බල්ලෝ ගැන

Dec 5, 2012
46
17
0
කාලෙකින් දැක්කෙ නැති post එකක් දාන්න හිතුවා මම...
කාලෙකින් දැක්කෙ නෑ කිව්වට අමනාප වෙන්න එපා, මම EK එකට අළුත් හින්දා වෙන්න ඇති.:yes:


මම අද මුලින්ම කියන්න හදන්නෙ Rottweiler බල්ලෝ ගැන

මෙයාලගේ history එක රෝමානු කාලයටම යනව කියලයි අන්තර්ජාලයේ නම් තියෙන්නේ. ඒ කාලේ මෙයාලව ගවපල්ලෝ විදියටලු ගොඩාක් යොදාගත්තේ. ඊට අමතරව ගෙවල් වල ආරක්ෂාවට තමා.

සම්භවය - ජර්මනිය
වර්ණය - කළු පසුබිමේ දුඹුරු අල්ප වශයෙන්
උස - ආසන්න වශයෙන් සෙන්ටි මීටර 55 සිට 70 දක්වා
බර - කිලෝ 35 සිට 60 දක්වා
ආයු කාලය - අවුරුදු 9 සිට 10 දක්වා
ස්වභාවය - calm ලු :P,විශ්වාස කරන්න පුළුවන්ලු,බය නෑ,හොඳ ඉවක් තියෙනවා

සමහර රටවල ඇති කරන්න තහනම් කරපු විශේෂයක් තමයි මෙයාලා. ඒ තරමට මෙයාලා දරුණුයි. ඒත් සමහර රටවල k-9 unit වල ගොඩාක්ම ඉන්නෙත් මෙයාලම තමා. මෙයාලව හදනවනම් පොඩි කාලෙ ඉඳන්ම හදන්න කියලයි මම නම් කියන්නේ. මෙයාල කීකරු වෙන්නේ එක් කෙනෙකුට විතරයි. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඒකයි කිව්වේ පොඩි කාලේ ඉඳන් ටිකක් තරවටු කරල එක් කෙනෙකුට බය කර ගන්න ඕනේ.නැත්නම් ලොකු වෙනකොට කරදරයි.

පොඩි ළමයි,වයසක අය පේන්නම බෑ. එහෙමනම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩි කාලේ ඉඳන් බල්ලට ඒ අය හුරු වෙන්න ඕනේ. තරහක් ආපු වෙලාවට පිටි පස්සේ කකුල් දෙකට බර දීගෙන වගේ තමා ඉන්නෙ.ඕන උන ගමන් දුවන්න වගෙ තමා. ඔළුව කෙලින් කරගෙන බලන් ඉන්නවා, ඇස් දෙක රතු වෙනවා.. ඇත්තම කිව්වොත් ඒ look එකත් ඇති බය වෙන්න... හැබැයි කොච්චර තරහා ආවත් ප්‍රතිවාදියා action එකක් දෙනකන්ම එහෙමම ඉන්නවා.

ප්‍රතිවාදියා තමන්ගේ සීමාවට ආවොත් සුම්මා තමා...හැබැයි ප්‍රතිවාදියා හැරිලා යනවනම් පන්නගෙන යන්නෙත් නෑ...තමන්ගේ සීමාව ගැන හොඳ මීටරයක් ඔළුවේ තියාගෙන ඉන්නේ...

මේ දේනම් අනිවාර්යෙන්ම මතක තියා ගන්න. බල්ලා මොකේකට හරි කේන්තියෙන් නම් ඉන්නේ කවදාවත් බල්ලව අත ගාන්න යන්න එපා. ඌ මොකෙක් හරි පස්සෙ එලෝනවනම්, එහෙම නැත්නම් කාව හරි(මොකෙක්ව හරි ) කනවනම් ඒක ඉවර වෙනකන් ඉන්න. අපිත් මැද්දට ගියොත් ඌ අපිටත් පනින්න පුළුවන්.

මිනිස්සුන්ගේ ඇඟේ දුර්වල තැන් හොඳට දන්න බල්ලෙක් තමයි. වල් බල්ලෝ වගේ කාගෙන කාගෙන යන්නෑ. ඉක්මන්ටම අඩපණ කරන්න තමා බල්න්නේ. ඒ හින්දා කකුලේ මස් ගොබෙන් තමා එල්ලෙන්නේ. එ කිව්වේ කකුලේ calf muscle එකෙන්. එහෙම නැත්නම් අතේ bicep muscle එකෙන්,වැලමිට හරියේ muscle වලින්. කටට අහුවුණොත් මස ඉරා ගන්නකන් ගැලවිලි බොරු. බිම පෙරළ ගත්තොත් නම් ඇටකටු තමා.

මේ කොච්චර දරුණු උනත් සෙල්ලම් කරන්න පුදුම අසාවක් තියෙන්නේ. ඇඟේ හැටියට නෙමේ දුවන්න ගියහම. ඒ වගේම තමා පීනන්නත්. ගෙදරක හදනවනම් ටිකක් දුවෝලා මහන්සි කරවන්න ඕනේ. නැත්නම් heart attack එනවා මෙයාලට.

මම නම් කියන්නේ හදනවනම් මේ වගේ බල්ලෙක්වම තමයි හදන්න ඕනේ. ආරක්ෂාවට වගේම ආදායමටත් එක්ක. මොකද මේ වර්ගයේ හොඳ පැටියෙක් රුපියල් 25000-35000 ත් අතර වෙනවා...එක පාර පැටව් 6 දැම්මොත් 25000*6=150000. මාස තුනෙන් තුනට පැටව් ගන්න පුළුවන්. ඒත් ඒක බලු අම්මට හොඳ නැති වෙන්න පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්දනම් අවුලක් නැතුව ඇති...ඉතින අමතර ආදායමක් විදියට පාදුවක් නෑනේ... හැබැයි පැටියා කාලෙදි හොඳ doctor කෙනෙකුට පෙන්නලා ඕන කරන බේත් හේත් දෙන්න...වියදමකට තියෙන්නේ ඒක විතරයි...ඊට පස්සේ ඉතින් හොඳට නාවලා කරලා අවුරුද්දක් ගානෙ බේත් ටික විදින එක විතරයි.

තව කියන්නනම් තියෙනවා. ඒත් type කරන්න කම්මැලියි. දත කාගෙන type කළේ. ඒකට සළකලා යන්න. Bump උනත් කමක් නෑ.
 

Attachments

  • Rottweiler3.jpg
    Rottweiler3.jpg
    62.7 KB · Views: 173

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් Labrador ගැනත් කියපන්. මම ආසම Labrador උන්ට .හැබයි උන් ගාව එන ගද නම් මට අල්ලන්නේ නෑ. නාවලා පැයක් යන්න බෑ ආයේ ගදයි. මොකද බන් ඒ.
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මචන් Labrador ගැනත් කියපන්. මම ආසම Labrador උන්ට .හැබයි උන් ගාව එන ගද නම් මට අල්ලන්නේ නෑ. නාවලා පැයක් යන්න බෑ ආයේ ගදයි. මොකද බන් ඒ.

    එහෙම සීන් එකක් නෑනෙ බන්, අපේ ගෙදරත් කලින් හිටිය එකෙක්
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මමත් මේ එක්කෙනෙක් අරන් හදන්න තමා හිතාගෙන ඉන්නෙ :yes::yes::yes:
    7
    +
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මචන් මට බලු පැටියෙක් හම්බුනා, පිරිමි සතෙක්, උගේ තාත්තා ඩැල්මේශන් එකෙක්, අම්මා ජ්ර්මන් ශෙපර්ඩ් එකියක්,:eek: මට කියපන්කො එහෙම බල්ලෙක් අවුලක් නැද්ද? පුලුවන්නම් ඒ වගේ එකෙක්ට කියන නම හොයලා කියපන්කො,:confused: මේක මචන් අයිති අය දැනුවත්ව වෙච්ච දෙයක් නෙමෙයිලු, එයාලා සීන් එක දැකලා තියෙන්නේ පස්සෙනේ,
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    මචන් මට බලු පැටියෙක් හම්බුනා, පිරිමි සතෙක්, උගේ තාත්තා ඩැල්මේශන් එකෙක්, අම්මා ජ්ර්මන් ශෙපර්ඩ් එකියක්,:eek: මට කියපන්කො එහෙම බල්ලෙක් අවුලක් නැද්ද? පුලුවන්නම් ඒ වගේ එකෙක්ට කියන නම හොයලා කියපන්කො,:confused: මේක මචන් අයිති අය දැනුවත්ව වෙච්ච දෙයක් නෙමෙයිලු, එයාලා සීන් එක දැකලා තියෙන්නේ පස්සෙනේ,

    ජ්ර්මේශන්