙන්න යන්නේ අවුරුදු 5 කට වැඩ අඩු කාලයක්. මගුරාගේ ප්‍රධාන ආහාරය වෙන්නේ කුඩා මාළු වර්ග, ඉස්ගෙඩි, පනුවෝ, ඉස්සෝ සහ small frogs.
තල්කොස්සා
තල්කොස්සා හෙවත් Belontia signata කියන්නේ ශ්‍රී ලංකාවට ආවේණික වූ මාළු විශේෂයක්. මෙයාල අයිති වෙන්නේ ගුරාමි වර්ගයට. සාමාන්යෙන් මේ මාළු ජාතිය 18 cm විතර ලොකු වෙනවා. සමහර මිනිස්සු මෙයාලව aquarium fish විදියටත් ඇති කරනවා. Ceylonese combtail කියන්නෙත් තල්කොස්සට තමයි.
මේ මාළුවට ජීවත් වෙන්න අවශ්‍ය උෂ්ණත්වය 24-28 C දක්වා වූ පරාසයක තමයි තියෙන්නේ. මෙයාලගේ population එක දෙගුණයක් වෙන්න ගත වෙන්නේ මාස 15 ක් තරම් වූ කුඩා කාලයක් විතරයි. ලංකාවේ මෙයාලව වැඩියෙන්ම දකින්න පුළුවන් වෙන්නේ මහවැලි, කැළණි සහ කළු යන ගංගා වල.
මේ මාළුවා පොඩි කාලේ රංචු පිටින් ජීවත් වෙන්න කැමැත්තක් දැක්වුවත් ලොකු උනාම තනියම තමයි ගොඩක් වෙලාවට ජීවත් වෙන්න කැමති. මෙයා Territorial මාලුවෙක්. තල්කොස්සගේ ප්‍රධාන ආහාරය වෙන්නේ කුඩා මාළු වර්ග සහ කෘමීන් වර්ග.
මේ මාළුවාගේ ඇඟේ විශේෂ අවයවයක් පිහිටලා තියෙනවා. එකෙන් මේ මාළුවට පුළුවන් වාතයේ ඇති ඔක්සිජන් වලින් හුස්ම ගන්න. එක නිසා ඔක්සිජන් සාන්ද්‍රණය ඉතාම අඩු තැන්වල පවා මේ මාළුවන්ට ජීවත් වෙන්න පුළුවන් වාතයේ තියෙන ඔක්සිජන් වලින්.
වැලිගොව්වා
වැලිගොව්වා හෙවත් Awaous grammepomus කියන්නෙත් ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන මාළු විශේෂයක්. Scribbled goby කියල හඳුන්වන්නෙත් මෙයාලවම තමයි. වැලිගොව්වා ප්‍රධාන වශයෙන් ජීවත් වෙන්නේ ලංකාව, New Guinea සහ Palau කියන රටවල් වල.
වැඩුනු වැලිගොව්වෙක් සාමාන්යෙන් 15 cm විතර ලොකුයි. සමහර මිනිස්සු වැලිගොව්වන්ව aquarium fish විදියටත් ඇති කරනවා. මෙයාලගේ population එක දෙගුණයක් වෙන්න ගතවෙන කාලය අවුරුදු 2-5 දක්වා අතර කාලයක් වෙනවා.
මෙයාල මිරිදිය ජලාශ වල පතුලේ තමයි ජීවත් වෙන්නේ. මෙයාලගේ ප්‍රධාන ආහාරය වෙන්නේ ඇල්ගී සහ කුඩා මාළු වර්ග. වැලිගොව්වා කියන්නේ ඉතාම සාමකාමී මාලුවෙක්.
ආඳා
Anguilla bengalensis bengalens යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ආඳා ලංකාවේ මිරිදිය ජලාශ වල දකින්න පුළුවන් සතෙක්. Indian mottled eel කියලත් කියනවා.
ලොකු උන ආදෙක් (eel) සාමාන්යෙන් 120 cm වගේ වෙන්න පුළුවන්. මෙයාලට සුදුසුම උෂ්ණත්වය තමයි 23-33 C. මෙයාලගේ population එක දෙගුණයක් වෙන්න ගත වෙන කාලය අවුරුදු 14ක් තරම් දිගයි.
මේ මත්ස්‍ය විශේෂය වැඩි වශයෙන්ම තමන්ගේ නිජ බිම් කරගෙන ඉන්නේ ලංකාව, ඉන්දියාව, බුරුමය සහ නේපාලය යන රටවල් වල තියෙන ජලාශ. මෙයාලට වතුර වැඩිය නැති, ඒත් මඩ ගොඩක් තියෙන වගුරු බිම් වගේ ඒවා වලත් ජීවත් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මෙයාලගේ ප්‍රධාන ආහාරය වෙන්නේ වතුරේ ඉන්න කුඩා සත්තු ඉස්සෝ, කකුකුවෝ, ඉස්ගෙඩියෝ සහ කුඩා මාළු.
සමහර මිනිස්සු මේ මාලුන්ව ගෘහස්ත තටාක වල ඇති කරනවා අහාර සඳහා. මේ මාළුවාගේ ශරීරයේ "mucus" කියන කොටස arthritis වලට බෙහෙත් හදන්න ගන්නවා.
තිරලියා
තිරලියා කියන්නේ ලංකාවේ brackish water වල ජීවත් වෙන මාලුවෙක්. Picnic sea bream කියන නමෙන් හඳුන්වන්නේත් මේ මාලුවව තමයි. මේ මාළුවා 90 cm දක්වා වර්ධනය වන අතර මොවුන් ප්‍රධාන වශයෙන් නිජ බිම් කරගෙන ඉන්නේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව අවට රටවල්, ඔස්ට්‍රලියාව සහ ජපානය වේ.
මේ මාළුවට 42 C වගේ උෂ්ණත්වයක් ඇති වතුරෙත් ජීවත් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ මාලුන්ව ආහාරය සඳහා සහ aquarium fish වශයෙනුත් මිනිස්සු තියා ගන්නවා. මෙයාලගේ population එක දෙගුණයක් වෙන්නත් ගත වෙන්නේ ගොඩක් මාළුන්ගේ වගේම අවුරුදු 2-5 දක්වා කාලයක්.
මේ මාළුවා වැඩියෙන් ජීවත් වෙන්න කැමති කුඩා රංචු වශයෙන්. මෙයාලගේ ප්‍රධාන ආහාරය වෙන්නේ කුඩා මාළු, ඉස්සෝ, පනුවෝ වගේ සත්තු.
පුවක්බඩිල්ලා
පුවක්බඩිල්ලා කියන්නේ ලංකාවේ මිරිදිජ ජලාශ වල ඉන්න තවත් මාලුවෙක්. විද්‍යාත්මක නාමය තමයි Eleotris fusca. මේ මාළුවට Dusky sleeper කියලත් කියනවා. ලොකු Dusky sleeper කෙනෙක් සාමාන්යෙන් 26 cm වගේ වෙනවා.
මේ මාළුවට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා 25-30 C දක්වා වූ උෂ්ණත්වයක්. aquarium මාලුවෙක් වගේම ආහාර සඳහාත් මේ මාලුවව මිනිස්සු ඇති කරනවා. සාමන්යෙන් මේ මාළුවාගේ population එක දෙගුනයක් වෙන්න ගත වෙන්නේ අවුරුදු 2-5 දක්වා අතර කාලයක්.
මේ මාළු වැඩි වශයෙන් ජීවත් වෙන්නේ lagoons වල. මෙයාල Carnivorous මාළු ජාතියක්. කන්න පුළුවන් ගොඩක් දේවල් meat or vegetables, leaves කනවා.
රත් කයිලයා
රත් කයිලයා කියන්නෙත් ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන මාලුවෙක්. මේ මාළුවා තරමක් ප්‍රමාණයෙන් කුඩා මාලුවෙක්. ඒත් මේ ත්‍රෙඩ් එකේ මේ මාළුවා ගැන දාන්නේ මේ මාළුවට aquarium වල ලොකු ඉල්ලුමක් තියෙන නිසා. අහාර සඳහා මේ මාලුවව ඇති කරන්නේ නැහැ. aquarium fish විදියට තමයි ඇති කරන්නේ. මේ මාළුවට කියන විද්‍යාත්මක නාමය තමයි Devario malabaricus. Malabar danio කියලත් කියනවා.
උපරිම වශයෙන් මේ මාළුවා ලොකු වෙන්නේ 12 cm විතර. 18-25 C අතර උෂ්ණත්වයක් තමයි මේ මාළුවට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ. Malabar danio ඉක්මනින් බෝවෙන මාලුවෙක්. සාමාන්යෙන් population එක දෙගුණයක් වෙන්න ගත වෙන්නේ මාස 15 වැනි කෙටි කාලයක්. ලංකාවේ ස්වභාවිකව හමුවන මාළු අතර විසිතුරු මත්ස්‍යයෙක් විදියට ඇති කරන ප්‍රධාන මාලුවෙක් තමයි මේ.
මේ මාලුව ලංකාවේ වැඩි වශයෙන් දකින්න පුළුවන් වියලි කලාපයේ ගලාගෙන යන ජලාශ වල. ඒවා වල මේ මාළු රංචු වශයෙන් ජීවත් වෙනවා. මෙයාලගේ ප්‍රධාන ආහාරය වෙන්නේ කෘමි සතුන් සහ කුඩා ශාක කොටස්.
මෙයාල සාමාන්යෙන් බිත්තර දාන්න shallow water වලට එනවා ලොකු වැහි කාලයකට පසුව. මෙයාලගේ බිත්තර ලා කහපාටට හුරුයි, ඇලෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. එක පාර බිත්තර 200ක් විතර එක ගැහැණු සතෙක් දානවා. දවස් 1-2 කින් විතර බිත්තර වලින් පැටව් එලියට එනවා.
Visit EK Monster Fish Keepers for more info

Last edited: