මාස කීපයකට කලින් නිව්යෝර්ක් පැත්තේ ගිහින් එන්න ගියා. ඒ යද්දී එද්දී ගත්තු පින්තුර ටිකක් එළකිරි යාලුවන්ට බලන්න ඔන්න දැම්ම. හැම පින්තුරයක් ගානෙම විස්තර ලියන්න ගියොත් මේ පොස්ට් එක හුඟක් දික් වෙයි. ඒ හින්ද පුළුවන් උපරිමයෙන් විස්තර සමග පින්තුර ටික දානවා .
නිව්යෝර්ක් state එකේ ප්‍රමාණය වර්ග හැතැක්ම 54,556 ක්. (ලංකාව දල වශයෙන් වර්ග හැතැක්ම 25,000 ක්.) ඇමෙරිකාවේ තියන state 51 න් නිව්යෝර්ක් වලට හිමිවෙන්නේ 27 වෙනි ස්ථානය. (ලොකුම state එක තමයි Alaska. ඒකෙ විශාලත්වය වර්ග සැතපුම් 663,267 ක්. පුංචිම state එක තමයි Washington DC. ඒකෙ විශාලත්වය වර්ග සැතපුම් 68.25 ක්.) නිව්යෝර්ක් state එක ලොකු උනාට නිව්යෝර්ක් city එකට අයිති වෙන ප්‍රධාන කොටස් 5 තමයි Manhattan, Brooklyn, Queens, The Bronx ,Staten Island කියන කොටස්. Tourism වලදී Manhattan හඳුන්වන්නේ Capitol of the World කියලයි. මේ කොටස් 5 ට අදාලව අපිට වැදගත් වෙන විශේෂ කාරනයක්නම් Staten Island වල තමයි ඇමෙරිකාවේ වැඩිම ලාංකිකයන් පිරිසක් ජීවත්වෙන ප්‍රදේශය වෙන්නේ. Staten Island කියන්නේ පුංචි දුපතක්. Manhattan ඉඳන් Staten Island එකට දවල් කාලයට පැය බාගෙන් බාගෙට(රැට පැයෙන් පැයට ) ferry දෙකක් දෙපැත්තට ගමන් කරනවා මිනිස්සුන්ගේ ගමන් පහසුව වෙනුවෙන්. මේ සේවාව සැපයෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ. ඇමෙරිකාවේ කවදාහරි උදව්වක් උනොත් බය නැතුව නිව්යෝර්ක් වල Staten Island එකට යන්න. ලංකාවේ උදවිය ඉන්නවා ඕන තරම්.
DC ඉඳන් නිව්යෝර්ක් යන්න හැතැක්ම 225 යි දල වශයෙන්. නිව්යෝර්ක් වලින් පිට ඉපදුන අමෙරිකානුවෙකුට උනත් නිව්යෝර්ක් යනවා කියන්නේ ටිකක් විශේෂ ගනයේ trip එකක්. මොකද මේ ලෝකේ තියන සියලුම ආතල් ජාති මේ නිව්යෝර්ක් කියන සිටි එකේ තියනවා. ලෝකේ තියන tourist destination වලින් මුල්ම පෙලේ තියන destination එකක් තමයි නිව්යෝර්ක් කියන්නේ. මේ ලෝකේ තියන නොනිදන නගර අතුරින් නිව්යෝර්ක් තියෙන්නේ මුලටම වෙන්න ඕන. නිව්යෝර්ක් city එකේ බහුතරයක්ම කඩ දවසේ පැය 24 ම විවුර්තයි. නොනිදන වීදි අතරින් 8th Avenue එක විශේෂයි. නිව්යෝර්ක් ඉඳල බස් එකේ DC එන්න උපරිම වෙලාව යන්නේ පැය 4 ක් වගේ තමයි. පුද්ගලික වාහනේක යනවනම් දල වශයෙන් මේ හැතැක්ම 225 පැය 3.5 වගේ කාලෙකින් යන්න පුළුවන්. මුළු ගමන දල වශයෙන් හැතැක්ම 550> යි.
පහල තියෙන්නේ දල වශයෙන් ගමන් සිතියම. සිතියමට අනුග්‍රහය ගූගල් maps දෙවි උතුමාණන් වහන්සේ තමයි.
DC වලින් පිටත් උනේ උදේ 8 විතර තමයි. ගමන සැලසුම් කරේ උදේ 5 ට පිටත්වෙන්න උනත් අවුරුදු 8 ක් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ගමන් කරලා පුහුණු උන නිසා කිසිම ලැජ්ජාවක් නැතුව ගමන පැය 3 ක් ප්‍රමාදයි.
කාලගුණය ඉතා යහපත් ...
DC ඉඳන් නිව්යෝර්ක් යද්දී ගමන් මාර්ගය වැටෙන්නේ බැල්ටිමෝර් කියන නගරය හරහා. ඒ පාර හදල තියෙන්නේ බැල්ටිමෝර් වරාය යටින් උමගක් හදල තමයි. මේ තියෙන්නේ ඒ උමගට ඇතුල්වීම
බැල්ටිමෝර් පහුකරන් යද්දී හමුවෙන ගංගාවක්
මේ තවත් ගංගාවක් උඩින් යන පාලමකට ඇතුල්වීම
New Jersey Turn Pike එකට අතුල්වෙන්නයි හදන්නේ
මේ පාරට කියන්නේ New Jersey Turn Pike කියලයි. මේක toll road එකක්. ඒ කියන්නේ මේකේ යන්න වෙන්නේ මුදල් ගෙවල තමයි.
වමට යන්න ඕන නිව්යෝර්ක් යන්න. දකුණට ගියොත් නිව්ජර්සි වල තියන ප්‍රධාන නගරයක් වෙන Atlantic City වෙත
මේ බස් කොම්පැනිය එක ඇමෙරිකාවේ ප්‍රධානම බස් කොම්පැනියක් . මේක operate කරන්නේ Grayhound කියන බස් සේවාව විසින්. මෙයාල ඇමෙරිකාව පුරාම දුවනවා.
New Jersey state එකට ඇතුල්වීම
අස්ස මල්ලිත් නිව්යෝර්ක් යන ගමන් වෙන්ටෑ
RV එකෙකින් කට්ටියක් ගමනක් යනවා. එයාල පුංචි පුංචි ගමන් යන්න එයාලගේ HONDA HRV එකත් ඇදගෙන යන්නේ. මේ ඇදන් යන විදිහට පිටිපස්සේ ඇදිල එන වාහනේට රියදුරෙක් ඕන නැහැ.
මේකෙන් තමයි RV එකයි ජීප් එකයි අමුණලා තියෙන්නේ
කාලගුණය ඉතා යහපත්
නිව්ජර්සි වල ප්‍රධාන ගුවන්තොටුපොළකට යන exit එක ඉදිරියෙන්
නිව්යෝර්ක් වෙත වේගයෙන්
ඇතින් පෙන්නේ කලින් කිව්ව ගුවන්තොටුපොළ
තනි යකඩ පාලමක්. මේ පාරේ ගියපු වාර ගණන ගණන් කරන්න බැරි තරම් උනත් මේ පාලම මොකක්ද කියලනම් අදටත් දන්නේ නැහැ.
ඈතින් පේන්නේ නිව්යෝර්ක් නගරය . උසටම කණුවක් වගේ තියෙන්නේ Empire state ගොඩනැගිල්ල. එකේ උස අඩි 1250ක් . මීටර් 381 ක් . එකේ තට්ටු 103ක්. ලෝකෙ උසම ගොඩනැගිලි අතුනින් 23 වෙනි ස්ථානය තමයි හිමේ වෙන්නේ.
දැන් නිව්යෝර්ක් වලට ඇතුල් වෙන්න ඉතාම ආසන්නයි. Manhattan වලට තමයි මම මේ යන්නේ. එහෙට යන්නනම් ලින්කන් tunnel එකෙන් යන්න වෙන්නේ. හඩ්සන් ගංගාව යටින් කපපු උමගක් හරහා තමයි New Jersey ඉඳන් NY city එකට යන්න ඕන. මේ උමගට අතුල්වෙන්නත් මුදල් ය කරනවා. ඒ වගේම බයිසිකල් කරුවන්ට සහ පයින් ගමන් කරන උදවියට මේ උමග පාවිච්චි කරන්න තහනම්.
මෙතනින් තමයි උමගට ඇතුල්වෙන්න සල්ලි ගෙවන්න තියෙන්නේ
මේ තියෙන්නේ ලින්කන් tunnel එකට ඇතුලුවෙන උමන් ද්වාරය.
මේ තියෙන්නේ නිව්යෝර්ක් වලින් පිටවෙන වාහන ගමන් ගන්නා උමග.
ඔන්න දැන් උමගින් එලියට ආව. දැන් මේ ඉන්නේ නිව්යෝර්ක් සිටි එකේ.
මෙතන ඉඳන් පහලට දාන පින්තුර සියල්ලම නිව්යෝර්ක් නගරයේ ගතපුව. සමහර ඒවා කොතනද කියල හරියට මතකයක් නැහැ. ඒ හින්ද හරියටම දන්නා ඒවා විතරක් ස්ථානය නම් කරලා දාන්නම්. මගේ පහසුවට සමහරක් ඒවා English වලින් type කරනවා.
41 st Street 9th Avenue
9th Ave.
9th Ave.
42 nd Street
මෙතන තමයි Manhattan වල ප්‍රධාන බස් නැවතුම්පොළ. මේකට කියන්නේ Port authority bus terminal කියලයි. මෙතන පොලොව යට තට්ටු දෙකක් සහ උඩට තට්ටු 3 ක් මේ බස් නැවතුම්පොළට අයිතියි. පොලොව යට පළමු මහලේත් බස් 50 ක් විතර load කරන්න පුළුවන් ලොකු බස් නැවතුම්පොළ හුඟක් දුර ගමන් සේවා වෙනුවෙන් තමයි තියෙන්නේ. DC යන බස් එක load වෙන්නෙත් පොලොව යට තියන අංගනයේ තමයි. ඊටත් යටින් තියෙන්නේ 42nd street subway (කෝච්චි ) station එක. වාහනේ යන ගමන් ගත්තු පින්තුර හින්ද main board එකෙන් බාගයයි වැදිලා තියෙන්නේ .
පහල පින්තුර 3 ගත්තේ net එකෙන්.
මේ පින්තුර කොතන ගත්තද කියල අඳුනගන්න අමාරුයි.
ඔය මැදින් පෙනෙන්නේ මම කලින් කිව්ව Empire state ගොඩනැගිල්ල
නිව්යෝර්ක් නරඹන්න එන දේශීය විදේශීය හැමදෙනාම මේ ගොඩනැගිල්ලට නගින එක අනිවාර්ය අංගයක්. ඇමෙරිකාවට ආපු මුල මම පදිංචිවෙලා හිටියෙත් රස්සාව කරෙත් මේ සුන්දර නගරයේ තමයි. හරියටම අවුරුද්දකට ආසන්න කාලයක් සතියට දවස් 6ක් මේ Empire state එක පාමුලින් බයිසිකලේ පැදගෙන රස්සාවට ගිය මට මේකට නගින්න ඕන කියල කවදාවත් හිතුනේ නැත්තේ මගේ කරුමෙට වෙන්න ඕන.
මේ පින්තුර කොහේද කියම මට දැන් මතකයක් නැහැ.
34th street 8th ave . Bolt Bus company එක bus load කරන්නේ මෙතනින්. දකුණු පැත්තේ දුරින් පෙන්නේ empire state එක.
ලංකාවේ විතරක් නෙවෙයි මචන්ලා, ඇමෙරිකාවෙත් හිඟන්නෝ ඉන්නවා. මෙයාලට කියන්නේ Homeless people කියලයි.
නිව්යෝර්ක් වල බයිසිකල් කියන්නේ බොහොම නැතිවෙන සුළු වාහනයක්. කණුවට තියල දම්වැලක් දාල ළොක් කරලා ගියත් රැයක් එළිවෙනකම් තිබ්බොත් කණුවේ ඉතුරු වෙන්නේ බයිසිකලේ frame එක විතරයි.
Subway station එකකට බහින තැනක්.
මේක තමයි city එකේ තියන bag ගණන් අඩුම කඩේ .
ඔය පෙන්න තියන නිල පාට bord 3 ම තඩි LED Tv 3ක්
GAP in 6th ave .
34th street Broadway junction
මේ city එකේ ජනාකීර්නම වීදි වලින් එකක්.
Tourist ල city ride යන්නේ මේ බස් වල තමයි.
තවත් Subway entrance එකක්
2010-2011 කාලේ වැහි දවස්වලටයි snow කරන දවස්වලටයි මම වැඩට ගියේ මේ බස් එකේ තමයි.
මෙන්න පාරේ DVD මිල
මේ තමයි නිව්යෝර්ක් තැපැල් කාර්යාලය. හරිම පුංචියි නේද
මේකට තමයි දුර පළාත්වලට යන කොච්චි එන්නේ.
මේ ටික දාන්න පැය 3.5 ක් ගියා මචන්ලා. 7 ට පටන් ගත්තේ. දැන් 10.30 යි. තව පින්තුර ගොඩක් තියනවා. උදේ වැඩට යන්න ඕන හින්ද ඉතිරි ටික හෙට වැඩට ගිහින් ඇවිත් දාන්නම්. එතකම් හැමෝටම බලන්න බලන උදවිය බම්ප් කරන යන්න.
මෙන්න මීට කලින් නයගරා බලන්න ගියපු පින්තුර මෙතනින් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1561789

Last edited: