බෝ මලුව ඇමදීමේ අනුසස්.
බෝ මලුව ඇමදීමේ අනුසස්.
පඤ්චානිසංසා, සම්මජ්ජනියා, සකචිත්තං පසීදති,
පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති,
පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති,
කායස්ස භේදා පර්ම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජතිති.
ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි. එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි.එනම් තමන්ගේ සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ. මරණින්මතු සුගතියෙහි උපදී.”
විහාරස්ථාන, බෝමළු ඇමදීම වියදමක් නැතිව කාටත් කළහැකි විශිෂ්ටතම පින්කමක්. සිතේ ශ්‍රද්ධාව ඇතිව එය කරන්නේනම් අනන්ත ආනිශංස ලැබෙනවා. බෞද්ධයින් අඩුතරමින් පොහොය දිනටවත් විහාරස්ථානයට යනවා. බොහෝ උපාසක උපාසිකාවන් උපෝසථ අෂ්ඨාංග ශීල ගෘහස්ථ දසසීල සමාදන් වෙනවා. ඒ අයට එදින කළහැකි ඉතාම පහසු කුසලයක් නම් මලුපෙත් ඇමදීම, මල් අසුන්වල පරමල් ඉවත්කර මල් අසුන් සෝදා පිරිසුදු කිරීම, දාගැබ්, බෝමලු විහාර මලුව ඇමද පිරිසුදු කිරීම ආදී කුසලකාර්යයන්. මෙය වියදමක් නැතිව කළ හැකි උසස්ම කුසලකර්මයක්.
එමෙන්ම, බෝධි සම්මජ්ජක නම් රහතන් වහන්සේ පෙර බුද්ධ සාසනයකදී ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් බෝධීන් වහන්සේ වටා එකතු වී ඇති බෝ පත් එකතු කර ඉවත් කර පිරිසිදු කිරීමේ පිනෙන් ලද ආනිසංස මෙසේ උන්වහන්සේගේ අපදානයේ දක්වා තිබෙනවා.
1. දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
2. සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
3. අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
4. ශරීරය රන්වන් පැහැ ඇති වීම
5. ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
6. ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
7. දුගඳ හමන දහඩිය නොගැලීම
8. රෝග නොවැළඳීම
9. කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
10. චිත්ත පීඩා ඇති නොවීම
11. සතුරන් ඇති නොවීම
12. භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
13. සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
14. දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
15. පරමායුශ විඳීමට ලැබීම
16. ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
17. භෝග සම්පත්, යසස්, ශ්‍රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
18. දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම
19. දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
20. මාර්ගඵල, අධිගම, ධ්‍යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම
බලන්න ශ්‍රද්ධාව උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා කැපකළ භූමිය පිරිසිදු කිරීමේ අනුසස්. ඉතින් ඔබ යමකට කැමතිද ඒ කැමති හැම දෙයක්ම ලබාගැනීමේ හැකියාවක් එම පිනට තිබෙනවා නේද?
බෝමළුව පමණක් නොව මෙසේ ක්‍රමවත්ව චෛත්‍ය, විහාර, බෝමලු ඇමදීමෙන් අනන්ත අප්‍රමාණ ආනිශංස ලැබෙනවා. සිත් තැවුල්, දොම්නස් ඇතිවිට මලුපෙත් ඇමදීමෙන් සිත තුළ ප්‍රබෝධය ඇතිවෙනවා. සිතේ ශ්‍රද්ධාව ඇතිව විහාරමලු ඇමැද ඔබගේ මෙලොව පරලොව ජීවිතය ආලෝක කරගන්න.
උපුටා ගැනීමක් බෞද්ධයා පිටුවෙන්. මමත් 2010 මාස ගානක් සතියකට දින 4ක් වගේ බෝ මලුව අතු ගාලා, අටවිසි බුදුන්ගේ මල් ආසන සියල්ල හෝදලා පවිත්‍ර කරපු කාලයක් තිබ්බා හවස් වරුවට ගිහින්.ඒ ගෙදර ඉන්න කාලේ.දැන් වෙලාවක් නෑ කිසි දේකට පූරුවේ කරපු පව් ගෙවනවා කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයට කොටු වෙලා මැශින් වගේ මිනිස්සු ගොන්නක් අස්සේ.කරනවානම් මහත් පල මහත් ආනිශංස තියෙන වැඩක්.හැමදාම කියන්නම් වගේ හම්බයෝ එලවමු,කුරුසයෝ ඇණ ගහමු කිය කියා මම මහ ලොකු බෞද්ධයෙක් කියන පොර ටෝක් අයියා කෙනෙක් මේක කියවනවනම් හිතලා බලපන් කම්පියුටරයක් ඉස්සරහා පොර ටෝක් දිදී බෞද්ධ කම පෙන්නනවද නැත්නම් නියම බෞද්ධයෙක් ගෙන් ශාසනයට වෙන්න ඕනේ යුතු කම් කොටස ඉටු කරලා සැබෑ සතුටක් අත්විඳිනවද කියලා.
ඔබ සැමට තෙරුවන් සරණයි..!!!