අයියා..අනේ දිව දාන්න එපා...!
මගෙ දත් නරක්වෙන්නෙ හිටු කියල, අහවල් දෙයක්ද මංද, පැණි රහ කන්නෙත් බොහොම අඩුවෙන්, අඩුම ගානෙ විනාඩි පහක්වත් දත් මදින්න ගතකරනව දවසකට දෙපාරක්. ඒත් අවුරුද්දකට එකපාරක්වත් දතක් පුරවන්න වැඩේ සෙට් වෙනව. දතක් පුරවන්න ගන්න ගාන ගැන කල්පනා කරල බැලුවම දත් වහල්ල ගලවල දාන්නත් හිතෙනව වෙලාවකට.ඒත් තාම මේ උක් දඬු කන පැටි වයස නිසා ඒකත් කරන්න බෑ නෙව. මොකෝ ලොඹු කටින් ඔයසෙල්ලං කොරන්න ඇහැක.
පහුගිය දොහක හැන්දෑවෙ කාපු මාරි බිස්කට් එකක දත් අස්සෙ රැඳිච්ච කෑලිඔලට දිවෙන් සවල් ගගහ ඉඳිද්දි තඩි වලක් අහුවෙච්චි උඩු හක්කෙ කෙළරටම වෙන්න දතක.
කරුමේ කරුමේ…. මාසෙ පඩිය අතට ගත්තා විතරයි. ඔන්න කුට්ටියක්ම වියදං වෙන පොටක් පෑදිච්ච්චි. හැම මසෙකම මේ වගේ මොකක් හරි උලව්වක් සෙට් වෙනව කෙලවෙලාම යන්න.
එක්කො පොඩි එකා ලෙඩවෙනව, එක්කො යසට තිබිච්ච කලිසමක් පැලිල උදේ බලනකොට. එහෙම නැත්නං වේලෙන්න තියාපු සපත්තු දෙකෙන් එකක් පර බල්ලෙක් අරං ගිහිල්ල. එක්කො මොකෙක් හරි මළ යකෙක් බඳිනව. ඒ මොකවත් නැත්නං මේවගේ පණු කෝම්බයක් හරි. මයෙ පාරුවෙ සෑහෙන්න පුවක් තියනවද කොහෙද.
දිවට දැනිච්ච හැටියට නං පොල් වලක් විතර විසාලයි වගේ. පුදුමයි මෙච්චර ලොකු වෙනකල් දැනුනෙ නැති එක.
පහුවදා උදේම දත් දොස්තර ගාවට යනව කියල හිතාගෙන තව දතක් පනුවො කයි කියල බයට වෙනදට වැඩිය හොඳහැටි දත් මැදල නිදාගන්න ගියා. මොන, නින්ද අහලකවත් නෑ. දිව යන්නෙම අර දතේ හිල හොයාගෙන. හිලක් පෙන්නන්න බැරි හැටි මේ දිවට !!
කොහොමින් කොහොම හරි පහුවදාට එලි උනාට පස්සෙ උදේ නමයට විතර ගියා දොස්තර මුනගැහෙන්න. චූටි මැණිකෙටත් එන්නෙයි කිව්වට පොඩ්ඩා නාවන්න තියනව කියල උන්දැ නතර උනා ගෙදර.
උදෙන්ම ගිය නිසාද කොහෙද සෙනඟ කවුරුවත් නෑ. වෙනද පේන්න ඉන්න නර්ස් කෙල්ලත් නෑ. මං ඉතිං පැත්තක තියල තියන පුටු පේලියෙ කෙළවරම එකෙන් වාඩි උනා. විනාඩියක් දෙකක් ඉන්නකොට දොස්තරගෙ කාමරේ ඇතුලෙන් මුකුළුවක් ඇහෙනව. කවුද මන්ද අමුතු ඇක්සන්ට් එකෙකින් කතාකරන ගෑණු කටහඬක් ඇහෙන්නෙ. කතාවෙ විදියට නම් වැඩිය සිංහල බෑ වගේ.
ටිං…..
ඒ මගේ වාරෙ.
මං බාග දොර ඇරගෙන ඇතුලට ගියා. මෙන්න දෙයියනේ ඉන්නව ඉටිකිරිස් නර්ස් කෙලිපැටියෙක්. කොට ගවුමක් ඇඳල මහා දිග කොණ්ඩයක් එක සීරුවට ගොතල ඔළුව වටේ ඔතාගෙන. හරිම සිරියාවයි. මෙච්චර වෙලා දතේ හිල අස්සෙ රිංගාගෙන උන්න මයෙ දිව දැං තමා එලියට ආවෙ.
චූටි මැණිකෙ නාව එකමයි කාරිය !!
ආ.. එන්ඩ පුතා. වාඩිවෙන්න. දොස්තර මට අර ඇඳ වගේ පුටුව පෙන්නල කිව්ව.
මං ගිහිල්ල ඒකෙ හාන්සිවෙලා හරි බරි ගැහුන විතරයි පුටුවෙම පැත්තක හයිකරල තිබිච්ච ලයිට් එකක් ඇදල අරං මයෙ මූණට ඇල්ලුව ගිණිකණ වැටෙන්නම.
කෝ බලන්න. මොකක්ද ප්‍රශ්ණෙ කියල…… කට අරින්නකො..
ආ……….
මොකක්ද මන්ද ආවුදේකින් දෙපාර අර පණුවො කාපු දතට ඇනපු දොස්තර; හ්ම්ම්…. පොඩ්ඩක් වැඩිපුර නරක්වෙලා වගේ. අපි බලමුකො කරන්න පුලුවන් මොකක්ද කියල.
එහෙම කියාපු දොස්තර අර දත් හාරන මැසිම කටේ ඔබල එහාට මෙහාට හරව හරව කිසිම අනුකම්පාවක් නැතුව හාරන්න පටන්ගත්තෙ නැද්ද.
ක්ර්ර්ර්ර්ර්.. ඩ්ර්ර්ර්ර්ර්.. බ්ර්ර්ර්ර්ර්.. ට්‍රීඊඊඊ..
චුස් චූස් චූස්…
හර් ඊ.. ඩැන් කෙල්ල ගහන්න.. මගෙ ඔළුව පැත්තෙන් හිටගෙන ඉන්න නර්ස් කිව්ව.
මාත් පොඩ්ඩක් පැත්ත හැරිල කෙල එහෙම ගහල ආයෙම හරි බරි ගැහුන පුටුවෙ.
ආයෙමත්; ක්ර්ර්ර්ර්ර්.. ඩ්ර්ර්ර්ර්ර්.. බ්ර්ර්ර්ර්ර්.. ට්‍රීඊඊඊ..
ටොක් ටොක් ටොක්.. රිදෙනවද ? දතට ආයෙම මොකක්ද එකකින් තට්‍ටුකරපු දොස්තර අහනව.
නෑ.
හ්ම්ම්.. පොඩ්ඩක් ඇතුලට ගිහිල්ල. අපි ටෙම්පරි ෆිලින් එකක් කරල සති දෙකක් බලමු. ඒ අතරෙ කැක්කුම ආවෙ නැත්නං පර්මනන්ට් එකක් දාමු. හොඳද ?
හා.
ඔයියා හොන්දට්ට ඩත් මද්දින්න. ඒම උනා නං මේම වෙන්නෙ නෑනෙ. ඒ අර නර්ස් කෙල්ල
දොස්තරත් “ඒකනේ” කියාපි. බලමුකො මේ මනුස්සය කියාපු බොරුවෙ තරම. දත් නරක් වෙන්න වෙන්න නෙ උන්දැට හොඳ. හෙහ් අපි අහුවෙයි ඕවට..
“අලේ ලෑ ඩොට්ට. මං ඩට් මඩිනො හොන්ඩට්ට, ඒට් න්රක් වෙනො” කටේ කෙළ එකක් පුරෝගෙන මං කිව්ව.
“ඔයියා කෙල්ල ගහන්නකො ඉස්සෙල්ල” කටේ කෙළත් එක්ක කතා කරන එක අහං ඉන්න බැරි තැනමද කොගෙද නර්ස් කිව්ව.
ඊට පස්සෙ නර්ස් ගෙනැල්ල දුන්න මොකක්ද මන්ද පේස්ට් එකක් පුංචි අඬුවකට අරගත්තු ඩොක්ටර් අර දතේ හාරපු හිලට ඔබල ටිකක්වෙලා කට ඇරං ඉන්න කියල නිල්පාට ලයිට් එකක් තියන බවුත් එකෙක් වගේ එකක් කටට දාල නර්ස්ට අල්ල ගන්න කියල පැත්තකට උනා.
තත්පර විස්සක් තිහක් යන්න ඇති. මේක ආයෙම එලියට ගන්න පාටක් නෑ.
මම ඇහැ කොනකින් බැලුව දොස්තර මොකක් කරනවද කියල. මිනිහ පේන්නවත් නෑ. නර්ස් කෙල්ල විතරක් අර ගැජට් එක මගේ කටට ඔබාගෙන ඇහැ පිය නොගහ මගෙ කට දිහා බලාගෙන ඉන්නව
කට ඇතුලෙ හිටු කියල ආයෙම කෙළ උනනව. දිවත් නලියනව. නිකමට වගේ මං දිව ගාල බැලුව අර පුරවපු දත කොහොමද කියල.
හා හා එප්පා අයියා.. දිව දාන්න එප්පා !!!!!!!!

මාවත් පුටුවෙන් උඩ යන සයිස් එකට නර්ස් කෙල්ල මහා හයියෙන් කෑගැහුව !!
නර්ස්ගෙ කෑගැහිල්ලට මෙච්චර වෙලා කොහේටද වෙලා හිටපු දොස්තරත් “ඇයි ඇයි” කියල දුවගෙන ආපි.
හොඳවෙලාවට චූටි මැණිකෙට පොඩ්ඩාව නාවන්න තිබුනෙ, නැත්නං උන්දැත් දුවං එනව මේකිගෙ සද්දෙට. එහෙම උනානං එහෙම …..
නෑ ඩොක්ට, මෙයියා දිව්ව දැම්ම දත්තට.
හෙහ් හෙහ්.. දැං ඔය ඇති මිස් ඕක ගන්නකො එළියට.
එගෙම කියපු දොස්තර අර ගැජට් එක අරගත්තට පස්සෙ ආයෙම දත බලල “හා දැං හරි”
මාත් තැංකූ ඩොක්ටර් කියල ගෙඩිය පිටින් රුපියල් 1000 දීල දොරෙන් එලියට ආපි.
හුටා… !
මං ඇතුලට යනකොට එකෙක්වත් නො ඉඳපු අර පුටු පේලියෙ කෙල්ලො තුන්දෙනක් වාඩිවෙලා. උන් තුන් දෙනාම දිව විකාගෙන තොල් විකාගෙන මහා හිනාවක් හිරකරං.
හි.. හී. හිහ් හීඊ..ඊ හහ් හීහීඊ……..

උන්ව පහුකරං එලියට අඩියක් තිව්ව විතරයි මහා හයියෙන් පුපුරල ගියා…..
මං පස්ස බලන්නෙ නැතුව බයිසිකලෙත් ඉස්ටාට් කරං ආපි. ටික දුරක් ගියාම තමයි හෙල්මට් එක අතේ කියල කම්පනාවට ආවෙ.
==========================================================
ගෙඩිය පිටින් ඉස්සුවේ නවම් මාවත බ්ලොග් එකෙන් හොදේ
උබලත් ඔය දත් පුරවන්න ගිහින් දිව දානවා එහෙම නෙවෙයි ඕන්