තුන්හැවිරිදි දැරියට අතවර කිරීමට ගිය මහල්

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    තුන්හැවිරිදි දැරියට අතවර කිරීමට ගිය මහල්

    තුන්හැවිරිදි දැරියට අතවර කිරීමට ගිය මහල්ලා රිමාන්ඩ්

    අර්වින් රෝයි සිල්වා - වැල්ලව

    වැල්ලව පොලිස්‌ වසමේ සිරංගොඩ ප්‍රදේශයේ දී තුන් හැවිරිදි සිඟිති දැරියකට අතවර කිරීමට තැත්කළ 78 හැවිරිදි මහල්ලෙක්‌ ගම්මුන් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

    කුරුණෑගල අධිකරණයෙන් මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ වැල්ලව සිරංගොඩ සෝමපාල නමැත්තෙකි.

    සැකකරු සිඟිති දැරියගේ අසල්වැසියකු වන අතර ඇගේ නිවසේ කිසිවකු නොමැති අවස්‌ථාවක්‌ බලා මෙලෙස අපරාධයක්‌ කිරීමට තැත්කර ඇති අතර ඇගේ මව විසින් එය දැක කෑගසා එය වළක්‌වාගෙන තිබේ.

    අනතුරුව සිරංගොඩ සිවිල් ආරක්‍ෂක කමිටුවේ නිලධාරීහු දැනුවත් කර වැල්ලව පොලිසියට මහල්ලා භාරදී ඇත.

    වැල්ලව පොලිසියේ ස්‌ථානාධිපති (පො.ප.) අනුර ගුණවර්ධන, අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථා. (පො.ප.) සමරසිංහ, (කා.පො.සැ.) ධර්මලතා යන නිලධාරි මහත්මීහු පරීක්‍ෂණ කටයුතු සිදුකර ඇත. සැකකරු කුරුණෑගල උසාවියට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.


    නාකියන්ට ගිය කල ,ආගම දහමක් අදහාගෙන ඉන්නේ නැතුව මුන් අපායේ යන්න දගලන හැටි