සිංහල_කෙල්ලක්‌ සොරකුගේ ඉලඇට කඩයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    සිංහල_කෙල්ලක්‌ සොරකුගේ ඉලඇට කඩයි

    සිංහල කෙල්ලක්‌ සොරකුගේ ඉලඇට කඩයි


    girl.jpg




    මැයි මාසය කියන්නේ එංගලන්තයට වියළි කාලයක්‌. කුමක්‌ හෝ කාරණයක්‌ නිසා වසරේ මැද මාසවලදී එංගලන්තයේ කඩ සාප්පු කොල්ල කන කුඩා ප්‍රමාණණයේ සොර කණ්‌ඩායම්වල ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යනවා. පසුගිය අවුරුද්දේ (2013) මැයි මාසයේ 27 වැනිදා එංගලන්තයේ බෙඩ්ෆර්ඩ්ෂයර් ජනපදයේ කෝරළයක හටගත් සොරකම් කිරීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ නඩු විභාගයක තීන්දුව නොබෝදා බෙඩ්ෆර්ඩ්ෂයරයේ ලුටන් අධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරුණා. මෙහි විත්තිකරුවන් වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක්‌. ඉන් එක්‌ අයකු වසර 02 හිරගෙට යෑවීමට රාජ නීතිඥයකු වූ විනිසුරු ෆිල්ප් බර්ටි පියවර ගත්තා. මේ කතාවේ වැදගත්ම කොටස වන්නේ නඩුවේ පැමිණිලිකාරිය සිංහල තරුණියක වීමයි. ඒ කතාව මෙසේයිá

    බෙඩ්ෆර්ඩ්ෂයර් කියන්නේ එංගලන්තයේ නැඟෙනහිර කොටසේ තිබෙන ජනපදයක්‌. ක්‍රිස්‌තු වර්ෂ 900 දී පිහිටුවන ලද ඓතිහාසික ජනපදයක්‌ වන මෙය ඉපැරැණි එංගලන්තයේ පැවැති ප්‍රදේශ වෙන් කිරීමේ සම්ප්‍රදායයට අනුව කෝරල 9 කට බෙදා තිබුණා. වසර 2002 දී මේ නගරයේ ඓතිහාසික වටිනාකම මාකට්‌ කිරීමට තීරණය කරන එංගලන්ත රජය එහි යටිතල පහසුකම් වැඩි දියුණු කර ප්‍රදේශය පුරාම අලුත් සුපර් මාකට්‌, අවන්හල් සහ පෙට්‍රල් ෂෙඩ් පිහිටුවනවා. පෙට්‍රල් ෂෙඩ් එකක්‌ කියන්නේ දියුණු යුරෝපීය වාණිජවාදය තුළ ඇති වෙළෙඳ කේන්ද්‍රස්‌ථානයක්‌. එංගලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි රටවල් වැඩි හරියක පෙට්‍රල් ෂෙඩ් එකක්‌ සමඟÊසුපිරි වෙළෙඳසලක්‌, අවන්හලක්‌, බාර් එකක්‌, මෝටර් රථ අමතර කොටස්‌ වෙළෙඳහලක්‌ යනාදිය තිබෙනවා. මෙවිට වාහනවලට තෙල් ගැසීමට වන අය අවන්හලෙන් කෑම කා බාර් එකෙන් බීර බී සුපර් මාකට්‌ එකෙන් බඩු මිලට ගෙන මෝටර් ස්‌පෙයාර් පාට්‌ස්‌ කඩයෙන් තම රියට අවශ්‍ය අමතර කොටසකුත් දාගෙන තම ගමන යනවා. මෙසේ සමූහ වශයෙන් නොවන පෙට්‍රල් ෂෙඩ්, ස්‌පෙයාපාට්‌ කඩ, සුපිරි වෙළෙඳශාලාත්, එංගලන්තයේ තැන තැන නැතිවා නොවෙයි. ඒත් ඒවා හුදෙකලා තැන්. එයට හේතුව පෙර කී ආකාරයේ සමූහ වෙළෙඳපොළ සංකල්පයේ පෙට්‍රල් ෂෙඩ්වලට එන තරම් ජන සමූහයක්‌ ඒවාට නොපැමිණීමයි. බෙඩ්ෆර්ඩ්ෂයර් ජනපදයට අයත් කෝරල නවයෙන් එකක්‌ වන්නේ ක්‌ලෆaටන් ප්‍රදේශයයි. මෙහි හුදෙකලා මෝටර් ස්‌පෙයාපාට්‌ස්‌ තිබෙනවා. එයින් එක පෙට්‍රල් ෂෙඩ් එකක රාත්‍රි සේවා මුරයේ මැනේජර් ලෙස කටයුතු කළේ සිංහල කෙල්ලක වූ 27 හැවිරිදි රසිකා යකන්දාවලයි. පසුගිය වසරේ මැයි 27 වැනිදා රාත්‍රියේ එම පෙට්‍රල් ෂෙඩ් එකට කඩා වැදුණු හොරුන් දෙදෙනකුගෙන් එකකුට පහර දී පන්නා දැමීමට ඇයට හැකි වුණා. ඔවුන් අතුරින් වැඩිපුරම ගුටි කන්නට සිදුවුණේ මැනි බක්‌ලන්ඩ් නමැති හොරාටයි. ඔහුගේ වයස අවුරුදු 39 යි. ඔහුගේ සහකාර වූ 41 හැවිරිදි ස්‌ටුවර්ඩ් බැටම්ස්‌ නමැති හොරා ගුටි කමින් සිටින තම මිත්‍රයා වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් වුණත් ඒ අදහස වහාම ඉවත් කර ගෙන පැන දුවනවා. මේ හැම දෙයක්‌ ම එම වෙළෙඳසල් සවි කර තිබෙන CCTV කැමරාවල සටහන්ව තිබුණා. අදටත් Mail Online වෙබ් අඩවියට ගොස්‌ මේ පිළිබඳ සම්පූර්ණ වීඩියෝව නරඹන්නට පුළුවන්.


    girl2.jpg



    රසිකාගේ වෙළෙඳසල කොල්ලකන්නට එන මැනි බක්‌ලන්ඩ් මුලින්ම කරන්නේ වෙළෙඳසලේ කැෂියර් ලාච්චුව දෙසට නැමී රසිකා තල්ලු කර දමා ලාච්චුව ඇර එහි තිබෙන කාසි සහ නෝට්‌ටු ගන්නට තැත් කිරීමයි. එවිට රසිකා ඔහුගේ හිසකෙස්‌වලින් ඇද තමා පැත්තට ගෙන බිම දමා පහර දෙනවා. ඒ සමගම ඔහු කැෂියර් ලාච්චුවේ මේසය හරහා රසිකාගේ ග්‍රහණයට හසු වී ඇදී ආ පරිදිම ඇගෙන් මිදී මේසය දිගේ ඇදී ගොස්‌ බිමට පැන දිව යනවා. CCTV කැමරාවේ ඉතිරි කොටසෙහි සටහන් වී තිබෙන්නේ මැනි බක්‌ලන්ඩ් පැන දුවන ආකාරය සහ රසිකා ඔහු අල්ලා ගැනීමට පසුපසින් පන්නා ගෙන යන ආකාරයයි.

    රසිකාගෙන් ගුටි කෑ පළමුවන විත්තිකරුවන මැනි බක්‌ලන්ඩ්ගේ ඉල ඇට කිහිපයක්‌ බිඳී ඇති බව ඔහුගේ නීතිඥයන් විනිසුරුට කීවත් එය සැලකිල්ලට ගැනුනේ නැහැ.

    මේ අතර අපරාධකරුවන් ඉදිරිපිට නොසැලී සිටි මේ තරුණිය එංගලන්තයේ Superstation Award 2013 සම්මාන උළෙලේ අවසන් වටයට තෝරා ගෙන තිබෙනවා.





    source divaina via dailymailUK
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එච්චර තදින් ගහන බවක් නම් පේන්නේ නෑ බන්. ඉල කැඩෙන්න තරම්. කොන්ඩෙන් අදිනව වගේ මම දැක්කේ :D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    එච්චර තදින් ගහන බවක් නම් පේන්නේ නෑ බන්. ඉල කැඩෙන්න තරම්. කොන්ඩෙන් අදිනව වගේ මම දැක්කේ :D


    ඔය කියන්නේ අර තල්ලු කරපු පාරට වැටෙන එක වෙන්න ඇති.උගේ කොන්ද වැදිලා ඉල ඇට කැඩෙන්න ඇති.:D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේ මොකද්ද මේ :confused: මුගේ කැඩිච්ච ඉල ඇටයක් නෑ අරූ සල්ලිත් අරං පනිනවද කොහෙද උබ කියන කතාවට සම්පුර්ණ වෙනස් දෙයක් තමයි මට නං වීඩියෝ එකේ පේන්නේ :rolleyes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    පිස්තෝලයක් අරං ආව නම් ඉවරයි , කොහොමත් මෝඩ හොරෙක්, පිහියක් වත් නැතුව හොරකමේ ගිය පිං ගොනා :D

    කෙසේ වෙතත් ලංකාවේ නම තැබූ ඇයට අපගේ ආචාරය :yes:

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;16204677 said:
    උගෙ ඉල ඇට කැඩිල්ල කෙසේ වෙතත් අර ගෑනිගෙ පුකට ඇඟල්ලක් ගහලා දිවුවා වගේ මම දැක්කෙ :lol:

    :lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ මොකද්ද මේ :confused: මුගේ කැඩිච්ච ඉල ඇටයක් නෑ අරූ සල්ලිත් අරං පනිනවද කොහෙද උබ කියන කතාවට සම්පුර්ණ වෙනස් දෙයක් තමයි මට නං වීඩියෝ එකේ පේන්නේ :rolleyes:

    :lol::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ila ata kese wethath me vidihata sheap una eka hodai,
    oya job eka kellekta thiya kollektawath galapenne naha.
    source divaina meka maha moda paththarayak
    meke liyana ewun article liyanne lankawe minissu
    loke inna modama jathiya kiyala hithagena
     
    Last edited: