සුදු කට්ටිය බලන්න එන්න

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සුදු කට්ටිය බලන්න එන්න

    අද නලින් කියන්න යන්නේ ගොඩක් සුදු කට්ටිය ගැන

    ලතින් භාෂාවෙන් "Albus" යන වදනින් කියෑවෙන්නේ "සුදු" යන්නයි. Albino (ඇලි) සහ Albinism (ඇලි ස්‌වභාවය) යන වදන්වල උපත සිදු ව ඇත්තේ ද එතැනිනි.

    5-1.jpg


    උඹල ඉතින් ඇලි කට්ටිය ඕන තරම් දැකල ඇති නේ. පහුගිය කාලේ කැස්බෑවෙක් නිසා මේ ගැන ගොඩක් කතා උනා
    මෙයාලගේ හම ද, කේශර හෙවත් රෝම ඇත්නම් ඒවා ද, සුදු පාටයි . ඇසේ වර්ණක සහිත ප්‍රදේශය වන තාරා මණ්‌ඩලය ද, එහි ස්‌වාභාවික පාටක් නොවෙන නිසා රතු පාට වෙලා තියනවා

    5-2.jpg


    සමහර වර්නබේදවාදියෝ හමේ පාට ගැන උද්දාම උනාට, මේ ඇලි බවත් එක්ක එකටම යන දෙයක් තමයි සමේ පිළිකාව

    මිනිසා ගේ පූර්ණ ඇලි ස්‌වරූපයේ දී, මෙලනින් වර්ණක නිපදවීමට වැදගත් වන tyrosinase එන්සයිමය තැනීමට උපයෝගි වන ජානය, නිලීන විකෘතියකට ලක්‌ වේ. එවැනි නිලීන සමයුග්මක ප්‍රවේණික සැකසුමකට තමයි ඇලි බව ලබා දෙන්න පුළුවන්

    ඉතින් මේ සමහර මෝඩ මිනිස්සු ඇලි සත්තුන්ව යාග හෝම වලට බිලි වෙන එක නම් අපරාදයක්
    ලස්සන ඇලි සත්තුන්ගේ ෆොටෝ ටිකකුත් බලමු,ෆොටෝ නම් රෙපොස්ට් ද දන්නේ නෑ


    කිඹුලන් ලක්ෂ 20 ක් පමණ දක්නට ලැබෙන ඇමරිකාවේ හමුවූ ඇලි කිඹුලෙකි මේ. වයස අවුරුදු 14 කි.සුදු උනාට මුත් වසයි
    021.jpg



    අපි‍්‍රකාවේ බි‍්‍රස්ටල් සත්වෝද්‍යානයේදී මේ ඇලි පෙන්ගුවින් උපතලබා ඇත්තේ 2002 වර්ෂයේදීය
    031.jpg



    ඕස්ටේ‍්‍රලියාව අවට මුහුදේදී ඇලි නිල් තල්මසකු තමන් මේ වනවිට තිස් වතාවක් දැක ඇති බව එරට තල්මසුන් සුරැකීමේ සංගමය පවසයි. මේ ඔවුන් ඉදිරිපත් කැර ඇති එක් ඡායාරූපයකි.
    041.jpg



    ඉතා කෙටි ආයුකාලයක් ඇති ලේනුන් අතර ද ඇලි සතුන් බිහිවන බව මෙම ඡායාරූපයෙන් තහවුරු වේ.
    051.jpg



    ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවූ මේ ඇලි කැන්ගරුවාගේ වාස භවන වී ඇත්තේ එරට ජාතික සත්ත්වෝද්‍යානයයි.
    071.jpg



    නිල් පැහැති මුහුදු කකුළුවන් අතරින් මේ ඇලි කකළුවා හමුවී ඇත්තේ ඇමරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තය ආසන්න මුහුදෙනි.
    09.jpg



    ඇලි මොණරා හමුවී ඇත්තේ චීනයෙනි. ලස්සනයිනේ
    10.jpg


    හොඳ නම් bump 1ක් දාල සලකල යන්න