//;;විනිවිද පෙනෙන්නේ වීදුරු පමණක් නොවේ;;//
විනිවිද පෙනෙන්නේ වීදුරුය. සතකු විනිවිද පෙනෙන්නේනම් එය පුදුමයකි. නමුත් ලෝකයේ එලෙස විනිවිද පෙනෙන අරුම පුදුම සත්තු රැසක් සිටිති.
විනිවිද පෙනෙන මේ ගෙඹි විශේෂය ලෝකයට හඳුන්වාදී ඇත්තේ ජපාන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්. ගෙම්බාගේ බිත්තර ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇති ආකාරය පවා පැහැදිලිව දක්නට හැකිවීම විශේෂත්වයක්
විනිවිද පෙනෙන මේ මිරිදිය පොකිරිස්සා සොයා ගන්නා ලද්දේ උතුරු ඇමරිකාවේ ගල්ගුහාවකින්
මේ ගෙඹි විශේෂය ජීවත්වන්නේ වෙනිසියුලාවේය. වීදුරු ගෙම්බා හෙවත් ග්ලාස් ෆ්රොග් ලෙස හඳුන්වන මොවුන්ගේ උදර ප‍්‍රදේශය විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ.
වීදුරු බෝලයක් මෙන් ගැඹුරු මුහුදේ දක්නට ලැබෙන මේ දැල්ලන් විශේෂය වීදුරු දැල්ලා යනුවෙන් හඳුන්වයි.
මේ සමනළයාගේ පියාපත්වල ඇතැම් කොටස් විනිවිද පෙනෙන ආකාරය මේ ඡායාරූපයෙන්ම පැහැදිලිවේ.
ක්‍රොකඩ‍්‍රයිල් ෆිෂ් හෙවත් කිඹුල් මාළුවා යනුවෙන් හඳුන්වන මේ සත්ත්වයාගේ රුධිරය පවා අවර්ණ බවයි විද්‍යාඥයන් පවසන්නේ . දකුණු අර්ධගෝලයේ ශීත මුහුදේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.
උතුරු අත්ලාන්තික් සාගර පත්ලේ කළ පර්යේෂණ වලදී මේ වීදුරු ඉස්සා සොයාගෙන තිබේ.
Last edited:
5+


