PCB ඩ්‍රිල් එකක් ගෙදරදි හදන හැටි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    PCB ඩ්‍රිල් එකක් ගෙදරදි හදන හැටි

    ඉලෙක්ට්‍රොනික් වැඩ කරන ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි හිල් ටික විදගන්නෙ කොහොමද කියලා මේකට ගොඩක් ලේසියෙන්ම ගෙදරදිම පොඩි ඩ්‍රිල් එකක් හදාගන්න පුලුවන් මේක මම ටික කාලෙකට කලින් මගේ බ්ලොග් එකේ දාලා තිබුනා කාටහරි වැදගත් වෙයි කියලා තමයි EK එකේ දාන්න හිතුවෙ.

    පීසීබී වල සිදුරු විදීමේදී ප්‍රමාණ කිහිපයක සිදුරු විදීමේ අවශ්‍යතාව මතුවෙනවා.සාමාන්‍ය අයි.සී,ට්‍රාන්සිස්ටර්,වැනිදේවල් ඇතුලු කරන්න මිලිමීටර් 1ක් හෝ මිලිමීටර් 0.8ක පමන සිදුරු ප්‍රමානවත්.බල ට්‍රාන්සිස්ටර් ,වොට් 3ට වඩා වැඩි රෙසිස්ටර් ,විචල්‍ය ධාරිත්‍රක ,විචල්‍ය ප්‍රතිරෝධක වැනිදේ සඳහා මිලිමීටර් 2ක පමණ සිදුරු ප්‍රමානවත් වෙනවා.මිලිමීටර් 2ක සිදුරක් උල් කටුවක් ආධාරයෙන් වුනත් විදින්න පුලුවන් නමුත් මිලිමීටර් 1ක වගේ සිදුරක් එහෙම අමාරුයි.
    මේක හදන්න මුලින්ම පොඩි පොඩි කෑලි ටිකක් ඕන වෙනවා.
    1. පරණ කැසට් මෝටරයක්(වෝල්ට් 12 ).මෙහෙම් එකක් ඉලෙක්ට්‍රොනික් වලට ආස ඔනෙම කෙනෙක් ලඟ තියනවනේ.නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත් වැඩියා කරන තැනකින් අයින් කරපු කැසට් මෝටර‍යක් ඉල්ල ගන්න පුලුවන්.අලුත් එකක් වුනත් රුපියල් 150ක් විතර තමයි වෙන්නේ.

    2. ප්‍රෙස් බටන් ස්විච් එකක් මේක ප්‍රෙස්කරාම විතරක් ඔන් වෙන එකක් වෙන්න ඕන.කඩෙන් ගන්න කොට ඒක චෙක් කරලා ගන්න.සමහර ඒව තියනවා එකසැරයක් ප්‍රෙස් කරාම ඔන් වෙලා තවසැරයක් ප්‍රෙස් කරාම ඕෆ් වෙන ඒවා එවා හරියන්නේ නෑ.කඩේ රුපියල් 35ක් විතර තමයි වෙන්නේ.

    3. මෝටරයේ විශ්කම්භයට ආසන්න වශයෙන් සමාන විශ්කම්භයක් තියන පීවීසී බට කැබැල්ලක් අඩි‍යක් විතර එකක් සම්පූර්ණ වැඩේටම ප්‍රමානවත්.මම යොදාගත් මෝටරයටනම් අඟල් 1.5ක බටය ගැලපුනා.

    4. මිලිමීටර් 1ක කටුව රැඳවි‍ය හැකි ඩ්‍රිල් චක් එකක්.මම නම් මේක ගත්තේ නුගේගොඩ ජුබිලි හන්දිය ලඟ තියන ලින්ක් එන්ට්‍රප්‍රයිසස් කියන එකෙන් මේ චක් එක ගනිද්දි ඒ අය ලඟ තියන පුන්චිම චක් තුන ඉල්ලලා බලලා ඒවයින් දෙවනියට පුන්චි එක මිලදී ගන්න එතනට යනකොට මිලිමීටර් එකක ඩ්‍රිල් කටුවක් අරගෙන ගිහින් ඒක හොඳට තදවෙනවද කියලා බලන්න.පුන්චිම චක් එකට මිලිමීටර් 1ක් කටුව සවිකරන්න අමාරුයි.දෙවනියට පුන්චි එකට මිලිමීටර් 1.5ක් වෙනකම් කටු සවිකරන්න පුලුවන්.මේ චක් එක රුපියල් 190කට තමයි මම නම් ගත්තේ.එතන ඩ්‍රිල් කටුත් ගන්න තියනවා.

    picture.php


    5.සුපර් ග්ලූ එකක් සහ ව‍යර් දෙකේ රිබන් කේබල්(ස්පීකර් වයර්) අඩි 2 විතර.

    මුලින්ම ඩ්‍රිල් චක් එක මෝටරයට සවි කරගන්න ක්‍රමයක් හදා ගන්න ඕනේ.මේකට මෝටරය සහ ඩ්‍රිල් චක් එක අරගෙන යකඩ ලියවන පට්ටලයකට යන්න ඔනේ පොඩි වැඩක් තමයි කරගන්න තියෙන්නේ.
    ඩ්‍රිල් චක් එක ගත්තාම මේ වගේ තියෙයි.මේකේ උඩ පැත්තේ දිගට බටයක් වගේ එකක් තියනවා ඒක මුලින්ම කපන්න.පින්තුරයේ තියන විදියට.

    picture.php


    ඊට පස්සේ අපේ චක් එක මේ වගේ පෙනෙයි

    picture.php


    පස්සේ අපි මේ කපපු කෙලවර ඇතුලේ තියන සිදුර ඇතුලුපැත්තේ පොටක් කපන්න ඕනේ දක්ශිනාවර්තව තදවෙන විදියට.ඊට පස්සේ ඒ කපපු පොටට හරියන විදියට අඟල් බාගයක් විතර දිග කම්බි කූරක පොටක් කපන්න.

    picture.php


    දැන් අර පොට කැපූ කම්බිය අරගෙන ඒකේ හරි මැදින් මෝටරයේ කූර ඇතුලු කරන්න පුලුවන් තරමේ සිදුරක් විදින්න. කැසට් මොටරයේ කුර මිලිමීටර් 1.9 ඒක නිසා මම නම් සිදුර විද්දේ මිලිමීටර් 2ක කටුවෙන්.මේ සිදුරට මෝටරයේ කූර ඇතුලු කරලා තද කරන්න ඕන නිසා මේ කම්බි කැබැල්ලේ පැත්තකින් සිදුරක් විදලා ඇණයක් අල්ලන්න පුලුවන් විදියට පොටක් කපන්න.

    picture.php


    දැන් මේ කෑල්ලට අර චක් එකේ පොට කපපු කොටසට තදින් සවි කරලා ඇද ඇර ගන්න ඕනේ.මේ වැඩ් ටික ලියවන පට්ටලේ කින් රුපියල් 200ට විතර කරගන්න පුලුවන්.මම නම් කර ගත්තේ නාරාහේන්පිට පොල්හේන්ගොඩ හන්දියේ තියන පට්ටලේ කින් මම මේ වගේ කොටස් 2ක් හදා ගත්තා ප්‍රමාණ 2ක චක් වලට මට වියදම් වුනේ රුපියල් 350යි.

    picture.php


    දැන් මේ චක් එක අපේ මොටරයට සවිකරලා විදුලිය සපයලා බලන්න පුලුවන් ඇද නැතුව කැරකෙනවාද කියලා ඇද‍යක් තිබුනොත් ඇද ඇරගන්න ඕනේ.

    දැන් අර පීවීසී බට කැබැල්ලෙන් අඟල් 8ක් විතර කෑල්ලක් රූපයේ තියන හැඩයට කපා ගන්න.මේකට යකඩ කියත් පටි කැබැල්ලක් පාවිච්චි කරන්න පුලුවන්.

    picture.php


    දැන් අර අපේ කැසට් මෝටරය අරගෙන ගලවලා ඒකේ ඇතුලත ස්පීඩ් කන්ට්‍රෝල් සර්කිට් එක අයින්කරන්න.ඊට පස්සේ මෝටරයේ අග්‍ර 2ට වයර් කැබලි 2ක් පාස්සලා මෝටරය නැවත සවිකරන්න.ඊට පස්සේ මෝටරය අර පීවීසී බට කැබැල්ලේ කෙලින් කපපු පැත්තට ඇතුලු කරන්න කූර පිටතට හිටින විදියට.මෝටරය බටයට වඩාලොකු නම් බටය රත්කරාම ලේසියෙන්ම සවිකරන්න පුලුවන් .මෝටරය බටයට වඩා පුන්චිනම් මෝටරය වටේ කඩදාසියක් ඔතලා මෝටරය සෙලවෙන්නේ නැති විදියට සවිකරගන්න.

    picture.php


    පස්සේ අඟල් 2ක් විතර දිග පිවීසී බට කැබැල්ලක් අරගෙන එක පැත්තකින් ප්‍රවෙසමේන් පලන්න ඊට පස්සේ මේ කෑල්ල රත්කරලා ලෑලි කැබලි 2ක් අතර තියලා තෙරපලා පීවීසී තඩඩුවක් හදාගන්න මේ තහඩුවෙන් අර මෝටරය සවිකරපු පිවීසී බටයේ කෝණිකව කපපු කෙලවර වහන්න පුලුවන් පියනක් හදලා ඒකේ මැදින් අපේ ස්විච් එක සවිකරන්න පුලුවන් සිදුරක් හදලා ස්විච් එක සවිකරන්න ස්විච් එක සවිකරලා මෝටරයේ වයර් එකකට ස්විච් එක පාස්සන්න.පස්සේ පීවීසී බටයේ පැත්තකින් සිදුරක් විදලා බලසැපයුම් වයර දෙක එලියට ගන්න. වයර් එක එලියට ඇදිලා ඒම වලක්වන්න වයර් එකේ බටයෙ ඇතුලතින් ගැටයක් ගහන්න.පස්සේ ස්විචය සහිත පියන බටයට සුපර් ග්ලූ වලින් අලවලා පියනේ දාරය බිත්තියක් වගේ රලු දාරයක අතුල්ලලා සුමට කර ගන්න.

    picture.php


    දැන් මේකට කලින් හදපු චක් එක සවිකරලා කටුවක් සවිකරලා දක්ශිනාවර්තව කැරකෙන විදියට බලය සපයලා බලන්න.සිදුරු විදිනකොට පීසීබී වල තඹ තහඩුව තියන පැත්තෙන් ව්දින්න.සිදුර විදින්න අවශ්‍ය තැන ඩ්‍රිල් කටුව තියලා ප්‍රෙස් බටන් එක ප්‍රෙස් කරලා විදින්න කැරකෙනවිට ඩ්‍රිල් කටුව පීසීබී වලට තියලා තෙරපන්න උත්සාහ කරන්න එපා.කටුව කැඩේවි.

    picture.php


    ඩ්‍රිල් කටුවකින් සිදුරක් විදින්න පුල්වන් වෙන්නේ ඒක ක්ලොක්වයිස් කැරකෙනකොට විතරයි ඒක නිසා මේ උපකරනයේ මෝටරය කරකෙන පැත්ත නිවැරදිව තියෙන්න ඕන ඩීසී මෝටරයක් නිසා ධන හා සෘන මාරුකරලා කැරකෙන පැත්ත මාරු කරන්න පුලුවන්.මේ මෝටරයට වෝල්ට් 12කට වඩා දෙන්න එපා මෝටරය දැවීයාවි.

    මේ තියෙන්නෙ මම හදපු ඩ්‍රිල් එකේ පින්තූර දෙකක්


    picture.php


    picture.php



    දැන් තමයි වැදගත්ම දේ කියන්න තියෙන්නේ, දැන් මේ වගේ කට්ට කාලා ඩ්‍රිල් චක් හදන්න ඔන නැහැ හදපුවා ගන්න තියනවා මේ වගේ

    picture.php


    picture.php


    එහෙම එකක් අරගෙන PVC වලින් ඉතුරු ටික හදා ගත්තනම් එලම තමයි මමත් මේ චක් දෙකක් ගන්න ඉන්නෙ ගත්තට පස්සෙ pics ටිකක් දාන්න බලන්නම්

    මේ ඩ්‍රිල් එක හදන වැඩෙට කැසට් මෝටරයක් නැතුව පරන ඩෙක් එකක මෝටරයක් හොයා ගන්න පුලුවන් නම් එලම තමයි මොකද ඩෙක් එකේ මොටරේ කැසට් මෝටරේට වඩා පට්ටම පවර්ෆුල් සයිස් එක බොහොම පොඩ්ඩක් වැඩියි එතකොට PVC බටේට මෝටරේ හයි කරද්දි PVC බටේ පොඩ්ඩක් රත් කරල ගත්තානම් හරි එතකොට PVC බටේ පොඩ්ඩක් ලොකු වෙලා මෝටරේ ඇතුලට බහිනවා. මම දාල තියන මගේ ඩ්‍රිල් එකෙ පින්තුරෙ හොදට බැලුවොත් මේක පෙනේවි
     
    Last edited:

    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    uda tika lokuwata damma nam kiyawanna thibuna


    ඇස් දෙක පෙන්නේ නැතිද යහළුවා ?
    වැදගත් කෙනාට ප්‍රමාණයේ පශ්නයක් නැහැ සහෝදරයා

    හොඳ දෙයක් කලාම අගය කරන්න පුරුදු වෙන්න
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    හදපුව ඒවා ගන්නේ කොහෙද
    මචන් මම මෙහේ නම් Electronic shops වල හොයලා නැහැ බොහෝ විට කොටුවෙ පලවෙනි හරස් වීදියෙ ඇති මම මේ සතියෙ ගියාම තියනවද කියල පොඩ්ඩක් බලන්නම්, ebay නම් ඕන තරම් තියනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    අඩේ පට්ට බං මමත් එකක් හදන්න ඉන්නේ

    චක් එකක් තමයි නැට්ටේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    අඩේ පට්ට බං මමත් එකක් හදන්න ඉන්නේ

    චක් එකක් තමයි නැට්ටේ

    ඉතින් බං අර හදපු චක් එකක් Ebay එකෙන් ගෙන්න ගනින් කෝ, මෙහේ shops වල මම මේ සතියෙ බලලා කියන්නම් හරියටම තියන තැනක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඉතින් බං අර හදපු චක් එකක් Ebay එකෙන් ගෙන්න ගනින් කෝ, මෙහේ shops වල මම මේ සතියෙ බලලා කියන්නම් හරියටම තියන තැනක්

    හැම ලබ්බම ඉබේ ගන්නේ නෑ බං මම. ලංකාවේ තියෙන ඒවා මෙහෙන් ගන්නේ.
    අනිත් එක ඕකක් එන්න සති 2-3 යනවා
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    571
    30
    28
    මචන් ඔය Drill එකේ Chuk එක හයි කරල තියෙන ඇණේ තොප්පිය ලොකු හින්දා පොඩි vibration එකක් එන්නෙ නැද්ද? මට හිතෙන හැටියට ඔකට හරියන්නෙ chuk එක ඇතුලට බහින්න පුළුවන් ඇණයක්.
    මම ඉස්සර ඔයවගේ එකක් use කලා. පස්සේ මට ජපන් යාළුවෙක් මෙන්න මේක ගෙනත් දුන්නා

    vthd03.jpg

    vthd03_detail.jpg

    ඌටත් හොයා ගන්න බැරුව ජපානේ pavment එකෙන් Chinese භාණ්ඩයක් තමයි ගෙනත් දුන්නේ.හැබැයි තාමත් නියමෙට වැඩ.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    මචන් ඔය Drill එකේ Chuk එක හයි කරල තියෙන ඇණේ තොප්පිය ලොකු හින්දා පොඩි vibration එකක් එන්නෙ නැද්ද? මට හිතෙන හැටියට ඔකට හරියන්නෙ chuk එක ඇතුලට බහින්න පුළුවන් ඇණයක්.
    මම ඉස්සර ඔයවගේ එකක් use කලා. පස්සේ මට ජපන් යාළුවෙක් මෙන්න මේක ගෙනත් දුන්නා

    vthd03.jpg

    vthd03_detail.jpg

    ඌටත් හොයා ගන්න බැරුව ජපානේ pavment එකෙන් Chinese භාණ්ඩයක් තමයි ගෙනත් දුන්නේ.හැබැයි තාමත් නියමෙට වැඩ.

    මචන් ඒ ලොකු තොප්පිය තියන ඇනේ තියෙන්නෙ පොඩ්ඩක් ලොකු චක් එකක් එක්ක(for 3.5mm drill bits), ඒ චක් එකයි හයි කරපු යකඩ කැලි ටිකයි එක්ක ගත්තාම ටිකක් බරයි ඒක නිසා වයිබ්‍ර්ට් එක දැනෙන තරම් නැහැ හැබැයි පොඩි චක් එකට නම් ඒ ලොකු ඇනේ හයි කරපුගමන් මාර විදියට වයිබ්‍ර්ට් වෙනවා