13 වියෑති දැරියව සිපගත් දහම් පාසල් ගුරුවරය&#35

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    13 වියෑති දැරියව සිපගත් දහම් පාසල් ගුරුවරය&#35

    13 වියෑති දැරියව සිපගත් දහම් පාසල් ගුරුවරයා අත්අඩංගුවට

    අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

    හොරොව්පොතාන ප්‍රදේශයේ දහම් පාසලක අධ්‍යාපනය ලබන දහතුන් වියෑති ශිෂ්‍යාවකගේ ගෙලට අත දමා සිප වැළඳගෙන ලිංගික අපයෝජනයට ලක්‌ කළ බව කියන එම දහම් පාසලේ ගුරුවරයකු වශයෙන් සේවය කරන සිවිල් ආරක්‍ෂක භටයකු හොරොව්පොතාන පොලිසිය විසින් පෙරේදා (02 දා) සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    පසුගිය 23 වැනිදා පෙරවරුවේ එම සිසුවිය දහම් පාසලේ කාර්යාල කාමරය අතුගා පවිත්‍ර කිරීමට කාමරය තුළට ගිය අවස්‌ථාවේ එහි සිට ඇති සැකකාර සිවිල් ආරක්‍ෂක භටයා ඇගේ ගෙලට අත දමා සිප වැළඳ ගෙන ලිංගික අපයෝජනයට ලක්‌කොට තිබේ.

    පසුව එම සිසුවිය මේ බව තම දෙමවුපියන්ට පෙරේදා (02 දා) දැනුම් දීමෙන් අනතුරුව ඇය සහ දෙමවුපියන් හොරොව්පොතාන පොලිසිය වෙත ගොස්‌ පැමිණිලි කොට ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හොරොව්පොතාන, මොරකෑව, ඇළපත්වැව ප්‍රදේශයේ පදිංචි විවාහකයකු වන අතර ඔහු හොරොව්පොතාන තිරප්පන්කඩවල සිවිල් ආරක්‍ෂක බළකායේ කලාප කාර්යාලයට අනුයුක්‌තව සේවයෙහි නියුතු අයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    සැකකරු ඊයේ (03 දා) කැබිතිගොල්ලෑව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මේ සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    මේවගේ එවුන්ව දාන්න ඕනේ අර පිටකොටුවේ පොදු වැසිකිළි සුද්ද කරන්න ,කාලකන්ණි බල්ලෝ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මචන් දැන් ලංකාව එන්න එන්නම පිරිහෙනවා බන්. අහින්සක පුන්චි දරුවෙක්ටවත් ආරක්ශාවක් නැති තරමට රට ආගාදයකට වැටිලා. අපෙ දරුවොන්ගෙ අනාගතේ මොන අතකින් කෙලවර වෙයිද දන්නෙ නැ බන්. කවුරු මොනවා කිවුවත් මේ වගේ දේවල් වෙනුවෙන් අරාබි රටවල කරන විදියට එකෙක්ට දෙන්නෙක්ට දඩුවම් දුන්න නම් ඉවරයි. නැත්නම් මෙ රට කවදාවත් හදන්න වෙන්නෙ නෑ. අසහනකාරයො වැහි වැහැලා
     
    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    මචන් දැන් ලංකාව එන්න එන්නම පිරිහෙනවා බන්. අහින්සක පුන්චි දරුවෙක්ටවත් ආරක්ශාවක් නැති තරමට රට ආගාදයකට වැටිලා. අපෙ දරුවොන්ගෙ අනාගතේ මොන අතකින් කෙලවර වෙයිද දන්නෙ නැ බන්. කවුරු මොනවා කිවුවත් මේ වගේ දේවල් වෙනුවෙන් අරාබි රටවල කරන විදියට එකෙක්ට දෙන්නෙක්ට දඩුවම් දුන්න නම් ඉවරයි. නැත්නම් මෙ රට කවදාවත් හදන්න වෙන්නෙ නෑ. අසහනකාරයො වැහි වැහැලා

    sira:)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    තව ටික කාලයක් ඔහොම ගියොත් ගෑනියෙක්ට පාරේ යන්න බැරි වෙනවා