කොරියන් සිනමා රැල්ල - NEW WAVE
කොරියානු සිනමාව 1903 තරම් ඈත ඉතිහාසයකට නෑ කම් කියන අතර එය මෑත කාලීනව වඩාත් ජනප්‍රියව ආසියාවෙ සිනමා කේන්ද්‍රය ලෙසින් නැගී හිටිනව. මුල් කාලීනව ජපන් පාලනය යටතේ තාඩන පීඩන වලට යටවූ මෙම සිනමා ක්ෂේත්‍රය. ඉන් පසු විවිද බාධකවලට මූන දෙනව. ඒ අතරින් 1945 කාලවකවානුවෙ කොරියන් අර්ධද්වීපය දෙකඩ වීම,සිවිල් යුද්ධය, හමුදා පාලනය. සහ දැඩි සීමා කිරීම් හා වාරණයන් විශේෂයි. අදටත් බොහෝවිට දේශපාලනය යනු කොරියන් සිනමාවට තහනම් මාතෘකාවක්. ඒවගේම කොරියාව කොරියානු සිනමාව අභිබවා හොලිවුඩ් සිනමාව ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුනා.
1996 වර්ෂය කොරියන් සිනමාවෙ වැදගත් සන්ධිස්තානයක් වෙනව. ඒ එවකට තිබුනු පාලනය විසින් විදේශ චිත්‍රපට සීමා කිරීමයි. මේ හේතුවෙන් කොරියන් සිනමාවෙ ප්‍රබෝධයක් ඇතිවෙන අතර නව නිර්මානකරුවන් රැසක් කල එලි බහිනව. ලොව පුරා ජනප්‍රිය Lee Chang-dong,Kim Ki-duk වැනි කලාකරුවන්ගේ ආගමනයත් මේ සමග සිද්දවෙනව. 1999 නිකුත්වුන Shiri. චිත්‍රපටය නිසා ලොවපුරා ජනතාවගෙ අවධානය කොරියන් සිනමාව වෙත යොමුවුනා.ඉන්පසුව ලොව පුරා කොරියන් චිත්‍රපට උලෙලවල් පැවතුන අතර සීග්‍රයෙන් දියුනුවෙන් දියුනුවට පත්වුනා.
Action.Horror,thriller,romance,war යන වර්ගවලට අයත් කොරියන් චිත්‍රපට බහුලව පැවතුනත් මේ ත්‍රෙඩ් එකේ මූලිකම අරමුණ Romance කාණ්ඩයට අයත් චිත්‍රපට ගැන කතාකිරීම. බෝහෝවිට මෙම චිත්‍රපට වල කතා තේමාවන් වෙනස් මුහුනුවරක් ගන්නව. ඒ වගේම ලබා ගැනීම වෙනුවට කැපකිරීම වැනි විවිද අර්තයන් ඔස්සෙ ආදරය තේමාකරගත් කොරියන් චිත්‍රපට නිර්මානය වෙනව.
http://londonkoreanlinks.net/wp-content/uploads/2011/01/Discovering-Korean-Cinema-460-copy-2.jpg
මේ ත්‍රෙඩ් එකෙන් මම පුලුවන් තරම් හොඳ චිත්‍රපටි එලකිරි සාමාජිකයන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව.ඒකට හැමෝගෙම සහයෝගය අවශ්‍යවෙනව. හැබැයි මූලික ගැටලුව ටොරන්ට් ලබාදෙන්න නොහැකියාව. බොහෝ චිත්‍රපටවල torrents අන්තර්ජාලය හොයාගන්න නැති බව කනගාටුවෙන් වුනත් කියන්න වෙනව. ඒ වුනත් youtube,viooz,dailymotion,stagevu,veoh links ඉදිරිපත් කරන්න පුලුවන්.
Idm හෝ downloadhelper firefox Addon මගින් චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරගන්න. ඉංග්‍රීසි උපසිරැසි ලබා ගැනීමට subscene,subtitle seeker,allsub.org වැනි වෙබ් අඩවිවලට පිවිසෙන්න.

හඳුන්වා දීමක් විදියට මුලින්ම වඩාත් ජනප්‍රියවුන චිත්‍රපටි කීපයක් දෙන්නම්.

A Moment to Remember
ඉදිකිරීම් කටයුතු කරන ගෘහ නිර්මාණ ශිල්පියෙක් සහ අදාල ආයතනයෙ හිමිකරුගෙ දුව අතර ගොඩ නැගෙන සම්බන්ධයක් වටා කතාව නිර්මානය වෙලා තියෙනව. යම් මට්ටමකට යතාර්ථයෙන් පරිබාහිර වුවත් චිත්‍රපට තුල වැදගත් පනිවිඩයක් ප්‍රේක්ෂකයා වෙත ලබා දෙනව.මෙම චිත්‍රපටය ඇසුරෙන් 2008 දි U Me Aur Hum නම් බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මානය වෙලා තියෙනව.
ඒ වගේම මේකට සින්හල උපැසිරසි තියෙනව.
My sassy girl
මෙම චිත්‍රපටය කලකට පෙර කොරියානු තරුණයෙක් විසින් අන්තර්ජාලයට ඉදිරිපත් කල සත්‍ය සිදුවීම් පෙලක් ඇසුරින් නිර්මානය වෙලා තියෙනව. මෙහෙත් සිනමා ඉතිහාසයේ ඉදිරිපත්වුන හොඳම ආදරය පදනම් වුන චිත්‍රපටයක් ලෙස අඳුන්වන්න පුලුවන්. හොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙක් 2008 වසරේදී මෙම නමින්ම මේ චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කලද එය අසාර්ථක වුන අතර Ugly Aur Pagli බොලිවුඩ් චිත්‍රපටය, My Sassy Girl 2 චීන චිත්‍රපටය සහ Maa Iddhari Madhya තෙලිඟු චිත්‍රපටය මෙම මුල් නිර්මානය පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙනව.
Always
යම් තරමක වෙනස් කතා තේමාවක් සහිත මෙම සිනමා නිර්මාණය බොක්සින් ක්‍රීඩකයෙකු සහ අන්ධ තරුනියක් අතර ගොඩ නැගෙන සම්බන්ධය වටා කතාව දිවයනව. කතාවෙ සිටින හිටපු බොක්සින් ක්‍රීඩකයා විසින් තම පෙම්වතියගෙ දෑස් සුව කිරීමට ගන්න ප්‍රයත්නය අපූරුවට නිර්මානය කරල තියෙනව. ලන්කාවෙ ප්‍රේක්ෂකාගාරෙට ගැලපෙන චිත්‍රපටයක්.
The classic
මේ කතාවෙ තියෙන්නෙ දුවෙක්ට තමන්ගෙ අම්මගෙ පරන ලියුම් වගයක් මුනගැහෙනව.. ඒ ලියුම් වලට අනුව අම්මගෙ පරන ආදර කතාවක් එලිවෙනව. මේ වෙනකොට අම්මා ජීවතුන් අතර නැහැ. අමුතුම ආකාරයේ අදහසක් චිත්‍රපටය තුල ගැබ්වෙලා තියෙනව. ඒවගේම අපි හිතන විදිය නෙමෙයි චිත්‍රපටයෙ අවසානය සිද්ධවෙන්නෙ.
My girl and I
එක දවසක් මේ කතාවට අදාල තරුණය මූදෙ ගිලෙන්න යනව එතකොට වෙනත් තරුණියක් මොහුව බේරගන්නව. හැබැයි තරුණයට තමා බේරගත්ත කෙනාව හොයාගන්න බැරිවෙනව. එහෙත් පසුව පාසල් ප්‍රේමයක් ගොඩනැගෙන අතර. ඔවුන්ට දරුනු ඉරණමකට මුහුන දෙන්න වෙනව.
අනිත් කොරියානු චිත්‍රපටවල මෙන්ම මේ චිත්‍රපටවලත් ව්‍යංගාර්ථයෙන් අපේ ජීවිතවලට වැදගත් පණිවිඩ ඉදිරිපත් කරල තියෙනව. ඒවගෙ දේවල් වලින්ප්‍රයෝජනයක් ගන්න. අනික මේවගේ වෙනත් චිත්‍රපට මේ ත්‍රෙඩ් එකට ඉස්සරහට දාන්නත් හිතාගෙන ඉන්නව කැමති අය බුක්මාර්ක් කරගන්න. අනිත් අයත් bump එකක්වත් දාන්න.

අලුත්ම චිත්‍රපට සඳහා ඉදිරිපිටු බලන්න
මේ කාලෙ කොරියානු චිත්‍රපටි රැල්ලක් විදියට ලොව පුරා ප්‍රචලිත වෙන යුගයක් නිසා ඒ වෙනුවෙන්ම විශේෂ ත්‍රෙඩ් එකක් දාන්න හදන්නෙ. හැමෝම සාදරයෙන් පිලිගන්නව එහෙමනම් කෙලින්ම කතාවට බහිමු