ජීවිතයට වැදගත්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජීවිතයට වැදගත්

    කෙනෙකුගේ ජීවිතයේ සතුට,ජයග්‍රහනය,ඇතුලු සියලුම දෙය රදා පවතින්නේ එම පුද්ගලයාගේ ආකල්ප මතයි.පුද්ගලයෙකු ජයග්‍රහනය කරා මෙහෙයවන්නේද,පරාජය කරා ඇද දමන්නේද,එම පුද්ගලයාගේ සිතුවිලි හෙවත් ආකල්පයි.
    පරාජිත සිතුවිලි ඇත්තා සිතින් වචනයයෙන් ක්‍රියාවෙන් පරාජය වන කල්හි,ජයග්‍රාහී සිතුවිලි ඇත්තා ජයග්‍රහනය හඹා යයි.කෙටිකාලීනව අසමත්වූවද,අසමත්වීම පන්නරයක් කරගෙන,සිදු වු වැරදි නිවැරදි කරගෙන ජයග්‍රහනය වෙත පිය නගයි.

    yes-you-can_2.jpg

    මේ මොහොතේ මෙය කියවන ඔබද,සැබැවින්ම ජයග්‍රාහකයෙකි.
    පුරුෂ බීජානු ලක්ෂ ගනනකින් ප්‍රමුකයාව ඔබ මෙලොවට ජනිතව ඇත.
    පෙර කලාවු කුසලකර්මයන් හේතු කොටගෙන හෝ කිසිම අවයව විකුර්තියකින් තොරව,මාරාන්තික රෝගයකින් තොරව, මනසින් උසස් මනුස්සයෙකු ලෙස මෙලොව එලිය දැක ඇත.
    මොහොතක් දෙනෙත් පියා සිතා බලන්න.
    ඔබ කිසියම් තිරිසන් සතෙකු ලෙස උපත ලැබුවේ නම්,මේ මොහොතේ ඔබගේ තත්වය.
    නො එසේ නම් අබ්බගාතයෙකු ලෙස,ඇස් නොපෙනෙන කෙනෙකු ලෙස මොහොතක් සිතා බලන්න....
    ඔවුනට සාපේක්ෂව ඔබ කොතරම් ඉදිරියෙන් සිටිනවාද?කොතරම් පහසුකම් ප්‍රමානයක්ඔබට ලැබී ඇත්ද?
    ඔබට ඇති සම්පත් ප්‍රමානය අනුව ඔබට ඇති දක්ෂතාවය අනුව ඔබට තව කොපමන ජයග්‍රහනයන් ලබාගත හැකිද?

    ඔබ දන්නවාද?

    *කීර්තිමත් සංගීතඥයෙකු වු බිතෝවන් බිහිරි පුද්ගලයෙකු බව.

    *ශේෂ්ඨ ග්‍රීක රචකයෙකු වු Demosthenes නහර ගැට ගැසුන ගොතයෙකු බව.

    *ඇමෙරිකාවේ දහසයවන ජනාදිපතිවරයා වු ඒබ්‍රහම් ලින්කන්යනු දුප්පත් ගොවියෙකුගේ පුතෙකු බව.

    *ඇමෙරිකාවේ තිස්දෙවන ජනාදිපතිවරයා වු ෆ්‍රෑන්ක්ලින් ඩී. රොස්වෙල්ට්ගේ කකුල් දෙකම ආබාදිත බව සහ එම නිසා ඉතාම අමාරුවෙන් ඇවිදපු බව.

    *ලොව වැඩියෙන්ම විකිනෙන රෙදි සේදුම් කුඩු වර්ගය වන "නිල්මා"රෙදි සේදුම් කුඩු සමාගමේ හිමිකරු වන කේ.කේ.පටෙල් යනු ගොවියෙකුගේ පුතෙකු බව.(ඔහුගේ වසරකට දල අදායම කෝටි 1200කි.)

    *ලොව විශාලතම හෝටල් ජාලයක හිමිකරු වන M.S.ඔබරෝයි ලිපිකරුවෙකු බව.

    *වසරකට කෝටි පහක පමන අදායමක් ඇති Shingar Bindi නම් රූපලාවනය නිෂ්පාදන ආරම්බ කලේ ඉන්දියානු රුපියල් සියයකින් බව.

    *කව්පෙත්ත විසිකිරීමේ උසව්වේන් ඉන්දියාවට රන් පදක්කම් එකසිය පනහක් පමන හිමි කර දුන් Malathi holla පෝලියෝ රෝගය නිසා සැත්කම් විසිපහකට පමන මුහුන්දුන් කෙනෙකු බව.

    20090709holla1+(1).jpg

    ඉහත විස්තර සදහන් සියලුම දෙනා කිසියම්වු අකාරයකින් ජීවිතය දිනුවෝ වෙති.
    එසේ නම් අපටද ජයග්‍රහනයේ සතුට නියතවශයෙන්ම ලැබිය හැකි නොවේද?

    ඕනෑම කෙනෙකුට අරමුනක්,ඉලක්කයක් තිබිය යුතුය.ඉලක්කයක් නොමැතිනම් දියුනුවක් හෝ ජයග්‍රහනයක් නොමැත.
    යම් කිසි අරමුනකට යෑමේදි බාදක යනු සාමාන්‍ය දෙයකි.
    ගගක් වුවද ,ගල්,මුල් බාදක හරහා ගලා යයිද වඩාත් ලස්සනය.
    කිසිම දිනෙක බාදක වලට බය නොවන්න.යම් කිසි සැලස්මකට වැඩ කරමින් ඉදිරියට යන්න.බාදකයන්ට නොසැලී මුහුන දෙන්න.ඔබගේ ගමන කිසිවෙකුටවත් නවතනු නොහැක.

    දුප්පත් ගොවියෙකුගේ පුතෙකු වුන ඒබ්‍රහම් ලින්කන්ට පලමුව තම රැකියාව අහිමි විය.
    රැකියාව අහිමිව ගිය ලින්කන් වියාපාරයක් පටන් ගත් අතර එයද අසාර්තක විය.
    මාරාන්තික අසනීපයක් වැලදීමන් බිරිදද මිය ගියේය.
    නීතිකාරකසබාවට තරගකර පරාජයට පත්විය.
    ජනාදිපතිවරනයට තරගකිරීමට නාමයෝජනා ලබා දීමට තරග කර පරාජයට පත්විය.
    ඉඩම් නිලදාරී තනතුරට තරග කල අතර එයද නොලැබී ගියේය.
    සෙනට් සබාවට තරග කල අතර පරාජයට පත්විය.
    උප ජනාදිපති තනතුරට තරගකල අතර පරාජයට පත්විය.
    නැවත වතාවක් සෙනට් සබාවට තරග කල අතර පරාජයට පත්විය.

    තවත් වීමට ඇත්තේ කුමක්ද?
    ඔබ නම් මීලගට කරනුයේ කුමක්ද?
    ඒබ්‍රහම් ලින්කන් කලේ කුමක්ද?

    වසර දෙකකට පසු තමන්ගේ අඩු පාඩු හදා ගනිමින් නැවත ඇමෙරිකානු ජනපතිවරනයට ඉදිරිපත් වුන ලින්කන් ඇමෙරිකාවේ දහසයවන ජනාදිපතිවරයා බවට තේරී පත්විය.

    images+%25285%2529.jpg

    අදටත් ඇමෙරිකානු ඉතිහාසයේ විශාල පිටුවක් ඒබ්‍රහම් ලින්කන්නමින් ලියවී ඇත.ලින්කන්ද පරාජයන්,බාදකයන් හමුවේ සැලුනානම් ලින්කන් යන චරිතය අපි කවුරුවත් නොදන්නා නොඇසු චරිතයක්ම වනු ඇත.

    යම්කිසි අසමත්වීමකදී...
    *පරාජිතයෙකු ලෙස කිසිවිටකත් නොසිතන්න.තවමත් තමාට සාර්තක වීමට බැරිවුන බව පමනක් තරයේ සිතට ගන්න.
    *ඔබට කිරීමට ඇතිදෙය ගැන තවදුරටත් සිතන්න.ඔබ අසමර්ත වීම තුලින් යම් දෙයක් ඉගෙන ගත් අතර සමත්වීමට තව දේවල් ඉගෙන ගත යුතු බව මතකයට ගන්න.
    *කිරීමට නොහැකි වැඩක් නැති බව සිතන්න.ජයග්‍රහනය කිරීමට තවත් මාර්ග ඇතිබව සිතට ගන්න.ජයග්‍රහනයට මාර්ග සොයන්න.
    *කිසිදිනෙක බලාපොරොත්තු අතහැර නොගන්න.ඉලක්කය කරා යාමට වඩාත් උනන්දුවෙන්,කැපවීමෙන් උත්සහ කරන්න.
    *යම් කිසි දිනෙක ජයග්‍රාහකයෙකු වන බවත් ඒ සදහා ඇත්තේ තවත් ටික දුරක් පමනක් බව නිතරම විශ්වාස කරන්න.

    i-can-do-it.jpg

    ජයග්‍රහනය ගැන සිහින මවන්න.ජයග්‍රාහකයෙකුව සිහිනයේ සිටින්න.තරගකාරීව වැඩ කරන්න.තරගය තුලින් ඉදිරියට ගොස් ජයග්‍රහනය කරන්න.කිසිවෙකුට ඔබේ ජය නවතාලිය නොහැක.

    නිතරම අන් කෙනෙකු කරනවාට වඩා අතිරේක දෙයක් කරන්න.එය කුඩා දෙයක් වූවද,ඔබට එතුලින් විශාල ජයග්‍රහනයකට යාමට පාර සකසනු ඇත.
    එම අතිරේක දෙය තුලින් ඔබගේ රැකියාස්තානයේ ප්‍රදානියාට ඔබව,අන් අයට වඩා ඉහලින් කැපී පෙනෙනු ඇත.පාසලේ ගුරුවරුන්ට ඔබව වෙනත් සිසුන්ට වඩා ඉහලින් පෙනෙනු ඇත.

    *මීටර සියයේ ජයග්‍රාහකයා තීරනය කරනුයේ තත්පරයේත් සියයෙන් කොටසක වෙනස අනුවය..තත්පරයක ඇති වටිනාකම උසේන් බෝල්ට් හොදින්ම දනී.ජැමෙයිකාවේ දුප්පත් පරිසරයක උපත ලැබු බෝල්ට්ව ලොවම දන්නා පුද්ගලයෙකු බවට පත්කලේ තත්පරයේ වෙනසයි.
    *සෙල්සියස් අංශක 99දී ද්‍රවයක්ව පවතින ජලය සෙල්සියස් අංශක 100දි ජලවාශ්ප බවට පත්වේ.එම ජල වාෂ්පයන් තුලින් වාෂ්ප එන්ජිමක් ක්‍රියාත්මක කරයි. ටොන් ගනනාවක් බරැති දුම්රියක් ඇදගෙන යයි.
    *පහවසර තරගවිබාගයේදී ලංකාවේ පලමුවෙනියා සහ සියවෙනියා අතර ලකුනු වෙනස බොහෝ විට ඉතාම කුඩා ලකුනු ගනනකි.සරසවි ප්‍රවේශයේදී ලකුනක වෙනසකින් තවත් වසර ගනනාවක් සරසවි සිහිනය පසුපසට යා හැකිය.නැතහොත් ජීවිතකාලයෙන්ම සරසවි සිහිනය මැකී යා හැකිය.

    14461873-how-to-successful-concept-on-a-blackboard--be-the-first-the-best-different-yourself-noticed-ready.jpg

    සෑම විටම පලමුවෙනියා වන්නට උත්සාහ කරන්න.බොහෝ විට සියලුදෙනාටම මතක හිටිනුයේ පලමුවෙනියා පමනි.

    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    මේක මගේ කතාවක්........හරියැ... :angry::angry::angry:

    මම 8 වසරට වෙනකන් හෙන දස්සය ඉස්කෝල කාලේ. පස්සේ මම වැටුනා වැටිල්ලක් එපා වෙන්නම. ටීචර්ස්ල මාව පයිසෙට දාල වැඩ බැරි උන් එක්ක ඉන්න වෙන ක්ලාස් එකකට දැම්ම. පස්සේ අම්මයි තාත්තයි එක්කන් එන්න කියල ඒ දෙන්නට මං ගැන නොසෑහෙන්න දේවල් කියල තිබ්බ. අම්මයි තාත්තයි මට පලුයන්න බැන්න. තාත්ත ගැහැව්ව මට එකසිය ගානට. අඩෝ එදා හිතාගත්තට ඔය වේසියට (ටීචර්ට) හොඳ පාඩමක් උගන්වනව කියල හිතල. ගත්ත පොත් ටික. හැදුව කාල සටහනක්. ස්ටෙප් බයි ස්ටෙප් මම මැත්ස් ගොඩ දාන්න ගත්ත. ටික ටික මට පුලුවන් වෙනකොට පට්ට සතුටුයි. ඇරියෙ නෑ උපරිම මාසයයි නැහැනේ. 2වෙනි ටෙස්ට් එකෙන් මට 97 මැත්ස් වලට. අර වේසිට කට උත්තර නෑ එදා ඉඳන් ගේමට ඉගෙන ගෙන තමයි අද මම මේ ඉන්න තත්වෙට ආවෙ. මේත මගේ සත්‍ය සිද්දියක්. මම අද උනත් මේක මතක් කර කර මගේ ගට්ස් වැඩි කරගන්නව. :angry::angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    00020408.gif

    පට්ට මචෝ ,,,
    ගේම නම් ගේම ...
     
    එළ මචන්... ටීච උන්දැට බනින්න නෙමේ දැන් තෑන්ක්ස් කරපන්.එයා නිසා උඹට ඔය ගට ආව නිසා.:lol:මටත් AL කාලේ ඔහොම අය හිටියා ඒ ටීචර්ස් ල හිතුවේ හොම්බෙන් යයි කියලා අපි:dull:,අද දැක්කම ලඟට ගිහින් කතා කරනවා.ගුරුවරු ඕනිවට වැඩ ළමයිව මානසිකව වට්ටන්න හොඳ නැහැ :no:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    එළකිරි මචන්. මමත් මේකට පොඩි දෙයක් add කරන්න හිතුවා.

    සාර්ථකත්වය කියන දේ එකවදාවත් උඩ බලන් හිටියට අපිට ලැබෙන්නේ නැ. :no: සාර්ථකත්වය අපිට ලගා වෙන්න අපි ගන්න තීරණ වල ගුණත්වය අනුව. පුද්ගලයක්ට සාර්ථක වෙන්න ඕනේ නම් තමන්ට තමන් පිළිබද දැඩි ආත්ම විශ්වාසයක් අනිවා තියෙන්නම ඕනේ. :yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එළකිරි මචන්. මමත් මේකට පොඩි දෙයක් add කරන්න හිතුවා.

    සාර්ථකත්වය කියන දේ එකවදාවත් උඩ බලන් හිටියට අපිට ලැබෙන්නේ නැ. :no: සාර්ථකත්වය අපිට ලගා වෙන්න අපි ගන්න තීරණ වල ගුණත්වය අනුව. පුද්ගලයක්ට සාර්ථක වෙන්න ඕනේ නම් තමන්ට තමන් පිළිබද දැඩි ආත්ම විශ්වාසයක් අනිවා තියෙන්නම ඕනේ. :yes::yes:

    ඒක ඇත්ත මචන්.උඹ හරි
    11.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේ අයගේ තවත් වැදගත් අත්දැකීම් තියෙනවනම් මේ නූලට එකතු කරන්න :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේක මගේ කතාවක්........හරියැ... :angry::angry::angry:

    මම 8 වසරට වෙනකන් හෙන දස්සය ඉස්කෝල කාලේ. පස්සේ මම වැටුනා වැටිල්ලක් එපා වෙන්නම. ටීචර්ස්ල මාව පයිසෙට දාල වැඩ බැරි උන් එක්ක ඉන්න වෙන ක්ලාස් එකකට දැම්ම. පස්සේ අම්මයි තාත්තයි එක්කන් එන්න කියල ඒ දෙන්නට මං ගැන නොසෑහෙන්න දේවල් කියල තිබ්බ. අම්මයි තාත්තයි මට පලුයන්න බැන්න. තාත්ත ගැහැව්ව මට එකසිය ගානට. අඩෝ එදා හිතාගත්තට ඔය වේසියට (ටීචර්ට) හොඳ පාඩමක් උගන්වනව කියල හිතල. ගත්ත පොත් ටික. හැදුව කාල සටහනක්. ස්ටෙප් බයි ස්ටෙප් මම මැත්ස් ගොඩ දාන්න ගත්ත. ටික ටික මට පුලුවන් වෙනකොට පට්ට සතුටුයි. ඇරියෙ නෑ උපරිම මාසයයි නැහැනේ. 2වෙනි ටෙස්ට් එකෙන් මට 97 මැත්ස් වලට. අර වේසිට කට උත්තර නෑ එදා ඉඳන් ගේමට ඉගෙන ගෙන තමයි අද මම මේ ඉන්න තත්වෙට ආවෙ. මේත මගේ සත්‍ය සිද්දියක්. මම අද උනත් මේක මතක් කර කර මගේ ගට්ස් වැඩි කරගන්නව. :angry::angry::angry:
    උඹගෙයි මගෙයි අත්දැකීම ගොඩක් සමානයි.මම 5 වසරේ ශිෂ්‍යත්වේ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියාම මම අම්බානකට වැටුනා.9 වසරේ අන්තිම වාර විබාගේ ගණන් වලට 36යි.ටීච ලා සෑහෙන්ට ඒවා මේවා කීවා.වැඩියෙන්ම ගෙවල් ළඟ ටීච කෙනෙක් තමයි බර බරේ.10 වසරේ මුල ඉඳන් මම හිතාගත්තා හැමදේම හදන ආපහු වැඩ පටන් ගන්නවා කියලා.10 දෙවෙනි වාර විභාගෙට ගණන් වලට 66ක් ගත්තා.11 අන්තිම එකට 96යි.පන්තියේ දක්ෂයි කියන අය අතරේ මාත් හිටියා.අපි හිතුවොත් අපිට බැරි නැහැ :)
     
    Last edited: