උතුරේ සම්මත වූ යෝජනා 12 මෙන්න
පසුගිය 27 වන දින රැස්වූ උතුර පළාත් සභාව විසින් යෝජනා 12ක් සම්මත කරගෙන තිබේ. එම යෝජනා 12 මෙසේ වෙයි.
පසුගිය 27 වන දින රැස්වූ උතුර පළාත් සභාව විසින් යෝජනා 12ක් සම්මත කරගෙන තිබේ. එම යෝජනා 12 මෙසේ වෙයි.
- මුල්ලිවායික්කාල්හිදි මිය ගිය දහස් සංඛ්‍යාවක් ජනතාව වෙනුවෙන් අනුස්මරණ ස්මාරකයක් ඉදිකල යුතුය.
- පුදුකුඩියිරුප්පු ප්‍රාදේශිය රෝහලේ රෝගීන්ගේ සංඛ්‍යාව අවධානයට ගෙන එය මූලික රෝහලක් ලෙසට තත්වය උසස්කල යුතුය.
- මුලතිව් ප්‍රදේශයේ ඉඩම් නැති පුද්ගලයින්ට, ඉඩම් අයදුම්කල පුද්ගලයින්ට ඉඩම් ලබාදිය යුතු බව ඉල්ලා සිටිය යුතුය.
- ශ්‍රී ලංකාවේ හමුදාව විසින් දෙමළ ඊළාම් මාතෘ භූමියේ, දෙමළ ජනතාවට එරෙහිව සැළසුම් සහගතව සිදුකරන්නේ ජාති ඝාතනයක් බව ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වාදිය යුතුය. මෙම යෝජනාවේ සඳහන්කර තිබූ, “සැළසුම් සහගත ජාති ඝාතනයන්” යන වචනය “ජාති ඝාතනයට සමාන” යන්නත් දෙමළ ජනතාව යනු නිරතුරුවම අපගේ ජනතාව බවත්, විවාදයකින් පසු වෙනස් කර ඒකමතිකව සම්මත කරගෙන ඇත.
- ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් අපට කිසිදු විශ්වාසයක් නොමැති අතර, කිසිදු දේශිය ක්‍රමවේදයක් තුලින් දෙමළ ජනතාවට යුක්තිය හෝ දේශපාලන විසඳුමක් කිසිදු විටෙක ලබා දෙනු ඇතැයි යන්න පිළිබඳව විශ්වාසයක් නොමැත. එබැවින් දේශිය ක්‍රමවේද සියල්ලක් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම.
- දෙමළ ජනතාවට එරෙහිව සිදුකල යුද අපරාධ, මානුෂ්‍යත්වයට එරෙහි වරදවල්, “ජාති ඝාතනයට සමානය”යන පදනමින් පරීක්ෂණ පැවැත්වීමට, ජාත්‍යන්තර ස්වාධින පරීක්ෂණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය මත සිදුකල යුතු බව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කිරීම.
- මන්නාරම තිරුකේදීශ්වරම් සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකරන අභ්‍යන්තර පරීක්ෂණ සහ රසායනික පර්යේෂණ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණ කණ්ඩායමක සහයෝගය ලබාගෙන සිදුකල යුතුයි.
- ප්‍රථමයෙන් දෙමළ භාෂවෙන්ද, දෙවනුව සිංහල භාෂාවෙන්ද, තෙවනුව ඉංග්‍රීසි භාෂාවෙන්ද උතුරු පළාතේ රාජ්‍ය ආයතන වල නාම පුවරු සියල්ල සකස් කල යුතුය.
- මුලතිව් දිස්ත්‍රික්කයේ මුතියන්කට්ටු වැවට බටහිරෙන්, හමුදා පුහුණු කඳවුර ආසන්නයෙන් දෙමළ ජනතාවගේ කිරි ගවයන් 2000කට වැඩි ප්‍රමාණයක ගොවිපලක් හමුදාව විසින් පවත්වාගෙන යයි. එය උතුරු පළාත් සභාව යටතට ගෙන, අදාල ගවයන් හිමිකරුවන් වෙත ලබාදිය යුතු අතර, ඉතිරි ගවයන් ගොවිපලක් සකස් කර නඩත්තු කර, එමගින් අදායම් ලබා ගැනීමට කටයුතු කල යුතුය.
- උතුරු පළාතේ නිදැල්ලේ සැරිසරන ගවයන්, සොරකම් කර මස්කිරීම සිදුවේ. තවද එම ගවයින් මාර්ග අනතුරුවලට හේතුවක්ද වී ඇත. උතුරු පළාත් සභාව විසින් එම ගවයන් අල්ලා, හිමිකරුවන්ට ලබාදිය යුතුය. ඉතිරි ගවයන් ගොවිපළවල් සකස් කර නඩත්තු කල යුතු බව අවධාරණය කර ඉදිරිපත්කල යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරු පළාත් කෘෂීකර්ම අමාත්‍යවරයා, “මෙම ගවයන්ගෙන් කිරි දොවා ගැනීමට නොහැකි තත්වයක් දැක ගැනීමට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැළැස්මක් සකස් කර කටයුතු කල යුතුයි” යනුවෙන් ප්‍රකාශ කර ඇත. එම එකඟතාවයට අනූව එම යෝජනාව සම්මත කර ඇත.
- වව්නියාවේ පූන්තෝට්ටම් සමුපකාර පුහුණු පාසැල සහ මන්නාරම සමුපකාර සංගම් කාර්යාලය යනාදීයේ සිටින හමුදාව ඉවත්වී එම ගොඩනැගිලි භාරදීය යුතුය.
- බ්‍රිතාන්‍ය අගමැතිවරයා යාපනයේ සංචාරය කර, යාපනයේ තත්වය සොයා බැලිම සම්බන්ධයෙන් ස්තුතිය පලකල යුතුය.
මුන්ට පූදින්න ඉඩ දුන්නා වැඩි...... 