අනේ අපේ GT අයියා අපිටත් නොකියා ත්‍රෙඩ් එක වහලා එකපාරටම
. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ හිටපු උන් ටික දැන් නන්නත්තාර වෙලා ඉන්නේ.කොටින්ම ත්‍රෙඩ් එක දාපු එකාටවත් ඊයේ පාන්දර වෙනකන් වැඩ බහුලව තිබ්බ නිසා අද දවාලේ වෙනකන් එකම එක පෝස්ට් එකක්වත් දාගන්ට බැරි උනා
. අද ඇවිත් බලද්දි ලොකු අයියා ක්ලෝස් කරලා ත්‍රෙඩ් එක.
අවුලක් නෑ අවුරුදු 18 කින් දින්න මේ ලෝක කුසලානේ අපිට වැදගත් වෙන්නේ ඇයි? එකක් තමයි අපි මේ දින්නේ දශක දෙකකට ආසන්න කාලෙකින්, දෙවනි එක තමයි පසුගිය අවුරුදු 7 ඇතුලත් ලෝක කුසලාන අවසාන මහා තරඟ 5 කට සහභාගී වෙලා ජයග්‍රහණය ලබපු එකම එක කුසලානය මෙය වීම. තුන්වෙනි එක තමයි ලංකාව 2011 ලෝක කුසලානෙන් පරද්දවලා අපිව නන්නත්තාර කරපු ක්‍රිකට් ලෝකයේ පඩත්තර ඉන්දියාවට ගහලා දිනන්ට හැකි වීම. හතර වෙනි කරුණ තමයි ලංකාවේ ක්‍රිකට් ලෝකවේ දැවැන්තයින් වුන මහේල සහ සංගා විස්සයි විස්සෙන් සමුගත් අවසාන තරඟය එය වීම. එහෙනම් මේ ඇවිත් තිබෙන්නේ සමරන්න ඕනේ කාලයයි.
මේ ත්‍රෙඩ් එකට හැමෝම සෙට් වෙයල්ලා.අපි සමරමු සතියක් වත්.කලින් ත්‍රෙඩ් එක මම දැම්ම නිසා KMC මදුශාන්ගේ ඉල්ලීම පිටයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ. මේ මම ක්‍රිකට් සම්බන්ධ දාන අවසාන ත්‍රෙඩ් එකයි බොහෝ දුරට. මොකද එළකිරියෙ ක්‍රිකට් නම් ඉන්නේ KMC නිසා.
අනේ මචංලා මේ ත්‍රෙඩ් එකේ ඕනේ දෙයක් දාපල්ලා. මතකයන් එකතු කරන්ට. ඒත් පොඩිම පොඩි ඉල්ලීමක් කරන්නම්. ගොඩක් ලොකු පින්තූර දාන්න එපා. එහෙම දානවනම් කොලිටි අඩු කරලා සයිස් එක අවු කරලා දාපල්ලා. නැත්නම් ඉක්මනට ත්‍රෙඩ් එක ක්ලෝස් වේවි බං.
Last edited:



.


