කොට උනාට මෙයත් අලියෙක්

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කොට උනාට මෙයත් අලියෙක්

    මචන්ලා උඹල කුරු මිනිස්සු දැකල තිබුනට කුරු සත්තු දැකල තියනවද? සත්තුන්ගෙත් කුරු කට්ටිය ඉන්නවා, ඒත් කුරු බව නිසා ඔවුන්ගේ ජිවිතේ රැක ගන්න බැරිවෙනවා,පහසුවෙන් ම දඩයමට ලක්‌ වෙන්නත් පුළුවන්.

    පසුගිය වසර අවසානයේ දී උඩවලව වනෝද්‍යානයෙන් වාර්තා වුණා එහි සිටින කුරු අලියකු පිළිබඳව. කුරු බව ඔහු ගේ ජීවිතයට එතරම් දැඩි තර්ජනයක්‌ වෙලා නැහැ. උඩවලව වනාන්තරය ආශ්‍රිත ව සිටින විශාලතම ශාක භක්‌ෂක සත්ත්ව කාණ්‌ඩය අලින් වීමත්, ඔවුන් ගොදුරු කරගන්නා වෙනත් සත්තු නො සිටීමත් නිසා මේ කුරු අලියා දැක ගැනීමේ දුර්ලභ අවස්‌ථාව ලෝකයාට හිමි වෙලා.

    1-2.jpg


    මේ අලියා පිළිබඳ තොරතුරු මුලින් ම දැන ගත්තේ 2013 ජූලි මාසයේ දී. ජූලි මාසේ 7 වැනි දා උදෑසන 6.30ට පමණ උඩවලව වනෝද්‍යානයෙහි ප්‍රධාන පාර ආසන්නයේ දී අලින් දෙදෙනකු නරඹන්නන් විසින් බලාගෙන ඉඳල තිබුන. දාහක් විතර අලි ඉන්න උඩවලව කැලේ නිදහසේ සැරිසරන අලින් ඉතා සුලබ දසුනක්‌. එහෙත් මේ අලින් දෙදෙනා අතුරින් එකකු ගේ වෙනසක්‌ දකින්නට තිබුණා. හොඳින් වැඩුණු පිරිමි සතකු වුවත් උගේ උස අඩි 5කට වඩා වැඩි වුණේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට වැඩී තිබූ ශරීරයේ ඉහළ කොටසත්, පැහැදිලිව නිරීක්‌ෂණය කළ හැකි වූ ද්විතීයික ලිංගික ලක්‌ෂණත් ඌ වැඩුණු සතකු බව තහවුරු කළා. අසාමාන්‍ය ලෙස කොට පාද, ඔහුව කුරු බවට පත් කර තිබුණා. ඔහු ගේ සගයා සාමාන්‍ය ලෙස වර්ධනය වී සිටියා. මේ අලින් දෙදෙනා ගේ ම මද කිපී ඇති බව හඟවන ලක්‌ෂණ ද නිරීක්‌ෂණය කිරීමට ලැබුණා. එයින්, කුරු බව හැරුණු කොට මේ අලියා තුළ වෙනත් මානසික හෝ හැසිරීමේ ආබාධිත තත්ත්වයන් නැති බවයි තහවුරු වුණේ.

    1-1.jpg


    උඩවලවේ ගියොත් බලන්න මු ඉන්නවද කියල......

    බලල bump 1ක් දාල යන්න.
    හොඳනම් සලකල යන්න.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මුත් උස්සලා විකුණයිද දන්නේ නැ..