ජ්‍යොතිෂය_බොරුවක්_නොවන_බව_ඔප්පු_කරන්න..
ග්‍රහ තාරකාවල පිහිටීම හා මිනිස් ලෝකය අතර සම්බන්ධතාවයක් ඇති බවට පුරාතන මායා, ග්‍රීක, චීන, රෝම සහ ඉන්දියානු ශිෂ්ටාචාර තුළ දැඩි විශ්වාසයක් තිබූ බවට ප්‍රබල සාක්ෂි හමු වී ඇත. මෙය ජ්‍යොතිෂවේදය (Astrology) ලෙස හැඳින් වූ අතර එහි අර්ථය ආකාශයෙහි අර්ථය යන්නයි.
ජ්‍යොතිෂය එකල දේශපාලනයට, අධ්‍යාපනයට, වෛද්‍ය කර්මයට මෙන්ම ආගමික ඉගැන්වීම් තුළටද ඇතුළු කර තිබුණි. 17 වැනි සියවස අගභාගයේ දී නවීන විද්‍යාවේ ප්‍රවේශයත් සමග ජ්‍යොතිෂයේ වැදගත්කම ක්‍රමයෙන් හීන වන්නට විය. ග්‍රහ තාරකාවල පිහිටීම අනුව කෙනෙකුගේ අනාගතය හෝ ඉරණම තීරණයවන අන්දම පැහැදිලි කිරීමට ජ්‍යොතිෂයට නොහැකි වූවා පමණක් නොව ප්‍රකට විද්‍යාත්මක පර්යේෂණ රාශියකින් ජ්‍යොතිෂය මගින් දක්වන අනාවැකි නිවැරදි නොවන බවද තහවුරු විය.
ජ්‍යොතිෂයේ දැක්වෙන මත හෝ සංකල්ප පරීක්ෂණ හා නිරීක්ෂණ තුළින් වැරදි බව ඔප්පු කළ හැකි නිසා ජ්‍යොතිෂය යනු විද්‍යාවක් නොව ව්‍යාජ විද්‍යාවන් (Pseudo Science) බව තහවුරු විය.
නවීන විද්‍යාවේ ඉදිරිපත් කර ඇති ඕනෑම මතයක් හෝ නියමයන් නිවැරදිව සිදුකරනු ලබන පරීක්ෂණයක්මගින් වැරදි හෝ නිවැරදි බව ඔප්පු කිරීමට හැකිය. එවැනි එක්පරීක්ෂණයකින් එම මතය හෝ නියමය වැරදි බව ඔප්පු කළහොත් එම මතය හෝ නියමය වැරදි බව ලෝකයටමපිළිගන්නට සිදුවේ. නවීන විද්‍යාවේ සෑම කියමනක්ම මෙම න්‍යායට යටත්ය.
ජ්‍යොතිෂය පිළිබඳව සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ අතර ෂෝන් කාලේසන්ගේ පර්යේෂණයට විශේෂ තැනක් හිමිවේ. මෙහිදී කැලිෆෝනියා, මනෝවිද්‍යා දත්ත වට්ටෝරුවෙන් (California Psychological Inventory) ලබා ගන්නා ලද පුද්ගලයන් සියයකට අධික සංඛ්‍යාවකගේ මනෝවිද්‍යා දත්ත ගොනු එම පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර සමග ජ්‍යොතිෂ විද්‍යානුකූලව ගළපන ලෙස ජ්‍යොතිෂවේදීන්ට ආරාධනා කරනු ලැබිය.
ඇමෙරිකාවේ සහ යුරෝපයේ ජ්‍යොතිෂවේදීන් 28 දෙනකු මේ සඳහා ඉදිරිපත් වූ අතර ඔවුහු පරීක්ෂණයේ කොන්දේසිවලටද එකඟ වූහ. අවසන් ප්‍රතිඵලය වූයේ ජන්ම පත්‍ර සහ මනෝවිද්‍යා දත්ත ගොනු ගැළපීමට ජ්‍යොතිෂවේදීන්ට නොහැකි වීමයි. ප්‍රතිඵලය අහඹු ලෙස සිදුකළ සැසඳීමකට වඩා නොවෙනස් විය. පරීක්ෂණය සාධාරණ වූ බව ජගත් විෂය පිළිබඳ ජාතික පර්යේෂණ සභාවට අයත් ජ්‍යොතිෂවේදීන් විසින් පිළිගන්නා ලදී.
මෙම පරීක්ෂණය තුළින් ජ්‍යොතිෂ මතය පැහැදිලිවම පරදවන ලැබූ බව 1985 (නේචර්) නමැති විද්‍යා සඟරාවේ විස්තරාත්මකව ඉදිරි පත්කොට තිබුණි. ඩීන් සහ කෙලී නමැති පර්යේෂකයන් විසින්ද මෙවැනි ම පර්යේෂණයක් සිදුකර තිබුණි. මෙවැනි පර්යේෂණ රාශියක් සිදුකළ එකදු පරීක්ෂණයකින් වත් ජ්‍යොතිෂ මත නිවැරදි යැයි ඔප්පු කළ නොහැකි විය.
නෙප්චූන් නමැති ග්‍රහයා තාරකා විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබූයේ නිවුටන්ගේ විශ්ව ගුරුත්වාකර්ෂණ නීතිය පාදක කරගෙනය. තමා විසින් පරීක්ෂා කරනු ලබන ජන්ම පත්‍රවල හෝ කේන්ද්‍රවල ඇති අඩු ලුහුඩුකම් පදනම් කරගෙන මෙවැනි ග්‍රහයකු සිටිය හැකි බවට අනාවැකි පල නොකළේ මන්දැයි එකල තාරකා විද්‍යාඥයකු විසින් ජ්‍යොතිෂවේදීන්ගෙන් ප්‍රශ්න කරන ලදී. පසුකාලීනව තාරකා විද්‍යාඥයන් විසින් නවීන විද්‍යාව උපයෝගි කර සොයාගනු ලැබූ නෙප්චූන්, යුරේනස් සහ ප්ලූටෝ වැනි සෞරග්‍රහ මණ්ඩලයට අයිති ග්‍රහයන් දැන් දැන් ජ්‍යොතිෂයටද රිංගා ඇති බව නොරහසකි. එසේම අලුතින්ම සොයාගන්නා ලද Sedna, Quar, Xena වැනි සූර්යයා වටා ගමන්කරන ග්‍රහ වස්තු ගැන ජ්‍යොතිෂවේදීන්ගේ මතය කුමක්දැයි සමහර තාරකා විද්‍යාඥයෝ ප්‍රශ්න කරති.
කෙතරම් පර්යේෂණ මගින් ජ්‍යොතිෂය අවිද්‍යාත්මක බව ගෙනහැර දැක්වූවද මෙම මිථ්‍යා විශ්වාස සමාජය තුළින් පලවා හැරීම ඉතා අපහසුය. මෙයට හේතුවී ඇත්තේ තම දෙමවුපියන්, ගුරුවරුන්, තමා ගරු කරන සමාජයේ වැදගත් පුද්ගලයන් සහ ආගමික දේශකයන් විසින් එම විශ්වාස එක් එක් පුද්ගලයාගේ සිත් තුළට තදබල ලෙස කාවද්දා ඇති නිසාය. ජ්‍යොතිෂය වැනි ව්‍යාජ විද්‍යාවක් විශ්වාස කිරීම සඳහා කෙනෙකුගේ බුද්ධි මට්ටම බලපානු නොලැබෙන බව පෙනේ.
වෛද්‍යවරුන් , මහාචාර්යවරුන් ඉංජිනේරුවන් මෙන්ම ප්‍රකට දේශපාලනඥයන් වැනි පුද්ගලයන් අතරද ජ්‍යොතිෂය විශ්වාස කරන අය එමට ඇති බව මෙය තහවුරු කිරීමට ඇති හොඳම සාක්ෂියයි.
අප කතෛක් දුරට මෙසේ පැවැසුවද ජ්‍යොතිෂය තදින් විශ්වාස කරන අයෙකුට ජ්‍යොතිෂවේදියෙකු ලබාදෙන අනාවැකි හෝ විස්තර අතිශයින්ම සත්‍ය බවට දිස්වේ. මෙයට හේතුව ලෙස මනෝ විද්‍යාවේ විස්තර කරන්නේ පක්ෂපාතී සනාත කිරීම (Confirmation Bias) යනුවෙනි. එනම් යම් අයෙකු කිසියම් විශ්වාසයක හෝ මතයක එල්බගන සිටින කල්හි එම මතය හෝ විශ්වාසය තහවුරු කරන කරුණු කෙරෙහි පමණක් ඔහු වැඩි රුචිකත්වයකින් කටයුතු කිරීමයි.
ජ්‍යොතිෂවේදියා විසින් කාටත් හරියන ලෙස දෙනු ලබන විස්තරයේ තමාට ගැළපෙන සහ තමා බලාපොරොත්තු වන විස්තර පමණක් තම මතකයේ රැදෙන අතර වැරදි හෝ නොගැළපෙන කොටස් එකී විශ්වාස කරන්නන්ගේ මතකයෙන් ගිලිහී යයි. එබැවින් ඔහුට හෝ ඇයට ලබා දෙන ජ්‍යොතිෂ විස්තරය අතිශයින්ම සත්‍ය බව ඔවුහු විශ්වාස කරයි.
නිදසුනක් ලෙස ගතහොත් වැස්සට තෙමීමෙන් පසු සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන බව විශ්වාස කරන පුද්ගලයෙකුට තම මතකයේ රැදී පවතින්නේ වැස්සට තෙමීමෙන් දින කීපයක් තුළ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවූ අවස්ථාවන් පමණි.
නමුත් ඊට වඩා වැඩි අවස්ථාවන් ගණනකදී වැස්සට නොතෙමී ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වන්නට ඇත. නමුත් එම අවස්ථාව ඔහුගේ මතකයේ රැදී නොපවතී.
පර්යේෂණවලට අනුව පෙනී යන්නේ ජ්‍යොතිෂ අනාවැකි අහඹු ලෙස ඕනෑම අයෙකුට ගැළපෙන අයුරින් සකසා ඇති ප්‍රකාශනයක් පමණක් බවයි. යම් අනාවැකියක් සිදුනොවුවද එසේ වීමට හේතුවද එම අනාවැකිය සමගම දෙනු ලබයි.
නිදසුනක් ලෙස යම් කාන්තාවක් තමාට අනාගතයේ දරුපල හිමිද? යනුවෙන් ප්‍රශ්නයක් ඇසුවහොත් එයට ඔව් හෝ නැත යනුවෙන් සෘජු පිළිතුරක් නොලැබෙයි. ඔබට දරුපල ප්‍රමාද කරන තත්ත්වයක් පෙන්නුම් කළද මෙම ග්‍රහයාගේ හැසිරීම නිසා දරුපල ලැබිමට ඉඩක්ද ඇත. යනුවෙන් පිළිතුරක් ලැබෙයි. තමාට කලක සිට වැළඳී ඇති රෝගය සුවකළ හැකිද යන ප්‍රශ්නයට ලැබෙනුයේ එය සුව කිරීම තරමක් අසීරු බවත් නිවැරදි ප්‍රතිකාර වලට යොමුවීමෙන් සුවවීමට ඉඩක් ඇති බවයි. යන පිළිතුරකි.
නූතන ජනප්‍රිය ජ්‍යොතිෂවේදීන්ට යම් අයෙකු පිළිබඳ විස්තරයක් දීමට අවශ්‍ය වන්නේ ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රය නොව ඔහුගේ වයස, පෙනුම , රැකියාව සහ සිතුම් පැතුම් ගැන මනාව තේරුම් ගැනීමයි.
ඒ අනුව ඔහුට හෝ ඇයට ගැළපෙන විස්තරයක් සකසා දෙයි. මෙවැනි විස්තරයක අඩංගු කරුණු කාරණා තුළින් තමාට හොඳින්ම ගැළපෙන කරුණ පමණක් තම සිතෙහි තැන්පත් කරගන්නා ඔහු හෝ ඇය තමාට ලබාදුන් සියලු තොරතුරු සත්‍ය බව පිළිගනියි.
කරුණු මෙසේ වුවද නවීන විද්‍යාව අභිබවා යෑමට කිසිදු මිථ්‍යාවකට නොහැකි බව සියලු දෙනා පිළිගත යුතුය. මෙහිදී තාරාකා භෞතික විද්‍යාඥයකු වන නීල් ද ග්‍රාස් ටයිසන් නමැත්තාගේ ප්‍රකාශයක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.
ස්වභාව ධර්මයේ නියමයන් මගින් අප වටා ඇති ලෝකය හැඩ ගැහෙන ආකාරය ගැන අප සිතන ආකාරය අපගේ දැනුමේ කොටසක් විය යුතුයි. එම දැනුම සහ එසේ සිතීමට හැකියාවක් නොමැති නම් අප පහසුවෙන් අපගෙන් ප්‍රයෝජන ගන්නා අයෙකුගේ ගොදුරක් බවට පත්විය හැකිය.
නොබෙල් ත්‍යාග ලාභී විද්‍යාඥයන් දහ අට (18) දෙනකුද ඇතුළු ලෝකප්‍රකට විද්‍යාඥයන් 168 දෙනකුගේ අත්සනින් යුතුව 1975 වසරේ The Humanist සඟරාවේ සැප්/ඔක් වාරිකයේ පහත සඳහන් ප්‍රකාශය "The Objection to Astrology" ප්‍රකාශයට පත් කරනු ලැබිය. එහි සිංහල පරිවර්තනය හැකිතාක් නිවැරදිව ජ්‍යොතිෂයට දක්වන විරෝධය ලෙසින් පහත දක්වා ඇත.
ලොවෙහි බොහෝ සමාජයන් තුළ ජනතාව බහුල වශයෙන් ජ්‍යොතිෂය විශ්වාස කිරීම කෙරෙහි විවිධ ක්ෂේත්‍රවලට අයත් විද්‍යාඥයන්ගේ අවධානය යොමුවී ඇත. පහත අත්සන් තබන ලැබූ තාරකා විද්‍යාඥයන්, තාරකා භෞතිකවේදීන් සහ වෙනත් නොයෙකුත් ක්ෂේත්‍රවලට අයත් විද්‍යාඥයන් වන අප විසින් පුද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ දෙනු ලබන අනාවැකි හෝ උපදෙස් එපරිද්දෙන්ම පිළිගැනීම පිළිබඳව ඉතා ප්‍රවේශම් විය යුතුය යන්නයි. තවද ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරන අයෙකු නම් ජ්‍යොතිෂය යනු කිසිම විද්‍යාත්මක පදනමකින් තොර මිථ්‍යා සංකල්පයක් බව ඔබ අවබෝධ කරගත යුතුයි.
ඈත අතීතයේ දී මිනිසුන් ජ්‍යොතිෂ අනාවැකි හා උපදෙස් බහුල ලෙස විශ්වාස කරනු ලැබුයේ ජ්‍යොතිෂය එකල ඔවුනගේ මායා ලෝකයේ ඉතා වැදගත් කොටසක් වූ බැවිනි. එකල ග්‍රහ තාරකා යනු දෙවියන්ගේ වාසස්ථානය හෝ ඔවුනගේ අශුභ ස්ථාන ලෙස හැදින්වූ අතර ඒවායින් පෘථිවිය මත සිදුවන සංසිද්ධීන් කෙරෙහි සෘජු බලපෑමක් ඇති බව විශ්වාස කරනු ලැබිණි. පෘථිවියත් මෙම ග්‍රහතාරකාත් අතර ඇති අති විශාල දුර ප්‍රමාණය ගැන කිසිදු අවබෝධයක් ඔවුනට නොතිබුණි. දැන් අපට මෙම ග්‍රහ තාරකා ආදියට ඇති දුර ඉතා නිවැරදිව ගණනය කළ හැක. ඉතා දුරින් පිහිටා ඇති ග්‍රහයන් හා ඊටත් වඩා බොහෝ දුරින් පිහිටා ඇති තාරකාවන්ගෙන් පෘථිවියේ සිදුවන ක්‍රියාකාරිත්වයන් කෙරෙහි ඇති කරන ගුරුත්වාකර්ෂණය හෝ වෙනයම් ක්‍රියාවලියක් නොගිනිය යුතු තරම් ඉතා කුඩා බව අපට තීරණය කළ හැක. සරලව කියතොත් කෙනෙකු උපදින වේලාවේ ග්‍රහතාරකාවල පිහිටීම අනුව ඒවායෙන් ඇතිකරන බලපෑම් මගින් කෙනෙකුගේ අනාගතය යම් අයුරකින් තීරණය කරනවා යන්න වැරදි මතයකි. එසේම ග්‍රහතාරකාවල පිහිටීම අනුව සමහර දින හෝ කාල පරිච්ජේද යම් කටයුත්තකට ශුභපලදායී යැයි පිළිගැනීමද මුලාවකි. එසේම කෙනෙකුගේ ලග්නය අනුව ඔහු හෝ ඇය අන්‍යයන් සමග කටයුතු කරන ආකාරය තීරණය කරනවා යන්නද නොපිළිගත යුතුය.
ජනතාව ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ ඇයි? අද වැනි අවිනිශ්චිත කාල වකවානුවක යම් යම් තීරණ ගැනීමේ දී මිනිසාට පහසු කරවන මග පෙන්වන්නකු ලෙස මෙය පිළිගන්නවා විය හැකියි. ඔවුනට පාලනය කළ නොහැකි ග්‍රහ තාරකාවල බලපෑම් නිසා ඇති කරනු ලබන ඕනෑම ඉරණමක් කෙරෙහි විශ්වාසය තබා සිටිනවා විය හැකිය. කෙසේ නමුත් අප ලෝකයට මුහුණ දිය යුතුය. එසේම අපගේ අනාගතය රැඳී පවතින්නේ අප තුළ බවත් ග්‍රහ තාරකා මත නොවන බවත් අප අවබෝධ කරගත යුතුය.
අද නූතන ලෝකය තුළ පැතිර තිබෙන අධ්‍යාපනයේ ප්‍රබෝධය ගැන සිතන විට මායාකාරී හෝ අන්ධ විශ්වාස අවශ්‍ය නොවේ. නමුත් ජ්‍යොතිෂය නූතන සමාජය තුළ වඩ වඩාත් පැතිර යමින් පවතී. කිසිදු විවේචනයකට ඉඩ නොදී ජ්‍යොතිෂ මත, අනාවැකි සහ කේන්දර ගැන ආකල්ප සමාජය තුළ පැතිරී තිබිම කනගාටුවට කරුණකි. මේ මගින් සිදුවන්නේ අහේතුවාදය (Irationalism) සහ බුද්ධි රෝධක වාදය (Obscurantism) වර්ධනය වීම පමණි. අප විශ්වාස කරන්නේ මෙවැනි අනාවැකිවලට එරෙහිව කෙළින්ම සහ බලගතු ලෙස අභියෝග කළ යුතු කාලය පැමිණ ඇති බවයි.
ජ්‍යොතිෂය ගැන විශ්වාසය ඇතිකරගන ඇති ජනතාව ගැන සලකා බැලීමේදී පෙනීයන්නේ ඔවුනගේ විශ්වාස කිසිදු නිවැරදි විද්‍යාත්මක පදනමකින් තොර බවත් ඇත්ත වශයෙන්ම ඒවා මිථ්‍යා මත බව ඔප්පු කිරීමට ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි එමට ඇති බවත්ය.
ඒ නිසා ජ්‍යොතිෂය මිථ්‍යාවක් නොවන බව විද්‍යාත්මකව පෙන්වන මෙන් ඕනෑම ජ්‍යොතිෂවේදියෙකුට අභියෝග කරමි.
Dr. ආනන්ද දිසානායක මහතා විසින් ලියනලද, 15-03-2014 ලක්බිම පුවත්පතේ පලවුනු ලිපියකි......
**අතබලා සාස්තර කියන අයටත් ඉහත ක්‍රමයටම තමන්ගේ සාස්ත්‍රය නිවැරදි බව ඔප්පු කල හැක....( කවුරුත් නැතුව් ඇති මගෙ හිතේ)
පසුවදන..
ආචාර්ය මහචාර්ය වරුන් පවා (මාද්‍ය ගැන කතා කර පලක් නැත) සම්පූර්ණ අහේතුකවාදී වු ජෝතිශයට කඩේ යන මෙවන් කාලයක මෙවෙනි ලීපියක් පලකිරීම ගැන කතෘ ට හා ලක්බිම පුවත්පතට ස්තුති වන්ත වෙමි....
ග්‍රහ මාරු ගැන වාද කරන්නට පෙර ජ්‍යොතිෂය බොරුවක් නොවන බව ඔප්පු කරන්න
බටහිර වෛද්‍යවරයෙකුගෙන් සියලුම ජ්‍යොතිෂවේදීන්ට අභියෝගයක්

Last edited:

. dan ithin kiyahan mewa oppu karanna kiyala. ubalage tharka kramaya ehemane. ubala piligaththath nathath mata awulak na mama piliganne sadarana hethuwak matha. ubala piliganne kawruhari ekek kiyapu nisa.