පුනරුත්පත්තිය හා පුනර්භවය

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    පුනරුත්පත්තිය හා පුනර්භවය

    මේ පිළිබඳව පැහැදිලි කිරීමට සැරසුනේ... ඊයේ දිනයේ ''බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්'' කියන ත්‍රෙඩ් එකට එළකිරියේ සහෝදරයන් අසා තිබු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම අරමුණු කරගෙනයි.. උදා:-
    **මෝහනය කරලා පෙර ආත්මේ කියවන්න බෑ බන්. උබ ඕනි නම දොස්තර කෙනෙක්ගෙන් අහල බලපන්. අර කරාපිටියේ ප්‍රසිද්ද මනෝ වෛද්‍යවාරයත් කියලා තියනවා ඕක බොරුවක් කියල. අනික ඔච්චර ලේසියෙන් මිනිහෙක් මෝහනය කරලා පෙර ආත්මේ ගැන දන ගන්න පුල්වන්නම්, බුදු හාමුදුරුවෝ මොකද මෝහනය ගැන කියලා දෙන්නේ නැතුව පටිගය ගැන මෙනෙහි කරලා හෙන කට්ටක් කාලා පුබ්බේ නිවසානුස්සතිය වඩන්න කියන්නේ
    **කර්මය , නිර්වනය ඔක්කොම විස්වාස තමයි.... එ විස්වාසයන් නොවෙන්නෙ කොහොමද ?පැහැදිලි කරන්න..

    වගේ ගොඩක් දේවල් ගොඩක් අය කියල තිබ්බා... :shocked:

    මෙහෙමයි යාලු....:)
    මුලින්ම කියන්න ඕනේ ලෝකයේ සියලු ආගම් ගොඩනැඟී තිබෙන්නේ මිනිසාගේ ජීවිතය හා මරණය පදනම් කරගෙන ය.... මරණයෙන් පසු ජීවිතය සදහටම කෙළවර වන බවත්, මතු පැවැත්මක් නොමැති බවත් පිළිගන්නා සමාජයක ආගමක් රඳා පවතින්නේ නැත. මරණයෙන් පසු මිනිසකුට සිදුවන්නේ කුමක් ද? යන්න තමන්ට යමක් ගැන සිතන්නට හා කියන්නට හැකි වූ දා සිට ම මිනිසුන් විසින් පිළිතුරු සොයනු ලබන ප්‍රශ්නයකි. ලෝකය පුරා විහි දී ඇති මානව සමාජ ඒ පිළිබඳව දරන නිගමන අනුව බිහි වූ විවිධ ආගමික විශ්වාස හා ඒ වටා බැඳුන ගුප්ත අවමංගල චාරිත්‍ර දහස් ගණනක් තියෙනවා...
    මරණයෙන් පසු කිසිම ආකාරයක ජීවිත පැවැත්මක් නැත යනු භෞතිකවාදීන්ගේ පිළිගැනීම යි. එම ඉගැන්වීම උච්ඡේදවාදය යනුවෙන් ද හැඳින්වෙයි.:) පුද්ගලයකුගේ මළසිරුර සොහොනට ගෙනගොස් දැමූ පසු ජීවිතය සදහටම නිමවෙයි. එම නිසා ජීවත්වන කාලය තුළ සැපසේසැප විඳින්න. මුදල් නැති නම්, ණයට හෝ ගන්න යැයි අතීතයේ භාරතයේ විසූ උච්ඡේදවාදීයකු වන චාර්වාක පවසා ඇත. අද වුව ද, ලොව බොහෝ දෙනා රුචිකත්වයක් දක්වන්නේ එම චින්තනයට යි. නමුත් ජීවිතයේ යථාර්ථය ඔවුන් සිතන ආකාරයේ දෙයක් නොවීම අවාසනාවකි....:no:
    මරණයෙන් පසු මිනිසාගේ පැවැත්මක් තිබේ. මිනිසා මරණයෙන් මතු නැවත උපදියි යන මතය පිළිගන්නා ආගම් ලෝකයේ බහුල ය. ඒවා එකිනෙකට වෙනස් වන්නේ එම පැවැත්ම සිදුවන්නේ කුමන ආකාරයට ද? එහි පදනම කෙබඳු ද? වැනි කාරණා සම්බන්ධයෙන් දක්වන විග්‍රහයන් මුල්කරගෙන ය. හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ප්‍රධාන ආගම් සියල්ලම මිනිසා මැවුම්කාරයකුගේ නිර්මාණයක් බව විශ්වාස කරයි. මිනිසා සහ මැවුම්කරුවා සම්බන්ධ කරන්නේ ආත්මය මගිනි. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල දැක්වෙන්නේ හොඳ ජීවිතයක් ගතකරන පුද්ගලයා මරණින් පසු දෙවියන් වහන්සේ සමඟ එක්වන බවත්, පව්කරන්නා සදහට ම අපායට යන බවත් ය. ඒ අනුව මිනිසා නැවත උත්පත්තිය ලබන්නේ එක්වරක් පමණි....:angry:

    හින්දු ආගම.......හින්දු ආගමේ මතය ඊට වඩා පුළුල් ය. මරණින් පසු ජීවිතය එක් අවස්ථාවකට පමණක් සීමා නොවේ. කිළිටි වූ ආත්මය යාග,හෝම, තපස් ක්‍රම ආදිය මගින් පිරිසිදු කරගන්නා තුරුම අනන්ත වූ ආත්මභාව ගණනක් මැරෙමින් නැවත උපදිමින් මිනිසාට සංසාරයේ ගතකරන්නට සිදුවෙයි. පුද්ගලයකු වර්තමාන ජීවිතයට පැමිණ සිටින්නේ මීට පෙර අනන්ත ජීවිත ගණනක් ගතකිරීමෙන් පසුව යි. මේ සසර ගමන නිමවන්නේ පුද්ගල ආත්මය ශුද්ධාත්මය හා එක්වීමෙනි. එය මෝක්ෂය යිඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය දුෂ්කර ය. ශරීරයට දුක් දීමෙන්, යාග හෝම පැවැත්වීමෙන් පාපකර්ම නිමා කළ යුතු ය.
    :rolleyes:

    ක්‍රිස්තියානි/ඉස්ලාම් ආගම්.......ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල ඒ සඳහා තිබෙන්නේ තරමක් සරල ක්‍රමයකි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ පිළිබඳව පූර්ණ විශ්වාසය තබා යාඥා කොට පව් සමාකරගැනීමෙන් සිත පිරිසුදු වේ. එය මරණින් පසු දෙවියන් වහන්සේ සමඟ එක්වීමට මාර්ගයයි.:rolleyes:

    දැන් එහෙනම් මාතෘකාවට එමු... එනම් පුනරුත්පත්තිය හා පුනර්භවය.... කට්ටිය බහුතරයක් දෙන මේවා ඔක්කොම පටලවාගෙන...:no: සමහර අය නොදන්නා මගුල් කියන්න ගිහින් ආගමත් හෑල්ලු කරනවා... තවත් අය මඩගහනවා... තවත් අය පට්ට පල් බොරු කියනවා....:lol:

    ජීවිතය සමඟ ගමන් කරන සදාකාලික ආත්මයක් පිළිබඳ අදහසක් බුදුදහමේ කියවෙන්නේ නෑ... එසේම අද හොදක් අය පුනරුත්පත්තිය යන හින්දු වචනය බුදුදහමට සම්බන්ධ කරලා කතා කරනවා... පුනරුත්පත්තිය යනු මේ ජීවිතයේ සිටින තැනැත්තා මරණයෙන් පසු ඒ අයුරින් ම උපත ලැබීමයි. පුද්ගලයාගේ ආත්මය අලුත් ඇඳුමක් ඇඳගැනීමට නැතිනම් නව නිවසක පදිංචිවීමට එය උපමා කොට ඇත. ආත්මය නොපිළිගන්නා බෞද්ධ ඉගැන්වීම්වලට එය නොගැලපෙයි. එමනිසා, මරණින් පසු නැවත ඉපදීම හැඳින්වීමට බුදුදහම සෑම විටම භාවිතා කර තිබෙන්නේ “පුනබ්භව“ යන වචනයයි.
    මිනිසා විතරක් නෙවෙයි සියලුම සත්ත්වයන් අනන්ත වාර ගණනක් උපදිමින් මැරෙමින් සසර සැරිසරන බව හින්දු ආගම මෙන්ම බුදුදහම ද පිළිගනියි. එහි පටන්ගැන්ම හෝ අවසානය පැහැදිලි කරන්න බෑ....මේකට කියන්නේ සංසාර චක්‍රය කියලයි... චක්‍රයක අගක් මුලක් පෙන්වන්න බෑ... හේතු ඵල නියාමයට අනුව සත්ත්වයන්ගේ සසර පැවැත්ම සිදුවන බව කීම බුදුදහමේ විශේෂත්වයකි. අවිද්‍යාව, තණ්හාව, කර්මය ආදිය පුනර්භවයට මුල්වෙයි. පුද්ගලයකු කර්මානුරූපව මරණින් මතු උපදින තැන් රැසකි. මනුෂ්‍ය ලෝකය, සදෙව් ලෝක සහ සතර අපාය සත්ත්වයන්ගේ උපත සිදුවන කාමලෝක ලෙස හැඳින්වෙයි. තිරිසන් ලෝකය සතර අපායට අයත් ය. ධ්‍යානලාභීන් උපදින රූපාවචර බ්‍රහ්මලෝක 16 කි. අරූපාවචර බ්‍රහ්මලෝක 4 කි. මිනිසා මිනිසකු ලෙස ම උපදින බවට නියතියක් නැත. සිදුකළ කර්ම අනුව උපදින තැන් නියම වෙයි. කර්මය ගෙවුන පසු තවත් තැනක උපදියි. ජීවිතය සදාකාලිකව එකතැනකට සීමා නොවේ. :yes:
    ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් අනුව නම් මරණින් පසු අපාය හෝ දෙවියන් වහන්සේ සමඟ එක්වූ පසු ජීවිතය සදාකාලික ය....:confused:
    බුදුදහමේ කිසිම තැනක ආත්මයක් ගැන උගන්වන්නේ නැහැ. ඒ නිසා වෙනස් නොවී භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් හෝ විඤ්ඤාණයක් නොපිළිගනියි. මරණයෙන් පස්සේ පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම ද? වෙනත් කෙනෙක් ද? කියන ප්‍රශ්නයට බුදුදහම දෙන පිළිතුර නම්, ඔහුත් නොවේ. වෙනත් කෙනෙක් ද නොවේ යන්නයි. එය කැඩපතකින් පෙනෙන පුද්ගලයකුගේ රූපයක් ගැන කරන විග්‍රහයක් වගේ.. තේරුනාද මන්දා...:)
    මෙහමයි..පුද්ගලයාත්, ප්‍රතිබිම්බයත් අතර සම්බන්ධයක් තියෙනවා... එම රූපය පුද්ගලයා නිසා ඇතිවූවක් බැවිනි. නමුත් ප්‍රතිබිම්බය එම පුද්ගලයාමයි කියලා කියන්න බෑ නේ...:yes:

    පුද්ගලයකුගේ මරණය හා පුනර්භවය අතර අන්තරාභවය නමින් හැඳින්වෙන මනෝමය වූ පැවැත්මක් ගැන විශ්වාස කරන පිරිසක් ද බෞද්ධයන් අතර සිටිති. එයින් අදහස් වන්නේ පුනර්භවය ලැබීමට සුදුසු තැනක් සොයමින් මියගිය තැනැත්තාගේ ප්‍රතිසන්ධි ශක්තිය පාවෙමින් තිබෙන කාල සීමාවකි. මෙය දැඩි මතභේදවලට ලක් වූ මාතෘකාවකි. මරණය සිදුවී හත් දවසකින්, දින දාහතරකින්, තුන් මාසයකින් ආදී වශයෙන් නිශ්චිත දින වකවානුවල මළවුන්ට පින්දීමේ පින්කම් පැවැත්වීමට බෞද්ධයන් පුරුදු වී සිටින්නේ මළ තැනැත්තා අන්තරාභවයේ ජීවත්වන කාල සීමාව පිළිබඳ නිගමනය අනුව යි.
    චුතුපපාත ඥානය හා පුබ්බේනිවාසානුස්සති ඥානය ලබාගත් කෙනකුට අනෙකුත් සත්ත්වයන් මැරී උපදින තැන් සහ තමන් පෙර ජීවිතවල ඉපදී සිටි තැන් දැනගැනීමට පුළුවන. මැරුණ තැනැත්තාගේ හිස් කබලට තට්ටු කර ඉපදුන තැන කිවහැකි ශාස්ත්‍රයක් බුදුන් දවස විසූ වංගීස බමුණා දැන සිටියේ ය.
    පුනරුත්පත්තිය නොහොත් පුනර්භවය ගැන පර්යේෂණ කරන විද්වතුන් ඒ සඳහා භාවිතා කරන එක් ක්‍රමයක් නම්, පුද්ගලයන් මෝහන නිද්‍රාවට පත්කර ඔවුන්ගේ මතකය අතීත භවයන්ට ගෙනයාමයි. ඇමෙරිකාවේ සිටි එඩ්ගා කේසි ස්වයං මෝහනය මගින් අනුන්ගේ පෙර ජීවිත, ඔවුන් එම ජීවිතවල දී සිදුකළ කර්ම හා ඒ අනුව මෙලොව විඳින විපාක පිළිබඳ විග්‍රහ කළ කෙනෙකි. ජිනා සෙර්මිනාරාගේ සංසාර මන්දිර පොතේ ඒ ගැන විස්තර වෙනව...
    ඔය මෝහනය ගැන ප්‍රශ්න තියෙන අය ඒවගේම පෙර ආත්මය වගේ දේවල් ගැන ප්‍රශ්න තියෙන අය එඩ්ගා කේසි ගැන ටිකක් හොයල බලන්න... :)

    නැවත ඉපදීම ගැන පර්යේෂණ කළ ලොව ප්‍රකට පුද්ගලයා මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා ය. පෙරභවය ගැන කියූ ලංකාවේ ළමුන් ගණනාවක් හමු වී පර්යේෂණ පවත්වා ඇත. මෝහන නිද්‍රාව හා පෙර භවය ගැන කියන අය ඇසුරෙන් පර්යේෂණ සිදුකෙරුණත්, නැවත ඉපදීම තහවුරු කිරීමක් විද්‍යාව මගින් තවම එවැන්නක් තහවුරු කර නොමැත. ඉන්ද්‍රිය ශක්තිය දියුණු කිරීමෙන් ලැබූ විශේෂ ඥානයකින් බුදුරදුන්, රහතුන් සහ ධ්‍යානලාභී තවුසන් දැනගත් දේ සාමාන්‍ය බුද්ධියෙන් වටහාගැනීමට නොහැකි ය.

    මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් නැවත ඉපදීමක් තිබිය හැකි බවට අදහස් ඉදිරිපත් කරන අතර, එය ස්ථීර කිරීමට හෝ එය සිදුවන්නේ කෙසේ දැ යි කීමට නොහැකි බව පවසයි. ඇතැම් ළමුන් තම පෙර ජීවිත ගැන කරන ප්‍රකාශන සම්බන්ධයෙන් පිළිතුරක් දීමට විද්‍යාව අපොහොසත්ය. එපමණකින් ඒවා ප්‍රතික්ෂේප කළ නොහැකි ය.... :):) :):) :yes:

    [FONT=&quot]නුතන විද්‍යාවෙන් බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නුතන[/FONT] [FONT=&quot]විද්‍යාවෙන් පිළිගැනිය හැකි බවට පවසන එකම ආගම බුදුදහම. නුතන විද්‍යාවේ මහා[/FONT] [FONT=&quot]ප්‍රාඥයා ලෙස සැලකෙන අයින්ස්ටයින් ඒගැන මෙහෙම කියල තියෙනවා.[/FONT]
    “The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism. ” -Albert Einstein, The Human Side(book)-
    [FONT=&quot]අයින්ස්ටයින් ඔබට වඩා විද්වතෙක් මෙන්ම ප්‍රකාශයක් සිදුකිරීමට මත්තෙන් ඔබ[/FONT] [FONT=&quot]සිදු කලාට වඩා බොහෝ පුළුල් අධ්‍යනයක් බුදුදහම ගැන සිදු කරන්න ඇති කියන එක[/FONT] [FONT=&quot]ඕනෑම පුද්ගලයෙක් අවිවාදයෙන් පිළිගනියි.[/FONT]
    [FONT=&quot]අයින්ස්ටයින් මෙහෙමත් කියල තියෙනවා.[/FONT]
    ” What humanity owes to personalities like Buddha, Moses, and Jesus ranks for me higher than all the achievements of the enquiring and constructive mind.”
    [FONT=&quot]අයින්ස්ටයින් ඔහොම කියලා තියෙන්නේ නුතන විද්‍යාවට වඩා අධ්‍යාත්මික විද්‍යාව අයින්ස්ටයින්ට ගොඩක් වැදගත් වුනු නිසායි...
    [/FONT]

    තවත් දෙයක් යාලු...
    [FONT=&quot]බුදු දහමේ ත්‍රිලක්ෂණ වලට අනුව ලොව සියලු සංස්කාර දර්මයෝ නැසෙන සුළුය. එනම් අනිත්‍ය හෙවත් නිත්‍ය නොවන බවත් , ඒ අනිත්‍ය බව නිසා ඇතිවෙන වෙනස්කම් මත පුද්ගලයෝ දුකට පත්වෙන බවත්, සියල්ල අනිත්‍ය නම් මමය, මගේය කියා පවතින ස්ථිර වු ආත්ම නමින් හදුන්න්වන අමරණිය පැවැත්මක් ඇති කිසිදු දෙයක් ලෝකයේ නැති බවත් බුද්ධ දර්ශනයේ සදහන් වේ . ආත්ම නොමැති නිසා බුදු දහම අනාත්මය . ( එනම් ලෝකය දුක මතම පිහිටා ඇත ). ලොව අනාත්ම වු දහමක් වේ නම් ඒ තථාගත සම්බුද්ධ දර්ශනය පමණකි. නුවණ ඇති අය ප්‍රිය කරන, බුද්ධිමත් ගවේෂණයට ඉඩකඩ සලසා දෙන, බුදු දහම බුද්ධිමතුන්ගේ දහමක් වෙන්නේද ඒ නිසාමයි.[/FONT]
    ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න ඇති කියලා හිතෙනවා... කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි... තව දෙයක්....:):):):):):):):)

    [FONT=&quot]ඔබ සරු දේ නිසරු ලෙස දකී. නිසරු දේ සරු ලෙස දකී. එය ඔබගේ මෝහය යි. මෝහය දුරු කර දැන් වත් ධර්මය දකින්න.[/FONT]

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,819
    40,502
    113
    oya deela thiyenne uttara. hebai ithin meewa eya therum ganei kiyala nam mama hithanne na.. rep+
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH

    බුදුදහමේ කිසිම තැනක ආත්මයක් ගැන උගන්වන්නේ නැහැ. ඒ නිසා වෙනස් නොවී භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් හෝ විඤ්ඤාණයක් නොපිළිගනියි. මරණයෙන් පස්සේ පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම ද? වෙනත් කෙනෙක් ද? කියන ප්‍රශ්නයට බුදුදහම දෙන පිළිතුර නම්, ඔහුත් නොවේ. වෙනත් කෙනෙක් ද නොවේ යන්නයි. එය කැඩපතකින් පෙනෙන පුද්ගලයකුගේ රූපයක් ගැන කරන විග්‍රහයක් වගේ.. තේරුනාද මන්දා...:)
    මෙහමයි..පුද්ගලයාත්, ප්‍රතිබිම්බයත් අතර සම්බන්ධයක් තියෙනවා... එම රූපය පුද්ගලයා නිසා ඇතිවූවක් බැවිනි. නමුත් ප්‍රතිබිම්බය එම පුද්ගලයාමයි කියලා කියන්න බෑ නේ...:yes:

    ඔන්න ඔතන තමයි පොඩ්ඩක් තේරෙන්නේ නැත්තේ, මම ඕක ගැන හමුදුරුවොන්ගෙන් පවා අහල තියනවා.
    දැන් හිතපන් අපි පින් කරලා කරලා ඊලග භවේ සිටු කුමාරයෙක් වෙලා ඉපදුනා.
    එත් වැඩක්ද? ඌ මම නෙවෙයි, ඇයි මම මහන්සි වෙලා උට පින් සපයන්නේ?
    අඩුම ගානේ මට ඌ සැප විදින හැටි බලන්නවත් පුලුවන්ද?
    ගිය භාවයේ හිටපු පොර පින් කරලා මට මේ භාවයේ සැප ලැබෙනවා,
    එත් එකෙන් උට වැඩක්ද? ඌ මැරිලා, මරණින් පසු උගේ පැවැත්මක් නැහැ,
    ඌ කියන එකා එතනින් ඉවරයි.
    එත් උගේ කර්ම ශක්තිය විතරක් මම කියන කෙනාට උරුම වෙනවා,
    උට මාව වත් , මට ඌව වත් මතකත් නැතිනම්,
    මම කියන පුද්ගලයා උපන්නේ අලුත්ම ජීවියෙක් විදියට නම් ,
    ඌ කරපු හොද මට පලදෙන්න හරි,
    ඌ කරපු වැරදි වලට මම දඩුවම් විදින එක හරි හෙන අසාදාරණයි වගේ පෙන්නේ.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි...

    මම මෙතැනදී උබ ඔය කතා කරන ''මම'' හා '''' පැහැදිලි කරන්නම්... එය කැඩපතකින් පෙනෙන පුද්ගලයකුගේ රූපයක් ගැන කරන විග්‍රහයක් වැනි ය. පුද්ගලයාත්, ප්‍රතිබිම්බයත් අතර සම්බන්ධයක් ඇත. එම රූපය පුද්ගලයා නිසා ඇතිවූවක් බැවිනි. නමුත් ප්‍රතිබිම්බය එම පුද්ගලයා ම නොවේ... ඒවගේ තමයි බන් උබ ඔය කියන '''' නිසා තමයි ''මම'' කියන කෙනා ඉන්නේ සහ ඇතිවන්නේ.. ඕක තමයි සංසර චක්‍රය... තණ්හාව නැතිකරගත් කල් හි.. '''' ගෙන් පසු නැවත ''මම'' යන්නෙක් ඇති නොවේ.. ඒ නිර්වාණයයි... මේක සරලව කිවුවේ... විහිලුවට ගන්න එපා... හිතන්න... :)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    තණ්හාව නැතිකරගත් කල් හි.. '''' ගෙන් පසු නැවත ''මම'' යන්නෙක් ඇති නොවේ.. ඒ නිර්වාණයයි... :)

    ඌ නිසා හරි මොනවා නිසා හරි මම දැන් ඉන්නේ ඉපදීලා,
    එත් මගෙන් පසුව නැවත මම කෙනෙක් ඉපදෙන්නේ නැහැනේ, ඉපදෙන්නේ වෙන එකෙක්,
    ඉතින් ඌ ඉපදෙන එක නවත්වන්න මම වෙහෙසෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය. :baffled:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඌ නිසා හරි මොනවා නිසා හරි මම දැන් ඉන්නේ ඉපදීලා,
    එත් මගෙන් පසුව නැවත මම කෙනෙක් ඉපදෙන්නේ නැහැනේ, ඉපදෙන්නේ වෙන එකෙක්,
    ඉතින් ඌ ඉපදෙන එක නවත්වන්න මම වෙහෙසෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය.
    :baffled:

    යාලු...
    ''ඉපදෙන එක නවත්වන්න මම වෙහෙසෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නයට'' උත්තරය තමයි...
    තණ්හාව යනු ආශාවන් කෙරෙහි ඇති බැඳීමයි චතුරාර්ය සත්‍යයේ දෙවන සත්‍ය වන දුක්ඛ සමුදය සත්‍යයේ තණ්හා‍ව දුකට මූලය බව සඳහන් වේ. මෙය පටිච්ඡ සමුප්පාදයේ ද පැහැදිලිව සඳහන් වේ.
    පාලි ධර්ම ග්‍රන්ථ වල තණ්හාවේ ආකාරය 3 ක් දැක්වේ
    - ලෞකික සැප පහසුකම් කෙරහි ඇලීම (කාම තණ්හා)
    - තවත් එවැනි සැප ලබා ගැනීම සඳහා නැවත ඉපදීමට ඇති කැමැත්ත (භව තණ්හා)
    - නැවත භවයක් ලබා නොගැනීමට ඇති ඇල්ම හෙවත් මෙම භවය ගැන පමණක් විශ්වාස කිරීම (විභව තණ්හා)
    තණ්හාව දෙආකාරයකි. එනම් සැප‍ හෝ තමන් කැමති දේ ලබා ගැනිමට ඇති කැමැත්ත හා තමන් අකමැති දේ දුරු කිරීමට ඇති කැමැත්තය.
    තණ්හාව ලෞකික ද්‍රව්‍යමය සම්පත් වලට ඇති කැමැත්තට වඩා වැඩි දෙයකි. එය ජිවිතයට හෝ මරණයට (දිවිනසා ගැනීම) ඇති කැමැත්ත, ප්‍රසිද්ධියට ඇති කැමැත්ත, නින්ද, මානසික සතුට වැනි තමා සමීපයේ නොමැති වුවත් ඒවා ළඟා කර ගැනීමට ඇති කැමැත්ත වේ. දුකකදී වුවද අප කැමති වන්නේ එයින් දුරස්වීමටයි. එම නිසා සියළුම ආශා, සියළුම අවශ්‍යතා හා සියළුම ලෝක තුළ තණ්හාව අන්තර්ගතයි... තණ්හාව නැතිකර ගත් තැන අපිට සසරින් මිදිය හැක... එවිට නැවත නැවත ඉපදෙමින් දුක් විදීමට අවශ්‍ය නොවේ...
    තවත් දෙයක් යාලු...
    [FONT=&quot]බුදු දහමේ ත්‍රිලක්ෂණ වලට අනුව ලොව සියලු සංස්කාර දර්මයෝ නැසෙන සුළුය. එනම් අනිත්‍ය හෙවත් නිත්‍ය නොවන බවත් , ඒ අනිත්‍ය බව නිසා ඇතිවෙන වෙනස්කම් මත පුද්ගලයෝ දුකට පත්වෙන බවත්, සියල්ල අනිත්‍ය නම් මමය, මගේය කියා පවතින ස්ථිර වු ආත්ම නමින් හදුන්න්වන අමරණිය පැවැත්මක් ඇති කිසිදු දෙයක් ලෝකයේ නැති බවත් බුද්ධ දර්ශනයේ සදහන් වේ . ආත්ම නොමැති නිසා බුදු දහම අනාත්මය . ( එනම් ලෝකය දුක මතම පිහිටා ඇත ). ලොව අනාත්ම වු දහමක් වේ නම් ඒ තථාගත සම්බුද්ධ දර්ශනය පමණකි. නුවණ ඇති අය ප්‍රිය කරන, බුද්ධිමත් ගවේෂණයට ඉඩකඩ සලසා දෙන, බුදු දහම බුද්ධිමතුන්ගේ දහමක් වෙන්නේද ඒ නිසාමයි.[/FONT]
     
    Last edited:

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මේ පිළිබඳව පැහැදිලි කිරීමට සැරසුනේ... ඊයේ දිනයේ ''බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්'' කියන ත්‍රෙඩ් එකට එළකිරියේ සහෝදරයන් අසා තිබු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම අරමුණු කරගෙනයි.. උදා:-
    **මෝහනය කරලා පෙර ආත්මේ කියවන්න බෑ බන්. උබ ඕනි නම දොස්තර කෙනෙක්ගෙන් අහල බලපන්. අර කරාපිටියේ ප්‍රසිද්ද මනෝ වෛද්‍යවාරයත් කියලා තියනවා ඕක බොරුවක් කියල. අනික ඔච්චර ලේසියෙන් මිනිහෙක් මෝහනය කරලා පෙර ආත්මේ ගැන දන ගන්න පුල්වන්නම්, බුදු හාමුදුරුවෝ මොකද මෝහනය ගැන කියලා දෙන්නේ නැතුව පටිගය ගැන මෙනෙහි කරලා හෙන කට්ටක් කාලා පුබ්බේ නිවසානුස්සතිය වඩන්න කියන්නේ
    **කර්මය , නිර්වනය ඔක්කොම විස්වාස තමයි.... එ විස්වාසයන් නොවෙන්නෙ කොහොමද ?පැහැදිලි කරන්න..

    වගේ ගොඩක් දේවල් ගොඩක් අය කියල තිබ්බා... :shocked:

    මෙහෙමයි යාලු....:)
    මුලින්ම කියන්න ඕනේ ලෝකයේ සියලු ආගම් ගොඩනැඟී තිබෙන්නේ මිනිසාගේ ජීවිතය හා මරණය පදනම් කරගෙන ය.... මරණයෙන් පසු ජීවිතය සදහටම කෙළවර වන බවත්, මතු පැවැත්මක් නොමැති බවත් පිළිගන්නා සමාජයක ආගමක් රඳා පවතින්නේ නැත. මරණයෙන් පසු මිනිසකුට සිදුවන්නේ කුමක් ද? යන්න තමන්ට යමක් ගැන සිතන්නට හා කියන්නට හැකි වූ දා සිට ම මිනිසුන් විසින් පිළිතුරු සොයනු ලබන ප්‍රශ්නයකි. ලෝකය පුරා විහි දී ඇති මානව සමාජ ඒ පිළිබඳව දරන නිගමන අනුව බිහි වූ විවිධ ආගමික විශ්වාස හා ඒ වටා බැඳුන ගුප්ත අවමංගල චාරිත්‍ර දහස් ගණනක් තියෙනවා...
    මරණයෙන් පසු කිසිම ආකාරයක ජීවිත පැවැත්මක් නැත යනු භෞතිකවාදීන්ගේ පිළිගැනීම යි. එම ඉගැන්වීම උච්ඡේදවාදය යනුවෙන් ද හැඳින්වෙයි.:) පුද්ගලයකුගේ මළසිරුර සොහොනට ගෙනගොස් දැමූ පසු ජීවිතය සදහටම නිමවෙයි. එම නිසා ජීවත්වන කාලය තුළ සැපසේසැප විඳින්න. මුදල් නැති නම්, ණයට හෝ ගන්න යැයි අතීතයේ භාරතයේ විසූ උච්ඡේදවාදීයකු වන චාර්වාක පවසා ඇත. අද වුව ද, ලොව බොහෝ දෙනා රුචිකත්වයක් දක්වන්නේ එම චින්තනයට යි. නමුත් ජීවිතයේ යථාර්ථය ඔවුන් සිතන ආකාරයේ දෙයක් නොවීම අවාසනාවකි....:no:
    මරණයෙන් පසු මිනිසාගේ පැවැත්මක් තිබේ. මිනිසා මරණයෙන් මතු නැවත උපදියි යන මතය පිළිගන්නා ආගම් ලෝකයේ බහුල ය. ඒවා එකිනෙකට වෙනස් වන්නේ එම පැවැත්ම සිදුවන්නේ කුමන ආකාරයට ද? එහි පදනම කෙබඳු ද? වැනි කාරණා සම්බන්ධයෙන් දක්වන විග්‍රහයන් මුල්කරගෙන ය. හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ප්‍රධාන ආගම් සියල්ලම මිනිසා මැවුම්කාරයකුගේ නිර්මාණයක් බව විශ්වාස කරයි. මිනිසා සහ මැවුම්කරුවා සම්බන්ධ කරන්නේ ආත්මය මගිනි. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල දැක්වෙන්නේ හොඳ ජීවිතයක් ගතකරන පුද්ගලයා මරණින් පසු දෙවියන් වහන්සේ සමඟ එක්වන බවත්, පව්කරන්නා සදහට ම අපායට යන බවත් ය. ඒ අනුව මිනිසා නැවත උත්පත්තිය ලබන්නේ එක්වරක් පමණි....:angry:

    හින්දු ආගම.......හින්දු ආගමේ මතය ඊට වඩා පුළුල් ය. මරණින් පසු ජීවිතය එක් අවස්ථාවකට පමණක් සීමා නොවේ. කිළිටි වූ ආත්මය යාග,හෝම, තපස් ක්‍රම ආදිය මගින් පිරිසිදු කරගන්නා තුරුම අනන්ත වූ ආත්මභාව ගණනක් මැරෙමින් නැවත උපදිමින් මිනිසාට සංසාරයේ ගතකරන්නට සිදුවෙයි. පුද්ගලයකු වර්තමාන ජීවිතයට පැමිණ සිටින්නේ මීට පෙර අනන්ත ජීවිත ගණනක් ගතකිරීමෙන් පසුව යි. මේ සසර ගමන නිමවන්නේ පුද්ගල ආත්මය ශුද්ධාත්මය හා එක්වීමෙනි. එය මෝක්ෂය යිඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය දුෂ්කර ය. ශරීරයට දුක් දීමෙන්, යාග හෝම පැවැත්වීමෙන් පාපකර්ම නිමා කළ යුතු ය.
    :rolleyes:

    ක්‍රිස්තියානි/ඉස්ලාම් ආගම්.......ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල ඒ සඳහා තිබෙන්නේ තරමක් සරල ක්‍රමයකි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ පිළිබඳව පූර්ණ විශ්වාසය තබා යාඥා කොට පව් සමාකරගැනීමෙන් සිත පිරිසුදු වේ. එය මරණින් පසු දෙවියන් වහන්සේ සමඟ එක්වීමට මාර්ගයයි.:rolleyes:

    දැන් එහෙනම් මාතෘකාවට එමු... එනම් පුනරුත්පත්තිය හා පුනර්භවය.... කට්ටිය බහුතරයක් දෙන මේවා ඔක්කොම පටලවාගෙන...:no: සමහර අය නොදන්නා මගුල් කියන්න ගිහින් ආගමත් හෑල්ලු කරනවා... තවත් අය මඩගහනවා... තවත් අය පට්ට පල් බොරු කියනවා....:lol:

    ජීවිතය සමඟ ගමන් කරන සදාකාලික ආත්මයක් පිළිබඳ අදහසක් බුදුදහමේ කියවෙන්නේ නෑ... එසේම අද හොදක් අය පුනරුත්පත්තිය යන හින්දු වචනය බුදුදහමට සම්බන්ධ කරලා කතා කරනවා... පුනරුත්පත්තිය යනු මේ ජීවිතයේ සිටින තැනැත්තා මරණයෙන් පසු ඒ අයුරින් ම උපත ලැබීමයි. පුද්ගලයාගේ ආත්මය අලුත් ඇඳුමක් ඇඳගැනීමට නැතිනම් නව නිවසක පදිංචිවීමට එය උපමා කොට ඇත. ආත්මය නොපිළිගන්නා බෞද්ධ ඉගැන්වීම්වලට එය නොගැලපෙයි. එමනිසා, මරණින් පසු නැවත ඉපදීම හැඳින්වීමට බුදුදහම සෑම විටම භාවිතා කර තිබෙන්නේ “පුනබ්භව“ යන වචනයයි.
    මිනිසා විතරක් නෙවෙයි සියලුම සත්ත්වයන් අනන්ත වාර ගණනක් උපදිමින් මැරෙමින් සසර සැරිසරන බව හින්දු ආගම මෙන්ම බුදුදහම ද පිළිගනියි. එහි පටන්ගැන්ම හෝ අවසානය පැහැදිලි කරන්න බෑ....මේකට කියන්නේ සංසාර චක්‍රය කියලයි... චක්‍රයක අගක් මුලක් පෙන්වන්න බෑ... හේතු ඵල නියාමයට අනුව සත්ත්වයන්ගේ සසර පැවැත්ම සිදුවන බව කීම බුදුදහමේ විශේෂත්වයකි. අවිද්‍යාව, තණ්හාව, කර්මය ආදිය පුනර්භවයට මුල්වෙයි. පුද්ගලයකු කර්මානුරූපව මරණින් මතු උපදින තැන් රැසකි. මනුෂ්‍ය ලෝකය, සදෙව් ලෝක සහ සතර අපාය සත්ත්වයන්ගේ උපත සිදුවන කාමලෝක ලෙස හැඳින්වෙයි. තිරිසන් ලෝකය සතර අපායට අයත් ය. ධ්‍යානලාභීන් උපදින රූපාවචර බ්‍රහ්මලෝක 16 කි. අරූපාවචර බ්‍රහ්මලෝක 4 කි. මිනිසා මිනිසකු ලෙස ම උපදින බවට නියතියක් නැත. සිදුකළ කර්ම අනුව උපදින තැන් නියම වෙයි. කර්මය ගෙවුන පසු තවත් තැනක උපදියි. ජීවිතය සදාකාලිකව එකතැනකට සීමා නොවේ. :yes:
    ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් අනුව නම් මරණින් පසු අපාය හෝ දෙවියන් වහන්සේ සමඟ එක්වූ පසු ජීවිතය සදාකාලික ය....:confused:
    බුදුදහමේ කිසිම තැනක ආත්මයක් ගැන උගන්වන්නේ නැහැ. ඒ නිසා වෙනස් නොවී භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් හෝ විඤ්ඤාණයක් නොපිළිගනියි. මරණයෙන් පස්සේ පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම ද? වෙනත් කෙනෙක් ද? කියන ප්‍රශ්නයට බුදුදහම දෙන පිළිතුර නම්, ඔහුත් නොවේ. වෙනත් කෙනෙක් ද නොවේ යන්නයි. එය කැඩපතකින් පෙනෙන පුද්ගලයකුගේ රූපයක් ගැන කරන විග්‍රහයක් වගේ.. තේරුනාද මන්දා...:)
    මෙහමයි..පුද්ගලයාත්, ප්‍රතිබිම්බයත් අතර සම්බන්ධයක් තියෙනවා... එම රූපය පුද්ගලයා නිසා ඇතිවූවක් බැවිනි. නමුත් ප්‍රතිබිම්බය එම පුද්ගලයාමයි කියලා කියන්න බෑ නේ...:yes:

    පුද්ගලයකුගේ මරණය හා පුනර්භවය අතර අන්තරාභවය නමින් හැඳින්වෙන මනෝමය වූ පැවැත්මක් ගැන විශ්වාස කරන පිරිසක් ද බෞද්ධයන් අතර සිටිති. එයින් අදහස් වන්නේ පුනර්භවය ලැබීමට සුදුසු තැනක් සොයමින් මියගිය තැනැත්තාගේ ප්‍රතිසන්ධි ශක්තිය පාවෙමින් තිබෙන කාල සීමාවකි. මෙය දැඩි මතභේදවලට ලක් වූ මාතෘකාවකි. මරණය සිදුවී හත් දවසකින්, දින දාහතරකින්, තුන් මාසයකින් ආදී වශයෙන් නිශ්චිත දින වකවානුවල මළවුන්ට පින්දීමේ පින්කම් පැවැත්වීමට බෞද්ධයන් පුරුදු වී සිටින්නේ මළ තැනැත්තා අන්තරාභවයේ ජීවත්වන කාල සීමාව පිළිබඳ නිගමනය අනුව යි.
    චුතුපපාත ඥානය හා පුබ්බේනිවාසානුස්සති ඥානය ලබාගත් කෙනකුට අනෙකුත් සත්ත්වයන් මැරී උපදින තැන් සහ තමන් පෙර ජීවිතවල ඉපදී සිටි තැන් දැනගැනීමට පුළුවන. මැරුණ තැනැත්තාගේ හිස් කබලට තට්ටු කර ඉපදුන තැන කිවහැකි ශාස්ත්‍රයක් බුදුන් දවස විසූ වංගීස බමුණා දැන සිටියේ ය.
    පුනරුත්පත්තිය නොහොත් පුනර්භවය ගැන පර්යේෂණ කරන විද්වතුන් ඒ සඳහා භාවිතා කරන එක් ක්‍රමයක් නම්, පුද්ගලයන් මෝහන නිද්‍රාවට පත්කර ඔවුන්ගේ මතකය අතීත භවයන්ට ගෙනයාමයි. ඇමෙරිකාවේ සිටි එඩ්ගා කේසි ස්වයං මෝහනය මගින් අනුන්ගේ පෙර ජීවිත, ඔවුන් එම ජීවිතවල දී සිදුකළ කර්ම හා ඒ අනුව මෙලොව විඳින විපාක පිළිබඳ විග්‍රහ කළ කෙනෙකි. ජිනා සෙර්මිනාරාගේ සංසාර මන්දිර පොතේ ඒ ගැන විස්තර වෙනව...
    ඔය මෝහනය ගැන ප්‍රශ්න තියෙන අය ඒවගේම පෙර ආත්මය වගේ දේවල් ගැන ප්‍රශ්න තියෙන අය එඩ්ගා කේසි ගැන ටිකක් හොයල බලන්න... :)

    නැවත ඉපදීම ගැන පර්යේෂණ කළ ලොව ප්‍රකට පුද්ගලයා මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා ය. පෙරභවය ගැන කියූ ලංකාවේ ළමුන් ගණනාවක් හමු වී පර්යේෂණ පවත්වා ඇත. මෝහන නිද්‍රාව හා පෙර භවය ගැන කියන අය ඇසුරෙන් පර්යේෂණ සිදුකෙරුණත්, නැවත ඉපදීම තහවුරු කිරීමක් විද්‍යාව මගින් තවම එවැන්නක් තහවුරු කර නොමැත. ඉන්ද්‍රිය ශක්තිය දියුණු කිරීමෙන් ලැබූ විශේෂ ඥානයකින් බුදුරදුන්, රහතුන් සහ ධ්‍යානලාභී තවුසන් දැනගත් දේ සාමාන්‍ය බුද්ධියෙන් වටහාගැනීමට නොහැකි ය.

    මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් නැවත ඉපදීමක් තිබිය හැකි බවට අදහස් ඉදිරිපත් කරන අතර, එය ස්ථීර කිරීමට හෝ එය සිදුවන්නේ කෙසේ දැ යි කීමට නොහැකි බව පවසයි. ඇතැම් ළමුන් තම පෙර ජීවිත ගැන කරන ප්‍රකාශන සම්බන්ධයෙන් පිළිතුරක් දීමට විද්‍යාව අපොහොසත්ය. එපමණකින් ඒවා ප්‍රතික්ෂේප කළ නොහැකි ය.... :):) :):) :yes:

    [FONT=&quot]නුතන විද්‍යාවෙන් බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නුතන[/FONT] [FONT=&quot]විද්‍යාවෙන් පිළිගැනිය හැකි බවට පවසන එකම ආගම බුදුදහම. නුතන විද්‍යාවේ මහා[/FONT] [FONT=&quot]ප්‍රාඥයා ලෙස සැලකෙන අයින්ස්ටයින් ඒගැන මෙහෙම කියල තියෙනවා.[/FONT]
    “The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism. ” -Albert Einstein, The Human Side(book)-
    [FONT=&quot]අයින්ස්ටයින් ඔබට වඩා විද්වතෙක් මෙන්ම ප්‍රකාශයක් සිදුකිරීමට මත්තෙන් ඔබ[/FONT] [FONT=&quot]සිදු කලාට වඩා බොහෝ පුළුල් අධ්‍යනයක් බුදුදහම ගැන සිදු කරන්න ඇති කියන එක[/FONT] [FONT=&quot]ඕනෑම පුද්ගලයෙක් අවිවාදයෙන් පිළිගනියි.[/FONT]
    [FONT=&quot]අයින්ස්ටයින් මෙහෙමත් කියල තියෙනවා.[/FONT]
    ” What humanity owes to personalities like Buddha, Moses, and Jesus ranks for me higher than all the achievements of the enquiring and constructive mind.”
    [FONT=&quot]අයින්ස්ටයින් ඔහොම කියලා තියෙන්නේ නුතන විද්‍යාවට වඩා අධ්‍යාත්මික විද්‍යාව අයින්ස්ටයින්ට ගොඩක් වැදගත් වුනු නිසායි...
    [/FONT]

    තවත් දෙයක් යාලු...
    [FONT=&quot]බුදු දහමේ ත්‍රිලක්ෂණ වලට අනුව ලොව සියලු සංස්කාර දර්මයෝ නැසෙන සුළුය. එනම් අනිත්‍ය හෙවත් නිත්‍ය නොවන බවත් , ඒ අනිත්‍ය බව නිසා ඇතිවෙන වෙනස්කම් මත පුද්ගලයෝ දුකට පත්වෙන බවත්, සියල්ල අනිත්‍ය නම් මමය, මගේය කියා පවතින ස්ථිර වු ආත්ම නමින් හදුන්න්වන අමරණිය පැවැත්මක් ඇති කිසිදු දෙයක් ලෝකයේ නැති බවත් බුද්ධ දර්ශනයේ සදහන් වේ . ආත්ම නොමැති නිසා බුදු දහම අනාත්මය . ( එනම් ලෝකය දුක මතම පිහිටා ඇත ). ලොව අනාත්ම වු දහමක් වේ නම් ඒ තථාගත සම්බුද්ධ දර්ශනය පමණකි. නුවණ ඇති අය ප්‍රිය කරන, බුද්ධිමත් ගවේෂණයට ඉඩකඩ සලසා දෙන, බුදු දහම බුද්ධිමතුන්ගේ දහමක් වෙන්නේද ඒ නිසාමයි.[/FONT]
    ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න ඇති කියලා හිතෙනවා... කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි... තව දෙයක්....:):):):):):):):)

    [FONT=&quot]ඔබ සරු දේ නිසරු ලෙස දකී. නිසරු දේ සරු ලෙස දකී. එය ඔබගේ මෝහය යි. මෝහය දුරු කර දැන් වත් ධර්මය දකින්න.[/FONT]

    Machan Anthara bhawaya kiyala ekak bududahame kohewath sadahan wenne naha. Eka hudu wiswasayak pamanayi. Awasana chuthisitha sakasnewechcha pudgalayo butha bhawa wala upadinawa. e bhutha athma paawi paawi thamayi inne. Ekata thamayi oya samahara udawiya antharaghawaya kiyala kiyanne. Namuth eka thawath uppaththiyak witharayi. Ewan dhawa wala ipadila inna ayata ama dhawayen midenna thamayi api hath dawase dhanaya denne.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    Machan Anthara bhawaya kiyala ekak bududahame kohewath sadahan wenne naha. Eka hudu wiswasayak pamanayi. Awasana chuthisitha sakasnewechcha pudgalayo butha bhawa wala upadinawa. e bhutha athma paawi paawi thamayi inne. Ekata thamayi oya samahara udawiya antharaghawaya kiyala kiyanne. Namuth eka thawath uppaththiyak witharayi. Ewan dhawa wala ipadila inna ayata ama dhawayen midenna thamayi api hath dawase dhanaya denne.
    යාලු... හොදින් ත්‍රෙඩ් එක කියවල බලන්න.. මම කිවුවේ ''පුද්ගලයකුගේ මරණය හා පුනර්භවය අතර අන්තරාභවය නමින් හැඳින්වෙන මනෝමය වූ පැවැත්මක් ගැන විශ්වාස කරන පිරිසක් ද බෞද්ධයන් අතර සිටිති''කියලා...මම ඔය කියන විදිහේ දෙයක් කිවූවේ නෑ.... :) :) :) :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: