ඔහු ලූෂන් පුෂ්පරාඡ්. ගම ජාඇල. අධ්‍යාපනය ලැබුවේ වෑවල ශාන්ත ශේවියර් හා රාගම බැසිලිකා යන පාසල්වලින්. කුඩා වයසේදීම පියා අහිsමි වූ ලූෂන්ව ජීවත් කරවන්න ඔහුගේ මව වගේම ආච්චි අම්මත් දැරුවේ ලොකු වෙහෙසක්. ඒ වෙහෙස මහන්සිය අපතේ නොගිය බව ඔවුන්ට අද හිතෙනව ඇති. මොකද දැන් රටේ බොහෝ දෙනෙක් ලූෂන්ව හොඳින් හඳුනනවා.
ඒ ඇයි?
ඇත්තටම ඒ ඇයි කියල ගොඩක් දෙනෙක් මේ වන විටත් දන්නවා. නමුත් ඒ අතර නොදන්න කෙනෙක් ඉන්නවා නම් දැනගන්නත් එක්‌ක ආයෙත් අපි ඒ ගැන මතක් කරන්නම්. ලූෂන් තමයි පසුගිය දිනවල පැවැති ජාතික අයෝමය පුරුෂයා තේරීමේ තරගයෙන් ප්‍රථම ස්‌ථානය හිමිකර ගත්තේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ 66 වැනි ජාතික අයෝමය ශූරයා ලෙස තේරී පත්වූයේ ඔහුයි. හැබැයි ඔහුගේ මෙවර පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස හැමෝටම දැනුණා කියලත් පේන්න තිබුණා. ඒක තමයි ලූෂන්ගේ තිබෙන විශේෂත්වය. මීට පෙරත් මිස්‌ටර් ශ්‍රී ලංකා තරග මොන තරම් පවත්වල ජයග්‍රාහකයෝ තෝරල තිබුණත් වැඩි සද්ද බද්දයක් නැතුවම ඒක අමතක වෙලා යන තත්ත්වයක් තමයි පැවතුණේ. නමුත් ලූෂන්ගේ ඇඟේ වෙනස ඔහුට තව දුර ගමනක් යන්න පුළුවන්ය කියන හැඟීම රටේ ගොඩක් දෙනෙක්‌ගේ ඇඟවල්වලටත් දැනෙන්න පටන්ගත්තා. ඒක තමයි කායවර්ධන ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ දෙනෙක් මෙන්ම ඇලුම් නොකරන අයත් ඔහු පිළිබඳව කතා කරන්න පටන්ගත්තේ. ඉතින් කාලෙකට පස්‌සේ ඇඟට දැනෙන වෙනසක් කරපු ලූෂන් සමඟ අපිත් පොඩි කතාබහකට වැටුණා.
ඔබ කොහොමද මේ කායවර්ධන ක්‍රීඩාවට යොමුවූයේ?
මම කායවර්ධන ක්‍රීඩාවට යොමුවෙලා ඒ තරම් කාලයක් නැහැ. නමුත් පාසල් කාලයේදී මලල ක්‍රීඩාවලට තමයි මගේ වැඩි නැඹුරුවක් තිබුණේ. ඒ කාලේ මම වසර ගණනාවක්‌ම බස්‌නාහිර පළාත නියෝජනය කරමින් මලල ක්‍රීඩාවලට සහභාගි වුණා. ඊට පස්‌සේ බොක්‌සිං, ඇරොබික්‌ස්, µsට්‌නස් වැනි දේ තමයි මම ප්‍රගුණ කරමින් හිටියෙ. ඔය අතරේ 2011 වසරේ මැද භාගයේදී විතර මම රැකියාවක් සොයාගෙන ඕමානයට ගියා. එහෙදී තමයි මේ කායවර්ධන ක්‍රීඩාවට මා යොමු වුණේ. හරියටම කියනව නම් දැනට වසර එකහමාරක පමණ කාලයක සිට තමයි මේ ක්‍රීඩාව වෘත්තීය ක්‍රීඩකයකුගේ තත්ත්වයෙන් හදාරන්නේ.
කෙටි කලකදී වුවත් ඔබ දිගු ගමනක් පැමිණ තිබෙනවා?
ඇත්තටම කැපවීම හා මනා පුහුණුව තමයි එම ජයග්‍රහණයට හේතුව. මම ඕමානයේදී ඕමාන් ඕෂන් චැම්පියන් ෂිප්a එකට 100 නට කාණ්‌ඩයෙන් තරග කළා. ඒකෙදී මම ප්‍රථම ස්‌ථානය දිනාගත්තා. ඊට පස්‌සේ මම ආසියානු තරගයට ඉල්ලුම් කළත් ඒ සඳහා මට ඔවුන් අවස්‌ථාව ලබාදුන්නේ නැහැ. අපේ රටෙන් ඉදිරිපත් නොවුණු නිසා. ඒ නිසා තමයි මම මිස්‌ටර් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ.
ඕමානයේදී ඔබ පුහුණුවීම්වල යෙදෙන්නේ?
"හැමර් ජිම්" කියන්නේ ඕමාන්වල තියෙන ප්‍රධානතම ජිම් එකක්. ඒකේ ප්‍රධාන උපදේශකවරයා ලෙස තමයි මේ වන විට මා රැකියාව කරන්නේ. ඒ නිසා මගේ පුහුණුවීම්වලට එය ඉතා පහසුයි. නමුත් මේ ක්‍රීඩාව හරියට කරන්න ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්‌ටමේ 'ජිම්' එකක් තියෙනවද නැද්ද කියල මම දන්නේ නැහැ. නමුත් එවැනි දෙයක් අත්‍යවශ්‍යමයි. නමුත් ජාත්‍යන්තර මට්‌ටමේ බොඩිබිල්ඩින් කරන අය මේ හැම දෙයක්‌ම කරන්නේ හොඳ සැලැස්‌මකට අනුව. ඒ අය කෑම කන්නේ, ටේ්‍රනින් කරන්නේ, රෙස්‌ට් කරන්නේ සැලසුමකට.
මේ ක්‍රීඩාවෙන් අපිට ජාත්‍යන්තර මට්‌ටමට යන්න පුළුවන් කියා ඔබ හිතනවද?
අනිවාර්යයෙන්ම පුළුවන්. මගේ සිහිනයත් ඒක. මට අනුග්‍රහය දක්‌වන්න කෙනෙක් ඉන්නව නම් මම හිතනව ඒ හීනය සැබෑ කරගන්න මට පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි අපේ රටේ තවත් තරුණ කොල්ලෝ ගොඩක් ඉන්න බව මම දන්නවා. නමුත් අපි කිසි කෙනකුට කාගෙන්වත් අතදීමක් නැහැ. මගේ කෑම බීම සප්‍රිමන්ට්‌වලට විතරක් මාසෙකට රුපියල් හැටදහසක් විතර වියදමක් දරන්න මට සිදුවෙනවා. නමුත් මේක තව කොච්චර කල් දරාගන්න පුළුවන් වෙයිද කියල මම දන්නෙ නැහැ. ඕමාන්වලත් වර්ල්ඩ් චැම්පියන් ෂිප් එකට තුන්දෙනෙක් සහභාගි වුණා. ඒ අයට මාස තුනට රියාල් පන්දහසක් විතර ඒ රජයෙන් ගෙව්වා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්‍ෂ පනහක පමණ මුදලක්. නමුත් අපට අඩුම තරමේ රුපියල් ලක්‍ෂයක්‌වත් දෙන්න බැරිකමක් නැහැනේ. නමුත් මෙහෙ හැම වියදමක්‌ම කරන්නේ ජනප්‍රිය ක්‍රීඩා කිහිපයකට විතරයි. ඕක තමයි බොඩි බිල්ඩිංවලට ලංකාවේ තිබෙන තැන. අපිට පුංචි හරි සහනයක් සලසනව නම් ජාත්‍යන්තර ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම ලබාගන්න පුළුවන් කියා මට හොඳටම විශ්වාසයි.
මේ ක්‍රීඩාව සඳහා හොඳම වයස් සීමාව කුමක්‌ද?
අවුරුදු දහඅටේ ඉඳන් හතළිස්‌පහ දක්‌වා උපරිම කැපකිරීමෙන් කරන්න පුළුවන්.
ඔබ මේ සඳහා කොතරම් කැප වෙනවාද?
කෙටියෙන්ම කියනව නම් හැම දවසකම මම මාවම මරාගන්නවා. ඒක ඒ තරම් දුෂ්කර කටයුත්තක්.
ඉදිරි බලාපොරොත්තු?
මිස්‌ටර් ඒෂියා තරගයටත් ඉන් පසුව වර්ල්ඩ් චැම්පියන් ෂිප් එකටත් තරග කරලා ජයග්‍රහණ ලබාගන්න බලාපොරොත්තු වෙනවා. මට හොඳ අනුග්‍රාහකයෙක් ලැබෙයි කියන බලාපොරොත්තුවත් මට තියෙනවා.
මේ හැම දේකටම දිරිදෙන්නේ?
පුංචි කාලේ ඉඳල මාව හදාවඩාගන්න ගොඩක් දුක් වින්ද අම්මාත්, ආච්චි අම්මාත් මතක් කරන්න ඕන. ඒ වගේම මගේ පුහුණුකරුවන් වගේම හැම තිස්‌සෙම මගේ මානසිකත්වය මෙන්ම ආර්ථික වශයෙන් ද මට හයියක් වන පෙම්වතියටත් ස්‌තුතිවන්ත වෙනවා.
රංග විදානේ
දිනේෂ් විතාන
ඡායා - විදත් ජයවර්ධන
Last edited:



anika karana wade hariyatama karala..
Maxxa... patta bodiya... congratulations!