විජය මැරුවේ මෙහෙමයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    විජය මැරුවේ මෙහෙමයි

    අවුරුදු 26 කට පෙර විජය මැරුවේ මෙහෙමයි

    vijaya1.jpg




    IRIDA DIVAINA PUWATHPATHA

    වසර 1986 පෙබරවාරි 15 වැනිදා කටුනායකට ආසන්න රද්දොලුවේදී ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිතවතකු වූ ගාමිණී මැදගෙදරගේ අවමංගල උත්සවය පැවැතිවිණ. අවමංගල සභාව අමතා කතාවක්‌ කළ මහජන පක්‍ෂයේ නායකයා වූ විජය කුමාරණතුංග, ගාමිණී මැදගෙදරගේ පාක්‍ෂිකත්වය අගය කළේය. එදා රෑ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව සිය ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් විජය කුමාරණතුංග මැදගෙදරගේ අවමඟුලේ දී කළ කතාවේදී ජනතා විමුක්‌ති පෙරමුණ තදබල ලෙස විවේචනය කළ බව කීවේය. එහෙත් විජය එදා ජ.වි.පෙ. ගැන වචනයක්‌වත් කතා කළේ නැත. එවකට මහජන පක්‍ෂයේ ක්‍රියාකාරිකයකු වූද විජයගේ ඉතා කිට්‌ටු හිතවතකු වූද ජා ඇල µSලික්‌ස්‌ පෙරේරා (අද සිටින අමාත්‍ය) පසු කාලයේදී විජය ඝාතන පරීක්‍ෂණ කොමිසම ඉදිරියේ සාක්‍ෂි දෙමින් විජය, ජ.වි.පෙ. ගැන එදා වචනයක්‌වත් නොකී බව තහවුරු කළේය.

    විජය රද්දොලුවේ අවමංගල්‍යයට සහභාගි වූ 15 වැනිදා සඳුදා දිනයකි. පසුදින, එනම් 16 වැනිදා අඟහරුවාදාය. එදින දහවල් 12 ට පමණ කිරුළපන පොල්හේන්ගොඩ දී විජය කුමාරණතුංගට වෙඩි තබන ලදී. ඒ වනවිට ඔහු සිටියේ සිය නිවස ඉදිරිපිට ය. විජයට වෙඩි තැබූ මිනීමරුවා වූ එවකට 27 හැවිරිදි වියේ පසුවූ ලයනල් රණසිංහ හෙවත් ටාසන් වීරසිංහ හෙවත් ගාමිණී නමැත්තා එම මොහොත ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන් සාක්‍ෂිය මෙසේයá "පෙබරවාරි 16 වැනිදා උදේ මම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ 'හේරත්' සමඟ කිරුළපනට පැමිණියෙමි. හේරත් මට හඳුන්වා දුන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කොළඹ දිස්‌ත්‍රික්‌ නායකයා ජයන්ත නමැති කෙනෙක්‌. විජය කුමාරණතුංගට වෙඩි තැබීමේ කටයුත්ත අපට පවරන ලද්දේ ඔහුය. එම පැවැරීම විජයට වෙඩි තැබීමට සති කිහිපයකට පෙර පිළියන්දල හෝටලයකදී සිදු විය.

    'විජයට වෙඩි තියන්නේ ඇයි...?" මම එවිට ජයන්තගෙන් ඇසුවෙමි.

    "හේතු කිහිපයක්‌ තියෙනවා.." ජයන්ත අපට පැහැදිලි කළේය. "ඉන්දු ලංකා සාම ගිවිසුමට විජය එකඟයි. 1987 ජුලි 28 වැනිදා රජිව් ගාන්ධි එක්‌ක ෙ-. ආර්. ජයවර්ධන ගහපු මේ ගිවිසුම ලංකාවේ ඒකීයත්වයට හානියක්‌. ඊළඟට පළාත් සභා ක්‍රමයටත් විජය පක්‍ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක්‌ නැහැ. එහෙම තියෙද්දී විජය පළාත් සභා ක්‍රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්‌වීම් පවත්වනවා. එයා ජනප්‍රිය නළුවෙක්‌ නිසා තරුණ පරම්පරාව ඒ රැස්‌වීම්වලට ඇදිලා ඇවිත් එයාගේ කතා අහගෙන ඉන්නවා. එතකොට වෙන්නෙ පළාත් සභාවල සුබවාදී පැත්ත ගැන පණිවුඩය තරුණ පරම්පරාවට යැමයි. මේ ඔක්‌කොම ඉදිරි පළාත් සභාවල පාවිච්චිවෙන අලුත් ඡන්ද. මේ අතර බංකොලොත්වෙලා තිබෙන වමේ පක්‍ෂ විජයගේ මහජන පක්‍ෂයත් එක්‌ක සන්ධානගත වෙලා ඉන්නවා. ජනතා විමුක්‌ති පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පළාත් සභාවලට විරුද්ධයි. ඒ එක්‌කම දෙමළ බෙදුම්වාදී PLOT සංවිධානය සහ EPRLF සංවිධානය විජයගේ පිරිසකට සන්නද්ධ පුහුණුව දෙනවා. අපි පසුගිය ටිකේම විජයට අනතුරු හඟවලා තිබෙනවා මේ වැඩ නවත්වන්න කියලා. ඒත් එයා ඒවා ගණන් ගත්තෙ නැහැ. අපි දැන් අවසන් නිවේදනයත් නිකුත් කරලයි තියෙන්නෙ. විජය ඒකත් ගණන් අරගෙන නැහැ. ඒ නිසා විජය මරන්නම ඕනෑ. ඒක අත්‍යවශ්‍ය කාරණයක්‌...."
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    "පෙබරවාරි 16 වැනිදා හේරත් සහ මම කිරුළපනේදී හමු වූයෙමු. කිරුළපනේ මහජන පුස්‌තකාලය අසලට මා ගෙන ගිය ඔහු මා එහි නවත්වා නික්‌ම ගොස්‌ මඳ වේලාවකින් මෝටර් සයිකලයක්‌ පදවාගෙන ආයේය. එහි නැගුන අපි තවත් තැනකට ගිය විට අපට කළුපාට දිග බෑගයක්‌ ලැබිණ. එහි වූයේ ඔ 56 තුවක්‌කුවක්‌ සහ අත්බෝම්බයකි. විජයගේ පොල්හේන්ගොඩ නිවස කිට්‌ටුව පිහිටි අපේ හිතවතකු වූ 'තම්බි'ගේ නිවසට ගිය අපි බෑගය එහි තැබීමු. ඉන්පසු විජයගේ නිවස පේන තෙක්‌ මානයේ අපි ගැවසුණෙමු. දහවල් 12 වන විට විජය මෝටර් රථයකින් පොල්හේන්ගොඩ නිවසට පැමිණියේය. ඒ රථයේ වර්ගය මට මතක නැත. විජයගේ නිවසේ ගේට්‌ටුව ඉදිරිපිට සුදු පැහැති ඩබල් කැබ් රියක්‌ පාක්‌ කර තිබෙනවා මම දිටිමි. විජය තමන් පැමිණි කාරය එලවාගෙන ආ බව ඔහු රියේ දකුණුපස ඉදිරි දොර විවෘත කර පිටතට බැසීම නිසා මට වැටහිණ. ඔහු ගෙට ගියේය. "විජය තව ටිකකින් එළියට එනවා. එතකොට වැඩේ කරමුද?" හේරත් මගෙන් ඇසීය. එයට එකඟ වූ මම වහාම හේරත් සමඟ තම්බිගේ නිවසට මෝටර් සයිකලයෙන් ගොස්‌ තුවක්‌කුව සහ බෝම්බය තිබූ බෑගය රැගෙනවිත් විජයගේ ගෙදර ගේට්‌ටුව පෙනෙන මානයේ රැඳී සිටියෙමු. විනාඩි 5 කට පමණ පසු විජය නිවසින් පිටතට ආවේය. ගේට්‌ටුව අසල සිටි පුද්ගලයකු සමඟ ඔහු ස්‌වල්ප වේලාවක්‌ කතා කළේය. මේ පුද්ගලයා කලිසම් කමිස හැඳි කෙනෙකි. මෝටර් සයිකලයට නැගුන අපි විජයට මීටර් 20 ක පමණ පරතරයක්‌ ඇතිව මෝටර් සයිකලය නැවැත්තුවෙමු. එවිට බෑගය තිබුණේ සයිකලයේ පිටුපස අසුනෙහි සිටි මගේ උකුල මතය. මම සයිකලයේ සිටියදීම තුවක්‌කුව ගෙන විජයට දෙවරක්‌ වෙඩි තැබුවෙමි. එවිට ඔහු සිටියේ අපට පිටුපාය. වෙඩි කෑ විජය බිමවැටුණු අතර ඔහු අත වූ ලිපිගොනුවක්‌ විසිරෙනු මම දුටුවෙමි. ඉන්පසු මම සයිකලයෙන් බැස විජය වැටී සිටි තැනට ගොස්‌ ඔහුගේ හිසට කිහිප වාරයක්‌ වෙඩි තැබුවෙමි. එවිට ඔහු පැළඳ සිටි විග් එක ගැලවී විසිවිය. මේ අතර විජය සමඟ කතා කරමින් සිටි පුද්ගලයා විජයගේ ගෙතුළට දුවන්නට විය. මම ඔහුටද වෙඩි තැබුවෙමි. අනතුරුව ඩබල් කැබ් එකේ පිටුපස අසුනෙහි සිටි පුද්ගලයකුටද වෙඩි තැබුවෙමි. විජය ළඟ බිම වැටී තිබූ ලිපි ගොනුව ගත් මම එය උඩින් පල්ලෙන් බලා බිම දමා තුවක්‌කුව රැගෙන එය බෑගය තුළට රුවා මෝටර් සයිකලයේ පිටුපස ආසනයට නැග ගත්තෙමි. ඒ වන විට සයිකලය පණගන්වා ගත් හේරත් කිරුළපන හයිලෙවල් පාර පැත්තට මුහුණලාගෙන සිටියේය. අපි පොල්හේන්ගොඩ පාර දිගේ විදුලි වේගයෙන් ගියෙමු.

    ''අප කෙළින්ම ගියේ පිළියන්දල දාම්පේටය. මා ඇඳ සිටි අත් දිග සුදු පැහැති ටී ෂර්ට්‌ එකේ ලේ පැල්ලම් විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් කුලියට ගත් නිවසක්‌ දාම්පේ තිබිණි. එදින රැය අපි එහි ගත කළෙමු. ලේ තැවරුණු මගේ ටීෂර්ට්‌ එක පුළුස්‌සා දමන ලෙස අපේ ව්‍යාපාරයේ සහෝදරයෙක්‌ මට උපදෙස්‌ දුන්නේය.''

    ......................................................

    විජයට වෙඩි තැබීමට පෙර සිටම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් අවස්‌ථා කිහිපයකදී ඔහුට සහ ඔහුගේ මහජන පක්‍ෂයේ කටයුතුවලට පහර දෙන ලදී. 1986 දී ඔවුහු විජයගේ නිවසට බෝම්බ ගැසූහ. මහජන පක්‍ෂයේ රැස්‌වීම්වලට වෙඩි තැබූහ. මේ ප්‍රහාර අතරතුර, විජය ජවිපෙට සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට විරුද්ධව ඉතා තදින් කතා කළේය. 1986 දෙසැම්බර් 15 වැනිදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් පිරිසක්‌ විසින් පිළියන්දල ආදිරිස්‌ කොස්‌තා නමැති කුලී මිනීමරුවකුට කොන්ත්‍රාත්තුවක්‌ දී කොළඹ විශ්වවිද්‍යාලයේ නිදහස්‌ ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ ඝාතනය කළ විට විජය කියා සිටියේ ජ. වි. පෙ. සිංහල ජාතිය සහ රට ගැන කතා කරමින් දකුණේ සිංහල කොල්ලකු මැරූ බවය. 1987 දී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්‌කුකරුවන් අනුරාධපුර පොළේ සෙරෙප්පු විකුණමින් සිටි නන්දන මාරසිංහට වෙඩි තබා මැරූහ. නන්දන ජවිපෙ හිටපු බලගතු සාමාජිකයෙකි. ඔහුගේ මළගමට සහභාගි වූ විජය මිනීමරුවාගේ නම ප්‍රසිද්ධියේ කියමින් ජවිපෙ විවේචනය කළේය.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහ හෙවත් ටාසන් වීරසිංහ හෙවත් ගාමිණී හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දුප්පත් පවුලකින් පැමිණි දරුවෙකි. ඔහු ඉගෙන ගත්තේ අපොස උසස්‌ පෙළ දක්‌වා පමණි. 1978 දී ජවිපෙට එක්‌වන ඔහු සුප්‍රසිද්ධ පන්ති 5 කට සහභාගි වෙයි. 1981 වන විට ඔහු ජවිපෙ පූර්ණ කාලීනයෙකි. එම වසරේදී ඔහුගේ මව තම පුතාගේ දේශපාලන කටයුතු ගැන බියපත්ව කැකිරාවේ පදිංචිව සිටි ඇගේ සහෝදරියගේ නිවසට යවයි. ලයනල් එතැන් සිට අවුරුද්දක්‌ම සිය නැන්දාට සහ මාමාට අයත් හේනේ ගොවිතැන් කරයි. 1984 දී ආපසු හොරණට එන ලයනල් බ්‍රහස්‌පතින්දා සහ ඉරිදා පොළේ එළවළු විකුණයි. 1986 දක්‌වා ඔහු විටින් විට පුද්ගලික ආරක්‍ෂක සමාගමක සිකියුරිටි ගාඩ් කෙනෙකු සහ හොරණ පදික වේදිකාවේ රටකජු වෙළෙන්දකු ලෙස ජීවිකාව සපයා ගනී. 1986 දී හොරණ නගරයේදී තම පැරණි ජවිපෙ සහෝදරයකු වන බටගොඩ ගමගේ ජයවර්ධන හමුවූ පසු ලයනල්ගේ ජීවිතය යළි දේශපාලන කටයුතු වෙත ඇදී යයි. එම වසරේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් බඹරකන්දට යවන ඔහු යුද පුහුණුව ලබන්නේය. 1987 දී සමනලකන්ද අවට කැලයේදී ඔහුට වැඩිදුර සටන් පුහුණුව ලැබෙයි. ඔහු පළමුවරට මරන්නේ පොලිස්‌ අධිකාරි ටෙරන්ස්‌ පෙරේරාය. ටෙරන්ස්‌ පෙරේරාට වෙඩි තබන ඔහු රනිල් මල්ලි නමැති ක්‍රියාකාරිකයකු සමග මෝටර් සයිකලයකින් පලා යයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වූ මහාචාර්ය ස්‌ටැන්ලි විඡේසුන්දර සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඝාතනය කරන්නේද ඔහු විසිනි.

    ......................................................

    විජයට වෙඩි තැබූ තුවක්‌කුව එවකට එජාප මන්ත්‍රීවරයකු වූ ගාමිණී ලොකුගේට අයත් බව පරීක්‍ෂණවලදී හෙළි විය. එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඔහුගෙන් කොල්ලකනු ලැබූවකි. පසුව පොලිස්‌ අත්අඩංගුවට පත් ලයනල් රණසිංහ අදටත් ආගිය අතක්‌ නැති අතර පිටරටක ජීවත්වන බව විශ්වාස කෙරේ. කෙසේ වුවද 1988 පෙබරවාරි 15 වැනිදා එවකට පැවැති එජාප රජයේ රූපවාහිනිය මගින් විජය නොකී කතාවක්‌ කී බව ප්‍රචාරය කළේ ඇයිද යන්න අදටත් ප්‍රශ්නයකි. එහි අරමුණ වූයේ විජයගේ මරණය ඉක්‌මන් කිරීමද?

    අනුර සොලමන්ස්‌
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ජෙ,වි.පෙ කාලකන්නි රටක් වටින ,,රටකට ගොඩාක් ආදරය කල මානවහිතවාදියෙක්ව මරලා දෑම්මා....දෑන් එනවා මහ ලොකු අලුත් සමාජවාදය ගෑන කියන්න..:angry:
     
    • Like
    Reactions: 2osama
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    E unata mahinda chater. Somawanshala wage honda minissunta chanse denna one. ape aragalayata wirudda wenna epa thopilawath maranawa. marala gini thiyanawa beli kapala pare ellanawa. Wiplawayata jaya wewa
    - JVP kollek ( mama neme :P )
     
    විජය හොඳ නළුවෙක් වෙන්න ඇති. ඒත් මානව හිතවාදියෙක් වුනේ කොහොමද කියල නං හිතාගන්න බෑ. කොහොම උනත් ඉතින් මනුස්සයෙක් මරණ එක නං නරක වැඩක්.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කලු පූසා;16283009 said:
    E unata mahinda chater. Somawanshala wage honda minissunta chanse denna one. ape aragalayata wirudda wenna epa thopilawath maranawa. marala gini thiyanawa beli kapala pare ellanawa. Wiplawayata jaya wewa
    - JVP kollek ( mama neme :P )
    ඈයි ජෙ,වි,පි එකෙන් මරපු උන්ගෙ මිනිය දනිස්සට පහලින් ගෙනියන්න ඔනා කියලා නිතියකුත් දෑම්මා මතකද? කාලකන්නි තිරිසන්න්නු...මිනිය කරෙ වත් ගිනියන්න දුන්නෙ නෑති සක්කිලි පක්ශයක් තමා දෑන් අලුත් මුනු දලා රුකඩ වගෙ නෑටවෙන්නෙ අපි ඉස්සරහා..:angry:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අංගුලිමාල;16283021 said:
    විජය හොඳ නළුවෙක් වෙන්න ඇති. ඒත් මානව හිතවාදියෙක් වුනේ කොහොමද කියල නං හිතාගන්න බෑ. කොහොම උනත් ඉතින් මනුස්සයෙක් මරණ එක නං නරක වැඩක්.
    වෙන්න පුලුවන් මචන්..උබ දෙයක් දකින විදිහ වෙනස්,,මම දකින විදිහ වෙනස්..:)
     

    Bridge

    Member
    Feb 15, 2014
    8
    2
    0
    අංගුලිමාල;16283021 said:
    විජය හොඳ නළුවෙක් වෙන්න ඇති. ඒත් මානව හිතවාදියෙක් වුනේ කොහොමද කියල නං හිතාගන්න බෑ. කොහොම උනත් ඉතින් මනුස්සයෙක් මරණ එක නං නරක වැඩක්.

    විජය සිරා මනුස්සයෙක් මචන්,මනුස්සයා සල්ලි පස්සෙ ගිය ඩයල් එකක් එහෙමත් නෙමෙයි,පොර බැලුවේ යුද්ධ කරන්නෙ නැතුව මිනිස්සු සමගි කරන්න.
     
    වෙන්න පුලුවන් මචන්..උබ දෙයක් දකින විදිහ වෙනස්,,මම දකින විදිහ වෙනස්..:)

    ඒ කියන්නෙ මනුස්සයෙක් මරණ එක නරක වැඩක් නෙවයි ද? නැත්නං විජය හොඳ නළුවෙක් නෙවෙයි ද?:P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අංගුලිමාල;16283054 said:
    ඒ කියන්නෙ මනුස්සයෙක් මරණ එක නරක වැඩක් නෙවයි ද? නැත්නං විජය හොඳ නළුවෙක් නෙවෙයි ද?:P
    මම එහෙම විකාරයක් කිවද බන්....ඉස්සෙල්ල මම කියපු එක කිවපන් හොදට...මම කිවෙ උන විජය 'මානව හිතවාදි' කෙනෙක් කියලා මම කියපු එකට දක්වපු අදහස් ගෑන..උබට එහෙම පෙන්න පුලුවන්,,මට එහෙම හිතෙන්න පුලුවන්...එකයි වෙනස:lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vijaya hitha hodha manussayek. Monama reason ekatawath Minissu marana eka anumatha karanna baha. Vijayata desapalanaya nam galapenne naha. Desapalanaya kiyanne ragapamak neve.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    මෙච්චර කල් ඉඳලා දැන් මක්කටැයි මේක ඇදලා ගත්තේ , කලින් කිය කිය උන්නේ ප්‍රේමදාස මැරුවයි කියලනේ , දැන් මක්කටැයි ජෙවිපේ එකෞන්ට් එකට , චන්දෙත් ලන්වෙලා .... ආන්ඩුවේ ප* බයවෙලාවත්ද ?
     
    • Love
    Reactions: Kumbhakarna22
    මෙච්චර කල් ඉඳලා දැන් මක්කටැයි මේක ඇදලා ගත්තේ , කලින් කිය කිය උන්නේ ප්‍රේමදාස මැරුවයි කියලනේ , දැන් මක්කටැයි ජෙවිපේ එකෞන්ට් එකට , චන්දෙත් ලන්වෙලා .... ආන්ඩුවේ ප* බයවෙලාවත්ද ?

    පහුගිය ටිකේ අනුර කුමාර දිසානායක ගැන හොඳ කිව්වා කට්ටිය ෆේස් බුක් එකේ එහෙම. ඒකට බය වෙච්ච පාර පටන් ගත්තු මඩ පාරක් තමයි අපේ අයත් මේ මාකට් කරන්නෙ. දැන් ඉතින් ආයෙම මහින්දට තමයි.:rofl::rofl::rofl:සිංහලයා රවට්ටන්න හරි ලේසියි.:rofl::rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කතාව ඒ කාලේ ඉඳන්ම මතවාදයක් ගොඩ නැගුනු කතාවක් මචන්ලා. මේ ලයනල් කියන පුද්ගලයා ගැන සහ මේ සිද්දි මාලාව ගැන ලොකු ලිපි පෙළක් මීට අවුරුදු ගානකට කලින් පත්තරේක ගියා. එත් JVP එක මේ වෙනකම් ප්‍රසිද්දියේ පිලි අරන් නැහැ එයාල විජය මැරුව කියල. කව්රු කරත් මනුෂ්‍යයෙක් වේවා සතෙක් වේවා ඝාතනය වරදක් සහ හිමිකම් කඩ කිරීමක්. මම හිතන විදිහට මේ තමයි විජයගේ මල සිසුරේ පින්තුර වලින් එලියට ආපු පලවෙනි පින්තුරය. මම මෙතන උලුප්පන්න හදන්නේ JVP එක ඒ කාලේ කරපු දේවල් හරි කියන එක නෙවෙයි. එත් විජය ඝාතනය ගැන පැහැදිලි නිගමනයක් මේ වෙනකම් සාක්ෂි කිසිම කෙනෙකුට ඉදිරිපත් කරන්න බැරි උනා.
    මගේ පුද්ගලික මතයනම් විජය කුමාරතුංග ඝාතනය දේශපාලන ඩබල් ගේම් එකක් කියලයි.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    vijayata ee kale anduwak hadanna tharam power ekak thibba. ekata baye preme wade dunna kiyala thama kiyanne. ekak ah lalith athulathmudali. bombe gahala kotiyawa allanawa. :dull:
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මෙච්චර කල් ඉඳලා දැන් මක්කටැයි මේක ඇදලා ගත්තේ , කලින් කිය කිය උන්නේ ප්‍රේමදාස මැරුවයි කියලනේ , දැන් මක්කටැයි ජෙවිපේ එකෞන්ට් එකට , චන්දෙත් ලන්වෙලා .... ආන්ඩුවේ ප* බයවෙලාවත්ද ?

    අංගුලිමාල;16283445 said:
    පහුගිය ටිකේ අනුර කුමාර දිසානායක ගැන හොඳ කිව්වා කට්ටිය ෆේස් බුක් එකේ එහෙම. ඒකට බය වෙච්ච පාර පටන් ගත්තු මඩ පාරක් තමයි අපේ අයත් මේ මාකට් කරන්නෙ. දැන් ඉතින් ආයෙම මහින්දට තමයි.:rofl::rofl::rofl:සිංහලයා රවට්ටන්න හරි ලේසියි.:rofl::rofl:

    මචන් උබලා ඔච්චර පටු බොලද විදිහට හිතන්න එපා .JVP මේ රටේ මිනි මරපු හැටි හැමෝම දන්නවා .මේ thread එක දාපු එකා මේක දාලා තියෙන්නේ විජය මැරිලා අදට අවුරුදු 28ක් නිසා .86 වෙද්දී රටේ නායකයා හිටියේ JR .ප්‍රේමදාස අගමැති .කොහෙවත් කියවිලා නෑ ප්‍රේමදාස විජේව මාරුව කියලා .උබලා හිතනවානම් උබලා දාන post කියවලා එළකිරි එන කොල්ලෝ JVP එකට චන්දෙ දෙයි දැන් මේ thread එක දැක්කම ආයි ආණ්ඩුවට චන්දෙ දෙයි කියලා එක මහා විහිලුවක් එච්චර බොලද වෙන්න එපා .ඇත්ත ඇති සැටියෙන් පිලිගනින් .JVP එදා මිනි මරුවා අද මරන්නේ නෑ ,ඇයි ඕක කියන්න ඔච්චර ලජ්ජා වෙන්නේ .පක්ෂ වලට කඩේ යන්න ගියහම ඕකයි වෙන්නේ .ආණ්ඩුවට කඩේ යන උන්ට ආණ්ඩුව මොන කලත් හරි හොදයි ,උබලට JVP තරම් පිවිතුරු පිරිසුදු පක්ෂයක් නෑ .
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    විජය මැරුවේ මෙහෙමයි 02-16-2014 12:19 AM I disapprove

    No one can hide the truth. Everyone experienced JVP and Premada government terror.