පාඩම් කරුණු දීර්ඝ කාලීන මතකයට එක්කර ගනිම&#3540

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    පාඩම් කරුණු දීර්ඝ කාලීන මතකයට එක්කර ගනිම&#3540

    පාඩම් කරුණු දීර්ඝ කාලීන මතකයට එක්කර ගනිමු







    ඇස, කණ, නාසය, දිව, සම යන සංවේදී අවයව පහෙන්ම මොලයට ඇතුලු වෙනු ලබන තොරතුරු සමූහයම මතකයේ රැන්දෙන්නේ නැහැ. විභාගයකට සූදානම් වීමට ප්‍රථම තමාගේ මතක ශක්තිය හොඳ මට්ටමකට ගෙන ඒමට මතක වර්ධනය වන දේ කල යුතුයි. සුළු වේලාවක් හා දීර්ඝ කාලයක් මතකයේ රැදෙන විවිද තොරතුරු ස්වභාවයෙන්ම අපගේ මානසික සෞඛ්‍ය යහපත් වීම සදහා මතක ගබඩාවේන් කාලයත් සමග අමතක වී යනවා.නමුත් විභාගයකට සූදානම් වන්නෙකුට ‍වගේම ඕනෑම අයෙකුට යම් තොරතුරු ප්‍රමාණයක් දීර්ඝකාලීනව තම මතකයේ තබාගැනීමට එම මතක තබා ගන්නා ලද තොරතුරු නැවත ස්මරණ කිරීම සහ යාවත්කාලීන වීම වැදගත් වනවා. ඒ සදහා ඔබට මෙම තොරතුරු වැදගත් වේවි.
    01: ඔබ අධ්‍යයන විෂයට හා එම මාතෘකාවට ඔබගේ සම්පූර්ණ අවධානය යොදවන්න.

    මතකයේ ප්‍රධානම ලක්ෂණය අවධානයයි. ඔබට අවධානය නොමැතිව කිසිඳු දෙයක් ඉගෙනීමට නොහැකිය.යම් තොරතුරක් මුලින්ම කෙටි කාලීණ මතකට පවා ඇතුලත් වීමට අවධානය කියන දේ අවශ්‍යයි. ඔබ අවධානය යොදනු ලබන ප්‍රමාණය මත සහ ක්‍රම මත එම තොරතුරු කෙටි කාලීණ මතකයේ සිට දීර්ඝකාලීණ මතකයට යනු ලබන ප්‍රමාණය තීරණය වේ.ඔබට අවට පරිසරයේ උස් හඩක් පවා නොඇසෙන තරමේ අවධානයක් යෙදවිය හැකිනම් අනිවාර්යෙන්ම එම තොරතුරු ඔබගේ දීර්ඝ කාලීන මතකයේ රැදෙනු ඇත. කෙසේ වෙතත් ඔබගේ උනන්දුව මත අවධානය වෙනතකට යොමු වන දේවල් වලින් ඈත් වීම සිදුවේ.රූපවාහිණිය නරඹණ ගමන් සහ රේඩියෝවට සවන් දෙන ගමන් හොඳින් පාඩම් කරන විට අපගේ සම්පූර්ණ අවධාණය කොටස් ‍වලට බෙදීයයි. මතකයෙහි ඉහල ‍ප්‍රතිඵල ලැබීමට නම් එක් වරකට එක්දෙයක් පමණක් කල යුතුය.
    02: තොරතුරු සියල්ලම කටපාඩම් කිරීමෙන් වලකින්න.

    ඔබ යම් විශය කරුනක් ඉගෙනීමේදී එහි ඇති සියලුම විශය කරුණු රාශියක් කටපාඩම් කිරීමෙන් ඔබට නිසි ප්‍රතිඵල අත්නොවෙනු ඇත. කල යුත්තේ යම් දෙයක් පාඩම් කරණවිට හැකිතරම් එයට සම්බන්දව අභ්‍යාසයන්ගේ නිරත වීමයි. මුලින්ම එයට අදාල විශය කරුණු සියල්ලක්ම කියවා එහි ඇති රූප සටහන් පිළිබඳ ඔබගේ අවදානය යොමු කර රූප සටහන් හා මුලික සිද්ධාන්ත මූලික ප්‍රභවය නොබලා කිහිප විටක් මෙනෙහි කරන්න. වචන වලට වඩා ඉතා විශාල කාර්යයක් රූප මගින් සිදු කරයි. සාම්ප්‍රදායික ආකාරයට එහි සෑම කොටසක්ම කිය‍වාගෙන යාම වෙනුවට හැකි තරම් එයට ආධාරක එක්කොට ගනිමින් එම කාර්යය යම් විනෝදයක් ගෙන දෙන ආකාරයට සිදු කිරීම ඔබේ මතකයේ වෙහෙසකාරී දත්ත ගබඩාව පහසු කරවයි.
    ගණිතය ඉගෙනීමේදී එක් එක් සංකල්පයට අදාලව යම් අභ්‍යාස ප්‍රමාණයක් ඔබ කල යුතුය එවිට බොහෝවිට එක හා සමාන ගැටලු විසදීම සිදු කරන්න,පසුව සියලුම සංකල්ප එකිනෙක සම්බන්ද කරමින් එන ගැටලු විසදන්නා එවිට සියලුම විශය කරුණු හොඳින් මතකට ඇතුලු වීම වගේම එම කරුණු නැවත ස්මරණ හැකියාවද වැඩිදියුනු වේ.
    03. යම් ක්‍රමාණුකූල සැලැස්මකට කරුණු පෙළ ගස්වන්න.

    මෙහිදී කෙරෙනුයේ යම් තොරතුරු සමූහයක් වඩාත් සරල හා ක්‍රමාණුකූල කිරීමයි.මෙහිදී සමාන තොරතුරු එක් කොට වගු, රූප සටහන්,විවිද වර්ණ මගින්ද කරුණූ ගොණු කිරීමේදී තරු/ඉලක්කම්, ප්‍රස්තාරද හැකිනම් තාක්ෂණික ක්‍රද උපයෝගී කරගන්න.
    04: තාක්ෂණික සහ ආදේශක භාවිත කරන්න.

    පටිගත කරන ලද හඬ පට වලට නැවත නැවත සවන්දීම, එම විශය කරුනට අදාලව වීඩියෝ පට බැලීම, යම් විශය කරුණක් යම් ගීතයක තාලයට හෝ විහිලුවකට ආදේශ කොට කරුණු මතකයේ රදවා ගැනීම ඉතාම සාර්ථකයි.
    05: නැවත නැවත ස්මරණය කිරීම

    අධ්‍යයනය කරන ලද විශය කොටස් නැවත පරීක්ෂා කර ආවර්ජනය කරමින් ක්‍රමාණුකූලව සහ පිලිවෙලකට ලිවීම මගින් දැනට ඔබට ධාරණය වී ඇති ප්‍රමාණය සම්බන්දව ඔබට නිශ්චිත අවබෝදක් ලබාගත හැකිය.
    06: අධ්‍යයනය කරණ ලද හා අලුතින් අධ්‍යයනය කරන දේ නිරන්තරයෙන් සන්සන්ධනය කරන්න

    අලුත්දෙයක් අධ්‍යයනය කරන විට ඊට අදාල වන්නාවූ ඔබ කලින් හදාරා ඇති අත්දැකීම් තුලින් ඔබගේ අවබෝදය තිව්ද්‍ර කරගන්න
    07: හැදෑරු සියල්ල ක්‍රමාණුකූලව මනසින් මෙනෙහි කරන්න.

    මෙය පුරුද්දක් වශයෙන් කළහොත් අප නොදැනුවත්වම වුවද මෙය සිදු වේ. යම් විෂය කරුණක් සම්බන්දව වන සියලුම විශය කරුණු අපිට තනි රූපයකින් හා ක්‍රමාණුකූල ආකාරයකට සියලුම කරුණු ගලා එන ලෙස නැවත ස්මරණය කිරීමෙන් කෙටි කාලීන මතකයේ තිබෙන එම කොටස් දීර්ඝ කාලීන මතකයට ගමන් කිරීම වේගවත් වේ.
    08: ඔබ දන්නා දේ නොදන්නා කෙනෙකුට කියා දෙන්න.

    මෙමගින් තමන උගත් සියලුම විෂය කරුනු වඩා ස්ථාවර වන අතරම ආත්ම විෂ්වාසයද තර වේ.
    09: අපහසු විශය කෙරෙහි වැඩි අවධානය

    ඔබගේ සාමාන්‍ය අවබෝදය වන වේගයට වඩා වැඩි ආයාසයක් යොදා තේරුම් ගත යුතු විෂය කොටස් වැඩි අවධානයක් හා ඉහත සඳහන් විශේෂ ‍ඉගෙනුම් ක්‍රම හා මතක තබා ගැනීමේ ක්‍රම වැඩි වශයෙන් යොදා වැඩිපුර අභ්‍යාසයන්හි නිරත වන්න.
    10: ඉගෙනුම් ක්‍රියාවලිය උදෙසා තමන්ගේම ක්‍රමයක් භාවිතා කිරීම.

    දින චර්යාව, පෞරුෂය, රුචි අරුචිකම් මෙන්ම අධ්‍යයන ක්‍රියාවලින් ද පාඩම් කරන ස්ථානය, මාද්‍ය,ආකාරය සහ වේලාව වැනි දේ එකිනෙකාට විවිධ වේ. එම නිසා තමන්ට ගැලපෙන තමන්ටම සුවිශේෂී ක්‍රම තිබීම ස්වයං අධ්‍යනයේ සාර්ථකත්වයට ඉතා ප්‍රබල ලෙස හේතු වේ.





    syco.me
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පට්ට මචන්. මටත් පාඩම් කරන ඒවා එක පාරටම ඔලුවට යන්නේ නැති අවුල නම් තියෙනවා:(:(
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    11.gif
    11.gif
    11.gif
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    අපි AL කරල ඉවර උනහම තමා උබලත් මෙව්ව දාන්නෙ
    TFS
    Rep+5
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    08: ඔබ දන්නා දේ නොදන්නා කෙනෙකුට කියා දෙන්න.

    මේකනම් හරියටම හරි බන්