මහා කඹ ඇදීමේ තරගය [2014]

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!


15znxxs.jpg


මහා කඹ ඇදීමේ තරගය 2014

මේ නිවේදනය සියලු Elakiri.com ජනතාව වෙතයි.........!!!!!


නොකඩවා සිව්වන වරටත් සංවිධානය කරනු ලබන එලකිරි අවුරුදු මහා කඹ ඇදීමේ උත්සවය
මෙවරත් උත්කාර්ශවත් ලෙස එලකිරි talks හීදි පැවැත්වේ.....

තරගය හෙට පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි
මෙම තරගයට ඔබ සැමටම සහභාගි විය හැක...

තරඟය කොටස් 3කිනි සමන්විත වේ.

1) කණ්ඩායම් සඳහා නායකයන් දෙදෙනෙකු තෝරා පත් කරගැනීම.
(මේ සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමට අද දින පස්වරු 2 දක්වා කාලය ලබා දී ඇත.....පස්වරු 2න් පසුව ඉදිරිපත් වන නාම යෝජනා බාර ගනු නොලැබේ :no::no::no:......
ඉන් අනතුරුව ඉදිරිපත් වුණු නම් සඳහා තමන්ගේ කැමැත්ත අකමැත්ත පුද්ගලිකව විමසනු ලැබේ :):)
රාත්‍රී 8.50 දක්වා තමන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට කාලය ලබා දෙනු ලැබේ ....
ඒ අනුව කැමැත්ත ලබා දුන් සියළුව නාම යෝජනා ඇතුලත් කර රාත්‍රී 9 ට යෙදෙන සුබ මොහොතින් නායකන් දෙදෙනෙකු තෝරා පත් කර ගැනීමේ වැඩ කටයුතු ආරම්බ කරනු ලැබේ :rofl::rofl::rofl:)

2) කණ්ඩායම් දෙක සදහා එකකට 25 බැගින් සාමාජිකයන් 50 දෙනෙකු තෝරා ගැනීම.
3) කඹ ඇදීම හෙවත් චන්ද විමසීම.


තරගය ගැන වැඩි විස්තර සදහා දෙවන පෝස්ට් එක කියවන්න.:yes::yes::yes::yes:

මූලික පියවර ලෙස අද දිනයේදී තරග වදින පිල් දෙක සඳහා
නායකයන් තෝරාගැනීම මෙම ත්‍රෙඩ් එකේදී සිදුවේ.
ඔබගේ යෝජනා මෙහි පල කරන මෙන් කරුණාවෙන් ඉල්ල සිටිමු.



යෝජනා කරන අයගේ කැමැත්ත විමසීමෙන් අනතුරුව නායකයන් දෙදෙනෙකු තෝරා පත්කරගන්නවා ඇත.


සාමාජිකයන් කීප දෙනෙකු මෙම තරගයට කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වීමට කැමැත්ත පළ කළහොත් කෙටි ඡන්ද විමසීමක් පවත්වා වැඩිම ඡන්ද ලබන දෙදෙනෙකු කණ්ඩායම් දෙකෙහි නායකයන් වශයෙන් පත්කරගන්නවා ඇත.
මේ සඳහා 2013-2014 කාලය තුළ කැපී පෙනෙන ලෙස එලකිරි.කොම් හී කටයුතු කළ සාමාජිකයන් හට විශේෂයෙන් අවස්ථාව ලබාදීමට කාරුණික වන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.

අදහස
Danurp
ඉදිරිපත් කිරීම
U_knw_me
සංවිධානය
geethq
....
..
.


කාල සටහන

අප්‍රේල් 12 - දිනය තුළදී නායකයන් තෝරාගනු ලැබේ.

අප්‍රේල් 13 - කණ්ඩායම් දෙක සදහා සාමාජිකයන් පත් කර ගැනීම.
මේ සදහා thread එක උදේ 10ට ඇරබෙනවා ඇත. පෝස්ට් දමන පිළිවෙලට කණ්ඩායම් වලට වෙන් කෙරේ.

අප්‍රේල් 14 - චන්ද විමසීම උදේ 10 ට ආරම්භ වේ.

අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ.

චන්ද ප්‍රතිථල පැය 2 ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.
 
Last edited:

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තරගය වෙන්නෙ මෙහෙමයි

    1) කණ්ඩායම් සඳහා නායකයන් දෙදෙනෙකු තෝරා පත් කරගැනීම.

    2) කණ්ඩායම් දෙක සදහා එකකට 25 බැගින් සාමාජිකයන් 50 දෙනෙකු තෝරා ගැනීම.


    කණ්ඩායම් සදහා සාමාජිකයන් තෝරගන්නේ එලකිරි සාමාජිකයන් මීලග thread එකට (තරගයේ දෙවන අදියර) post කරන පිළිවෙලටයි.
    පෝස්ට් අංකය ඔත්තේ නම් ඔවුන් පළමු කණ්ඩායමටද ඉරට්ටේ නම් ඔවුන් දෙවන කණ්ඩායමටද පෝස්ට් දමන පිළිවෙලට සාමාජිකයන් වෙන් කරනවා ඇත.

    තරගයේදි කණ්ඩායම් සාමාජිකයන් 50 තෝරගන්නෙ මේ ආකාරයට අහඹු ලෙසයි.
    මේ ආකාරයෙන් සාමාජිකයන් තෝරා ගැනෙන්නේ තරගයේ තරගකාරීත්වය සහ උණුසුම වැඩි කිරීමටයි. වැඩි විස්තර සදහා 3වන කොටස කියවන්න.

    3) කඹ ඇදීම හෙවත් චන්ද විමසීම.

    සරල බසින්

    team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න, එතකොට ඕනම කෙනෙකුට, කණ්ඩායම් නායකයන්, සාමාජිකයන් සහ පොදුවෙ ඕනෙම එලකිරි සාමාජිකයෙක්ට තමන් කැමති ඕනෙම පිලකට කඹේ අදින්න හෙවත් poll එකට vote එක දෙන්න පුළුවන්.

    10 points for each team member
    1 point for other voters


    team membersල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,
    එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.

    එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ)

    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
    තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
    එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

    අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
    මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න

    1 member (10 points) = 10 ‍x Normal voters (1 point )

    ඒක නිසා මෙම්බර්ල ආරක්ෂා කරගන්න පිට යන්න දෙන්න එපා

    වැඩිම point ගානක් (වෝට් ගාණනක් නෙවෙයි හොදේ) poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තරග නීති රීති

    1) නායක දෙපල, කණ්ඩායම් සාමාජිකයන් 50දෙනා සහ අනෙක් සියළු සුදුසුමක් ලත් එලකිරි.කොම් සාමාජිකයන්ට චන්දය භාවිතයට හැකියාව ඇත.

    2) නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 1 බැගින්ද ලැබෙනවා ඇත.

    3) vote කරන සියල්ල ජේශ්‍ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි ( 100+ posts),

    4) + reputation අගයක් තිබිය යුතුයි.

    5) 2014 මාර්තු 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.

    6) තමන්ට, තම පිලට චන්ද ලබාගැනීම සදහා සාදාරණ මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යාමට පිල් දෙකටම හැකියාව ඇත.

    7) චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.

    8) පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.

    9) poll එක අවසානයේ කරන ගණනය කිරීමකින් අනතුරුව වැඩියෙන්ම points (votes නොව points) ඇති ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනවා ඇත.

    10) ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.

    11) යම් අයෙක් පළමුව පෝස්ට් කළ 50 දෙනා තුළ සිටියදීත් ඔවුන් තරගයට සහභාගී වීමට අකමැතිනම් හෝ ඔවුන් මීලග පැය 12 තුළ අපට/නායකයන් හට ඔවුන්ව සම්බන්ද කරගත නොහැකි නම් මීලග තරඟකරුට අවස්ථාව ලැබෙනවා ඇත. තරගයට සහභාගී වීමට කැමැත්ත පළකිරීමෙන් අනතුරුව එම සාමාජිකයාට ඉවත්ව යාමට හෝ වෙනත් අයෙකු තමන් වෙනුවට පත් කිරීමට හැකියාව නැත.

    12) මැතිවරණ කටයුතු සඳහා reputation points යොදාගැනීම ගැන එලකිරි.කොම් admin තුමාගේ පැහැදීමක් නැත.

    13) තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.

    14) තරඟ ප්‍රතිථල මහජනතාවට නිකුත් කිරීමට පෙර කණ්ඩායම් නායකයන්ට යොමු කරන අතර ගණනය කිරීම් වල වැරැද්දක් ඇත්නම් ඔවුන් විනාඩි 30 ඇතුළත දැනුම් දියයුතුය. ඉන් පසුව කරන පැමිණිලි පිළිබඳව සංවිදායකයන්ගේ වගකීමක් නැත. ප්‍රතිථල නිවැරදිව ගණනය කිරීමට සංවිධායකවරු හැකි සෑම උත්සාහයක්ම ගන්නවා ඇත.

    15) අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත.






    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,




    මහා කඹ ඇදීමේ තරගය [2014]
    බහුතරයකගේ යෝජනා සලකා බලල ඔන්න අපි තීරණයකට ආව :rolleyes::rolleyes::rolleyes:
    නායකත්වය සඳහා යෝජනා වුණ අයගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් 8.50 (12th)වෙනකන් බලනවා :yes::yes::yes:
    හරියටම 9 pm
    (12th) වෙත්දී තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරපු අයගේ නම් විතරක් poll එකට එකතු කරලා අලුත් thread එකක් දානවා ... :rofl::rofl::rofl:
    එතැන් පටන් ඔයාලට පුළුවන් ඔයාලට කැමති කෙනාට තමන්ගේ මනාපය ලබා දෙන්න
    11.gif
    11.gif
    11.gif


    UPDATE 9.15 PM 12th April

    නාම යෝජනා
    කැදවීමෙන් යෝජනා වූ නම් 32 අතරින් මෙම තරගයට කණ්ඩායම්
    නායකයන් වීමට කැමැත්ත පලකල 8 දෙනාගේ නම් පහත සඳහන් වේ. ඔවුන් ගෙන් දෙදෙනෙකු වැඩිම මනාපයෙන් කණ්ඩායම් දෙකෙහි නායකයන් ලෙස පත්කරගනු ලැබේ.


    කණ්ඩායන් නායකයන් වීමට කැමති අය

    Aruna47
    LKS007
    kputha
    sachith19920726
    Rovin
    Gasa84
    blacktulip
    delmar

    කණ්ඩායන් නායකයන් වීමට අකමැති අය

    rcccc
    r.pathirana
    hacker T
    erozan
    Honest-killer
    agresha
    යාළුවා
    paris
    donta
    maheshsenadheera
    නැකැත් රාල
    dj gamaya

    අදාල කාලය තුළ පිලිතුරු නොමැති.

    රත්තරං
    crazybuddy
    wolverine GTR
    gayankuwait
    Diya Rakus
    දත් කිඹුලා
    රජ්ජුරුවෝ
    anju.r
    Mr.truth
    Somapaala
    IDG
    Damer


    http://www.elakiri.lk/forum/showthread.php?t=1609632
    කඹ ඇදීමේ 2014 - vote for your leader


     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    12) මැතිවරණ කටයුතු සඳහා reputation points යොදාගැනීම ගැන එලකිරි.කොම් admin තුමාගේ පැහැදීමක් නැත.