DJ කරන්න ඉගෙන ගමුද?? How to Dj?? [MaK]
හැමෝටම සුභ අලුත් අවුරුදුදක් වේවා!!
ගොඩ කාලෙකින් මොකුත් දාන්නත් බැරි උන නිසා ගොඩක් අය දන්න නමුත් හරියට දන්නේ නැති දෙයක් ගැන දාන්න හිතුනා!! ඒ තමා ඩිජේ කරන හැටි..

මුලින්ම කියන්න ඕනෙ මචංලා මම හෙන ප්‍රෝ පොරක් නෙවේ..
මම පොඩි කාලේ ඉදන් කට්ට කාලා ඉගෙන ගත්තු මියුසික් ප්‍රොඩියුස් කරන්න තිබ්බ ආසාවයි DJ කරන්න තිබ්බ ආසාවයි නිසා ඉගෙන ගත්තු දේවල්!! ඉතින් වැරදි අතොත් සමාවන්න!! කොහෙන්වත් උස්සපු එකක් නෙවේ.. මම මහන්සියෙන් හැදුවේ!!

මේ ත්‍රෙඩ් එක හදලා දාන්න හිතුවේ සමහර අය ඩීජේ කරනවා දැකලා තිබ්බට සිද්ධිය මොකක්ද කියලා හරියටම දන්නේ නෑනේ!! මම බේසික් ටික කියලා දෙන්නම්.. මට වඩා හොදට දන්න අයත් ඇති නේ.. අඩුපාඩු තියනවා නම් පෙන්වලා දෙන්න!!
ඩිජේ කරන්න නම් සින්දු ගැන පොඩි දැනුමක් හරි (Sense) තියෙන්න ඕන.. ඒ කිව්වේ Arash/Akon/David Guetta ගේ සින්දුවකට බිස්කට් කුඩු සින්දුවක් (Bus sindu ) මික්ස් කරන්න අමාරුයි කියලා මීටර් වෙනවා නම් ඇති.. ලොල්
මේක කරද්දී ඩිජේ ගෙ හැකියාව මත සින්දු දෙක මික්ස් කරන විදිය තීරනය වෙනවා!!
මික්ස් කරන විදි ටිකක් තියනවා!!
1.බේස් මැචිං/ කටින්
2. බීට් ටූ බීට්
3.ෆේඩින්
තව තියනවා ටෙක්නික්ස් ගොඩාක් !!
උඩ ටික දැන ගන්න කලින් කොන්සෝල් එකක් අදුරගෙන ඉමු!!
මුලින්ම කියන්න ඕන (Consoles) මික්සර් (Mixer) පටලවා ගන්න එපා..
දෙපැත්තේ තියෙන්නේ Console..මේක Deck A හා Deck B කියලා එන්නේ සාමාන්‍යයෙන් 2යි යන්නේ ලොකු Events වල 4, 8 ගහනවා..
මැද තියෙන්නේ මික්සර් (Mixer) එක... ඒක සාමාන්‍ය Mixer එකකට වඩා වෙනස්!! ප්‍රධාන Faders 3යි මේන් චැනල් 2 & Cross fader එකයි..
මේ තියෙන්නේ Pinoneer වර්ගයේ කොන්සෝල් එකක්!! කොන්සෝල් එක මොන වර්ගේ උනත් ප්‍රධාන බට්න්ස් ටික මම කියලා දෙන්නම්!! 
A.ප්ලේ බට්න් එක මේකෙන් තමා ට්‍රැක් එක ප්ලේ කරන්නේ!!
B.කිව් බට්න් එක.. මේකෙන් ට්‍රැක් එක අපිට ඕන තැන ඉදන් ප්ලේ කරන්න සෙට් කරනවා!! ඒ කිව්වේ සින්දුව ටිකක් ප්ලේ කරලා මේක ඔබනවා.. පස්සේ අනික් සින්දුවට සෙට් කරගෙන ටයිම් කරලා ප්ලේ දෙනවා!! එතකොට කිව් පොයින්ට් එකේ ඉදන් ප්ලේ වෙන්නේ!!
C.මැද තියෙන්නේ ජොග් වීල් එක ඒකෙන් සින්දුව ඉස්සරහට / පස්සට දාන්න පුළුවන්.. තව කරන්න Scratch කරන්න පුළුවන්(චිකි චිකි චිකි) ගාලා සද්දේ දාන්නේ!! ලොල්
D.පිච්/ටෙම්පෝ බාර් එක.. මේකෙන් ටෙම්පෝ (බීපීඑම්(BPM) එකත් වැඩි වෙනවා එතකොට) අඩු වැඩි කරනවා!! ඕන ගානට!
E.මේ Console එකේ Display එක.. මේකෙන් සින්දුවේ නම, සින්දුව play වෙන Time එක BPM එක වගේ දේවල් පෙන්නනවා!!
තියෙන්නේ මික්සර් (Mixer) එක... ඒක සාමාන්‍ය Mixer එකකට වඩා වෙනස්!! ප්‍රධාන Faders 3යි මේන් චැනල් 2 (A & B) & Cross fader එකයි(C). 4 High ,5 Mid ,6 Low EQs
PFL/CUE මික්සර් එකේ එන Cue/PFL (Pre Fader Listen) Button එක.. මේකෙදී වෙන්නේ මචංලා අපිට පැති දෙකෙන් එක පැත්තක සින්දුව ප්‍රධාන එකට නොදී අහන්න පුළුවන්..ඒ කිව්වේ අපි ප්‍රධාන ප්ලේ කරලා තියන සින්දුවට අනික් සින්දුව ගලපන එක කරන්නේ එ සින්දුවට මික්ස් කරන්න කලින්!!

චැනල් ෆේඩර්ස් වලින් තමා සාමාන්‍යෙයන් ගහන්නේ (මික්ස් කරන්නේ).. A Deck එකට A Fader සහ B Deck එකට B Fader එක විධියට තමා වෙන් වෙන්නේ.
අපි දැන් බලමු කොහොමද සින්දු දෙකක් මික්ස් කරන්නේ කියලා!!

මන් කික් KICK එක කියලා දක්වලා තියෙන්නේ සින්දුවක ඇහෙන ඩික් ඩික් සද්දේ!!
ඩීජේ වල මික්ස් කරනවා කියන්නේ සින්දු ගලපගෙන ෆේඩර්ස් (Faders) උස් පාත් කරන එක!! (ප්‍රාථමික අවධිය.. එතනින් එහාට ගොඩක් ලොකු දෙයක් තියනවා.. අත්දැකීම් එක්ක තමා හැදෙන්නේ)
මෙහෙම හිතමු.. ඔන්න අපි සෙට් එක පාර්ට්යක් දැම්ම.. මම DJ!
ඔන්න මම සින්දුවක් ප්ලේ කරනවා Deck A ඒකේ.. ඒක තමා ඔයාලාට ඇහෙන්නේ.. ඒ අතර මම මික්සර් එකේ PFL ගහලා B පැත්තේ සින්දුව අහනවා.. ඒක ඔයාලාට ඇහෙන්නේ නෑ!! මම ෆේඩර් එක උස්සනකල්... මම PFL එකෙන් සින්දු දෙකම අහලා සෙට් කරන් තමා ෆේඩර් එක උස්සන්නේ.. හෙඩ්ෆෝන් (Headphone) එකෙන් තමා මම ඒක අහන්නේ.. දැන් තේරුනා නේ.. 
මුලින්ම ඩීජේ කරන්න කලින් අපි මික්ස් කරන්න යන සින්දු ගොඩ සැරයක් අහලා තියෙන්න ඕන එතකොට නේ අපි දන්නේ ඒකේ මික්ස් කරන්න පුළුවන් තැන..
සින්දු මික්ස් කරද්දී අනිවා අපි Tempo / BPM එක මැච් කරගන්න ඕන.. ඒ කිව්වේ (BPM) බීට්ස් පර් මිනිට්ස්..විනාඩියකට ඇහෙන බීට්ස් ගාන.. ගොඩක් House,Techno,Trance සින්දු BPM 128,130, 145.. පරාස වල යනවා.. BPM මැච් උනා කියලා හැම සින්දුවම මික්ස් වෙන්නේ නෑ.. මොකද සමහර සින්දු වල බීට් පැටන් වෙනස් නේ.. මේවා මික්ස් කරන්න නම් ප්‍රැක්ටිස් කරන්න ඕන...
අපි එක පාරකට කට්ටියට ඇහෙන්නේ ප්ලේ කරන්නේ එක පැත්තනේ.. ඒ කිව්වේ Deck A ප්ලේ වෙනවා නම් Deck B ෆේඩර් එක ඩවුන්(සද්දේ නෑ) B ප්ලේ වෙනවා නම් A ඩවුන්.. උස්සන ප්‍රමානෙට නේ වොලියුම් වැඩි වෙන්නේ...
මම උදාහරණයට ගන්නේ Hardwell ගේ සහ Afrojack ගේ ට්‍රැක්..(හිතා ගනින්.. උන් අහලා නැත්තම් කැමති Artist ලා දෙන්නෙක් හිතා ගන්න)
මන් මුලින්ම බේසික් මික්ස් එක කරන හැටි කියන්නම්.. මෙතන ඉදන් ඔයා තමා ඩීජේ.. හරිනේ (හිතා ගනින් ලොකු පාර්ටියක සටේජ් එකේ ඉන්නේ කියලා)

එහෙනම් ගහමු....ඔන්න අපි A කොන්සෝල් එකට Hardwell ගේ ට්‍රැක් එකක් දානවා..(සීඩී වල තමා ට්‍රැක් රයිට් කරගන්නේ MP3 නෙවේ Audio Format..දැන් ගොඩක් කොන්සෝල් වලට පෙන් (USB Flash Drivers) ගහන්න පුළුවන් නිසා පෙන් වලත් සින්දු දාලා ගහනවා)
ඔයා දැන් දන්නවා ගහන ට්‍රැක් එක.. ඒකේ බීපීඑම් එක..(Display එකේ වැටිලා ඇති බලපන්) අපි හිතමු ඒක 130 (BPM) 5min ප්ලේ වෙන House ට්‍රැක් එකක්..
House කිව්වේ මචං කික් එකයි මුළු සින්දුවම අරන් යන්නේ.. ඩික් ඩික් ඩික් ඩික් ගාලා සද්දේ.. ඒ අතර අනික් එලිමන්ට්ස් යනවා.. වොයිස් එක.. ටියුන් එක.. Drop..Lead…. Etc

හරි දැන් Hardwell ගේ ට්‍රැක් එක A Deck එකේ ප්ලේ කරලා කට්ටියට නටන්න දීලා..(ඔය නටන්නේ අපේ කොල්ලෝ ටික)
අපි PFL ගහලා B ට Afrojack ගේ ට්‍රැක් එකක් ලෝඩ් කරගත්තා..
ඒකේ BPM එක 126 House ට්‍රැක් එකක්..අපි ටක් ගාලා Pitch/Tempo Bar එකෙන් 130 ට තියා ගන්නවා..(Deck A එකේ BPM එක 130 නිසා). දැන් සින්දු දෙකේම කික් දෙක මැච් වෙනකම් Cue බට්න් එක ඔබලා හදා ගන්නවා.. (සින්දුව ප්ලේ වෙන්න දීල කික් එකක් ඇහෙන්න කලින් Cue ඔබනවා.. ආයිත් අරකේ (A) කික් එක අහෙද්දීම ප්ලේ ගහනවා) ඉක්මනට
... එල දැන් ට්‍රැක් දෙකේම කික් අහෙන්නේ ඩික් ඩ්ක් ඩික් ඩික් ගාලා.. මෙහෙම ඇහුනොත් වැඩේ අවුල් ඩිඩික්ක් ඩිඩික්ක් ඩික්ඩිඩිඩික්... ලොල්!! අයිත් cue ගහලා හදන්න!! 

දැන් මික්ස් වෙන තැනක් දැනෙන කොට!!
හ්ම්ම්.. මෙහෙම හිතමු.. A එකේ බීට් එක අඩු වෙලා Tune එකක් එනවා විනාඩි 3.15 දී.. B එකේ කික් එකත් එක්ක වොකල් (Voice) පාට් එකක් එනවා විනාඩි 1.28 දී... දැන් ඔය තැන් දෙක මැච් කර ගන්නවා අපි..
හරි දැන් බය නැතුව PFL එක අයින් කරලා Hardwell ගේ ෆේඩර් එක බාන ගමන් Afrojack ෆේඩර් එක උස්සපන්.... එල එල..... ඔය මික්ස් වෙන්නේ නියමෙට!!!!! ලොල්

ඔන්න ඕකයි මචංලා තියරිය.. ඕකට කියන්නේ බේසික් ෆේඩ් මික්සින්..
තව වැඩ කෑලි දාලා ගහන්න පුළුවන් ඉතින් Beats ලුප් (loops) කරලා Effects (Flanger/cutter/reverse/shutter/ දාලා ....ඒක ඉතින් උනන්දුව හා කැපවීම මත තීරණය වෙනවා!! Techniques තමා!! ඩිජේ ගෙ හැකියාවට තමා තැන!
බේස් (Bass line Cut) කියන්නේ A එකේ ට්‍රැක් එකේ කික් එකට B එකේ කික් එක මැච් කරනවා.. මික්සර් එකේ A එකේ බේස් ටිකක් (Low cut) අඩු කරලා..B වැඩි කරනවා.. ටික ටික..
බීට් ටූ බීට්(Beats to Beats) එක ටිකක් වෙනස් බීට් මැච් කරන් තමා මික්ස් කරන්නේ.. (Funky beats/Grooves)
ඉතින් මම හිතනවා මේකෙන් එලකිරි කොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා කියලා..මේක මගේ ආසාව මචංලා..මම දන්න දේ අනික් උන්ට කියලා දෙන එක.. අපි මැරෙනකොට මේ ඉගෙන ගත්තුවා අරන් යන්නේ නෑ නේ මචංලා.. නොතේරෙන දෙයක් තියනවා නම් අහන්න.. දන්න විදියට කියලා දෙන්නම්..

ආයිත් කියනවා.. මම Pro DJ කෙනෙක් නෙවේ..
මම Music Compose කරන්න දන්නවා Dj කරන්න දන්නවා.. මට Dj setup එකක් නෑ.. තනියම ඉගෙන ගත්තේ අනුන්ගේ Dj කොන්සෝල් වල ගහලා!! 

PC එකෙන් ඩීජේ (Virtual Dj) කරන හැටි කියලා දෙන්නම් මේකට වැටෙන ප්‍රතිචාර බලලා...
මම මෙතන වීඩියෝ එකක් දාන්නම් (Tomorrowland) එකේ Dj කරන හැටි..
දැන් ඔයාලා හොදටම දන්නවා නේ උන් මොකක්ද කරන්නේ කියලා!!
කැමති නම් මගේ අනික් ත්‍රෙඩ් බලන්න.. අනිවා දෙයක් ඉගෙන ගනී...
http://www.elakiri.com/forum/search.php?searchid=12906552
ජය වේවා හැමෝටම..
මම මිනුක මැක්! 
හැමෝටම සුභ අලුත් අවුරුදුදක් වේවා!!

ගොඩ කාලෙකින් මොකුත් දාන්නත් බැරි උන නිසා ගොඩක් අය දන්න නමුත් හරියට දන්නේ නැති දෙයක් ගැන දාන්න හිතුනා!! ඒ තමා ඩිජේ කරන හැටි..

මුලින්ම කියන්න ඕනෙ මචංලා මම හෙන ප්‍රෝ පොරක් නෙවේ..
මම පොඩි කාලේ ඉදන් කට්ට කාලා ඉගෙන ගත්තු මියුසික් ප්‍රොඩියුස් කරන්න තිබ්බ ආසාවයි DJ කරන්න තිබ්බ ආසාවයි නිසා ඉගෙන ගත්තු දේවල්!! ඉතින් වැරදි අතොත් සමාවන්න!! කොහෙන්වත් උස්සපු එකක් නෙවේ.. මම මහන්සියෙන් හැදුවේ!!

මේ ත්‍රෙඩ් එක හදලා දාන්න හිතුවේ සමහර අය ඩීජේ කරනවා දැකලා තිබ්බට සිද්ධිය මොකක්ද කියලා හරියටම දන්නේ නෑනේ!! මම බේසික් ටික කියලා දෙන්නම්.. මට වඩා හොදට දන්න අයත් ඇති නේ.. අඩුපාඩු තියනවා නම් පෙන්වලා දෙන්න!!

ඩිජේ කරන්න නම් සින්දු ගැන පොඩි දැනුමක් හරි (Sense) තියෙන්න ඕන.. ඒ කිව්වේ Arash/Akon/David Guetta ගේ සින්දුවකට බිස්කට් කුඩු සින්දුවක් (Bus sindu ) මික්ස් කරන්න අමාරුයි කියලා මීටර් වෙනවා නම් ඇති.. ලොල්

මේක කරද්දී ඩිජේ ගෙ හැකියාව මත සින්දු දෙක මික්ස් කරන විදිය තීරනය වෙනවා!!
මික්ස් කරන විදි ටිකක් තියනවා!!

1.බේස් මැචිං/ කටින්
2. බීට් ටූ බීට්
3.ෆේඩින්
තව තියනවා ටෙක්නික්ස් ගොඩාක් !!
උඩ ටික දැන ගන්න කලින් කොන්සෝල් එකක් අදුරගෙන ඉමු!!

මුලින්ම කියන්න ඕන (Consoles) මික්සර් (Mixer) පටලවා ගන්න එපා..
දෙපැත්තේ තියෙන්නේ Console..මේක Deck A හා Deck B කියලා එන්නේ සාමාන්‍යයෙන් 2යි යන්නේ ලොකු Events වල 4, 8 ගහනවා..

මැද තියෙන්නේ මික්සර් (Mixer) එක... ඒක සාමාන්‍ය Mixer එකකට වඩා වෙනස්!! ප්‍රධාන Faders 3යි මේන් චැනල් 2 & Cross fader එකයි..
මේ තියෙන්නේ Pinoneer වර්ගයේ කොන්සෝල් එකක්!! කොන්සෝල් එක මොන වර්ගේ උනත් ප්‍රධාන බට්න්ස් ටික මම කියලා දෙන්නම්!! 
A.ප්ලේ බට්න් එක මේකෙන් තමා ට්‍රැක් එක ප්ලේ කරන්නේ!!

B.කිව් බට්න් එක.. මේකෙන් ට්‍රැක් එක අපිට ඕන තැන ඉදන් ප්ලේ කරන්න සෙට් කරනවා!! ඒ කිව්වේ සින්දුව ටිකක් ප්ලේ කරලා මේක ඔබනවා.. පස්සේ අනික් සින්දුවට සෙට් කරගෙන ටයිම් කරලා ප්ලේ දෙනවා!! එතකොට කිව් පොයින්ට් එකේ ඉදන් ප්ලේ වෙන්නේ!!

C.මැද තියෙන්නේ ජොග් වීල් එක ඒකෙන් සින්දුව ඉස්සරහට / පස්සට දාන්න පුළුවන්.. තව කරන්න Scratch කරන්න පුළුවන්(චිකි චිකි චිකි) ගාලා සද්දේ දාන්නේ!! ලොල්

D.පිච්/ටෙම්පෝ බාර් එක.. මේකෙන් ටෙම්පෝ (බීපීඑම්(BPM) එකත් වැඩි වෙනවා එතකොට) අඩු වැඩි කරනවා!! ඕන ගානට!

E.මේ Console එකේ Display එක.. මේකෙන් සින්දුවේ නම, සින්දුව play වෙන Time එක BPM එක වගේ දේවල් පෙන්නනවා!!

තියෙන්නේ මික්සර් (Mixer) එක... ඒක සාමාන්‍ය Mixer එකකට වඩා වෙනස්!! ප්‍රධාන Faders 3යි මේන් චැනල් 2 (A & B) & Cross fader එකයි(C). 4 High ,5 Mid ,6 Low EQs
PFL/CUE මික්සර් එකේ එන Cue/PFL (Pre Fader Listen) Button එක.. මේකෙදී වෙන්නේ මචංලා අපිට පැති දෙකෙන් එක පැත්තක සින්දුව ප්‍රධාන එකට නොදී අහන්න පුළුවන්..ඒ කිව්වේ අපි ප්‍රධාන ප්ලේ කරලා තියන සින්දුවට අනික් සින්දුව ගලපන එක කරන්නේ එ සින්දුවට මික්ස් කරන්න කලින්!!

චැනල් ෆේඩර්ස් වලින් තමා සාමාන්‍යෙයන් ගහන්නේ (මික්ස් කරන්නේ).. A Deck එකට A Fader සහ B Deck එකට B Fader එක විධියට තමා වෙන් වෙන්නේ.

අපි දැන් බලමු කොහොමද සින්දු දෙකක් මික්ස් කරන්නේ කියලා!!

මන් කික් KICK එක කියලා දක්වලා තියෙන්නේ සින්දුවක ඇහෙන ඩික් ඩික් සද්දේ!!

ඩීජේ වල මික්ස් කරනවා කියන්නේ සින්දු ගලපගෙන ෆේඩර්ස් (Faders) උස් පාත් කරන එක!! (ප්‍රාථමික අවධිය.. එතනින් එහාට ගොඩක් ලොකු දෙයක් තියනවා.. අත්දැකීම් එක්ක තමා හැදෙන්නේ)

මෙහෙම හිතමු.. ඔන්න අපි සෙට් එක පාර්ට්යක් දැම්ම.. මම DJ!
ඔන්න මම සින්දුවක් ප්ලේ කරනවා Deck A ඒකේ.. ඒක තමා ඔයාලාට ඇහෙන්නේ.. ඒ අතර මම මික්සර් එකේ PFL ගහලා B පැත්තේ සින්දුව අහනවා.. ඒක ඔයාලාට ඇහෙන්නේ නෑ!! මම ෆේඩර් එක උස්සනකල්... මම PFL එකෙන් සින්දු දෙකම අහලා සෙට් කරන් තමා ෆේඩර් එක උස්සන්නේ.. හෙඩ්ෆෝන් (Headphone) එකෙන් තමා මම ඒක අහන්නේ.. දැන් තේරුනා නේ.. 
මුලින්ම ඩීජේ කරන්න කලින් අපි මික්ස් කරන්න යන සින්දු ගොඩ සැරයක් අහලා තියෙන්න ඕන එතකොට නේ අපි දන්නේ ඒකේ මික්ස් කරන්න පුළුවන් තැන..

සින්දු මික්ස් කරද්දී අනිවා අපි Tempo / BPM එක මැච් කරගන්න ඕන.. ඒ කිව්වේ (BPM) බීට්ස් පර් මිනිට්ස්..විනාඩියකට ඇහෙන බීට්ස් ගාන.. ගොඩක් House,Techno,Trance සින්දු BPM 128,130, 145.. පරාස වල යනවා.. BPM මැච් උනා කියලා හැම සින්දුවම මික්ස් වෙන්නේ නෑ.. මොකද සමහර සින්දු වල බීට් පැටන් වෙනස් නේ.. මේවා මික්ස් කරන්න නම් ප්‍රැක්ටිස් කරන්න ඕන...

අපි එක පාරකට කට්ටියට ඇහෙන්නේ ප්ලේ කරන්නේ එක පැත්තනේ.. ඒ කිව්වේ Deck A ප්ලේ වෙනවා නම් Deck B ෆේඩර් එක ඩවුන්(සද්දේ නෑ) B ප්ලේ වෙනවා නම් A ඩවුන්.. උස්සන ප්‍රමානෙට නේ වොලියුම් වැඩි වෙන්නේ...

මම උදාහරණයට ගන්නේ Hardwell ගේ සහ Afrojack ගේ ට්‍රැක්..(හිතා ගනින්.. උන් අහලා නැත්තම් කැමති Artist ලා දෙන්නෙක් හිතා ගන්න)

මන් මුලින්ම බේසික් මික්ස් එක කරන හැටි කියන්නම්.. මෙතන ඉදන් ඔයා තමා ඩීජේ.. හරිනේ (හිතා ගනින් ලොකු පාර්ටියක සටේජ් එකේ ඉන්නේ කියලා)

එහෙනම් ගහමු....ඔන්න අපි A කොන්සෝල් එකට Hardwell ගේ ට්‍රැක් එකක් දානවා..(සීඩී වල තමා ට්‍රැක් රයිට් කරගන්නේ MP3 නෙවේ Audio Format..දැන් ගොඩක් කොන්සෝල් වලට පෙන් (USB Flash Drivers) ගහන්න පුළුවන් නිසා පෙන් වලත් සින්දු දාලා ගහනවා)
ඔයා දැන් දන්නවා ගහන ට්‍රැක් එක.. ඒකේ බීපීඑම් එක..(Display එකේ වැටිලා ඇති බලපන්) අපි හිතමු ඒක 130 (BPM) 5min ප්ලේ වෙන House ට්‍රැක් එකක්..

House කිව්වේ මචං කික් එකයි මුළු සින්දුවම අරන් යන්නේ.. ඩික් ඩික් ඩික් ඩික් ගාලා සද්දේ.. ඒ අතර අනික් එලිමන්ට්ස් යනවා.. වොයිස් එක.. ටියුන් එක.. Drop..Lead…. Etc

හරි දැන් Hardwell ගේ ට්‍රැක් එක A Deck එකේ ප්ලේ කරලා කට්ටියට නටන්න දීලා..(ඔය නටන්නේ අපේ කොල්ලෝ ටික)
අපි PFL ගහලා B ට Afrojack ගේ ට්‍රැක් එකක් ලෝඩ් කරගත්තා..ඒකේ BPM එක 126 House ට්‍රැක් එකක්..අපි ටක් ගාලා Pitch/Tempo Bar එකෙන් 130 ට තියා ගන්නවා..(Deck A එකේ BPM එක 130 නිසා). දැන් සින්දු දෙකේම කික් දෙක මැච් වෙනකම් Cue බට්න් එක ඔබලා හදා ගන්නවා.. (සින්දුව ප්ලේ වෙන්න දීල කික් එකක් ඇහෙන්න කලින් Cue ඔබනවා.. ආයිත් අරකේ (A) කික් එක අහෙද්දීම ප්ලේ ගහනවා) ඉක්මනට
... එල දැන් ට්‍රැක් දෙකේම කික් අහෙන්නේ ඩික් ඩ්ක් ඩික් ඩික් ගාලා.. මෙහෙම ඇහුනොත් වැඩේ අවුල් ඩිඩික්ක් ඩිඩික්ක් ඩික්ඩිඩිඩික්... ලොල්!! අයිත් cue ගහලා හදන්න!! 

දැන් මික්ස් වෙන තැනක් දැනෙන කොට!!
හ්ම්ම්.. මෙහෙම හිතමු.. A එකේ බීට් එක අඩු වෙලා Tune එකක් එනවා විනාඩි 3.15 දී.. B එකේ කික් එකත් එක්ක වොකල් (Voice) පාට් එකක් එනවා විනාඩි 1.28 දී... දැන් ඔය තැන් දෙක මැච් කර ගන්නවා අපි..හරි දැන් බය නැතුව PFL එක අයින් කරලා Hardwell ගේ ෆේඩර් එක බාන ගමන් Afrojack ෆේඩර් එක උස්සපන්.... එල එල..... ඔය මික්ස් වෙන්නේ නියමෙට!!!!! ලොල්