බුද්ධාගම-ඇතුළෙන්-විනාශ-කෙරෙමින්-තිබීම

siripala

Member
Oct 10, 2006
2,869
442
0
බුද්ධාගම-ඇතුළෙන්-විනාශ-කෙරෙමින්-තිබීම

බුද්ධාගම ඇතුළෙන් විනාශ කෙරෙමින් තිබීම


bhikku_protest_sri-lanka.jpg


[Image : Vikalpa file | කොළඹදී පැවති භික්ෂූන්ගේ විරෝධයක්]

සුපුරුදු බිල්ලාව එළියට ගෙන පෙරට්ටුවේ දමා තිබේ: කුමන්ත‍්‍රණ න්‍යාය.

ශ‍්‍රී ලංකාවේ බුදුදහම විනාශ කිරීමේ විදේශ කුමන්ත‍්‍රණ ගැන වේදිකා දෙදරවනු ලැබේ. තමන්ගේ ආගම විනාශ වෙතැ යි යන භීතිය සිංහලයන් අතර ජනිත කොට, එවැනි ඊනියා කුමන්ත‍්‍රණ පරාජය කිරීමට ඔවුන් උසිගැන්වීම එහි පරමාර්ථයයි. එහෙත් ඕනෑම කෙනෙකුගෙන් ඇසුවොත්, 20 දෙනෙකුගෙන් 19 දෙනෙකුම කියනු ඇත්තේ එය පදනම් රහිත යුද ස්තෝත‍්‍රයක් බවයි. වෙනත් ආගම් විනාශ කිරීමට සහ පලවා හැරීමට යොදාගන්නා උප්පරවැට්ටියක් බවයි. එහෙත්, බෞද්ධයන් වන අපිම, මුලින්ම, එම ධර්මය කෙලසමින් ද, මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා නැමැති බුදු දහමේ මූලික ශික්ෂාවන් අපහරණය කරමින් ද, බුදුන් දෙසූ ශාන්තියේ සහ සාමයේ දරදඬු ප‍්‍රතිපක්ෂය වන මුග්ධ නොඉවසීම ලෝකයාටම ප‍්‍රදර්ශනය කරමින් ද, බුද්ධාගම විනාශ කරමින් සිටිමු. බෞද්ධයන් වශයෙන් ගරුත්වයෙන් යුතුව සහ ඉවසීමෙන් යුතුව ජීවත් විය යුතු අප සෙස්සන්ට ද එසේ ජීවත් වීමට ඉඩ හැරිය යුතුය.

උපසම්පදාව ලද්දන් වේවා, වෙස්වළාගත් මැරයන් වේවා, කහ සිවුරු පොරවා ගත් මේ මිනිසුන් අතින් සිදුවන සාහසික ක‍්‍රියාවන් ගැන, අප සාකච්ඡා කොට තිබේ. එහි දී අප පැමිණි ඇතැම් නිගමන, පොදු ජන මතය නිරූපණය කරයි.

ප‍්‍රහාර දෙකක්

අගමැති කාර්යාලයේ දොරටුව ළඟදී මේ කහ සිවුරුකාරයන් පොලීසියට පහර දෙන සැටි රූපවාහිනියෙන් දුටු අපි ඇත්තෙන්ම තුෂ්ණීම්භූත වීමු. කම්පා වීමු. ඔවුන් ගහගන්නා විට සිවුරු ගැලවුණි. කෙනෙක් බිම වැටුණි. අනිත් අය, මාර්ග බාධක තල්ලූ කොට ඉදිරියට කඩා පැන්නෝය. එය නතර කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන්ට අතින් පයින් පහර දුන්හ. එය, සඟ සසුනට මෙන්ම, පොදු ජනතාවටත්, බෞද්ධ ජනතාව වන අපටත් අවමානයකි. කහ සිවුරු හැඳගත් මිනිසුන්ගේ එවැනි පාදඩකම්වලින් තරම් බුද්ධාගමට විය හැකි වෙනත් හානියක් නැත.

හික්කඩුවේ දේවස්ථානයට පහර දුන් දර්ශනය ඇතුළත් යූ ටියුබ් පටයක් මිතුරන් මට එවා තිබුණි. එය දුටු මම ගල්ගැසී ගියෙමි. සිවුරු ඔසවා ගත් මේ භික්ෂූහූ පොලිස් නිලධාරීන්ව තල්ලූ කරමින් දේවස්ථානයට ඇතුල් වූහ. භික්ෂූන් සහ ගිහියන්ගේ පෙළපාලිය ඉදිරියෙන් ත‍්‍රී වීලර් රථයක් ආවේය. එහි වාඩි වී සිටියේ ද භික්ෂුවකි. පෙළපාලිය ඉදිරිපෙළේ ගමන් ගත්තේ තරුණයන් ය. මෙය මහා අපරාධයකි. ඔවුන්ගේ අත්වල බෞද්ධ කොඩි තිබුණි. මොන තරම් විකාරයක් ද.. ඉන් පසු ඒ සැහැසි ජනයාව පල්ලිය තුළට මෙහෙයවනු ලැබුවේ ද භික්ෂූන් විසිනි. පුටු සහ වෙනත් අතට හසුවන දේවල් කඩා බිඳ දැමුණු අතර දේවස්ථානයේ ජනෙල්වලට ගල් මුගුරුවලින් පහර දුනි. බයිබල ගිනි තැබුණි. එම පල්ලිය නීති විරෝධීව ගොඩනගා ඇති බැවින් තමන් එය විනාශ කරන බව එක භික්ෂුවක් කියා සිටියේය. එහි දී කී පරිදි, ඔවුන් එම සිද්ධ ස්ථානය විනාශ කරන්නේ, සාමාන්‍ය පල්ලියේ අදහස ක‍්‍රිස්තියානියට වෙනස් ආගමක් එම පල්ලිය මගින් ප‍්‍රාචාරය කරන නිසාත්, එය නීති විරෝධීව ගොඩනගා ඇති නිසාත් ය.

නීති විරෝධී යැයි තමන් සිතන ආගමික ස්ථානයක්, එසේ නීතිය අතට ගෙන බෞද්ධ භික්ෂූන් විසින් විනාශ කරන්නේ මොන බල පුලූවන්කාර කමකට ද? එය, නීති සම්පාදකයන්ට සහ නීති ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින ආයතන විසින් කළ යුත්තකි. නීතියේ ආධිපත්‍යයක් නැති රටේ, දැන් තමන් අදහන ආගමික නීති අනුන් මත පැටවීමට භික්ෂු කල්ලි වලිකති. බයිබලය පවා ගිනි තබන සාහසිකයෙකු, තමන් විරුද්ධ වන්නේ ක‍්‍රිස්තියානි ආගමේ නව නිකායකට යැයි කියන්නේ කෙසේද? මේ පල්ලිය හරහා ක‍්‍රිස්තියානියට මිනිසුන් හරවා ගන්නා බවක් අදාල ‘යූ ටියුබ්’ පටයෙන් කියැවුණේ නැත. එසේ මිනිසුන් ආගමට හරවා ගැනුණත්, ඒ ගැන සොයා බැලිය යුත්තේ ඒ පිළිබඳව නීතියෙන් බලය ලත් ආයතන පමණි. වෙනත් ආගම්වලට මිනිසුන් හරවා ගැනීම ගැන වැරදිකාරයන් වන්නේ ද භික්ෂූන්මයි. මිනිසුන් වෙනත් ආගම් වෙත ඇදෙන්නේ, ආර්ථික කරුණුවලට අමතරව, භික්ෂූන් විසින් තමන්ගේ දායකයන් ගැන සොයා නොබලන නිසා ය.


මීට කලින් සිදු වූ ප‍්‍රහාරයන්

ගිය වසරේ, බෞද්ධ භික්ෂූන්, වඩාත් නිවැරදිව කිවහොත් චීවරධාරීන් ‘ෆැෂන් බග්’ සාප්පුවට පහර දුනි. තව භික්ෂුවකට වීර දිවි පුදන්නෙකු වීමට අවශ්‍ය විය. ඉතිං ඔහු කෙළේ ප‍්‍රසිද්ධියේ සිරුරට ගිනි තබා ගැනීමයි. එය ද ආගමික ස්ථානයක දී ය. දන්ත ධාතූන් වහන්සේ වැඩම කර සිටින ආගමික ස්ථානය අසළදී ය. ඔහු වේදනාවෙන් විඳෙව්වේය. බුදුන්ගේ ධර්මය අදහන අපි ලැජ්ජාවෙන් විඳෙව්වෙමු. මේ මිනිහා (මා ඔහුව බෞද්ධ භික්ෂුවකැ යි හඳුන්වන්නේ නැත) ගිනි තියාගත්තේ ඇයි? ගව ඝාතනය නතර කිරීමට ය. ඇයි ගවයන් පමණක්? ඌරන්, එළුවන්, කුකුළන් ආදී දහස් ගණනින් ඝාතනය වන අනිත් සතුන් ගැන ඔහු සිතන්නේ කුමක් ද? එතකොට, දැන් දෛනිකව ඝාතනය වන හෝ ඝාතනය කෙරෙන මිනිස් ප‍්‍රාණීන්?

දැඩි ආගමික ලැදියාව සහ ඒ හේතුවෙන් ඇති වන ආගමික ඇවිස්සීමත්, ඒ වෙනුවෙන් ලේ හලාගෙන ජීවිත නැති කර ගැනීමත්, දීර්ඝ කාලයක් තිස්සේ අපට උරුම වී තිබේ. යුරෝපීය යටත්විජිතවාදීන්ගේ පැමිණීමෙන් පසු ඒ ගැන වාර්තා වී තිබේ. පෘතුගීසීන් බුද්ධාගම විනාශ කළ අතර හින්දු ආගම ද ඊට අඩු මට්ටමකින් ඔවුන්ගේ තාඩන පීඩනවලට ලක්විය. ඒ අතර රෝමානු කතෝලික ආගම් ප‍්‍රචාරය ප‍්‍රවර්ධනය කෙරුණි. ඕලන්දකාරයෙන්, නීතිය වැනි වාසි ද සහිතව, ප‍්‍රතිසංස්කරණවාදී පල්ලිය ලංකාවට හඳුන්වා දුනි. බි‍්‍රතාන්‍යයන් ඊට වඩා සටකපට විය. ඔවුන් බෙදා වෙන් කොට පාලනය කිරීම හඳුන්වා දුනි. ඔවුන්ගේ කාලයේ දී සිංහල=මුස්ලිම් කෝලාහලය හටගැනුණි.


වෙනත් රටවල භික්ෂූ විරෝධතා

බුරුමයේ භික්ෂූන් වහන්සේලා එරට හමුදා පාලනයට එරෙහිව විරෝධතා දක්වනු අප දැක ඇත. පාරේ පසෙකින් සන්සුන්ව වැඩම කරන උන්වහන්සේලා හමුදා ප‍්‍රහාරයට ලක්වූ විට උදාර ලීලාවෙන් ඔවුන් එක දිගටම ගමන් කෙළේ සිය ශාන්ත භාවය ආරක්ෂා කර ගනිමිනි. බංග්ලා දේශයේ වෙසෙන සුළු ජාතික ප‍්‍රජාවන්ට අයත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා බෞද්ධයන්ට එරෙහි ආණ්ඩුවේ අඩන්තේට්ටම් ඉදිරියේ විරෝධතා පෑහ. ඔවුන් කිසි විටෙකත් පොලීසියට පහර දෙනු, ගල් මුගුරු ගසනු අප දැක නැත. ඔවුන්ගේ සිවුරු ගැලවෙනවා අප දැක නැත. මේ විදේශ භික්ෂූන් වහන්සේලා, බලගතු පොලිසි සහ හමුදා තර්ජන ගර්ජන මැද්දේ පවා තමන්ගේ ගරුත්වය සහ සුපහන් භාවය ආරක්ෂා කරගත්හ.

මේ සිදුවීම් දෙක සහ ඊට කලින් මුස්ලිම් පල්ලියකට පහර දීම් වැනි වෙනත් සිදුවීම් ගැන සාකච්ඡා කළ කාන්තාවන් වන අපේ බලවත් හැඟීම වන්නේ, මේ රටේ බුද්ධාගමට පහර එල්ල වන්නේ සහ එය විනාශ කෙරෙන්නේ ඇතුළතින්ම බවයි. වැඩියත්ම, බුදුන් වහන්සේ සිය ශ‍්‍රාවකයන්ට හඳුන්වා දුන් සිල්වත් සිවුර පොරවාගත් පිරිසක් විසින්ම බවයි. හික්කඩුව දේවස්ථානයේ දේවගැතිතුමා කී පරිදි, ඔවුන් දිගටම තමන්ගේ ආගමික කටයුතු කරගෙන යනු ඇත. එසේම, එක කම්මුලකට පහර ලද විට. යේසුස් වහන්සේ කියා ඇති පරිදි, අනිත් කම්මුලත් පානු ඇත. එහෙත් මේ රටේ බෞද්ධයන්වත්, සංඝ නායකයන් සහ ආණ්ඩුවවත් ඒ ප‍්‍රතිපත්තිය උඩ පිහිටා කටයුතු කළ යුතු නොවේ. මෙවැනි සාහසික භික්ෂූන්ව වහාම නීතිය ඉදිරියට පැමිණවිය යුතුය. ඔවුන්ගේ යම් ප‍්‍රශ්නයක් තිබේ නම්, ඒවා පිළිබඳ විරෝධය පෑ යුත්තේ, පුවත්පත් සාකච්ඡා හෝ වෙනත් එවැනි සංවරශීලි මාර්ගවලිනි. පාරට බැස චන්ඩින් සේ හැසිරීමෙන් නොවේ. භික්ෂූන් වහන්සේලා දේශපාලනය කළ යුතු ද නැද්ද යන්න පිළිබඳ සංවාදයක් දැන් කලක සිට රටේ පවතී. කාන්තාවන් වශයෙන් අප අදහස් කරන්නේ, රටේ තත්වය පිළිබඳව භික්ෂූන් වහන්සේලා උනන්දුවක් දැක්විය යුතු වෙතත්, එය අනුශාසනා පැවැත්වීමට සහ අදහස් උදහස් ප‍්‍රකාශ කිරීමට පමණක් සීමා විය යුතු බවයි. බෞද්ධ භික්ෂූන් කිසි විටෙකත්, පෙළපාලිවලට සහභාගී විය යුතු නැත. විරෝධතා සටන්වලට සහභාගී විය යුතු නැත. එසේ වෙතොත්, එවැනි භික්ෂූන්ගේ සිවුරු ගැලවිය යුතුය. ගිහියන්ට මෙන්ම නීතී ප‍්‍රකාරව එවැන්නන්ට විරුද්ධව ද කටයුතු කළ යුතුය.

| 2004 පෙබරවාරි 1 වැනි දා, ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ ’පීපල් ඇන්ඞ් ඉවෙන්ට්ස්’ කොලමේ Buddhism Being Destroyed from Within නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘

විකල්ප වෙබ් අඩවියෙනි.
 
Last edited:
  • Like
Reactions: thilihare

kputha

Member
May 5, 2012
5,534
240
0
විකල්ප වෙබ් අඩවියෙනි.

මෙක කවුද බන් කරන්නෙ ජාතික විරයොද ngo වලින් පඩි ගන්න
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0

අන්තවාදීන් විවේචනයට ලක්වන අවස්ථාවන් හිදී මේ අයුරින් NGO ලේබලය ඇලවීමට බොහෝ අය උත්සහ දරයි. නමුත් අප කිසි කෙනෙකු NGO වලට සම්බන්ධ නැත. මෙය නිදහස් ජන මාධ්‍යවේදීන් එකතුවක්.මෙතනින් වෙන්නේ සත්‍ය පාඨකයා අතරට ගෙනයාමය.



විකල්ප වෙබ් අඩවියෙනි.

මෙක කවුද බන් කරන්නෙ ජාතික විරයොද ngo වලින් පඩි ගන්න
 

kputha

Member
May 5, 2012
5,534
240
0

අන්තවාදීන් විවේචනයට ලක්වන අවස්ථාවන් හිදී මේ අයුරින් NGO ලේබලය ඇලවීමට බොහෝ අය උත්සහ දරයි. නමුත් අප කිසි කෙනෙකු NGO වලට සම්බන්ධ නැත. මෙය නිදහස් ජන මාධ්‍යවේදීන් එකතුවක්.මෙතනින් වෙන්නේ සත්‍ය පාඨකයා අතරට ගෙනයාමය.
ඔව් බන් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama danna pansal wala inna samahara hamuduruwo arakku bonawa.
    ada mata dana ganna labuna giya awurudde hamuduruwo tundaas gaanak siwuru hara gihilla kiyala.

    lankawe hoda hamuduruwo tika araksha karanna one. godak welawata hoda hamuduruwo inne pitisara gam wala, samahara pansal walata saban kaallak wat na. etaama alpechcha widiyata inne e hamuduruwo.

    gnanasara wage gobbayo nevei. gnanasara wage ayata rawatenna epa ubala, un karanne wenamama business ekak.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කතා කරල වැඩක් නෑ මචන්.
    භික්ශුව, භික්ශුවක් ලෙස හැසිරිය යුතුයි . නැත්නම් සිවුර ගලවල ගෙදර ඇවිත් ගිහියො වගෙ ඉන්න ඕනෙ.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඔවු මචන් සහතික ඇත්ත .




    කතා කරල වැඩක් නෑ මචන්.
    භික්ශුව, භික්ශුවක් ලෙස හැසිරිය යුතුයි . නැත්නම් සිවුර ගලවල ගෙදර ඇවිත් ගිහියො වගෙ ඉන්න ඕනෙ.
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මහන වෙච්ච අයනේ බන් වැඩියෙන්ම සැප විදින්නේ! :oo:
     

    aruna47

    Well-known member

  • අන්තවාදීන් විවේචනයට ලක්වන අවස්ථාවන් හිදී මේ අයුරින් NGO ලේබලය ඇලවීමට බොහෝ අය උත්සහ දරයි. නමුත් අප කිසි කෙනෙකු NGO වලට සම්බන්ධ නැත. මෙය නිදහස් ජන මාධ්‍යවේදීන් එකතුවක්.මෙතනින් වෙන්නේ සත්‍ය පාඨකයා අතරට ගෙනයාමය.

    සින්න පොරි පාල හම්බයෝ කරන වැරදි වලට උබේ අම්මා එලියට බහිනවද උබ බහිනවද? අනේ නිකන් පල වේසිගෙ පුතෝ යන්න. මෙතන එනවා පකක් කතා කරන්න.

    තෝ හරි තොගේ අම්මට හරි හම්බයෝ කරන වැරදි වලට එලියට බහින්න කියපන්කො.
    කටින් කයිවාරු පුකෙන් අච්චාරු.
     

    aruna47

    Well-known member
  • mama danna pansal wala inna samahara hamuduruwo arakku bonawa.
    ada mata dana ganna labuna giya awurudde hamuduruwo tundaas gaanak siwuru hara gihilla kiyala.

    lankawe hoda hamuduruwo tika araksha karanna one. godak welawata hoda hamuduruwo inne pitisara gam wala, samahara pansal walata saban kaallak wat na. etaama alpechcha widiyata inne e hamuduruwo.

    gnanasara wage gobbayo nevei. gnanasara wage ayata rawatenna epa ubala, un karanne wenamama business ekak.

    හාමුදුරුවෝ විතරද? පල්ලියේ ෆාදර් බොන්නේ නැද්ද. ගංජා හිටන් ගහනවා. බඩුත් ගහනවා. එතකොට සිස්ටර්ස්ලා ඩිල්ඩෝ තියාගෙන ඉදලා මාට්ටු උනේ මතක නැද්ද? පෝලිමට ගෙනිච්චේ. හාමුදුරු විතරක් නෙම ෆාදර්ස්ලා සිස්ටර්ස්ලා පවා පල්ලි අතහැරලා ගිහින් තියෙනවා. රන්ජිත් මැල්කම් වගේ අයට තියෙන සැප පිට ඉන්න අයට නැහැ. මැල්කම් වගේ උන්ටත් රැවටෙන උන් ඉන්නවා.

    තව දෙයක් රන්දීර් හම්බයෝ පන්සලක් කැඩුවොත් උබ යනවද? හලාල් ලංකාවට ලොකු ප්‍රශ්නයක් උබ යනවද? ලංකාවේ අක්කර 1000 ගණන් හම්බයෝ හොරෙන් ලියාගන්නවා උබ යනවද එව්වට? ගියපු එකක් කියපන්. කරපු එක වැඩක් කියපන්. පුටුවේ ඉදන් රට හදන්න බහ යකෝ. එකට තමයි ඥානසාර වගේ අය ඉන්නේ.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Very funny .:lol::lol::lol:



    හාමුදුරුවෝ විතරද? පල්ලියේ ෆාදර් බොන්නේ නැද්ද. ගංජා හිටන් ගහනවා. බඩුත් ගහනවා. එතකොට සිස්ටර්ස්ලා ඩිල්ඩෝ තියාගෙන ඉදලා මාට්ටු උනේ මතක නැද්ද? පෝලිමට ගෙනිච්චේ. හාමුදුරු විතරක් නෙම ෆාදර්ස්ලා සිස්ටර්ස්ලා පවා පල්ලි අතහැරලා ගිහින් තියෙනවා. රන්ජිත් මැල්කම් වගේ අයට තියෙන සැප පිට ඉන්න අයට නැහැ. මැල්කම් වගේ උන්ටත් රැවටෙන උන් ඉන්නවා.

    තව දෙයක් රන්දීර් හම්බයෝ පන්සලක් කැඩුවොත් උබ යනවද? හලාල් ලංකාවට ලොකු ප්‍රශ්නයක් උබ යනවද? ලංකාවේ අක්කර 1000 ගණන් හම්බයෝ හොරෙන් ලියාගන්නවා උබ යනවද එව්වට? ගියපු එකක් කියපන්. කරපු එක වැඩක් කියපන්. පුටුවේ ඉදන් රට හදන්න බහ යකෝ. එකට තමයි ඥානසාර වගේ අය ඉන්නේ.
     
    හා මේ නාමික බවූද්ද හොර ඔට්ටු සිර්‍ර කියන එක අහගෙන ඉන්න මෙකේ ඉන්න සේරම අය එහෙනම් සිරීට ඇරියාම තේරෙනකම් ඉම්මුකෝ

    :lol:
     
    මේ ආකාර නාමික එන්ග්ලිශ් බවුද්දයන් නිසා ඉතින් කාලෙක ඉදන් විනාශ වෙනවා තමා මොනව කරන්නද ඉතින් මුන්ගේ ලේ සින්හල උනාට කලවම් නේ ..........

    :lol:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    mama pork kanna godak asayi

    pork_steaks1.jpg


    කුචු කුචු ලොක්කා;16433159 said:
    ෆනී තමා අර ෆාදර් කෙනෙක් ලමානිවාසෙක ලමයිට කියලා ඌරෝ මැරෙවුවේ සමහරවිට ඒ ඔයා අකමැති සතා නිසා ඒ වගේ එවා ඔයා ට නොපෙනුනා වෙන්න පුලුවන්........

    :lol: