අයින්ස්ටයින් ලංකාවට ඇවිත් කියපු දේවල්
20 වන සියවසේ මහා ප‍්‍රාඥයෙකු හැටියට සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් (1879-1955) කෙටි සංචාරයකට මීට දශක නවයකට පෙර ලංකාවට ආ බව ඔබ දන්නවා ද?
ජර්මනියේ උපත ලබා අමෙරිකාවේදී මිය ගිය මේ මහා මොළකාරයා, ජිවිත කාලයේ නොයෙක් දේශ සංචාරවල යෙදුණා. 1922 ඔක්තෝබර් අගදී ඔහු සිය බිරිඳ එල්සාත් සමග මෙහි ආවේ ජපානයේ දේශන කිරීමට යන අතරතුරේයි. ගුවන් ගමන් නොතිබි ඒ යුගයේ එබඳු සංචාර සිදු කළේ නැව් ගමනින්. බොහෝ නැව් පෙර අපර දෙදිග බලා යද්දී දිනකට හෝ දෙකකට කොළඹ වරායේ නවත්වනවා.
අයින්ස්ටයින් හා එල්සා 1922 ඔක්තෝබර් 8 වනදා ප‍්‍රංශයේ මාසේ වරායෙන් ගමනාරම්භ කළා. ඔවුන් රැගත් කිතානෝ මාරු (Kitano Maru) නම් ජපන් මගී නොෟකාව ඊජිප්තුවේ පෝට් සෙඞ්, කොළඹ, සිංගප්පූරුව, හොංකොං, චීනයේ ෂැංහයි යන වරායන්හි නතර කරමින් සති පහක චාරිකාව හමාර කළේ නොවැම්බර් 17 වනදා ජපානයේ කෝබේ නුවර වරායෙන්.
ඇල්බට් හා එල්සා කොළඹ වරායට ළගා වුණේ 1922 ඔක්තෝබර් 26 වනදා සවස. ‘කිතානෝ මාරු‘ නැව ජෙටියේ ගාල් කළ පසු ඔවුන් හමු වූ මුල් ම ලාංකිකයා වුයේ අයින්ස්ටයින් නමට ලැබී තිබූ ටෙලිග‍්‍රෑම් රැගෙන ආ සිහින්, සුදුවන් රැවුලක් ඇති පුද්ගලයෙක්. සමහර විට වරාය සේවකයකු හෝ නැව් සමාගම් සේවකයකු විය හැකියි. තම කාරිය ඉටු කොට එයට ‘ටිප් ’ එකක් ඉල්ලා සිටි බවත්, මේ මිනිසා ගැන කණගාටුවක් ඇති වූ බවත් අයින්ස්ටයින් දින පොතේ ලියා තිබෙනවා.

අයින්ස්ටයින් යුවල කොළඹ දෙදිනක් ගත කළා. ඔක්තෝබර් 27 වනදා ඔවුන් නගර සංචාරයකට නැවෙන් එළියට ආ විට ඒ සඳහා තිබුණු එක ම ප‍්‍රවාහන ක‍්‍රමය වූයේ රික්ෂෝයි. තවත් මිනිසෙකු ඇද ගෙන යන වාහනයකට අයින්ස්ටයින් කැමති වූයේ නැහැ. ‘රුපියල් දෙකයි – රුපියල් දෙකයි’ යනුවෙන් ඝෝෂා කරමින් ජෙටිය අවට පොර කන රික්ෂෝකරුවන් දුටු අයින්ස්ටයින් මවිත වූවා. එවිට නැවේ නිලධාරියකු කීවේ: ‘ඔබ දැන් ඉන්නේ පෙරදිග රටක. එහි යථාර්ථයට මුහුණ දෙන්න’ කියායි.
වෙනත් විකල්පයක් නැති බැවින් එල්සා හා ඇල්බට් රික්ෂෝවල නැගී වීදි සංචාරය කළා. එදින ඔහු දිනපොතේ ලියුවේ මෙයයි. ‘ලාංකික රික්ෂෝකරුවන් සිරුරෙන් කුඩා වූවත් ඔවුන්ට යොධ සවියක් ඇති බව පෙනෙවා. තවත් මනුෂ්‍යයකුගේ සවියෙන් ගමන් කිරීම මට මහත් පිළිකුල් සහගත කාරියක් වුවත් වෙන් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. එල්සා කීවේ මේ රැකියාවෙන් ඔවුන් පණ ගැට ගසා ගන්නා බවයි.’

කොළඹ නගරයේ ‘හින්දු ප‍්‍රදේශ’ හා ‘බෞද්ධ පන්සලක්’ තමන් නැරඹු බව අයින්ස්ටයින් දිනපොතේ ලියනවා. මේ පිටකොටුව ප‍්‍රදේශය හා කැළණිය පන්සල විය හැකි යයි තෙන්නකෝන් අනුමාන කරනවා. නැත්නම් කැළණිය යයි කියා වෙනත් පන්සලක් ඔවුන්ට පෙන්වන්නට ඇත් ද?
කොළඹ කොටුව ගැන අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ යන්තමින්. වරාය ගැන පමණයි. තමන් දුටු ස්ථානවලට වඩා මිනිසුන් හා ගැහැණුන් ගැන සාපේක්‍ෂව වැඩිපුර දිනපොතේ ලියා තිබෙනවා.
කොළඹ යාචකයන් ගැන ඔහු ලීවේ මෙයයි. ‘නාඳුනන අයකු දුටු විට රොත්තක් මෙන් එක් රැස් වන මේ යාචකයන් තමන්ගේ දුක් ගැනවිලි ගැන කියමින් සිඟමන් ඉල්ලන්නට ඉතා සමත්. එයින් ඕනෑම සිතක් උණු විය හැකියි.’

යාචකයින් මෙන් ම මහමග දුටු වෙනත් දුගී පෙනුම ඇති ලාංකිකයන් ගැන ද අයින්ස්ටයින් සානුකම්පිතව ලියනවා. ‘දුඹුරු හෝ කාල වර්ණ සම ඇති මේ අයගේ මුහුණුවල බොහෝ හැගීම් ප‍්‍රකාශ වෙනවා. ඇත්තට ම ප‍්‍රභූ සම්භාවයක් තිබී පසුව අසරණ වූ ගතියක් පෙනෙනවා. දුක්ඛිත පෙනුමට යටින් සියුම් ප්‍රෞඩත්වයක් ද දැකිය හැකියි.’
තවත් සටහනක තමා දුටු ලාංකිකයන් ගැන අයින්ස්ටයින් මෙසේ කියනවා. ‘ඔවුන්ගේ සිරුරු කුඩා වුවත් සවිමත් මුහුණු පියකරු හා ඉවසිලිමත් පෙනුමකින් යුක්තයි. දරුණු හෝ ප‍්‍රචණ්ඩ බවක් පෙනෙන්නට නැහැ. එසේම කඩපිල්වල ලොකු ගාල ගෝට්ටයක් ද නැහැ. පෝට් සේඞ්හිදී අප දුටුවාක් මෙන් කලබලකාරී නොවී සැහැල්ලූවෙන් දිවි ගත කරන බවක් පෙනෙනවා.’
කොළඹ ප‍්‍රදෙශ කිහිපයකට ඉතා කෙටි සංචාරයකින් පසුව අයින්ස්ටයින් ලාංකිකයන් ගැන කළ නිරීක්‍ෂණ එතරම් නිවැරදි නොවන බව තෙන්නකෝන් කියනවා. මුළු රටක් ජාතියක් ගැන එසේ ඉක්මන් නිගමන වලට එළඹීම විද්‍යානුකූල නැහැ. වෙනත් බොහෝ පැතිකඩවලින් විවෘත හා රැඩිකල් මනසක් තිබූ අයින්ස්ටයින් ලංකා සංචාරය කරන කාලයේ තවමත් පාරිසරික නියතිවාදය (environmental determinism) නම් සංකල්පය විශ්වාස කළ බව තෙන්නකෝන්ගේ විග‍්‍රහයයි.
මේ සංකල්පයේ හරය නම් මානව සමාජවල ප‍්‍රගතිය ඔවුන් වෙසෙන පරිසරයන් හා දේශගුණය මගින් මුළුමනින් නිර්ණය වන බවයි. (19 වන සියවසේ මතුව ආ මේ සංකල්පය 20 වන සියවස මුලදී ක‍්‍රමයෙන් ප‍්‍රතික්‍ෂෙප වූවා.)
අයින්ස්ටයින් ලංකාවට එන විට මේ මානසිකත්වයෙන් සිටි බව තෙන්නකෝන් කියනවා. සීමිත නීරික්‍ෂණ මත පදනම්ව අයින්ස්ටයින් ලාංකිකයන් ගැන කියා ඇත්තේ මෙබන්දක්: ‘‘(ශීත ඝෘතු පවතින රටවලට වඩා) වසර පුරා සිරුරට දරා ගත හැකි ඝර්ම කලාපීය දේශගුණයක් පවතින ලංකා දුපතේ වැසියන් කලබලයකින් තොරව බොහෝ කොට ම වර්තමානයේ සිදු වන දේ ගැන පමණක් කල්පනා කරනවා. අතීතය හෝ අනාගතය හෝ ගැන ඔවුන් ඉඳහිටවත් මෙනෙහි කරනවා නම් ඒ පැය කාලක් (විනාඩි 15) පසුපසට හෝ ඉදිරියට පමණයි. ගුණයෙන් පිරිහුණු, රළු හා කෑදර යුරෝපීයයන්ට වඩා මොවුන් සංවරශීලියි. එහෙත් යුරෝපීයයන් භෞතික පරිසරය ජය ගන්නේ ඔවුන් සතු එම ගුණාංග නිසාමයි.’‘
කොළඹ වරායේ නැව් වලින් බඩු එහා මෙහා ගෙන යන කම්කරුවන් හා මුහුදේ ගිලී තිබෙන නැව් බඳ පවිත‍්‍ර කරන කිමිදුම්කරුවන් කෙතරම් වෙහෙසී වැඩ කළත් සිනහ වෙමින් හා නිරහංකාරව සිටි බවද අයින්ස්ටයින් වාර්තා කොට තිබෙනවා.
‘නගර සංචාරයේදී අයින්ස්ටයින් යුවල කොළඹ ධනවතුන් ප‍්‍රභූන් හා යුරෝපීය පාලකයන් පදංචිව සිටි ප‍්‍රදේශ ද පසු කර යන්නට ඇති. එහෙත් සාමාන්‍ය ජනයා ගැන උනන්දු වූ ඔහු මේ ප‍්‍රභූන් ගැන කිසිවක් දිනපොතේ ලියා නැහැ’
අයින්ස්ටයින් ඒ වන විට ලෝක ප‍්‍රසිද්ධ චරිතයක් වූවත් ඔහුගේ කෙටි කොළඹ සංචාරය ගැන කිසිදු නිල වාර්තාවක් මේ දක්වා සොයා ගත නොහැකි වූ බව තෙන්නකොන් කියනවා. එසේ ම කොළඹ සිටි දෙදින තුළ කිසිදු නිල උත්සවයකට හෝ සාදයකට ඔහු සහභාගී වූ බවට සාක්‍ෂියක් ද නැහැ. අයින්ස්ටයින්ගේ සංචාරය ගැන මෙරට බි‍්‍රතාන්‍ය පාලකයන් දැන සිටියා විය යුතුයි.
නිල උත්සව පිළිගැනීම් හා පම්පෝරි ගැන තැකීමක් නොකළ අයින්ස්ටයින් දිනපොතේ එබන්දක් සටහන් නොකළා වුවත් වෙනත් වාර්තා පැවතිය හැකි ද? තමා ජාතික ලේඛනාගාරයේ ගවේෂණය කළත් මේ දක්වා සොයාගත හැකි වූයේ අයින්ස්ටයින් සමග ටයිම්ස් ඔෆ් සිලෝන් පත‍්‍රයේ වාර්තාකරුවකු කළ සාකච්ඡාව හා ගමන ගැන කෙටි පත‍්‍ර වාර්තා පමණක් යයි තෙන්නකෝන් කියනවා.
‘‘ටයිම්ස් ඔෆ් සිලෝන් වාර්තාකරුවා හොඳින් කරුණු අධ්‍යයනය කොට පැමිණ අයින්ස්ටයින් සමග සාකච්ඡා කළ බව එය මනා සේ ලියා ඇති ආකාරයෙන් පැහැදිලියි. අද මෙන් ඉක්මනින් තොරතුරු සොයාගත නොහැකි වූ ඒ කාලයේ පවා අළුත් ම පර්යේෂණ තත්වය මේ වාර්තාකරුවා දැන සිටි බව පෙනෙනවා’’
දෙදිනක කෙටි නතර වීමකින් පසු කිතානෝ මාරු නැව යළිත් ගමනාරම්භ කළා. ඔක්තෝම්බර් 29දා මධ්‍යයනයේ කොළඹ වරායෙන් පිටත්ව යද්දී අයින්ස්ටයින් දිනපොතේ ලිව්වේ ‘‘ලංකාව ගස්වැල්වලට නම් පාරාදීසයක්. එහෙත් එහි වැසියන් නම් ගෙවන්නේ දුක්බර දිවියක්’’ කියායි.

"රාවය"ඇසුරෙන්