Android Apps ඩිරෙක්ට් බාමු

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Android Apps ඩිරෙක්ට් බාමු

    ඔන්න ඉතින් එහෙනම් අදත් පොඩි පහේ එලකිරි පෝස්ට් එකක් දාන්න යන්නෙ.
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියෙන අයට නම් සෑහෙන වටින දෙයක් මේ කියන්න යන්නෙ.
    මේ ට්‍රික් එකෙන් ඔයාලාට පුලුවන් කැමති වෙලාවක ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කෙලින්ම ෆෝන් එකෙන් හරි මැෂින් එකෙන්ම හරි ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ඉතින් ඩේටා එහෙමත් ඉතුරුයි නේ!
    මේක ඇත්තටම පොඩි එක්ස්ටෙන්ෂන් එකක්.
    මන් තාම ගූගල් ක්රෝම් වලට විතරයි චෙක් කරලා තියෙන්නෙ.
    එහෙනම් දැන් කතා ඇති වැඩේට බහිමු..

    apk-big.png


    හරි එහෙනම් ඉස්සෙලාම මේ එක්ස්ටෙන්ෂන් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
    http://codekiem.com/apk-downloader/crx/1.4.3.crx


    දැන් ගූගල් ක්රෝම් වල Settings වලට ගිහින් Extensions කියන එක click කරන්න.
    කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත එක්ස්ටෙන්ෂන් ෆයිල් එක drag and drop කරන්න.
    එක්ස්ටෙන්ෂන් එක නම් ඉන්ස්ටෝල් කරලා ඉවරයි දැන් තියෙන්නෙ settings හදන එක. :cool:
    ඇඩ්‍රස් බාර් එකෙ දකුනු පැත්තෙ තියෙන Play Store icon එක උඩ රයිට් click කරලා Options කියන එක click කරන්න.
    දැන් Play Store එකට use කරන Gmail එකයි password එකයි Device ID එකයි දීලා ලොග් වෙන්න.

    options.png


    මෙන්න මෙහෙමයි ඩිවයිස් ID එක හොයා ගන්නෙ.

    *#*#8255#*#* කියන කෝඩ් එක ගැහුව ගමන් ඩිවයිස් ID එක එනවා.
    ටැබ් එකක් වගේ යූස් කරනවා නම්, Play Store ගිහින් "Device ID" කියන ඇප් එක ඉන්ස්ටෝල් කරලා ID එක හොයාගන්න පුලුවන්. :yes:

    device+id.png


    දැන් ඉතින් වැඩේ හරිනෙ..කරන්න තියෙන්නෙ Play Store එකේ ඕන කරන ඇප් එක තියෙන page එකට ගියා APK ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තා. :cool:

    icon+on+address+bar.png


    එහෙනම් අපි ගියා. කැමති අය සලකලා ගියාට වරදක් නෑ.. ;)
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Thanks for the share bro :cool:
    You must spread some Reputation around before giving it to podi.kollo again.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :lol: meke link paste karanda oni na bn.
    anika oya site ekenma dena extension ekek tma meka.
    balapan kokada lesi kiyala.

    හැම එකා ළගම Google Chrome නෑ. Chrome Extensions වෙන Browser වලට වැඩ නෑ. මම ඕක දැක්කා උබ කියන්න ඕන නෑ නමුත් ඕක වැඩ Chrome වලට විතරයි එතකොට අනෙක් Browser වල් use කරන එවුන්ට ඕකෙන් තේරුමක් නෑ. Link Copy Paste කරන එක Rocket science එකක් නෙවෙයි.
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    හැම එකා ළගම Google Chrome නෑ. Chrome Extensions වෙන Browser වලට වැඩ නෑ. මම ඕක දැක්කා උබ කියන්න ඕන නෑ නමුත් ඕක වැඩ Chrome වලට විතරයි එතකොට අනෙක් Browser වල් use කරන එවුන්ට ඕකෙන් තේරුමක් නෑ. Link Copy Paste කරන එක Rocket science එකක් නෙවෙයි.

    ithin man qwada chrome extension wena browser walata wada karanawa kiyala :lol: uba maara kathawak ne kiyanne..ithin chrome use nokarana ekek meka danagatta kiyala ubata mokada? ithin uba kamathi nam copy paste karaganinko bn.:lol: