ලොව_අමතක_කළ_ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ලොව_අමතක_කළ_ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla

    ලොව අමතක කළ ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla

    1507921_681669868555789_1618276817_n.jpg


    ක්රොඒශියාවේ සර්බියානු යුවළකට දාව, 1856 දී...ඒත් වැරදි කාලයක (ඒ ගැන පසුව කියන්නම්කෝ). අවු. 4 ක පාසල් වාරයක් අවු. 3 කින් අවසන් කරන ටෙස්ලා, විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ඔස්ට්‍රියාවේ, ග්‍රේස් වෙත යනවා. ඒත් උපාධිය අවසන් වන තෙක් එහි නොරැඳෙන ඔහු, 1878 දී විශ්ව විද්‍යාලයත් තමන්ගේ පවුල සමග තිබූ සම්බන්ධතා ත් අත් හරිනවා. හේතුවනම් පැහැදිළි නැහැ. 1880 දී ඔහු බුඩාපෙස්ට් වෙත යන්නේ ටෙලිග්‍රාප් ආයතනයක සේවය සඳහා. එහිදී ඔහු නිපදවන ටෙලිෆෝන් ඇම්ප්ලිෆයරය, ලොව ප්‍රථම ශබ්ද විකාශන යන්ත්‍රය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ඉන්ඩක්ෂන් මෝටරය ගැන අදහස ඔහුගේ හිතට එන්නෙත් මේ කාලයේදී. අද අපේ නවීන ලෝකයේ පාවිච්චි වෙන බොහොමයක් උපකරණ වල භාවිතා වෙන මෝටරය තමයි ඒ.

    1882 දී ටෙස්ලා පැරිස් වෙත යන්නේ. කොන්ටිනෙන්ටල් එඩිසන් ආයතනයේ සේවය සඳහා. ඔහු මුල් වරට ඇමරිකාවට පා තබන්නේ 1884 දී. ඔහුගේ මුල් ව්‍යවසායකයා(චාර්ල්ස් බැචලර්) ගෙන් ලැබුණු රෙකමදාරු ලියුමත් රැගෙන ටෙස්ලා යන්නේ "තෝමස් අල්වා එඩිසන්" මුණ ගැහෙන්න. චාර්ල්ස් බැචලර් දීපු මේ රෙකමදාරු ලියුමේ තිබුනේ මෙච්චරයි...

    "I know two great men in this world. One is you. The other one is the young man who's carrying this letter"

    ( "මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ට මිනිසුන් දෙදෙනෙක් ගැන මම දනිමි. එක්කෙනෙක් ඔබය. අනෙකා මේ ලියුම රැගෙන එන්නාය" )

    ඒ වෙද්දී තෝමස් අල්වා එඩිසන් හිටියේ ඉතාමත් ඉහළ තැනක. හැබැයි තමන්ගේ උත්සාහයෙන්ම නෙමෙයි. ගොඩක් දුරට තමන් යටතේ වැඩ කරන අයගේ නිමැවුම් වලට පේටන්ට් බලපත්‍ර ගෙන ඒවා අලෙවි කිරීමෙන් තමයි ඔහු නමක් හදාගෙන තිබුනේ. ඔහු වඩා දක්ෂ උනේ අනුන් කරන නිපැයුම් මාකට් කරන්න. විශ්වාස නැද්ද? බලන්නකෝ ඔහු ටෙස්ලා ට කරන දේ...

    එඩිසන්ගේ ආයතනයේ තිබුණු විදුලි ජනක යන්ත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම ටෙස්ලාට බාර වෙන්නේ එය සාර්ථකව නිම කලොත් ඩොලර් පනස් දහසක් ලබා දීමේ පොරොන්දුව මත. තමන්ට නියම වුනු කාර්යය ඉතාමත් හොඳින් නිම කරන ටෙස්ලා, එඩිසන් ගෙන් ඩොලර් පනස්දාහ ඉල්ලා හිටියම ඔහුට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.

    "ටෙස්ලා...ඇමරිකන් විහිලු ගැන ඔබ දන්නේ නැහැ"

    මෙවෙලේ එඩිසන්ගේ ආයතනයෙන් ඉල්ලා අස් වෙන ටෙස්ලා, නිව් යෝක් නගරයේ කම්කරු කටයුතු වල නිරත වෙනවා. ඒක ඔහුට ඉතාමත් කටුක කාල පරිච්ඡේදයක් උනා. මඩ වලක හිටියත් මැණිකේ අගය අඩු වෙන්නේ නැහැ කියන්න වගේ ටෙස්ලාගේ නිසඟ කුසලතා යටපත් කරන්න දෛවය ට හැකි උනේ නැහැ.

    Branko-as-TESLA-poster.jpg


    මේ කාලේ වෙද්දී විදුලිය සම්ප්‍රේෂණය කරලා තියෙන්නේ සරල ධාරා (Direct current) යොදා ගෙන. මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ සන්නායකය (කම්බිය) හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගැලීම. කම්බියේ ප්‍රතිරෝධය නිසා විශාල වශයෙන් බල ශක්තිය හානි වීමක් මේ ක්‍රමයේදී වෙනවා. ඒ වගේමයි ඒකට යොදා ගන්න කම්බිත් විශ්කම්භයෙන් ඉතාම වැඩියි(ඇයි ඉතින් පුළුවන් තරම් ප්‍රතිරෝධය අඩු කරන්න ඕනනේ) . ඒ නිසා මේකේ තිබුණ ලොකුම අවාසිය තමයි වැඩි දුරකට විදුලිය සම්ප්‍රේෂණ කරන්න අපහසු වීම. සැතපුමෙන් සැතපුමට සම්ප්‍රේෂණ කුළුණු සවි කරන්න උනා වගේම හැම තැනකම ඝන කමින් ඉතා වැඩි අති විශාල කම්බි ප්‍රමාණයක් අදින්නත් සිද්ධ උනා. කොටින්ම කියනවනම් නගරයේ එක තැනක අහසත් නොපෙනෙන තරමට කම්බි ඇදලා තිබුණලු. එහෙම කරලත් විදුලිය ලබා දෙන්න පුළුවන් උනේ ඉතාමත් සීමිත ප්‍රදේශයකට. පහළ වම් පැත්තේ පින්තුරේ බලන්නකෝ...

    ny-wires.jpg


    හ්ම්...දැන් බලන්නකෝ දකුණු පැත්තේ තියන පින්තුරේ. ඒ ස්ථානයමයි, ඒත් අර වයර් ගොඩ නැති වෙලා. ඒ ස්ථානය මේ තත්ත්වෙට ගත්තේ කවුද දන්නවද? "ටෙස්ලා....ඒ කොහොමද?

    "ප්‍රත්‍යාවර්ථ ධාරා" එහෙම නැත්නම් "Alternating current" කියන සංකල්පය ටෙස්ලා ට පහළ වෙන්නේ මේ වයර් ගොඩවල් දැක්කට පස්සේ. මේ ක්‍රමයේදී ඉලෙක්ට්‍රෝන ගැලීමක් සිද්ධ වෙන්නේ නැති නිසා කම්බිය දිගේ බල ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සරල ධාරා ක්‍රමයට වඩා සැතපුම් සිය ගානක් ඈතට විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕන උනේ ඉතාමත් සීමිත සම්ප්‍රේෂණ කුළුණු ගානක්. ඒ වගේම ඉතාමත් සිහින් කම්බි මේ සඳහා යොදා ගන්න පුළුවන් උනා. මේ ක්‍රමය ඉතාමත් කාර්යක්ෂම වගේම ලාබදායී ක්‍රමයක්. මේ සංකල්පයේ වැදගත් කම තේරුම් ගත්ත "ජෝජ් වෙස්ටින්ග්හවුස්" කියන ධනවතා ඩොලර් 60000 කට එහි පේටන්ට් බලපත්‍රය ටෙස්ලාගෙන් මිල දී ගෙන ප්‍රත්‍යාවර්ථ විදුලි පද්ධති ස්ථාපිත කිරීම අරඹනවා.


    ඉතින්, අද මුළු ලෝකයම ඒකාලෝක වෙලා තියෙන්නේ, ඕනෑම අහුමුල්ලකට ඉතාමත් පහසුවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ ටෙස්ලා නිසා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද?


    දැන් එතකොට තෝමස් එඩිසන් ඉන්නවා නේද? එයා සම්පුර්ණයෙන් අනුග්‍රහය දක්වමින් හිටියේ සරල ධාරා ක්‍රමයට. ඔහු විදුලි බල්බයටත් පේටන්ට් අරගෙන තිබුනේ (එයත් ඔහුට අයිති නිර්මාණයක් නෙමෙයිලු. වෙන කෙනෙකුගේ නිර්මාණයක් වැඩි දියුණු කිරීමක් පමණයි). ටෙස්ලා අස් වෙලා ගිය දවසේ ඉඳන් එඩිසන් ඔහුගේ විරුද්ධ කාරයා. ඔහුට මේක අල්ලන්නේ නැහැ. ඉතින් ඒකට උපායක් කල්පනා කරන එඩිසන් අන්තිමට මෙහෙම දෙයක් කරනවා. බල්ලෝ පූසෝ වගේ සත්තු අල්ලාගෙන ඇවිත් උන්ට ප්‍රත්‍යාවර්ථ ධාරාවක් වදින්න සලස්වලා එයින් උන් මැරෙන බව පෙන්නපු එඩිසන් කිව්වේ මෙය ඉතාමත් අනතුරුදායක දෙයක් නිසා භාවිතය නැවැත්විය යුතු බවයි. ඒත් ඉතින් අදටත් අපේ ගෙවල්වලට විදුලිය ගේන්නේ ඔය ප්‍රත්‍යාවර්ථ ධාරාව, ටෙස්ලාට පින් සිද්ද වෙන්න. හැබැයි එඩිසන් මහත්තයම තමයි ආණ්ඩුවට යෝජනා කරලා තියෙන්නේ හිර කාරයින්ට මරණ දඬුවම දීම සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරාව යොදා ගන්න කියලා.

    කොහොම හරි මේ සිද්ධි වෙන අතරේ "ක්‍රිස්ටෝපර් කොලොම්බස්" ගේ ඇමරිකා ආගමනයේ 400 වන සංවත්සරය සමරන දවස ලං වෙනවා. ඒ සඳහා උත්සවාකාරයෙන් චිකාගෝ නගරයේ ප්‍රදර්ශන සහ සංදර්ශන පැවැත්වීමට (World's Colombian Exposition / World's Fair කියන්නේ ඒකට) සූදානම් වන අතරේදී එය ආලෝකවත් කිරීම බාර දෙන්න ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඒක දිනාගන්නේ ටෙස්ලා, වෙස්ටින්ග්හවුස් ගේ අනුග්‍රහයෙන්. හේතුව තමයි සරල ධාරා යොදාගෙන කරන ආලෝකකරණය ට වැය වන මුදලින් අඩක් පමණක් මේ සඳහා වැය වීම. ඉතින් ටෙන්ඩරය ලැබෙන එක පුදුමයක් නෙමෙයි. දැන් මෙතන තව ප්‍රශ්නයක් වෙනවා. අර ටෙන්ඩර් එක ගන්න එඩිසන් මහත්මයත් ලන්සු තිව්වට ඔහුට ඒක ලැබුනේ නෑ. ඉතින් ඔහු කරන්නේ ටෙස්ලා ට අකුල් හෙලන එක. විදුලි බල්බයේ පේටන්ට් බලපත්‍රය තිබුනේ එඩිසන් අතේ නිසා ආලෝකකරණය සඳහා බල්බ යොදා ගන්න ටෙස්ලාට තහනම් කරනවා...

    දැන් ඉතින් බල්බ් නැතුව මොන ආලෝකකරණද? ඒත් ටෙස්ලා නෙමෙයි ඒවායින් සැලුනේ. ඔහු ඒ සඳහා වෙනස්ම ආකාරයේ බල්බයක් ඔහු විසින්ම නිපදවනවා (පසු කලක ඔහු නිපදවන ගෑස් බල්බයේ සංකල්පය තමයි අද සී එෆ් එල් බල්බ වල භාවිතා වන්නේත්). අදාළ දවසේ දහස් ගණන් බල්බ දල්වමින් ආලෝකකරණ කටයුත්ත අති සාර්ථක ලෙස නිම කරන්න ඔහුට පුළුවන් වෙනවා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රථම වරට එවන් දෙයක් විදුලියෙන් ආලෝකකරණය කළ අවස්ථාව. ඉන් පස්සේ තමයි ටෙස්ලා ගේ නම ලොව පුරාම ප්‍රසිද්ධ වෙන්නේ.

    1893fair-night3.jpg


    ටෙස්ලා ගේ අති සාර්ථකත්වය දකින නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම, ජල බලය යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරා නිපදවීම අත්හදා බැලීමට ටෙස්ලාට අවසර දෙනවා. නයගරා ඇල්ලෙන් විදුලිය නිපදවුවොත් එය භාවිතා කළ හැකි ලඟම නගරය උනේ "බෆලෝ නගරය". එයට ඇල්ලේ ඉඳන් සැතපුම් 20 ක් පමණ ඇති නිසා සරල ධාරා සම්ප්‍රේෂණය කොහෙත්ම ප්‍රයෝගික නැහැ. ඒ නිසා ටෙස්ලා ගේ ප්‍රත්‍යාවර්ථ අත්හදා බැලීම් වලට නිතරඟයෙන් ඉඩ ලැබෙනවා. නයගරා ඇල්ලේ ජල විදුලි සම්ප්‍රේෂණය ස්විචය විවෘත කරන අවස්ථාවේ ටෙස්ලා එතන ඉඳලත් නැහැ. එය නිවැරදිව වැඩ කරන බවට ඔහුට ඒ තරමටම විශ්වාසයක් තිබුනා. ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය තමයි ඒ. නයගරා ඇල්ල අසල ටෙස්ලාගේ ප්‍රතිමාවක් තියෙන්නේ මොන එකකටදැයි කල්පනා කරන අයට උත්තරේ තමයි මේ දුන්නේ :)


    tesla-niagara.jpg




    1898 දී පමණ ටෙස්ලා කළ තවත් සොයා ගැනීමක් තමයි දුරස්ථ පාලනය. අද, රූපවාහිනියේ පටන් සැටලයිට් දක්වා හැම උපකරණයකම වගේ පාවිච්චි වෙන්නේ ටෙස්ලාගේ මේ සොයා ගැනීම. 1917 දී ටෙස්ලා ගෙන ආ තවත් සංකල්පයක් තමයි රේඩියෝ තරංග පරාවර්තනය කිරීම මගින් වස්තුවක වේගය සහ ස්ථානය නිර්ණය කිරීම. එය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීම ටෙස්ලා ගේ අදහස උනත් එවකට නාවික හමුදාව සම්බන්ධ නිලයක් දැරූ එඩිසන් විසින් එය වළක්වනවා. රොබර්ට් වොට්සන් "රේඩාර්" සොයා ගත්තේ ඉන් අවු. 17 කට පස්සේ. ඇත්තටම එහි ගෞරවය ලැබෙන්න ඕන ටෙස්ලා ට. "විල්හෙල්ම් රෙන්ට්ගන්" එක්ස් රේ සොයා ගැනීමට අවු. 8 කට පෙර, ටෙස්ලා එක්ස් රේ යොදා ගෙන පරීක්ෂණ කර තිබෙනවා. ටෙස්ලාට ඒ දේවල්, ඔහුගේ පරීක්ෂණ වලට යොදා ගත් අතුරු නිපැයුම් පමණයි.

    අනාගතයේ නිසැකවම ඇති විය හැකි බලශක්ති අර්බුදය (ඛනිජ තෙල්, ගල්අඟුරු වැනි දේ නැවත උත්පාදනය නොවන සම්පත් බැවින්) ගැන අනුමාන කරන ටෙස්ලා, විකිරණ බල ශක්තිය හඳුන්වා දෙනවා. විශ්වයෙන් අපට ලැබෙන අසීමිත ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා සූර්ය කෝෂ නිපදවීම ඇරඹෙනවා.

    නොබෙල් ත්‍යාග ලාභී "ගුග්ලිමෝ මාර්කෝනි" රේඩියෝව සොයා ගත් බව හැමෝම අහල ඇති. ඒත් ඒ සොයා ගැනීමට යොදාගත් අනෙක් සියලු නිමවුම්, ටෙස්ලාගේ බව දන්නේ නැහැ නේද? ඒත් ටෙස්ලා කිව්වේ මෙපමණයි.

    "Marconi is a good fellow...Let him continue. He is using 17 of my patents"

    රේඩියෝව නිපදවීමට මාර්කෝනි විසින් ටෙස්ලාගේ පේටන්ට් 17 ක් යොදා ගෙන තිබෙනවා. මේ නිසා පසු කලෙක රේඩියෝව සොයා ගැනීමේ ගෞරවය නැවත ටෙස්ලා වෙත පවරනවා.

    ටෙස්ලා ගැන කතා කරද්දී තවත් කතා නොකර බැරි දෙයක් තියනවා. "ටෙස්ලා කොයිල්" ගැන. ගැමියාගේ පත් ඉරුවේ මේවා සම්බන්ධ කරගෙන ලස්සන ප්‍රබන්ධයක්‌ ලියවිලා තිබුණා. දැන් බලමුකෝ මොකක්ද මේ සංකල්පය කියලා. "වයර්ලස්" එහෙම නැත්නම් රැහැන් රහිත සම්ප්‍රේෂණය ගැන හැමෝම දන්නවනේ. ටෙස්ලා කොයිල් එකෙන් කරන්නේ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අවකාශය හරහා විදුලිය සම්ප්‍රේෂණය කරන්න (හරියට රේඩියෝ තරංග ගමන් කරනවා වගේ) හදපු සැළසුමේ මුල තමයි ඒ. මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන් ටෙස්ලා කොයිල් එකක් මොන වගේද කියලා.



    මේ විදියට සම්ප්‍රේෂණය කරන විදුලිය සරලවම ප්‍රතිග්‍රාහකයක් වෙත (බල්බයක් වැනි) ලබා ගන්න හැකියාව තියනවා, කිසිම වයර් ඇදීමක් නැතිව. ඒ කියන්නේ ටෙස්ලා කොයිල් එකක් සම්ප්‍රේෂණය කරද්දී ඒ සීමාව තුල කෙනෙක් බල්බයක් නිකන්ම අතේ තබා ගෙන හිටියොත් එය දැල්වෙනවා, හැබැයි මිනිසාට හානියක් නොවී. කොයි තරම් අපූරු සංකල්පයක්ද? ටෙස්ලා මේ ගැන කොලරාඩෝ ප්‍රාන්තයට ගොස් පරීක්ෂණ පවත්වද්දී මිනිසුන් හිතුවේ ඔහු දෙවියන්ට අයත් වැඩ කරන පිස්සෙක් විදිහට. නැවත නිව්යෝක් වෙත එන ටෙස්ලා ගේ අදහස වෙන්නේ විශාල ටෙස්ලා කුළුණක් තනා ලෝකයටම විදුලිය, සංගීතය, රේඩියෝ තරංග ආදී සියල්ල සම්ප්‍රේෂණය කිරීම. ඔහු මේ සඳහා "මෝගන්" නම් මුදල් අනුග්‍රාහකයෙක් සොයා ගන්නවා.

    ඒත්, අවාසනාවකට කුලුන තනාගෙන යද්දී ගුග්ලිමෝ මාර්කෝනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරන නිසා මෝගන් හිතනවා තව දුරටත් මේකට අනුග්‍රහය දක්වන එකේ තේරුමක් නෑ කියලා. ටෙස්ලාගේ සැලසුම රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට වඩා ඉතාමත් එහා ගිය එකක් බව ඔහුට වැටහෙන්නේ නැහැ. කුලුනේ වැඩ අතරමග නතර වෙනවා. මේ නිසා ටෙස්ලා විසින් ලොවට දීමට නියමිතව තිබූ අසිරිමත් ත්‍යාගය අපිට අහිමි වෙනවා.

    ටෙස්ලා මිය යන්නේ 1943 දී නිව්යෝකර් හෝටලයේ ඔහුගේ කාමරය තුලදී, තනිවම. ඔහු මිය ගොස් ඇති බව හෝටල් සේවකයින් දැන ගන්නේ දිනකට හෝ දෙකකට පසුව. ඒත් සමගම ක්‍රියාත්මක වන ඇමරිකන් ආණ්ඩුව ටෙස්ලාගේ සියලුම ලිපි ගොනු තමන් භාරයට ගන්නවා. ඒ හේතුවක් ඇතුව. එය දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලය. ටෙස්ලා කරපු ඇතැම් පරීක්ෂණ සතුරා අතට පත් උනොත් ඉතාමත් විනාශකාරී වන බව ඔවුන් දැනගෙන සිටියා.

    ඉන් එකක් තමයි භුමි කම්පා යන්ත්‍රය. ඕනෑම වස්තුවකට අනන්‍ය අනුනාද සංඛ්‍යාතයක් ඇති බවත් ඒ සංඛ්යාතයම වෙනත් ප්‍රභවයකින් ඇති කලොත් ඒ වස්තුව කඩා බිඳ විනාශ කළ හැකි බවත් දන්නවා ඇති නේ. ඒ තමයි අනුනාදය කියන සංසිද්ධිය (ලතා මන්ගේශ්කාර්ගේ කටහඬ ට පුළුවන්ලු වයින් වීදුරුවක් අනුනාද කරලා බිඳින්න). ඉතින් ටෙස්ලා කලේ වස්තුවක අනුනාද සංඛ්‍යාතය නිර්ණය කරලා එයට සමාන සංඛ්‍යාතයක් ඇති ශබ්දයක් නිකුත් කරන්න පුළුවන් උපකරණයක් හදන එක. ඉතා විශාල ගොඩනැගිලි, පාලම් පවා මේ පුංචි උපකරණය යොදා ගෙන විනාශ කරන්න හැකියාව තියනවා.

    ඒ විදියේ තවත් පරීක්ෂණයක් තමයි "Death rays". ඉතාමත් ඈතදී මිසයිලයක් පවා විනාශ කිරීමේ හැකියාව මේ කිරණ වලට තියනවලු.

    දැනට මේ ලිපි ගොණු ටෙස්ලා කෞතුකාගාරයේ තිබුනත් කොපමණ ලිපි ප්‍රමාණයක් සැඟවිලා ද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ.

    ටෙස්ලා එදා ඉදිරිපත් කළ සංකල්ප බොහොමයක් මනස්ගාත ලෙස සමාජය විසින් බැහැර කලත් නවීන ලෝකයේ සියයට අසූවක් පමණම භාවිතා වන්නේ එම සංකල්ප. එහෙත් ටෙස්ලාට ඒවායේ ගෞරවය නිසි පරිදි ලැබෙනවාද යන්න සැක සහිතයි. ටෙස්ලා අනාගතයේ ජිවත් වුනු කෙනෙක්. ඔහු ඉපදුනේ වැරදි කාලයක බව මම කලින් කීවේ ඒ නිසයි. අද කාලෙයේ නම් මෙවැනි සංකල්ප ඉදිරිපත් කරන්නෙක් මහා ධනවතෙකු වනු නියතයි. ඒත් ටෙස්ලා ජිවත් වුනේ දුප්පතෙක් විදියට. සියවසක පමණ අනාගතයට සරිලන පරීක්ෂණ වෙනුවෙන් මුදල් වියදම් කළ නිසා නැවත ඉපැයීමක් සිද්ධ උනේ නැහැ. ඔහුගේ සොයාගැනීම් වලට අන් අය පැසසුම් ලබද්දී, ටෙස්ලා කළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තව තවත් අසිරිමත් දේ ලොවට දීම සඳහා තම මුදල්, කාලය කැප කිරීම. ජූලි 10, ටෙස්ලා දිනයයි. ඔහු වෙනුවෙන් අවුරුද්දේ දින කොපමණ වෙන් කළත් වරදක් නැතැයි මට සිතේ.


    ලෝකයක් තැනූ ටෙස්ලා, ලෝකය විසින් අමතක කරන ලදුව...


    Nikola_Tesla.jpg



    "Our virtues and our failings are inseparable...like force and matter...When they separate, man is no more..." - Nikola Tesla





    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla




    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    උපුටා ගත්තේ .....


    http://upullive.blogspot.com/2014/03/nikola-tesla.html#.UxwE48575yU




    images



     
    Last edited:

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    සුපිරි මචං.. ටෙස්ලා ගැන මෙච්චර විස්තරයක් අද වෙනකන් දැනන් හිටියේ නෑ. එඩිසන් කාරය මහ චාටර් පොරක්නෙ.:frown::frown:දැන් බැලුවම මිනිහ කරපු දේකුත් නෑ වගේ..:lol: TFS මචං. ඔන්න උබව රේප් කරා.:):)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,104
    113
    Gotham City
    මචං \ඇයි දන්නවද ටෙස්ලාට ඔහොම දෙයක් උනේ .ටෙස්ලා මචං ඒ කාලේ තියරියක් හොයාගෙන තියෙනවා විදුලිය සම්බන්ධව .ආන්න ඒ විදුලිය සම්බන්ධව තියරි එක අනුව මුළු ඔකේටම විදුලි බලශක්තිය නිකන් නොමිලයේ නිපදවගන්න පුළුවන් .එහෙම උනානම් අපිට ෆොසිල ඉන්ධන දහනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් ලොකේ නැතිවෙන්න තිබුණා .නමුත් මෙහෙම නික දුන්නොත් වෙන්නේ සමාගම් කාරයන්ට පාඩු වෙන එකනේ .ඒක නිසා මොකද කරේ ජෝන් .ඩි.රොක්ෆෙලර් කියන එකයි ජ්.පි මොර්ගන් කියන එකයි එකතු වෙලා ටෙස්ලාව නැති කරන්නගත්තා .රොක්ෆෙලර් කියන්නේ ඔය EXXON MOBIL කියන ලොකේ ලොකුම තෙල් කම්පැණි එකේ ආරම්භකයා .ජේ .පී මොර්ගන් කියන්නේ බැන්කු අයිතිකාරයෙක් .අන්න ඒ නිසා උන් දෙන්න කරේ එඩිසන් ව ෆොර්ම් කරා ටෙස්ලාව බල්ලට දාලා .ඇමරිකාවෙ අධ්‍යාපන මණ්ඩලයේ බලය තිබ්බේ ඔය රොක්ෆෙලර් කියන එකාට .ඉතිං ඌ කරේ ඒ රටේ අධ්‍යපනය හරහා එඩිසන් වීරයෙක් බව ඒත්තු ගැන්නුවා .ටෙස්ලාගේ නමක් වත් නැහැ අච්චු පොත්වලවත් සිලබස් එකේවත් .අද උනත් අපි ටෙස්ලා ගැන වැඩිය දන්නේ නැහැ නේ .එඩිසන්ව නේ දන්නේ .ඔන්න ඕක තමා හේතුව .එඩිසන් කියන්නේ ඔය ජෙනරල් එලෙක්ට්‍රික් කියන එලෙක්ට්‍රොනික් කම්පැනි එකේ සමාරම්භකයන්ගෙන් එක්කෙනෙක් .ඉතිං සමාගම් කාරයෝ උන්ගේ බිස්නස් බේරගන්න ඕන හින්දා තමා ටෙස්ලාව මේ විදියට බල්ලට දැම්මේ .එක පාරක් ඇල්බට් අයින්ස්ටයින්ගෙන් මාධ්‍ය වේදීයෙක් අහලා තියෙනවා "ඔබට බුද්ධිමතෙක් ව් ජීවත් වීම තුළ හැඟෙන්නේ මොනවගේ අදහසක් ද ?" කියලා .අයින්ස්ටයින් කියලා තියෙනවා මෙහෙම "ඔබ ඔය ප්‍රශ්නේ ගිහින් නිකොලා ටෙස්ලාගෙන් අහන්න " කියලා .
     
    Last edited:

    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    ටෙස්ලා ගැන අහල තිබුණට මෙච්චර දැනගෙන හිටියෙනෑ මචන්.නියම ත්‍රෙඩ් එක. දිගටම ලියපන් :):):yes::yes:
     
    • Like
    Reactions: Lahiru120

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මචං \ඇයි දන්නවද ටෙස්ලාට ඔහොම දෙයක් උනේ .ටෙස්ලා මචං ඒ කාලේ තියරියක් හොයාගෙන තියෙනවා විදුලිය සම්බන්ධව .ආන්න ඒ විදුලිය සම්බන්ධව තියරි එක අනුව මුළු ඔකේටම විදුලි බලශක්තිය නිකන් නොමිලයේ නිපදවගන්න පුළුවන් .එහෙම උනානම් අපිට ෆොසිල ඉන්ධන දහනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් ලොකේ නැතිවෙන්න තිබුණා .නමුත් මෙහෙම නික දුන්නොත් වෙන්නේ සමාගම් කාරයන්ට පාඩු වෙන එකනේ .ඒක නිසා මොකද කරේ ජෝන් .ඩි.රොක්ෆෙලර් කියන එකයි ජ්.පි මොර්ගන් කියන එකයි එකතු වෙලා ටෙස්ලාව නැති කරන්නගත්තා .රොක්ෆෙලර් කියන්නේ ඔය EXXON MOBIL කියන ලොකේ ලොකුම තෙල් කම්පැණි එකේ ආරම්භකයා .ජේ .පී මොර්ගන් කියන්නේ බැන්කු අයිතිකාරයෙක් .අන්න ඒ නිසා උන් දෙන්න කරේ එඩිසන් ව ෆොර්ම් කරා ටෙස්ලාව බල්ලට දාලා .ඇමරිකාවෙ අධ්‍යාපන මණ්ඩලයේ බලය තිබ්බේ ඔය රොක්ෆෙලර් කියන එකාට .ඉතිං ඌ කරේ ඒ රටේ අධ්‍යපනය හරහා එඩිසන් වීරයෙක් බව ඒත්තු ගැන්නුවා .ටෙස්ලාගේ නමක් වත් නැහැ අච්චු පොත්වලවත් සිලබස් එකේවත් .අද උනත් අපි ටෙස්ලා ගැන වැඩිය දන්නේ නැහැ නේ .එඩිසන්ව නේ දන්නේ .ඔන්න ඕක තමා හේතුව .එඩිසන් කියන්නේ ඔය ජෙනරල් එලෙක්ට්‍රික් කියන එලෙක්ට්‍රොනික් කම්පැනි එකේ සමාරම්භකයන්ගෙන් එක්කෙනෙක් .ඉතිං සමාගම් කාරයෝ උන්ගේ බිස්නස් බේරගන්න ඕන හින්දා තමා ටෙස්ලාව මේ විදියට බල්ලට දැම්මේ .එක පාරක් ඇල්බට් අයින්ස්ටයින්ගෙන් මාධ්‍ය වේදීයෙක් අහලා තියෙනවා "ඔබට බුද්ධිමතෙක් ව් ජීවත් වීම තුළ හැඟෙන්නේ මොනවගේ අදහසක් ද ?" කියලා .අයින්ස්ටයින් කියලා තියෙනවා මෙහෙම "ඔබ ඔය ප්‍රශ්නේ ගිහින් නිකොලා ටෙස්ලාගෙන් අහන්න " කියලා .

    :shocked::shocked:

    මේ ලින්ක් එකේ තියෙනව ඔය හැමදේම සාරාංශයක් විදියට..:)

    http://theoatmeal.com/comics/tesla
     
    • Like
    Reactions: Lahiru120

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචං \ඇයි දන්නවද ටෙස්ලාට ඔහොම දෙයක් උනේ .ටෙස්ලා මචං ඒ කාලේ තියරියක් හොයාගෙන තියෙනවා විදුලිය සම්බන්ධව .ආන්න ඒ විදුලිය සම්බන්ධව තියරි එක අනුව මුළු ඔකේටම විදුලි බලශක්තිය නිකන් නොමිලයේ නිපදවගන්න පුළුවන් .එහෙම උනානම් අපිට ෆොසිල ඉන්ධන දහනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් ලොකේ නැතිවෙන්න තිබුණා .නමුත් මෙහෙම නික දුන්නොත් වෙන්නේ සමාගම් කාරයන්ට පාඩු වෙන එකනේ .ඒක නිසා මොකද කරේ ජෝන් .ඩි.රොක්ෆෙලර් කියන එකයි ජ්.පි මොර්ගන් කියන එකයි එකතු වෙලා ටෙස්ලාව නැති කරන්නගත්තා .රොක්ෆෙලර් කියන්නේ ඔය EXXON MOBIL කියන ලොකේ ලොකුම තෙල් කම්පැණි එකේ ආරම්භකයා .ජේ .පී මොර්ගන් කියන්නේ බැන්කු අයිතිකාරයෙක් .අන්න ඒ නිසා උන් දෙන්න කරේ එඩිසන් ව ෆොර්ම් කරා ටෙස්ලාව බල්ලට දාලා .ඇමරිකාවෙ අධ්‍යාපන මණ්ඩලයේ බලය තිබ්බේ ඔය රොක්ෆෙලර් කියන එකාට .ඉතිං ඌ කරේ ඒ රටේ අධ්‍යපනය හරහා එඩිසන් වීරයෙක් බව ඒත්තු ගැන්නුවා .ටෙස්ලාගේ නමක් වත් නැහැ අච්චු පොත්වලවත් සිලබස් එකේවත් .අද උනත් අපි ටෙස්ලා ගැන වැඩිය දන්නේ නැහැ නේ .එඩිසන්ව නේ දන්නේ .ඔන්න ඕක තමා හේතුව .එඩිසන් කියන්නේ ඔය ජෙනරල් එලෙක්ට්‍රික් කියන එලෙක්ට්‍රොනික් කම්පැනි එකේ සමාරම්භකයන්ගෙන් එක්කෙනෙක් .ඉතිං සමාගම් කාරයෝ උන්ගේ බිස්නස් බේරගන්න ඕන හින්දා තමා ටෙස්ලාව මේ විදියට බල්ලට දැම්මේ .එක පාරක් ඇල්බට් අයින්ස්ටයින්ගෙන් මාධ්‍ය වේදීයෙක් අහලා තියෙනවා "ඔබට බුද්ධිමතෙක් ව් ජීවත් වීම තුළ හැඟෙන්නේ මොනවගේ අදහසක් ද ?" කියලා .අයින්ස්ටයින් කියලා තියෙනවා මෙහෙම "ඔබ ඔය ප්‍රශ්නේ ගිහින් නිකොලා ටෙස්ලාගෙන් අහන්න " කියලා .




    බලන් යද්දී එඩිසන් කියන එකා මහා සොන්න පාල කෙනෙක් නේ බන්...බලපන් 1950ත කලින් මේ යකා හොයන තිබුන තාක්ශනේ..අදාටත් ඒවා නේද් පාවිච්චි වෙන්නේ...මෙන්න මේ වගේ කම්පැනි කාර සොන්න පුතාල නැත්තන්..:dull::dull::dull::dull::dull:

     
    • Love
    Reactions: Lahiru120

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඔය ටෙස්ලාගෙයි එඩිසන්ගෙයි වලිය තියෙන ෆිල්ම් එක මොකඩ්ඩ බං..මම ඒක බලලා තියෙනවා...:frown:
     
    • Like
    Reactions: Lahiru120

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    thanks මචන්.. මම මේ නිකොලා ගෙන thread එකක දන්නා ගොඩක් දවසකින් අදහස් කරන් හිටියේ..
    මේ දාල තියෙන්නේ නියෙමෙට. නිකොලා තමයි ලෝකයේ හිටපු හොදම නව නිමැයුම්කරු..

    මෙය සල්ලි බලාගෙන කිසි දෙයක් කරේ නැ. එඩිසන් කරය ඔක්කොම කරේ සල්ලි බලාගෙන. එඩිසන්
    business කාරයෙක්.

    නිකොලව මේ ලෝකයෙන් අමතක කරලා.. අඩුම ගානේ අපේ ඉස්කෝල වලත් අපිට බලන් ගියාම බොරු කියල තියෙන්නේ..

    Internet එකට පින් සිද්ද වෙන්න මේ වගේ මනුසයෙක් හිටය කියලවත් දැන ගත්ත,
    මේවා අපේ ඉස්කෝල වල පොත් වල උගන්නන්න ඕන හරි නම් මචන්
    .

    I Love nikola tesla!!
     
    Last edited:

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    ටෙස්ලා ගැන අහල තිබුණට මෙච්චර දැනගෙන හිටියෙනෑ මචන්.නියම ත්‍රෙඩ් එක. දිගටම ලියපන්
     
    • Like
    Reactions: Lahiru120