බල්ලට තියෙන සැපක්
තම දිවියේ පිරිමියෙකු ට හිමි තැන තම සුරතල් බල්ලාට ලබා දී ඇති කාන්තා වක ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයෙනි.
හතළිස් හත් හැවිරිදි ඇමැන්ඩා රොජර්ස් තම සුරතලා වූ ෂීබා සමග විවාහ දිවියට එළැඹියාය. පිරිමින් සමග වාසය තිත්ත වීම නිසා මෙම තීරණයට එළැඹි බව ඇය කියන්නීය.
‘මම ගත්තේ හොද තීරණයක්. මම වරක් විවාහ වී හිටපු කෙනෙක්. මගේ සැමියා මට ජීවිතය එපා කෙරෙව්වා. ඒ කාලයේ ඉදන්ම මගේ දුකට සැපට ළඟ හිටියේ ෂීබා. ඉතින් දික්කසාද වුණාට පස්සේ මම හිතුවා ෂීබා විවාහ කර ගන්න. මොකද සහකරුවෙකුගෙන් මම අපේක්ෂා කරන දේ ෂීබා මට ලබාදෙනවා‘‘ ඇය පවසන්නීය.
ඇමැන්ඩා තම හිතමිතුරන් රැසක් සහභාගී වී සිටි මංගල උත්සවයේදී දණින් වැටී විවාහ වීමට ෂීබාගෙන් කැමැත්ත ඉල්ලූ අතර ෂීබා නඟුට
වනමින් තම අනාගත ‘‘බිරිය‘‘ට කැමැත්ත දුන්නේය.
‘‘මේක විවාහයක් කියලා නීති වලින් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්.නමුත් ෂීබා මට කොතරම් වටිනවාද කියලා ලෝකයට පෙන්වන්න මට වෙන විදියක් නැහැ‘‘ ඇය කියන්නීය.
පිරිමියෙකුට හිමි තැන තම සුරතල් බල්ලාට දුන් තරුණිය