මිථ්‍යා කතා ඉතිහාසය කැළඹූ බියකරු මරණ

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මිථ්‍යා කතා ඉතිහාසය කැළඹූ බියකරු මරණ

    මිථ්‍යා කතා හා පුරාණොක්ති සංග්‍රහයන් කියවීමටත් ඒවායේ අන්තර්ගත පුදුම සහගත මනඃකල්පිත ප්‍රබන්ධාත්මක සිදුවීම් රසවිඳීමටත් බොහෝ දෙනකු තුළ වන කැමැත්ත අරභයා ලියැවෙන මෙම ලිපියෙන් ගෙනෙනුයේ එබඳු මිථ්‍යා කතාවල සඳහන්වන බියකරු එමෙන්ම අසාමාන්‍ය අන්දමේ මරණයන් පිළිබඳවය. අන් යමක් පිළිබඳව කතා නොකර මරණීය අත්දැකීම් පිළිබඳව විස්තරයක් ගෙන ඒමට සිතුවේ මරණය යනු මිනිස් අපට පමණක් නොව
    serysichthon.jpg
    බලගතු ග්‍රීක, රෝම, චරිතවලටත්, කාටත් එකසේ ‍පොදු වූ ලෝක ධර්මතාවයක් වන නිසා මෙන්ම ප්‍රබන්ධාත්මක කතා වස්තූන්හිදී මෙබඳු වීරවර චරිතවල අවසානය සිදු වූ ආකාරය විශ්වාසයට ගැනීමට අපහසු තරම් විස්මිත සිදුවීම්වලින් ගහණ වූ ඒවා වන නිසාය.‍









    ප්‍රොක්‍රස්ටස්ගේ යකඩ ඇඳ

    ග්‍රීක මිථ්‍යා ප්‍රබන්ධයන්ට අනුව සාගරයට අධිපති ‍පොසයිඩන් දෙවියන්ගේ එක් පුතෙකු වන ‍ප්‍රොක්‍රස්ටස් මිනීමරු මංකොල්ලකරුවකු ලෙස ප්‍රචලිත වූවෙකි. ඇතෑන්ස් හා එලුසිස් යන නගර දෙක අතර තානායමක් පවත්වාගෙන ගිය ‍ප්‍රොක්‍රස්ටස් එහි නවාතැන් ගැනීමට එන කවරෙකුට වුවද නිදා ගැනීමට ලබාදෙන ලද්දේ එකම යකඩ ඇඳකි. මගියා සයනයේ වැතිරුණු කල්හි ඉන් මිදී යා නොහැකි ලෙස එහි සිරකරුවකු බවට පත් කරන ‍ප්‍රොක්‍රස්ටස් මගියා සයනයේ ප්‍රමාණය ඉක්මවන උසකින් යුතු අයකු නම් ඔහුගේ දෙපා කෙටිවන සේ කපා දැමීමටත්, සයනයේ ප්‍රමාණයට වඩා බෙහෙවින් කුඩා නම් ශරීරයම මිටියකින් තැලීම මගින් එය සයනයේ ප්‍රමාණයට දික් කිරීමටත් පෙළඹී සිටියේය. කවර ක්‍රමයකින් වුව මගියාට සිදුවන ලද්දේ වේදනාකාරී මරණයකට උරුමකම් කීමටයි. මෙහි වූ ශෝචනීය එමෙන්ම භයානකම අහඹුව වූයේ කුමනආකාරයේ පුද්ගලයකු සයනයෙහි වැතිරුණද ඔහු කිසිවිටක සයනයේ ප්‍රමාණයට නොගැළපීමයි. මේ නිසාම ‍ප්‍රොක්‍රස්ටස්ගේ මිනීමරු තානායමේ ලැඟුම්ගන්නා කවරෙකුට වුවද නියත මරණයෙන් ගැලවී ගත නොහැකිවිය.


    මෙම මිනීමරු ක්‍රියා පිළිවෙතට නැවතීමේ තිත වැටෙන ලද්දේ ‍පොසයිඩන්ගේම තවත් වීර පුතණුවකු වන ‘තීසියුස්’ ඇතෑන්ස් නගරය ‘මිනෝටෝර්’ නමැති බියකරු මෘගයකුගෙන් ගලවා ගැනීමට යන අතරවාරයේදී ‍ප්‍රොක්‍රස්ටස්ගේ තානායමේ ලැඟුම් ගැනීමට යෙදීමත් සමගය. වසර ගණනාවක් පුරා මිනිස් ජීවිත රාශියක් බිලිගත් ‍ප්‍රොක්‍රස්ටස් හට ඔහුගේම මිනීමරු පිළිවෙතට අනුව මරණය ළඟා කරවීමට එඩිතර තීසියුස් සමත්විය.





    නිසුස්ගේ දම්පැහැ කෙස්
    serysichthon1.jpg

    මගාරා රාජ්‍යයේ රජු වූ ‘නිසුුස්’ගේ සම්බන්ධයෙන් පළකෙරුණු අනාවැකියකින් කියැවෙන ලද්දේ ඔහුගේ හිසේ වන මායා බලයක් ගැබ්වූ දම් පැහැති කෙස්ගසක් එහි තිබෙනතාක් ඔහු දීර්ඝායුෂ සහිත ජීවිතයකට උරුමකම් කියනු ඇති බවයි. එමෙන්ම එය හිසේ පවතින තාක්කල් කිසිවෙකුට ඔහුව පරාජය කිරීමටද නොහැකි වනු ඇති බවයි. නමුත් ක්‍රීටා රාජ්‍යයේ රජකම් කළ ‘මිනෝස්’ගේ ආක්‍රමණය හමුවේ නිසුස්ට පරාජය මෙන්ම මරණයද වැළඳ ගැනීමට සිදු වූයේ ඔහුගේ දියණිය වන ‘සිලා’ සිය පියාට පිටුපෑම නිසාවෙනි. මිනෝ්ස් සමග ආදරයෙන් බැඳුණු සිලා ප්‍රේමයෙන් අන්ධ වී ඔහුට රාජ්‍යයේ බලය හිමි කර දෙනු වස් සිය පියාව පාවා දෙන ලද්දේ ඔහුගේ දම්පැහ කෙස් කපා දැමීමට සිය ප්‍රේමවන්තයාට ‍පොරොන්දු දෙමිනි. දියණියගේ ප්‍රේමය හමුවේ මිනෝස්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර මෙගාරා රාජ්‍යයේ බලය චිමිනෝස්ට හිමිවිය.




    එසේ වුවද සිලා හට මිනෝස්ගේ ප්‍රේමය දිනා ගැනීමට හැකි වූයේ නැත. සිය පියා සම්බන්ධයෙන් ඇය විසින් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත කෙරෙහි පිළිකුල් සිතින් පසු වූ මිනොස් ඇය හැරදා යාමට නැව් නැග පිටත් වුණේය. සිය පෙම්වතා පසුපස පිහිනායාමට උත්සාහ කළ සිලාට මරණය වැළඳ ගැනීමට සිදු වූයේ මිය ගිය පියා රාජාලියෙකුගේ වේශයෙන් පැමිණ ඇය මරණයට පත්වනතුරු හොටයෙන් කෙටීම නිසාය.





    නාර්සියස්

    සෙෆිසස් හා ලිරියෝප් දේවතාවියගේ පුතෙකු වූ නාර්සියස් යනු ඉතා රූමත් තරුණයෙකු වූ අතර ඔහුට දීර්ඝායුෂ හිමි බවට අනාවැකියකින්ද කියවී තිබිණි. නමුත් අනාවැකිය ප්‍රකාරව දිගු ජීවිතයකට උරුමකම් කීමට නම් නාර්සියස් විසින් එක් කොන්දේසියක් ඉටු කළ යුතු විය. ඒ තමා කොතරම් රූමත් වුවද කිසි දින සිය රුවෙහි ප්‍රතිබිම්බය නොදැක සිටීමයි. පසුකලෙකදී නාර්සියස්ගේ රූපශ්‍රීයෙන් වශී වූ ‘ඇමෙනියාස්’ නමැති තරුණියක ඔහු හා
    serysichthon2.jpg
    පෙමින් වෙලුනද එය ඒක පාර්ශ්වික ආදරයක් පමණක්ම විය. නාර්සියස් වෙතින් තමන්ට හිමි නොවූ ආදරය කෙරෙහි සෝ තැවුල් උපදවා ගත් අසරණ තරුණිය අහිමි ප්‍රේමයේ ශෝකයෙන් බිඳී ගිය සිත් ඇතිව මරු වැළඳ ගන්නා ලද්දේ නාර්සියස් වෙතින් පළිගන්නා
    ලෙසට ‘නෙමසිස්’ දේවතාවියගෙන් අයදිමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස දිනක් අහම්බෙන් දොළ පාරක වැටී තිබුණු සිය ප්‍රතිබිම්බය දැක ගැනීමට ලැබුණු නාර්සියස් සිය රූමත්භාවයෙන් කෙතරම් විස්මයට පත් වීද යත් ඔහුට සිය ප්‍රතිබිම්බය වෙතින් දෙනෙත් ඉවත් කර ගැනීමට නොහැකිව තිබේ. හාමත් වී මිය යනතුරුම දොළපහර අසලට වී තමාගේ ඡායාව දෙසම බලා සිටි නාර්සියස් මියගිය පසුව ඒ අසල වූ මලක් බවට පරිවර්තනය වූ අතර එහි පුෂ්පය අදටද හැඳින්වෙනුයේ ‘නාර්සියස්’ යන නමිනි.





    සිසිෆස් හා කළුගල කොරින්තියේ රජ කළ පළමු

    රජුවන සිසිෆස් යනු මිනිස් ඉතිහාසයේ එතෙක් මතෛක් ජීවත් වූ වඩාත්ම ෙකෙරාටික තැනැත්තා ලෙස සැලකෙන්නෙකි. ඔහුගේ ෙකෙරාටිකකම කෙතරම් වීද යත් ඉන් කිපුණු දෙවිවරුන්, සිසිෆස් මිය යා යුතු බවටත් මරණයෙන් පසුව ඔහුව නරකාදිය වෙත රැගෙන යා යුත්තේද ඊට අධිපති වන ‘හේඩ්ස්’ විසින් බවටත් තීරණය කරන ලද්දේ නරකාදියේදී සිසිෆස් කිසිදා නිමා නොවන සදාකාලික දඬුවමකට ලක් කළ යුතු බවට ඒකමතික එකඟතාවකටද එළඹෙමිනි. නමුත් සටකපට තැනැත්තෙකු වූ සිසිෆස් තමාගේ දෑතේ වූ මාංචු යුගල හේඩ්ස්ගේ දෑතටම සිරකිරීමට සමත් වූයේ තමන්ට නිදහස හිමි වූ බවට නිගමනය කරමිනි.




    නමුත් සිදු වූයේ අනෙකකි. සිසිෆස්ගේ අසීමාන්තික ෙකෙරාටිකත්වය පමණක් නොව හේඩ්ස් සිරගත කිරීමෙන් ලෝකය පත් කළ අර්බුදය (මරණයට අධිපති හේඩ්ස්ගේ පාලනයෙන් ලෝකය මිදුණු හෙයින් කිසිවෙකු




    ජීවිතක්ෂයට පත් නොවීම හේතු කොටගෙන ලෝකය තුළ ඉමහත් කැළඹීමක් ඇතිව තිබිණි.) කෙරෙහිද දැඩි උදහසට පත් වූ දෙවිවරුන්, සිය මැදිහත්වීමෙන් යුතුව හේඩ්ස් මුදවා සිසිෆස්ගේ දඬුවම තවත් දැඩි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට සදාකාලිකවම අසීමිත වූ පරිශ්‍රමයකින් යුතුව දැවැන්ත පර්වතයක් කඳු මුදුනක් මතට තල්ලුකොටගෙන යාමට සිදුවිය. නමුත් මෙය කිසිදා අවසානයක් දැකිය නොහැකි නිෂ්ඵල, බලා‍පොරොත්තු කඩකරන්නා වූ උත්සාහයක් පමණක්ම වූයේ ගල කඳු මුදුනට ආසන්න වන හැම වාරයකදීම එය යළිත් කඳු පාමුලට පෙරළී යාමට දෙවිවරුන් කටයුතු
    serysichthon3.jpg
    සලස්වා තිබූ බැවිනි.





    එර්සිච්කොන්ගේ කුසගින්න
    ‘පෘථිවිය විනාශ කර දමන්නා’ යන අර්ථය ඇති වූ ‘එර්සිච්කොන්’ යනු තෙස්සලි රාජ්‍යයේ රජකම් කළ කුරිරු අධර්මිෂ්ට පාලකයෙකි. වරෙක සිය මන්දිරය තවදුරටත් පුළුල් කර ගැනීමේ තණ්හාවෙන් යුතුව ඒ අසල පිහිටි ‘ඩෙමීටර්’ දේවතාවියගේ පූජනීය තුරුවදුල ඔහු අත්තනෝමතික ලෙස විනාශ කර දැමීය. ඒ ඔහුගේ සේවකයන් ඩෙමීටර් දේවතාවිය කෙරෙහි වූ ගෞරවය හේතුකොටගෙන තුරු ගොමුව විනාශ කිරීමට පැකිලෙන කල ඔවුන් එක් අයකු අත වූ ‍පොරොවක් උදුරාගත් එර්සිච්කොන් කුරිරු ප්‍රීතියකින් යුතුව එහි වූ දේවතාවියට අධිගෘහිත වූ පූජනීය ඕක් ශාකයක් කපා බිඳ හෙළන ලද්දේ එම ප්‍රයත්නයේදී එහි වැඩවිසූ වෘක්ෂ දේවතාවියකද මරණයට පත් කරමිනි. එර්සිච්කොන්ගේ




    දුෂ්ටත්වය කෙරෙහි කිපුණු ඩෙමීටර් ඔහුට දඬුවම් කරන ලද්දේ කිසිදා නොසිඳෙන කුසගින්නකින් ඔහු පෙළෙන්නට සලස්වමිනි. රාජධානියේ සියලුම ආහාරද ගිල දැමීමෙන් පසුව වුවද නොසිඳුණු කුසගින්න දරාගත නොහැකිව ඔහු තමා සතු සියලු වත්කම්ද අවසානයේදී සිය දියණිය වූ ‘මෙස්ත්‍රා’ වහල් සේවයට විකුණා ලද මුුදලද අවසන් වන තුරුම ආහාර මිලදී ගෙන ගිල දැමූ එර්සිච්කොන්් රජු අවසානයේදී මිය යන ලද්දේ බඩ පපුව දවමින් නැගෙන කුසගින්න දරාගත නොහැකිව තමාගේම මාංශ ආහාරයට ගැනීමට පෙළඹෙමිනි.





    එකැස් රාක්ෂයන්ට (සයික්ලොප්ස්) ගොදුරු වීම



    වීර ඔඩීසියස් ඇතුළු සගයන් පිරිස වික්‍රමාන්විත චාරිකාවක නිරතව යැළිි ‘ඉතිකා’ බලා එන කල්හි අතුරු උපද්‍රව රාශියකට මුහුණ දීමට සිදු වූ අතර මින් එක් බිහිසුණු උපද්‍රවයක් වූයේ සයික්ලොප්ස් නමැති දැවැන්ත ම්‍ලේච්ඡ මිනීමරු රාක්ෂයන්ගේ ගොදුරු බවට පත් වීමයි. එකැසක් පමණක් ඇති මෙබඳු සයික්ලොප් යෝධයන් පමණක් වෙසෙන දිවයිනක අතරමං වූ ඔඩීසියස් ඇතුළු පිරිස ‘‍පොල්ෆෙමස්’ නැමැති සයික්්ලොප්ස් යෝධයාගේ සිරකරුවන් බවට පත් වූහ. අවසානයේදී උපායෙහිලා දක්ෂ වූ ඔඩීසියස්ගේ සැලසුමකට අනුව ‍පොල්ෆෙමස්ගේ ගුහාවෙන් පලා යාමට පිරිසට හැකි වුවද ඒ වනවිටත් නඩයේ සිටි සාමාජිකයන් රාශියකගේ ජීවිත අහිමිව තිබිණි.





    සිනිස්ගේ දේපා දෝවනය සාගරයට අධිපති

    ‍පොසයිඩොන් දෙවිඳුගේ තවත් රෞද්‍ර පුතෙකු වූ ‘සිනිස්’ ප්‍රකටව සිටියේ සිසරෝනියන් කඳු ආශ්‍රිතව දිවෙන මාර්ගයේ සැඟවී රැක සිට ඉන් යාමට යෙදෙන සංචාරකයන්ව උපායශීලී ලෙස මරණයට පත් කිරීම සම්බන්ධයෙනි. මේ සඳහා ඔහු අනුගමනය කරන ලද්දේ තවත් අපූරු ක්‍රමවේදයකි. සංචාරකයන් අසලට ඉතා බැගෑපත් ලීලාවෙන් පැමිණෙන සිනිස් සිය දෙපා සෝදන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින අතර ඔවුහු එසේ කිරීමට ඔහුගේ දෙපා අසල හිඳ ගත් කල කුරිරු සිනිස් ඔවුන්ව සිය එක පා පහරින් කඳු වැටියට පහළින් වූ කාල වර්ණැති ජලාශයට තල්ලු කර දැමීමට පුරුදුව සිටියේය. ඒ ජලාශයේ ගොදුරු අපේක්ෂාවෙන් සිටි දැවැන්ත කැස්බෑවාට ආහාරය වනු පිණිසය. නමුත් අවසානයේදී ‍ප්‍රොක්‍රස්ටස් සේම මිනීමරු සිනිස්වද මරා දැමීමට වීර තීසියස් සමත් විය.





    ස්ෆීනික්ස් තේරවිල්ල

    තීබ්ස් නගරය පුරා භීතිය පතුරවාගෙන සිටින ස්ෆීනික්ස් නමැති අර්ධ මිනිස් අර්ධ සත්ව රූපකායෙන් යුතු රාක්ෂණිය ලැඟුම් ගෙන සිටින ලද්දේ තීබ්ස් නගරයට ඇතුළුවන ද්වාරය අසලය. මේ හේතුවෙන් ඇයගෙන් මිදී කිසිවකට හෝ නගරයට ඇතුළු වීමේ අවස්ථාවක් නොවීය. නගරයට ඇතුළුවීමට එන ඕනෑම අයෙකුට ඇය විසින් එකම තේරවිල්ලක් ඉදිරිපත් කරනු ලැබූ අතර එයට නිවැරැදි පිළිතුර
    දීමට සමත් නොවන්නන්ට හිමි වූයේ මරණයයි. මරණයට පත් කළ තැනැත්තා සිය ආහාරය කොට ගැනීම මෙම කාන්තා මුහුණකින්ද, පක්ෂියකුගේ බඳු පියාපත් යුවළකින්ද, සිංහයෙකුගේ ශරීරකින්ද යුතු ස්ෆීකින්ස්ගේ පුරුද්දක්ව තිබිණි. නමුත් ඒ ඊඩිපස් විසින් ඇගේ තේරවිල්ලට නිවැරැදි පිළිතුර
    ලබාදීමට සමත්වන තුරු පමණි.


    ‘(ජීවිතයේ කලකදී ගාත්‍රා හතරකින්ද, කලකදී දෙපයින්ද පසුව පාද තුනකින්ද ඇවිදින සත්වයා කවුද? - මිනිහා) ඒත් සමගම තමා එතෙක් කල් ලැඟුම් ගෙන සිටි පර්වතයෙන් බිමට පැන ඇය දිවි නසා ගෙන තිබේ.



    ප්‍රියන්ති රුද්‍රිගු-සමුදුර(ලක්බිම)
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    :cool:
    You must spread some Reputation around before giving it to oxide again.
     
    Last edited:
    ගොඩක් හොඳයි මෙහෙම දෙයක් දාපු එක. ඒත් මේ කතා වල ගොඩක් නම් ගම් වැරදියි. ඒ වගේම සමහර කතා අසම්පුර්නයි.
    හේඩ්ස් නෙවෙයි හේඩීස්
    සයික්ලොප්ස් නෙවෙයි සයික්ලොපීස්
    පොල්ෆෙමස් නෙවෙයි පොලිෆීමුස්
    ඉතිකා නෙවෙයි ඉතාකා
    ස්ෆීනික්ස් නෙවෙයි ස්ෆින්ක්ස්

    ඔඩිසියස් ගේ කතාව අසම්පුර්නයි. ඕන නම් කියන්නං :D
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අංගුලිමාල;16115912 said:
    ගොඩක් හොඳයි මෙහෙම දෙයක් දාපු එක. ඒත් මේ කතා වල ගොඩක් නම් ගම් වැරදියි. ඒ වගේම සමහර කතා අසම්පුර්නයි.
    හේඩ්ස් නෙවෙයි හේඩීස්
    සයික්ලොප්ස් නෙවෙයි සයික්ලොපීස්
    පොල්ෆෙමස් නෙවෙයි පොලිෆීමුස්
    ඉතිකා නෙවෙයි ඉතාකා
    ස්ෆීනික්ස් නෙවෙයි ස්ෆින්ක්ස්

    ඔඩිසියස් ගේ කතාව අසම්පුර්නයි. ඕන නම් කියන්නං :D

    elakiri machoo.....samudure thibba eka ehemama gatte bun
    11.gif
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මරුසිරා;16118876 said:
    එල එල මේවා මන් හිතන්නේ උපමා කතා ..රේප්+2

    මේවගෙන් තමා මචං ගොඩක් ෆිල්ම්ස් එහෙම කරනව ඇත්තෙ...ග්‍රීසිය කියන්නෙ ඉතිං එහෙම් පිටින්ම මිත් නෙ..! :yes::yes: