සමලිංගික ප්‍රේමය මරණයකින් කෙලවර වූ හැටි
Source : 33000
සමලිංගික ප්‍රේමය මරණයකින් කෙලවර වූ හැටි
යුධ හමුදාවේ සිට පලා ආ හමුදා සෙබලියන් දෙදෙනෙකු ඇතිකරගත් අසම්මත ප්‍රේමයක් දුරදිග යාම හේතුවෙන් මාතර කනංකේ ප්‍රදේශයේ උණුසුම්කාරී වාතාවරණයක් ගොඩ නැගී ඇත. මෙම හමුදා සෙබලියන් දෙදෙනා යුධ හමුදාවේ සිටියදී ප්‍රේමයෙන් වෙලී ඇතිඅතර ඔවුන් දෙදෙනාට දෙදෙනා නැතුවම බැරිවී ඇත.
මේ හේතුවෙන් ඔවුන්ගේම ජීවිතයක් ආරම්භ කිරීම සඳහා එම සෙබලියන් දෙදෙනා හමුදාවෙන් පැනවිත් කනංකේ පුහුල්හේන ප්‍රදේශයේ සිල්ලර කඩයක් ආරම්භ කොට දිවිගෙවා ඇත. මාතර කනංකේ යනු එක් හමුදා සෙබළියකගේ ගම වන අතර අනෙක් හමුදා සෙබළිය අගලවත්ත බෙල්ලන පදිංචිකාරියකි. ඇය 26 හැවිරිදි වන අතර පෙනුම පිරිමියෙකුට සමානය.
ඔවුන් දෙදෙනාගේ පවුල් බර කරට ගන්නේ අගලවත්තේ තරුණිය විසිනි. ඒ අනුව සිල්ලර කඩයේ ආදායම , කුලී වැඩ කොට උපයා ගත් මුදලින් එම සෙබලියන් දෙදෙනා එකිනෙකාට ආදරයෙන් කල් ගතකොට ඇත. තම දියණිය තවත් හමුදා සෙබළියක් සමග අසම්මත ආකාරයෙන් දිවිගෙවන බව දැනගත් මාතර තරුණියගේ පවුලේ උදවිය එයට විරුද්ධ වී ඇත.
මේ අතරතුර මාතර සෙබළියගේ නැගණිය අවරුදු 20 ක මාතර තරුණයෙකු හා විවාහ වී ඇත. එම තරුණයා මෙයට පෙර වයස හතලිහක කාන්තාවක් විවාහ කරගෙන සිටි අයෙකි. කෙසේ හෝ එම තරුණයා අගලවත්තේ හමුදා සෙබළිය හා සිය විවාපත් බිරිඳගේ අක්කා වන මාතර සෙබළිය යන දෙදෙනා සමගම සම්බන්ධතා පැවැත්වීම සඳහා මාතර පුහුල්හෙන ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත.
එම සම්බන්ධතාවයෙන් පසු අගලවත්තේ සෙබළිය සමග එම තරුණයා ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන විවාපත් බිරිඳද අතහැර බෙල්ලන වීබැද්දගොඩ ප්‍රදේශයේ නිවෙසක පදිංචි වීමට ගොස් ඇත.
මේ බව දැනගත් මාතර සෙබළිය සහ ඇයගේ මව එයට දැඩි ලෙස විරුද්ධත්වය පලකොට තිබේ. එයින් කෝපයට පත් අගලවත්තේ සෙබළිය බදුරලිය පාරේ අලෙවිසලකින් රුපියල් 210 ක මුදලක් දී ඇසිඩ් කුප්පියක් මිලට ගෙන ඇයගේ මාතර ප්‍රේමවන්තයා සමග යතුරු පැදියෙන් මාතර සෙබළියගේ මහ ගෙදර වෙත ගොස් මාතර සෙබළිය හා ඇයගේ මවට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකොට ඇත.
මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් මව වන මීගමගේ දයාවතී (57) නමැති තැනැත්තිය කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. ඝාතනයෙන් අගලවත්තේ සෙබළිය ගලවාගැනීම සඳහා ඇයව විදේශීය රටකට යැවීම සඳහා ඇගේ මව විසින් විදේශීය ගමන් බලපත්‍ර සකස් කොට අදාළ ඒජන්සියට මුදල් ගෙවා තිබේ.
මේ සැකකාරිය වසන් කිරීමට කටයුතු කිරීමේ චෝදනාවට සැකකාරියගේ මව අත්අඩංගුවට ගෙන තිබෙන අතර අගලවත්තේ සෙබලියද පසුගිය 24 වනදා රාත්රියේදී පොලීසියට කොටුවිය.
ඇය එසේ කොටු වුයේ ඕමන්ත බටහෙන් විටිය කැලේ දින තුනක් ආහාර නොමැතිව සැඟවී සිටීමෙන් අනතුරුවය.
ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ජායාරූප කිහිපයක් පහතින් බලන්න
සැඟවී සිටියදී ඇතිවූ තුවාල කැළැල් පච්චයක් ආකාරයෙන් මකා තිබු අන්දම