What will happen...?
පහලට ගිහිං කියවල ඔබේ අදහස් දෙන්න බලන්න...
මේ වාගේ දේවල් දකිනකොට අපිට ෆිල්ම් බලන්න හිතෙනව නේද...?
ඇයි බං මේ වගේ නිර්මාණාත්මක වැඩක් අපේ උන්ට කරන්න බැරි.?
කොහෙන් හරි උස්සගත්තු කෙල්ලො ටිකකුයි කොල්ලො ටිකකුයි අරං... කොහෙ හරි පසුතල දර්ශනයක් දාලා... කැමරාවක් හිට්ටෝල... කිසිම angle එකක් ගැන බලන්නෙ නැතුව.. මොකක් හරි පවුල් අවුලක් තියෙන කතාවක් දාලා.. නැත්තං ලව් කරන දෙන්නෙක් තව මොකක් හරි අවුලක් ඇදගෙන.. මෙගා කියල ටෙලි නාට්‍ය සතියෙ දවස් පහේම දාලා ලාමක දේවල් පෙන්නන්න විතරයි අපේ උන් දන්නෙ. මේ නිකං මූණ ටිකක් ලස්සනයි කියල පේන කෙල්ලො දැම්මම box office record තියන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නව ද දන්නෙ නෑ.
පොඩි music video එකක තත්පර 10 ක 20 ක වැඩ කෑල්ලක් දාලා ඉතුරු ටිකේ කොටට ඇඳගත්තු කෙල්ලො නටන එක නෙමෙයි නිර්මාණාත්මක බව කියන්නෙ. 
නිකමට හිතල බලන්න...
පිටරට උන්ගෙ ඒවට වඩා අපිට අපේ දේ වටිනව කියල කට ඇරල කියන්න අපි කවුරුත් කැමතියි.
ඒත් මොනවද වැඩිපුර තියෙන්නෙ... අර වැඩකට නැති පල් හෑලි තියෙන ටෙලි නාට්‍ය විතරයි. කලාතුරකින් විතරයි ටිකක් හරි හොඳයි කියන්න එකක් එන්නෙ. අපේ ටෙලිනාට්‍ය සිනමාව දෙකම එකයි. 
උදාහරණයක් විදිහට... Prison Break කියන පිටරට drama එක ගොඩක් අය දන්නව ඇති. ඒක effect දාලා හදපු එකක් නෙමෙයි. effects වලින් ජනප්‍රිය වෙච්චි කතාවක් නෙමෙයි නෙ. සම්පූර්ණව අලුත් විදිහට හිතපු... වෙනස් ම විදිහෙ කතාවක්. අපේ ඒවට උදාහරණ දෙන්න තියෙන්නෙ අර කලු සුදු චිත්‍රපටි ආපු කාලෙ ඒව තමයි. ඒවා නම් අදටත් මම නම් කියන්නෙ දැන් එන ඒවට වඩා නිර්මාණශීලීව හදන්න උත්සාහ හරි කරල තියෙනව.
ඒත් අපේ කතාවක් අරගත්තම... හැම එකකම වැඩිපුරම දකින්න තියෙන්නෙ මොනවද...? එක්කෝ... ලව් සීන් විකාරයක්... නැත්තං පවුලක් ඇතුලෙ කා කොටා ගන්න දෙයක්... බැණගන්නව ඉවරයක් නෑ. කම්මුල් පාරවල් දෙන ඒව. පිඟන් පොළොවෙ ගහන ඒව. මෙලෝ සංසාරයක් නැතිව මහ හයියෙන් අඬන ඒව. මේවද බං කතා කියන්නෙ...?
අපේ උන්ට කතාවක් කිව්වොත් ඕව නැත්තං නිර්මාණයක් කරන්න බෑ. ඒව පෙන්නල මොනවද බලාපොරොත්තු වෙන්නෙ.? අපේ මිනිස්සුත් "අනේ ඇත්ත තමයි. ඕකම තමයි අපේ ගෙදර තියෙන ප්‍රශ්නෙත්. මුන්ට ඕව තේරෙන්නෙ නෑ නෙ." කියල ඒ ටෙලි නාට්‍යවල තියෙන ලාමක දේවල් තමන්ගේ පවුල ඇතුලෙත් කරන්න යනව. මේකෙන් වෙන්නෙ මෙලෝ රහක් නැති බාල නිර්මාණ බලල අපේ උන්ගෙ නව නිර්මාණ හැකියාව සම්පූර්ණයෙන්ම මොට්ට වෙලා යනව. තව ටිකක් වැඩිපුර bonus එක්කම පවුල් අවුල් ඇතිවෙනව.
අනිත් එක තමයි.. මොකක් හරි අලුතින් ජනප්‍රිය වෙච්චි සින්දුවක්... වැඩසටහනක් දැක්ක ගමන් අපේ උන්ට ඕනෙ ඒක copy කරල ඒකෙන් ලාබයක් ගන්න. මෙච්චර කාලයක් අපේ රටේ කලා නිර්මාණවල ගන්ඩ දෙයක් නැතිවෙලා තියෙන්නෙ මෙන්න මේ copy කරන මගුල හින්දයි. copy කරන එකා කවදාවත් අලුතින් දෙයක් හිතන්නෙ නෑ.
අපේ කට්ටිය වැඩිපුර කැමති ඉන්දියාව copy කරන්නනෙ. දැන් ඉන්දියාව කොහෙද ඉන්නෙ අපි කොහෙද ඉන්නෙ.? ඉන්දියාවත් hollywood copy කරනව. හැබැයි උන්ගෙ අලුත් නිර්මාණාත්මක දේවල්වලට හානියක නොකර.
අපේ උන් copy කරන්න ගත්තම original එකේ සාරයම නැතිවෙනකන් copy copy ම තමයි. 
නව සිනමා නිර්මාණ බිහි කරන්න Hobbit වගේ ෆිල්ම් ගහපු Red Epic කැමරා පවා ලංකාවට ගෙන්නුව. ඒත් ඒවගෙන් තාමත් හැදෙන්නෙ අර ලාමක ජාතියේ කතා වීම අපේ ම අවාසනාවක්.
මොන කැමරා ගෙන්නුවත් වැඩක් නෑ හරි දැක්මක් තියෙන නිර්මාණ ශිල්පියෙක් හිටියෙ නැත්තං.
කවදා අපේ උන් ලෝකය පුරා ජනප්‍රිය වෙන නිර්මාණයක් කරයි ද මන්ද මේ යන විදිහට.....
ලෝකය පුරා කොහොම වෙතත්...
ලංකාවේ අපිට ආඩම්බරයක්වෙන්න.. දඬුබස්නාමානය... වෙදහාමිනේ... වගේ කතා ආපු යුගයක් ආයෙත් උදා වෙනව නම්... අපි කවුරුත් කැමතියි.!
ඔබේ අදහස් අගය කරමි. හොඳින් කල්පනා කරල අදහස් බෙදා හදා ගන්න.
පහලට ගිහිං කියවල ඔබේ අදහස් දෙන්න බලන්න...
මේ වාගේ දේවල් දකිනකොට අපිට ෆිල්ම් බලන්න හිතෙනව නේද...?
ඇයි බං මේ වගේ නිර්මාණාත්මක වැඩක් අපේ උන්ට කරන්න බැරි.?
කොහෙන් හරි උස්සගත්තු කෙල්ලො ටිකකුයි කොල්ලො ටිකකුයි අරං... කොහෙ හරි පසුතල දර්ශනයක් දාලා... කැමරාවක් හිට්ටෝල... කිසිම angle එකක් ගැන බලන්නෙ නැතුව.. මොකක් හරි පවුල් අවුලක් තියෙන කතාවක් දාලා.. නැත්තං ලව් කරන දෙන්නෙක් තව මොකක් හරි අවුලක් ඇදගෙන.. මෙගා කියල ටෙලි නාට්‍ය සතියෙ දවස් පහේම දාලා ලාමක දේවල් පෙන්නන්න විතරයි අපේ උන් දන්නෙ. මේ නිකං මූණ ටිකක් ලස්සනයි කියල පේන කෙල්ලො දැම්මම box office record තියන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නව ද දන්නෙ නෑ.
පොඩි music video එකක තත්පර 10 ක 20 ක වැඩ කෑල්ලක් දාලා ඉතුරු ටිකේ කොටට ඇඳගත්තු කෙල්ලො නටන එක නෙමෙයි නිර්මාණාත්මක බව කියන්නෙ. 
නිකමට හිතල බලන්න...
පිටරට උන්ගෙ ඒවට වඩා අපිට අපේ දේ වටිනව කියල කට ඇරල කියන්න අපි කවුරුත් කැමතියි.
ඒත් මොනවද වැඩිපුර තියෙන්නෙ... අර වැඩකට නැති පල් හෑලි තියෙන ටෙලි නාට්‍ය විතරයි. කලාතුරකින් විතරයි ටිකක් හරි හොඳයි කියන්න එකක් එන්නෙ. අපේ ටෙලිනාට්‍ය සිනමාව දෙකම එකයි. 
උදාහරණයක් විදිහට... Prison Break කියන පිටරට drama එක ගොඩක් අය දන්නව ඇති. ඒක effect දාලා හදපු එකක් නෙමෙයි. effects වලින් ජනප්‍රිය වෙච්චි කතාවක් නෙමෙයි නෙ. සම්පූර්ණව අලුත් විදිහට හිතපු... වෙනස් ම විදිහෙ කතාවක්. අපේ ඒවට උදාහරණ දෙන්න තියෙන්නෙ අර කලු සුදු චිත්‍රපටි ආපු කාලෙ ඒව තමයි. ඒවා නම් අදටත් මම නම් කියන්නෙ දැන් එන ඒවට වඩා නිර්මාණශීලීව හදන්න උත්සාහ හරි කරල තියෙනව.

ඒත් අපේ කතාවක් අරගත්තම... හැම එකකම වැඩිපුරම දකින්න තියෙන්නෙ මොනවද...? එක්කෝ... ලව් සීන් විකාරයක්... නැත්තං පවුලක් ඇතුලෙ කා කොටා ගන්න දෙයක්... බැණගන්නව ඉවරයක් නෑ. කම්මුල් පාරවල් දෙන ඒව. පිඟන් පොළොවෙ ගහන ඒව. මෙලෝ සංසාරයක් නැතිව මහ හයියෙන් අඬන ඒව. මේවද බං කතා කියන්නෙ...?
අපේ උන්ට කතාවක් කිව්වොත් ඕව නැත්තං නිර්මාණයක් කරන්න බෑ. ඒව පෙන්නල මොනවද බලාපොරොත්තු වෙන්නෙ.? අපේ මිනිස්සුත් "අනේ ඇත්ත තමයි. ඕකම තමයි අපේ ගෙදර තියෙන ප්‍රශ්නෙත්. මුන්ට ඕව තේරෙන්නෙ නෑ නෙ." කියල ඒ ටෙලි නාට්‍යවල තියෙන ලාමක දේවල් තමන්ගේ පවුල ඇතුලෙත් කරන්න යනව. මේකෙන් වෙන්නෙ මෙලෝ රහක් නැති බාල නිර්මාණ බලල අපේ උන්ගෙ නව නිර්මාණ හැකියාව සම්පූර්ණයෙන්ම මොට්ට වෙලා යනව. තව ටිකක් වැඩිපුර bonus එක්කම පවුල් අවුල් ඇතිවෙනව.අනිත් එක තමයි.. මොකක් හරි අලුතින් ජනප්‍රිය වෙච්චි සින්දුවක්... වැඩසටහනක් දැක්ක ගමන් අපේ උන්ට ඕනෙ ඒක copy කරල ඒකෙන් ලාබයක් ගන්න. මෙච්චර කාලයක් අපේ රටේ කලා නිර්මාණවල ගන්ඩ දෙයක් නැතිවෙලා තියෙන්නෙ මෙන්න මේ copy කරන මගුල හින්දයි. copy කරන එකා කවදාවත් අලුතින් දෙයක් හිතන්නෙ නෑ.
අපේ කට්ටිය වැඩිපුර කැමති ඉන්දියාව copy කරන්නනෙ. දැන් ඉන්දියාව කොහෙද ඉන්නෙ අපි කොහෙද ඉන්නෙ.? ඉන්දියාවත් hollywood copy කරනව. හැබැයි උන්ගෙ අලුත් නිර්මාණාත්මක දේවල්වලට හානියක නොකර.
අපේ උන් copy කරන්න ගත්තම original එකේ සාරයම නැතිවෙනකන් copy copy ම තමයි. 
නව සිනමා නිර්මාණ බිහි කරන්න Hobbit වගේ ෆිල්ම් ගහපු Red Epic කැමරා පවා ලංකාවට ගෙන්නුව. ඒත් ඒවගෙන් තාමත් හැදෙන්නෙ අර ලාමක ජාතියේ කතා වීම අපේ ම අවාසනාවක්.
මොන කැමරා ගෙන්නුවත් වැඩක් නෑ හරි දැක්මක් තියෙන නිර්මාණ ශිල්පියෙක් හිටියෙ නැත්තං.කවදා අපේ උන් ලෝකය පුරා ජනප්‍රිය වෙන නිර්මාණයක් කරයි ද මන්ද මේ යන විදිහට.....

Last edited: