ගූගල් ආදාන මෙවලම් ඇසුරෙන් සිංහල ලිපි - 2 වන ක&

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ගූගල් ආදාන මෙවලම් ඇසුරෙන් සිංහල ලිපි - 2 වන ක&

    ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපි ලේඛණ සකස් කිරීම. - 2 වන කොටස.

    මගේ පසුගිය නුලෙ (ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපි ලේඛණ සකස් කිරීම. - 1 වෙනි කොටසෙ ) සිංහල භාෂාව තෝරා ගත්තට පස්සෙ ▼ සලකුණ සඳහන් බොත්තම සක්‍රිය කළාම "සිංහල" සහ "ශුද්ධ සිංහල" යනුවෙන් වරණ (Choices) දෙකක් සහිත මෙනුවක් එන බව කිව්ව මතක ඇති. 2 වෙනි කොටසෙන් මම විස්තර කරන්න යන්නෙ එහි "ශුද්ධ සිංහල" නැතිනම් "ශුද්ධ සිංහල SLS1134" වරණයෙන් සිංහල යතුරුලියනය කරන්නෙ කොහොමද කියල දෙන්නයි.

    1 වෙනි කොටස නොබලපු අය මෙතනින් ගිහින් බලාගන්න.

    ශුද්ධ සිංහල කියන එක නම් තේරුම් ගන්න අමාරු නැහැනෙ.

    ඔන්න ඒක කිව්වහම කෝචොක් හිනාවක් දානව. ශුද්ධ සිංහල කියන්නෙ යකුනේ ඒ උඹල හිතන සුද්දසිංහල නෙමෙයි. උඹලගේ හිනාව දැක්කාම මටත් හිතෙනව උඹලට සුද්දසිංහලෙන්ම දෙකක් කියන්න. මෙතන ශුද්ධ සිංහල කියන්නෙ පිරිසිදු හෙවත් අමිශ්‍ර සිංහල කියන එකයි. එතකොට SLS1134 කියන්නෙ මොකක්ද?

    SLS1134 කියන්නෙ ජාත්‍යන්තරව පිළිගත් සිංහල අක්ෂර කේත ක්‍රමයට ( මේකට තමයි Unicode කියන්නෙ.) දී තිබෙන ශ්‍රී ලංකා ප්‍රමිතිය. හරියටම් කියනවනම් SLS1134 : 2004 යන්නයි. තොරතුරු හුවමාරුව සඳහා වූ සිංහල අක්‍ෂර කේතය (දෙවන සංශෝධනය) අනුමත වුණේ 2004 වසරෙදියි. මෙහි දෙවන කොටස 2007 වසරෙදි නිකුත් වුණා. ඔය ඉතාම කෙටියෙන්. මේ ගැන වැඩි විස්තර ඕනැ අයට පහත සබැඳිවලින් ලබාගන්න පුළුවනි.

    http://www.icta.lk/en/programmes/pl...tive-/658-sinhala-standard-sls-1134-2004.html

    http://www.siyabas.lk/files/Sri_Lan...r_Information_Interchange_SLS_1134_-_2004.pdf

    http://www.siyabas.lk/files/SLS_1134_Part_2_Requirements_and_Methods_of_Test.pdf

    දැන් අර ▼ සලකුණ සඳහන් බොත්තම සක්‍රිය කරල "ශුද්ධ සිංහල SLS1134" වරණය තෝරන්න. එතකොට එතැන "සිං" බොත්තම වෙනුවට යතුරු පුවරුවක සලකුණක් සහිත බොත්තමක් ලැබෙයි.

    1555336_10203232685483992_972150270_n.jpg


    ඒ සමගම පිටුවේ පහත දකුණු කෙළවරේ "ශුද්ධ සිංහල SLS1134" සඳහන් සිංහල අක්ෂර සහිත සක්‍රිය කළහැකි බොත්තම් සහිත යතුරු පුවරුවක් දිස්වේවි මේ වගේ.

    1521796_10203232683443941_957142979_n.jpg


    දැන් ඔබට මූෂික තුඩෙන් ඒ අකුරු සහිත බොත්තම් සක්‍රිය කරල හරි යතුරු පුවරු සටහනට අනුරූපව පරිගණකයෙ යතුරු පුවරුවෙ අදාල යතුරු ඔබල සිංහලෙන් යතුරුකරන්න පුළුවන් ලේසියෙන්ම.

    එත් මේකෙ සමහර අකුරු අඩුයිනෙ. මුර්ධජ, මහාප්‍රාණ, සඤ්ඤක අකුරු සහ සමහර පිළි ඇත්තෙම නැහැ. ශුද්ධාත්මය, රඟනලඳ වගේ වචන කොහොමද යතුරුකරන්නෙ?

    ඒක කරන්නෙ මෙහෙමයි. වෙබ් පිටුවෙ තිබෙන යතුරුපුවරුවෙ ⟰ හෙවත් SHIFT යතුර සක්‍රිය කරන්න. යතුරුපුවරුවෙ අකුරු වෙනස්වුණා දැක්කද? මේ බලන්න මේ රූපෙ වගේ.

    1507161_10203232683683947_2024140786_n.jpg


    ඉස්සෙල්ල අල්පප්‍රාණ අකුරු තිබුණ තැන්වල දැන් මහාප්‍රාණ අකුරු. කෙටිපිල්ලම් තිබුණ තැන්වල දැන් දීර්ඝ පිල්ලම්. "ක"යන්න තිබුණ තැන දැන් "ඛ"යන්න.
    "ි" පිල්ලම තිබුණ තැන දැන් ී"පිල්ලම.

    දැන් අපට මහාප්‍රාණ අකුරු යතුරු කරන්න පුළුවන්. නමුත් යතුරුකරන හැම අකුරක් ගානෙම නැවතත් මුල් යතුරුපුවරුවට මාරුවෙනව. හැම මහාප්‍රාණ අකුරකටම SHIFT යතුර සක්‍රිය කරන්න ඕනැ.

    දැන් වම් පැත්තෙ SHIFT ( ⟰ ) යතුරට ඉහලින් තියෙන CAPS LOCK යතුර සක්‍රිය කරන්න. නැවතත් අර දෙවැනි යතුරුපුවරුව ලැබුණ නේද? දැන් අකුරු යතුරුකළාට යතුරුපුවරුව මුල් තත්ත්වයට එන්නෙ නැහැ CAPS LOCK යතුර නැවතත් සක්‍රිය කරනතුරු.

    ඊළඟට වෙබ් පිටුවේ යතුරුපුවරු සටහනේ SHIFT ( ⟰ ) යතුරුවලට පහතින් තියෙන Ctrl + Alt යනුවෙන් සඳහන් යතුරු දෙකෙන් එකක් ඔබන්න. මෙමගින් ඔබට සඤ්ඤක අකුරු, විසර්ගාක්ෂරය (ඃ) සහ පුරාණ ලේඛණ වල නැවතීමේ තිත වෙනුවට භාවිතාකළ කුණ්ඩලිය (෴) සංකේතය ලබාගන්න පුළුවන්. මේ බලන්න.

    1522206_10203232684443966_1171382630_n.jpg


    මෙම යුනිකෝඩ් සිංහල යතුරුපුවරුව සකස් කරල තිබෙන්නෙ සිංහල යතුරුලියන සඳහා යොදාගත් කැන්ටර් සහ විජේසේකර යතුරුපුවරු දෙකෙන් විජේසේකර සිංහල යතුරුපුවරුව ආශ්‍රයෙනුයි. ඒ අයට නම් මේ යතුරුපුවරුවට හොඳ අතේ හුරුවක් ඇති. දැන් නම් විජේසේකර සිංහල යතුරුලියනය පාවිච්චි කරපු අය හරිම හිඟයි. ඒ අය බොහෝ දෙනෙක් දැන් ඉන්නෙ විශ්‍රාම යන වයසෙ.

    මීළඟට විශේෂ අක්ෂර සංකේත ගැනත් සඳහනක් නොකළොත් ඒක අඩුපාඩුවක්. Google Input Tools Online පිටුවෙ යතුරුකරන කොටසට ඉහල දකුණු පැත්තෙ "𝜴 විශේෂ අකුරු" කියල බොත්තමක් තියෙනව.

    1528685_10203232684843976_208475874_n.jpg


    ඒ බොත්තම සක්‍රිය කළාම පහත රුපයේ දැක්වෙන විදියේ විශේෂ අක්ෂර සංකේත දැක්වෙන වගුවක් ලැබේවි. එහි වම් පැත්තේ ඉහලින් තිබෙන බොත්තම් දෙකේ තේරීම් තුළින් විශේෂ අක්ෂර සංකේත දහසකට ආසන්න සංඛ්‍යාවක් ඔබේ ලේඛණයට ලබා ගන්න පුළුවනි.

    1528677_10203232685243986_376142186_n.jpg


    මේ විදියට ගූගල් ආදාන මෙවලම් භාවිතා කරල සිංහල යතුරුලියන්න අපට පුළුවන් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්නතුරු පමණයි. අන්තර්ජාලයට සම්බන්ධතාවය නැතිව එහෙම නැතිනම් offline මේ විදියට ලිපි සකසන්න බැහැ. ඒකටත් ක්‍රමයක් තියෙනව ගූගල් ආදාන මෙවලම් එක්ක. ඒ කොහොමද කියල ඉදිරියෙදි ඊළඟ කොටසෙන් විස්තර කරන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: Rockey_ssr