ශරිරය දන් දෙමු (සැමගේ අවධානයට)

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ශරිරය දන් දෙමු (සැමගේ අවධානයට)

ඉපදුන අපි හැමොම මරණයට පත්වෙනවා. ජාති, ආගම්, කුල මල කිසිම භේදයක් නෑ ඉපදුන සෑම සත්වයෙක්ම මරණයට පත්විම ලෝක ධර්මතාවයක් කියන එක ආයෙත් අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නොවේ.

මරණයට පත්වන අපගේ ශරිරය එක්කෝ පොළොවට දිරාපත් වනවා නැතිනම් අළු බවට පත්වෙනවා. මෙසේ දිරාපත් වන අළු බවට පත්වන අපගේ ශරිරයේ කොටස් වලින් තවත් කෙනෙක්ගේ ජිවත් කිරිමට පුලූවන්නම් එය මහත් පුණ්‍යකර්මයක්.

එය ලංකාව තුල කරන්නේ කොහොමද ? ඒ සඳහා පිහිටුවා තිබෙන ආයතනය කුමක්ද? කියලා අද ඔබ දැනුවත් කරන්න මට හිතුනා.

මරණයට පත්වන ඇතැම් පුද්ගලයින් තම ඇස් මරණයෙන් පසුව වෙනත් කෙනෙක්ගේ පෙනීම ලබා දීම සඳහා අක්ෂිදාන සංගමය වෙත පරිත්‍යාග කරන බව බොහො දෙනා දන්නා කරුණක්, ශ‍්‍රි ලංකා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ වන්නේ කීර්තිමත් වෛද්‍යවරයෙක් වන දොස්තර හඞ්සන් සිල්වා මැතිතුමා තමාගේ අදහසක් අනුව 1996 ශ‍්‍රි ලංකා අක්ෂිදාන සංගමයට අනුබද්ධව නව ආයතනයක් පිහිටුවනවා එහි නම වන්නේ "මිනිස් පටක බැංකුව"

ලෝකයේ විවිධ පටක බැංකු තිබෙනවා.
තුන්ගේ පටක කොටස් මිනිස් ශරිරය වෙත බද්ධ කිරිම් ලෝකයේ සිදු කරනවා. මා දන්නා පරිදි නම් ලංකාවේ සත්ව පටක හෝ අස්ථි කොටස් මිනිස් ශරිර වෙත බද්ධ කරන්නේ නෑ.

පටක බැංකුව ලබාගන්නා ශරිරයේ කොටස්

ශරීරයේ තිබෙන සියලුම අස්ථි වර්ග, ඇසේ සුදු ඉඟිරියාව, ඇවිනියොන් පටකය, පැටෙල්ලා ටෙන්ඩන්, ඇචිලියන් ටෙන්ඩන්, සමේ කොටස්, හෘද කපාට

පරිත්‍යාග කිරිමට නුසුදුසුකම්


  • වෛරස්, බැක්ටීරියා, දීලිර ආසාදිත රෝගියෙක්
  • HIV, ඇතුලූ සමාජ රෝග
  • පිළිකා සහ ක්ෂය රෝගී තත්වයන් වලට මුහුණදුන් අය
  • වයස අවුරුදු 70 වැඩිවිම

නීරෝගි පටක ලබාගත් පසු ඒවා රෝගීන් වෙත නිකුත් කරන්නේ මාස 6 පමණ කල්ගිය පසුවයි. ඒ වගේම එම පටක අවුරුදු 10 ඇතුලත භාවිතයට ගත හැකි පරිදි විශේෂ අධිශීතකරණය බහා තබනවා.

රෝගීන්
පටක ලබාදෙන්නේ අදාල රෝහලෙ වෛද්‍යවරයාගේ නිර්දේශිත ලිපියක් සමඟ අවශ්‍ය පටක බද්ධ කල යුතු ස්ථානයේ එක්ස්රේ පිටපතක් ලබාගැනිමෙන් අනතුරුවයි. රෝගීයාට අවශ්‍ය පටකයේ ප‍්‍රමාණය මැන බලා එය නිසි පරිදි සකස් කොට ජීවානුහරණය කොට නොමිලයේ අදාල රෝගීයා වෙනුවෙන් ලබාදෙනවා.

පරිත්‍යාග කරන්නේ කොහොමද ?

පටක බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමෙන් හෝ යම් අයෙක් මියගිය පසු ඔහුගේ හෝ ඇයගේ සමීප ඥාතින්ගේ කැමැත්ත ඇත්නම් මියගිය තැනැත්තාගේ ශරිරයේ කොටස් ලබාගැනිමක් සිදුකරනවා.

පටක ලබාගැනිමට පෙර පරිත්‍යාගශිලියාගේ රෝගී වාර්තා ඉතිහාසය පරික්ෂා කර තමයි ශරිරයෙන් කොටස් ලබාගැනීම සිදුකරන්නේ

තමන්ගේ මරණයෙන් පසුව තම ශරිරයේ කොටස් පටක බැංකුව වෙත ලබාදීමට කැමති නම් තම නම, ලිපිනය ලියු මුද්දර ගැසු ලියුම් කවරයක් පහත ලිපිනයට යොමු කිරිමෙන් සියලූ විස්තර හා පොරොන්දු ගිවිසුම් පත‍්‍රය ලබාගත හැකියි.

මරණයෙන් පසුව


පටක බැංකුවේ සාමාජිකත්වය ලබාගත් අයෙකු මියගිය විට ඥාතියෙක් හෝ සමිපතමයෙක් මේ බව හැකි ඉක්මනින් පටක බැංකුව වෙත දැනුම් දිය යුතුයි. ඔවුන් පැය 24 රාජකාරියේ යෙදි සිටිනවා මේ කාර්ය්‍ය සඳහා

මියගිය පසු පැය 12 ඇතුලත මෙම පටක ලබාගැනීම කලයුතු වෙනවා.

මිය ගිය තැනැත්තාගේ පටක ලබාගැනිමට දේහය, පටක බැංකුව වෙත හෝ ලඟම ඇති රජයේ රෝහල වෙත ගෙන ආ යුතු වෙනවා. පටක ලබාගැනිමෙදි යන සියලූම වියදම් පටක බැංකුව විසින් දරනවා පමණක් නොවේ ශරිරයේ කොටස් ලබාගැනිමෙන් අනතුරුව මෘත දේහය අවසන් කටයුතු සිදුකිරිම සඳහා නැවත සකස් කිරිම නොමිලයේම සිදුකර දෙනවා.


ගිවිසුම්ගත පරිත්‍යාගශීලියෙක් සිය දවි හානිකර අවස්ථාවකදි සහ මිනිමැරුමක් සිදුවු අවස්ථාවක පටක බැංකුව විසින් පටක ලබාගන්නේ නෑ.

ඔබත් මේ සඳහා කැමැත්තක් ඇත්නම් පහත සඳහන් ලිපිනයට නම, ලියු මුද්දර ගැසු කවරයක් යොමු කරන්න

ශ‍්‍රි ලංකා අක්ෂිදාන සංගමය
දොස්තර හඞ්සන් සිල්වා අක්ෂිදාන මුලස්ථානය
විද්‍යා මාවත,
කොළඹ 07.
දුරකථන 011-2692050 / 2698040 / 2698041 / 2698043


ජාති, ආගම්, කුල හේද නෑ මේ ජිවිතයේදි කරන්න පුලූවන් උදාරතර පරිත්‍යාගක්


 
Last edited:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්තටම වටිනවා. මම අපේ පවුලේ ඔක්කොම අයව ඇස් දැන් දෙන්න ලියාපදිංචි කළා මමත් ඇතුළුව. උඹට ගොඩක් පින් මේක ගැන විස්තර දැම්මට. :yes:
    REP 3+
     
    • Like
    Reactions: janakaaj

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වටිනව .. මමත් දෙන්නයි හිතාගෙන ඉන්නෙ , ස්තුතියි කරන්න ඔනි කොහොමද කිය්න එක ගැන දැනුවත් කරාට ...rep +++
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    bump


    oz05.png
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇත්තටම වටිනවා. මම අපේ පවුලේ ඔක්කොම අයව ඇස් දැන් දෙන්න ලියාපදිංචි කළා මමත් ඇතුළුව. උඹට ගොඩක් පින් මේක ගැන විස්තර දැම්මට. :yes:
    REP 3+

    කෙනෙක්ට පෙනීම ලබාදෙන එක බොහොම පිං සිද්ධ වෙන දෙයක්
    11.gif


    වටිනව .. මමත් දෙන්නයි හිතාගෙන ඉන්නෙ , ස්තුතියි කරන්න ඔනි කොහොමද කිය්න එක ගැන දැනුවත් කරාට ...rep +++

    ස්තූතියි සහෝ අපිට කවදහරි අරගෙන යන්න තියෙන්නේ මේ වගේ දෙයක් තමයි

    thnx machan...matath denna hithuna

    එහෙම සිතුවිල්ලක් එන එකත් සතුටක් මචෝ
    11.gif


    ගොඩක් පින් මේක ගැන විස්තර දැම්මට:)

    බම්ප් කල අදහස් දැක්වු සියලූ දෙනාටම ස්තූතියි
    11.gif
    11.gif
    11.gif
    ගොඩක් දෙනෙක් පිං ලබා දිලා තිබුනා ඒවාට බොහොම පිං, මේ කටයුත්තට ඔබට දායකත්වය ලබාදිය හැකි නම් ඔබ, ඔබ වෙනුවෙන්ම කර ගන්නාවු මහඟු පුණ්‍යකර්මයකි.

    ත්‍රේඞ් එක කියවන අය අනෙක් අයටත් මේ ගැන දැනගන්න බම්ප් එකක්වත් දමා යාමට කාරුණික වන්න