pizza,pasta,lasagna කොකටත් උවමනා සල්සා හදමු
මුලින්ම කියන්න ඕන ඉතාලියේ අපි හදන විදියට ටිකක් වෙනස් කරල කියල දෙන්නේ...ඒකට හේතුව තමයි මේ උපකරණය ලංකාවෙ නොමැති කම
අවශ්‍ය ද්‍රව්‍ය
1. තක්කාලි කිලෝ 1ක් හෝ 2ක්
2. ලුනු මේස හැදි බාගයක්
3. ටිකක් විශාල භාජනයක් ප්‍රෙසර් කුකර් එකක් නම් වඩා හොදයි
4. පිරිසිදු කරගත් ජෑම් බෝතල් හෝ කෝඩියල් බෝතල් ( ප්ලාස්ටික් මූඩි නම් එපා..හොදින් වේලා ගන්න )
5. බ්ලෙන්ඩර් එකක්
6. ඉතා ඝණකම් බෙඩ් ශීට් එකක් නැතිනම් පොඩි එවා කීපයක් එකට තබා ගන්න
තව දෙයක් තමයි එක එක අය විවිද දේවල් දාල හදනව එත් මෙක තමයි නොර්මල් මෙනු එක...අපි හදන කෑම අනුව මේවා පසුව නැවත සකසන නිසා වැඩිය හිතන්න එපා..
මුලින්ම තක්කාලි ටික හොදින් සෝදා ප්‍රෙසර් කුකර් එකේ හෝ වෙනත් පියනකින් හොදින් වැසිය හැකි භාජනයකට දමා මිනිත්තු කීපයක් පිසගන්න ( ජලය ඉතා ස්වල්පයක් දමා මද ගින්නේ බාගෙට තම්බා ගන්න)
දැන් ජලය පෙරාගත් තක්කාලි සියල්ලේම පොත්ත ඉවත් කරගන්න..පසුව කුඩා ප්‍රමාණයේ කැබලි කපා හොදින්බ්ලෙන්ඩර් කර තක්කාලි තැම්බූ බදුනට දමා ලිපේ තබා හොදින් ගින්දර දමන්න ( භාජනයේ කට පිරෙන්න දාන්න එපා උතුරද්දි වටේටම විසි වෙනවා )
ටිකක්හොදින් උතුරන්න දෙන්න වතුර ගතිය අඩු වෙලා ටිකක් විතර ඝන වෙන්න ..දැන් ලුනු එක්කර හොදින් කවලම් කරන්න... ඒ අතර තුර අර බෝතල් ටික ලගට ලන්කර ගන්න
දැන් ඉතින් උනු නුවෙන්ම බොතල් වලට හැන්දෙන් පුරවල මූඩිය හොදින් වසන්න...ටිකක් එහෙට මෙහෙට නවල බලන්න ලීක් වෙනවද කියලා..එහෙම උනොත් මූඩිය මාරු කරන්න..නැත්නම් බෝතලයම මාරු කරන්න..දැන් වැඩ ඉවරයි බෝතල් ටික රෙදි අල්මාරියේ හරි කොහේ හරි බෙඩ් ශීට් එකේ ඔතල තියන්න හොදටම නිවෙනකල්..
ඔන්න එහෙනම් හදල බලලා රස කියන්න..වැඩේ එල නම් සලකලා මාව දිරිමත් කරන්න...සල්සා වලින් හදන කෑමක් අරන් එනකල් ජය වේවා...