ෆ්‍රීලාන්සින් කරන්නේ කොහොමද - පටන්ගැන්ම

electroniclab

Member
Sep 12, 2010
264
70
0
ෆ්‍රීලාන්සින් කරන්නේ කොහොමද - පටන්ගැන්ම

ඔන්න මට හිතුනා හැමෝම කථා කරන ෆ්‍රීලාන්සින් ගැන පොඩි පෝස්ට් එකක් දාන්න. ඉතින් ශ්‍රීලංකාවාසී හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පාර්ථනා කරන ගමන්ම වැඩේ පටන් ගමු.

About Me
Freelance age : 3 Years
Freelance Level :Level 15
Freelance $$ earned : 6657$
Completed projects : 32
Reputation Level : 4.8/5
Education : GCE A/L (COM)

රයිට් කෙටියෙන්ම සහ සරලවම කියන්නම් ෆ්‍රීලාන්ස් වැඩ කරලා ඉන්ටර්නෙට් එකෙන් කීයක් හරි නෙවෙයි මාසෙකට රුපියල් 100,000/= වගේ ගාණක් හොයන එක නිදිමරාගෙන කට්ට කාගෙන කරන්න ඕනි වැඩක් නම් නෙවෙයි. හැබැයි හැම මාසෙම ලක්ෂයක් හොයන්න නම් උනන්දුවක් සහ කැප වීමක් තියෙන්නම ඕනි. ඒ වගේම තමයි මම දන්න ප්‍රධාන සයිට් දෙකේම මේ වැඩෙන් තමන්ගේ අතට ගානක් එනකම් සත පහක් වත් ගෙවන්න ඕනිත් නැහැ. තමන්ට ගානක් ලැබෙන්න කලින් මොකක් හරි සයිට් එකකින් සල්ලි ඉල්ලනවා නම් ඒ සයිට් එක පැත්ත පලාතේ වත් යන්න එපා කියලයි සහ සුද්දෙන්ම කියන්නේ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා, තමන්ට ජොබ් එකක් හම්බවෙලා ඒ ජොබ් එක සාර්ථකව නිම කලායින් පස්සේ ඒ ජොබ් එකේ එකෙන් 10% වගේ අදාල සයිට් එකේ සේවා ගාස්තුව වශයෙන් අපිට අපේ සේවා දායකයා එව්ව මුදලින් අය කර ගැනීමක් නම් සිද්ද වෙනවා. උදාහරණයක් විදියට අපිට නිමා කරපු ප්‍රොජෙක්ට් එකට ඩොලර් 100ක් හම්බවුනොත් එයාල ඒකෙන් ඩොලර් 10ක් අඩු කරගෙන ඩොලර් 90යි අපේ පේපෑල් එකට දාන්නේ.

කවුද මේ එයාලා කිවුවේ?
Freelancer සහ oDesk කියන සයිට් දෙක තමයි ප්‍රධාන වශයෙන්ම ෆ්‍රීලාන්සින් වලට ප්‍රසිද්ද. Fiverr කියන සයිට් එකෙනුත් 5$ වගේ මුදලක් ලැබෙන පොඩි පොඩි වැඩ (Gigs) කරන්න පුලුවන් වුනත් මම ඒක ගැන ඒ තරම් උනන්දු නොවුනේ තෝරු මෝරු අල්ල ගන්න පුලුවන් කොට හාල්මැස්සෝ පස්සේ මොකටද කියලා හිතුන නිසයි (Fiverr කරන අය තරහා නොවෙත්වා). මට හිතෙන විදියට දැනටමත් අන්තර්ජාලය භාවිතා කරන තරුණ වයසේ අයගෙන් සෑහෙන පිරිසක් මේ සයිට් වල රෙජිස්ටර් වෙලා ඉන්නේ. මම එහෙම කියන්නේ මේ වෙනකොට(1330 hrs on 11/04/2014) freelancer.com සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න
usersලා ගාන 10,788,698 ක් වන නිසාත් තව පැයකින් විතර බැලුවොත් අලුතින් usersලා 1000ක් විතර වැඩි වෙලා තියෙන නිසාත්.

ඕනි කෙනෙක්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් මොකක්ද ප්‍රශ්නේ?
හුගක් අය කියන කථාවක් තමයි අනේ මාත් අවුරුදු දෙක තුනක ඉදන් ඔය සයිට් දෙකේම රෙජිස්ටර් වෙලා ජොබ් වලට ඇප්ලයි කර කර ඉන්නේ. ඒත් මේ වෙනකන් සත පහක් වත් හොයාගන්න නම් පුළුවන් වුනේ නැහැයි කියන එක. ෆ්‍රීලාන්සින් වලට විතරක් නෙවෙයි මේ ලෝකයේ ඕනිම දේක එහෙම තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒකට හේතුව මොකක්ද කියන එක හොයාගත්ත දාක අපිටත් පුළුවන් ඒ බැරියර් එක තරණය කරගන්න. මම මුලින්ම කියලා දෙන්නේ ඒ බැරියර් එක පැන ගන්නේ කොහොමද කියන එකයි.
Z


හොදයි මෙහෙම හිතමු අපි ෆෘට් සැලඩ් එකක් හදන්න පළතුරු ටිකක් ගන්න මාර්කට් එකට ගියා කියල හිතමු. හැම තැනම පළතුරු කඩ තියෙනවා. අපි හම්බවෙන මුල්ම කඩෙන් පළතුරු ටික අරගෙන ගෙදර එනවද? ඔව්, එහෙම කරන අයත් ඉන්නවා, අන්තිම හදිස්සි වෙලාවක නම් තෝර තෝර ඉන්න වෙලාවක් නැහැ, හම්බවෙන මුල්ම කඩෙන් බඩු ටික අරගෙන ගෙදර ගිහින් බඩු සවුත්තු නම් ආයිත් ඒ කඩෙන් බඩු ගන්නේ නැහැයි කියලා තීරණයකට එන අයත් ඉන්නවා. ඒ වගේම තව සමහරු ඉන්නවා කඩවල් කීපයකට ගිහින් පළතුරු වල සුවද එහෙම බලලා ටිකක් ඔබල බලලා එහෙමත් මිළට ගන්න අය. තව සමහරු ඉන්නවා පළතුරු සාම්පල් එකක් කාල බලලම ගන්නවාද නැද්ද කියලා තීරණයකට එලෙබෙන අය. ඒ වගේම පළතුරු කඩේ හොද පොෂ් විදියට තියෙනවා නම් එතන තමයි නියම ප්ලේස් එක කියලා හිතන අයත් ඉන්නවා.

පළතුරු මිළට ගන්න එකයි ෆ්‍රීලාන්සින් කරන එකයි සමාන වෙන්නේ කොහොමද?
ෆ්‍රීලාන්සින් කරන්න ගියාම පළතුරු වෙලෙන්දා වෙන්නේ ෆ්‍රීලාන්සින් කරන අපිනේ. ඉතින් අපි ප්‍රොජෙක්ට් එකකට අදාලව බිඩ් එකක් දාන කොට ඒ බිඩ් එක බලන කෙනාට "මූ තමයි සිරාම පොර" කියලා හිතෙන විදියට වැඩේ කරන්න ඕනි. නවකයෙක් බිඩ් කරන කොට එයාට රිපුටේෂන්, වර්කින් හිස්ටර් මොනවත් නැති නිසා සේවා දායකයා ලේසියෙන් නවකයෙක්ව තෝරා ගන්නේ නැහැ තමන්ගේ ප්‍රොජෙක්ට් එකට.

ඒ වුනාට අපි ප්‍රොජෙක්ට් එකට අදාලව ඒ හා සමාන වැඩ මීට කලින් කරලා තියෙනවා නම් අපිට ඒවායේ ලින්ක්ස් සබ්මිට් කරන්න පුළුවන් වගේම එහෙම ලින්ක්ස් නැත්නම් අපි කරපු ප්‍රොජෙක්ට් එකක Reports වගේම screen shot වුනත් ඇටෑච් කරලා යවන්න පුළුවන්.ඒ වගේම තමයි bid එකට අදාලව හොද බ්‍රීෆ් එකක් දෙන එකක් වැදගත්. මොකද එහෙම වුනොත් තමයි සේවා දායකයා දැනගන්නේ තමන් දාපු project description එක හරි‍යට කියවලා බලලා තමයි මේකා බිඩ් කරලා තියෙන්නේ කියන එක.ඒ වගේම ප්‍රොජෙක්ට් එකකත බිඩ් කරද්දී "I can do this perfectly" වගේ ලගින් නවලා බිඩ් එකක් දාන්නේ නැතිව ටිකක් විස්තර ඇතුව බිඩ් එක සබ්මිට් කරන්න.

English grammar වගේ දේවල් නම් ලා බලන්නේ නැති වුනාට අපි කියන දේ එයාලට තේරෙන්නවත් ඕනි නිසා අඩුම ගානේ ලග ඉන්න කෙනෙක්ට පෙන්නලා මේ කියන දේ තේරෙනවද කියලා අහලම බිඩ් එක සබ්මිට් කරන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි දැනුම යම් තරමකින් හෝ අව්ශ්‍ය වෙන බවත් කියන්නම ඕනි. මොකද
අපිට ඒ වැඩේ තිතටම කරන්න පුලුවන් කියන එක 100% ක්ම ශුවර් වුනත් අපි ඒ දේ අපේ සේවාදායකයාට ඒත්තු ගන්වන්න වෙන්නේ එයා දන්න භාෂාවෙන්. ඉතින් ෆ්‍රීලාංසින් කරන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම තමන්ගේ ඉංග්‍රීසි දැනුමත් ටිකක් වර්ධනය කරගත්තොත් හොදයි.

flance.PNG


මේ තියෙන්නේ මීට අවුරුදු 3 කට කලින් ෆ්‍රීලාන්ස් වල මගේ මුල්ම ප්‍රොජෙක්ට් එකේ සුද්දා සහ මා අතර අදහස් share වුනා ආකාරයයි. (අනේ උබේ ඉංග්‍රීසි ).

ඉතින් තවත් ලිපියකින් ඉදිරියේදී හමුවෙමු. මේ සම්බන්ධව මොනවා හරි දැන ගන්න අව්ශ්‍ය නම් PM එවන්න එපා, අහන දෙකක් හැමෝටම දැන ගන්න පුළුවන් වෙන විදියට කමෙන්ට් කරලාම අහන්න. මට පුළුවන් විදියට මම උදව් කරන්නම්!!
 
Last edited:

NΞTHUSHI

Member
Apr 5, 2014
85
4
0
27
6657usd ganna 3y giyadha? A kiyanne masekata $184i RS.24000i :( Madi ne? Marry karanne ehema nattam hodai :) Ape gewal gawa akka kenek innawa freelancer eke masekata $2000 ta wadiyen earn karana :love:
 

electroniclab

Member
Sep 12, 2010
264
70
0
NΞTHUSHI;16502686 said:
6657usd ganna 3y giyadha? A kiyanne masekata $184i RS.24000i :( Madi ne? Marry karanne ehema nattam hodai :) Ape gewal gawa akka kenek innawa freelancer eke masekata $2000 ta wadiyen earn karana :love:

See this machan,
"මාසෙකට රුපියල් 100,000/= වගේ ගාණක් හොයන එක නිදිමරාගෙන කට්ට කාගෙන කරන්න ඕනි වැඩක් නම් නෙවෙයි. හැබැයි හැම මාසෙම ලක්ෂයක් හොයන්න නම් උනන්දුවක් සහ කැප වීමක් තියෙන්නම ඕනි."

ෆ්‍රීලාන්ස් කියන්නේ මගේ ජොබ් එක නෙවෙයි. මට උනන්දුවයි කැපවීමයි එන්නේ මොකක් හරි අමතර වියදමක් කරන්න වුනොත් විතරයි (වාහනේ Insurance payments, ටයර් මාරු කිරීම, Repairs, etc..):lol::lol::lol:


 
Last edited:

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Ah dude nice.. already subscribed and following. please update this thread with new info ASAP. I'm going to make a Freelance a/c and could you gimme some useful tips to make a better profile. Thank you :rolleyes:
    @NETHUSHI Kata wahan palayan thota one nattan. :angry:
     

    NΞTHUSHI

    Member
    Apr 5, 2014
    85
    4
    0
    27
    See this machan,
    "මාසෙකට රුපියල් 100,000/= වගේ ගාණක් හොයන එක නිදිමරාගෙන කට්ට කාගෙන කරන්න ඕනි වැඩක් නම් නෙවෙයි. හැබැයි හැම මාසෙම ලක්ෂයක් හොයන්න නම් උනන්දුවක් සහ කැප වීමක් තියෙන්නම ඕනි."

    ෆ්‍රීලාන්ස් කියන්නේ මගේ ජොබ් එක නෙවෙයි. මට උනන්දුවයි කැපවීමයි එන්නේ මොකක් හරි අමතර වියදමක් කරන්න වුනොත් විතරයි (වාහනේ Insurance payments, ටයර් මාරු කිරීම, Repairs, etc..):lol::lol::lol:



    Oh k. Job ekak karanawata wada freelancer walin jeewat wenna tibba nam shoi ne? :)
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    niyamai machan. maath dana ganna asawen unne. man freelanzer eke register wela henama kal machan. eth wade karaganna bari una. thanks ubata. uba danna dewal aptith ekka beda gannawata...