පොළොන්නරුව දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Polonn

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    පොළොන්නරුවට Trip එකක් - ස්ථාන 45ක් (with Photos)

    කොළඹ ඉදලා කිලෝමීටර් 225ක් දුරින් පිහිටා ඇති නිසා දකුණු පළාතේ ඉදලා ලගාවීම ටිකක් දුශ්කර ගමනක්. වඩාත්ම සුදුසු මාර්ගය දුම්රිය භාවිතය. කොළඹ ඉදලා සෑම දිනකම දුම්රිය දෙකක් ධාවනය වෙනවා. එකක් උදේ 6.05ට වගේම අනික රාත්‍රී 7.15ට. මේ දුම්රිය දෙකින් රාත්‍රී දුම්රිය වඩාත් සුදුසුයි. ගමනේ විඩාව වැඩිය දැනෙන එකක් නෑ රෑ දුම්රියෙන් යන ගමනෙදි. රෑ දුම්රියේ නම පාඨලී. ඒ දුම්රිය අළුයම 1.34ට පොළොවට ලගා වෙන්න නියමිතයි. දුම්රිය මගීන්ගෙන් පිරෙනවා කොටුව දුම්රිය ස්ථානයෙදිම. ඒ නිසා කලින් ආසන වෙන්කරගන්න එක විශාල පහසුවක්. දුම්රිය තුන්වන පන්තියේ මෙන්ම දෙවන පන්තියේ මැදිරිවලින් සමන්විතයි. දැනට නම් පළමු පන්තියේ මැදිරි භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. ඒ වගේම කලින් වෙන්කරගන්න ගියොත් ගාන ටිකක් වෙනස් වෙයි. සම්පූර්ණ ගමනකට දින දෙකක්වත් ඇවිදින්න වෙනවා. ඒ නිසා යන්න එන්නත් එක්කම දවස් තුනක්වත් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොදයි. වැදගත්මදේ තමයි පොළොන්නරුව දුම්රිය ස්ථානයේම නවාතැන් පහසුකම් සලසාගන්න පුළුවන් වීම. රුපියල් 900කට වගේ ඉදලා කාමර වෙන් කරගන්න හැකියාව තියෙනවා. +940272222271 අංකයෙන් පොළොන්නරුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇමතීමෙන් වැඩි විස්තර ගන්න පුළුවන් වේවි. කෑම බීම වගේම ගමන් කරන්න වාහන සාධාරණ ගානකට හොයාගන්න පුළුවන් නිසා ඒ ගැන කරදර වෙන්න ඕන නෑ.

    පොළොන්නරුවේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න.

    1. පොත් ගුල් වෙහෙර
    පැරකුම්බා රජතුමා විසින් කරවන ලද විහාරය අතීතයේ කපිල විහාරයදැයි සැකයක් පවතී. විහාර සංකීර්ණය චතුරශ්‍රාකාර වේදිකා හතරකින් යුක්ත වේ. විහාරය ඉදි කර ඇත්තේ ඉහල වේදිකාව මතයි. එය සම්පූර්ණයෙන්ම ගඩොලින් කළ ගෙඩිගේ ක්‍රමයේ විහාරයකි.
    409_thumb%25255B3%25255D.jpg


    2. පොත්ගුල් වෙහෙර ශෛල ප්‍රතිමාව
    පොත්ගුල් විහාරය සමීපයේ ඇති පර්වතයක අඩි 11 අඟල් 8ක් උසින් යුතු පිළිමයකි. පැරකුම්බා රජුගේ පිළිරුවක් ලෙස සැලකේ.
    398_thumb%25255B2%25255D.jpg


    3. පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය
    ආළාහණ පරිවෙන ව්‍යපෘතිය මගින් ගවේෂණ හා කැණීම්වලින් රැස් කරන ලද කෞතුක වස්තූන් මෙහි තැන්පත් කර ඇත. 1998 ඔක්තෝම්බර් 30 වන දින සිට ක්‍රියාත්මකවේ. පොළොන්නරුව පැරැණි නගරය පිළිබඳව අවබෝධයක් ලබාදීමේ පරමාර්ථයෙන් පොළොන්නරුව අවධිය පිළිබඳව පර්යේෂණාත්මක, විස්තෘත දැනුමක්, නවීන තාක්ෂණික දැනුම උපරිම අයුරින් උපයෝගී කරගෙන ඉදිරිපත් කර තිබේ. ප්‍රදර්ශන කුටි සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා විස්තර පුවරු යොදාගෙන සකස් කර ඇත.කලින් දැනුම් දීමෙන් මාර්ගෝපදේශ සේවාවන් ලබාගත හැක. ඇතුල්වීමට රු.150ක ප්‍රවේශපත්‍රයක් ගතයුතු වෙනවා. ඒත් විදේශිකයන් සදහා ඒ මුදල රු.3250ක් වෙනවා.

    පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානය
    ආළාහණ පරිවෙන ව්‍යපෘතිය,
    පොළොන්නරුව.
    දුරකථන: 027 2224850
    ෆැක්ස්: 027 2222121
    476_thumb2.jpg


    4. දීප උයන, නිශ්ශංකමල්ල රාජ සභාව
    දීප උයනේ පිහිටි නිශ්ශංකමල්ල රජතුමා ඉදිකල ගොඩනැගිලි අතර සුවිශේෂ වනුයේ රජුගේ රාජ සභාවයි. එහි සුවිශේෂ වටිනාකම වනුයේ රාජ්‍ය නිලධාරීන් ඒ තුළ අසුන් ගන්නා අනු පිළිවෙළ ගල් කණු පාමුල සටහන් කර ඇති හෙයිනි. ගොඩනැගිල්ලේ ඇතුළු කෙළවර පිහිටි සිංහරුව රජු වැඩ සිටී වීර සිංහාසනය බව සදහන්‍ වේ. රාජ සභාව තුන් තලයකින් යුතුය. පිටත බිත්ති සිංහ හා ඇත් රූප වලින් අලංකාර කර ඇත. වේදිකාව මත ගල්කණු පේලි 4කි. ගල් කණු 12කින් එක පේලියක් සමන්විත වේ. දිගින් අඩි 133ක් සහ පළලින් අඩි 63ක් වේ.
    457_thumb2.jpg


    5. ධවලාඝරය
    නිශ්ශංකමල්ල රජුගේ සභා ශාලාව අසල පිහිටි මේ ගොඩනැගිල්ල මෙතෙක් නිශ්චිතවම හදුනාගෙන නොමැත. ඇතැම් විට මෙය මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකල ධවලාඝරය විය හැකිය. පිටත බිත්තිවල සුදු හුණු කපරාරු කර ඇත. මෙය මහා මේරුව තැන්පත් කිරීම සදහා කළ විශ්ව කෝෂයක් බවටත්, යම් රාජකීයකුගේ සුසානයක් බවටත් අදහස් ඉදිරිපත් වී තිබේ.
    436_thumb3.jpg


    6. නිශ්ශංකමල්ල මාලිගය
    රාජ සභාවට දකුණින් නිශ්ශංකමල්ල රජතුමා ඉදිකළ මාලිගාව හමුවේ. විශාල ශාලාවකින් හා එක් කාමරයකින් යුක්තය. දෙමහල් පායක් විය හැක. ඉහල මාලයට පිවිසීමට කරන ලද පියගැටවෙල පසෙකින් වේ.
    469_thumb3.jpg


    7. වසන්ත මාලිගාව
    රාජ සභාවට යාව සමුද්‍රය තුළ පිහිටි ගොඩනැගිල්ල රජුගේ වසන්ත මාලිගය ලෙස සැලකේ. ඒ තුළ ඉද ගැනීමට කල ස්ථානයකි.
    P1140047_thumb2.jpg


    8. නිශ්ශංකමල්ල නාන පොකුණ
    නිශ්ශංකමල්ල රජුගේ නාන පොකුණ ප්‍රධාන සොරොව්ව ආසන්නයේ පිහිටා ඇත. භූගත නල භාවිතා කර සමුද්‍රයේ සිට ජලය ගෙන ඇත. රාජකීයයන් ඇදුම් මාරු කල ස්ථානයද ඒ අසල වේ.
    431_thumb3.jpg


    9. පොළොන්නරුව පරාක්‍රමබාහු සමුද්‍රය
    පරාක්‍රම සමුද්‍රය එක් වැවක් නොවේ. වාරි සංකීර්ණයකි. එම සංකීර්ණයට ලොකු කුඩා වැව් පහක් ඇතුළත් වේ. එම වැව් වනුයේ,
    තෝපා වැව
    එරමුදු වැව
    දුඹුතුළු වැව
    කලහගල වැව
    භූ වැව
    485_thumb3.jpg


    10. පොළොන්නරුවේ නවාතැන්පොළවල්
    477_thumb2.jpg


    11. පැරකුම්බා රාජ මාලිගය හෙවත් විජයොත් පාය
    අඩි 150ක් දිගින් හා පළලින් යුතු සම හතරැස් බිමක ඉදි කරන ලද මෙම මාලිගාව මල් ලිය කමින් වගේම රිදී, මුතු, ඇත් දළ ආදියෙන් අලංකාර කර තිබීඅ ඇත. මාලිගාව තට්ටු හතකින් සමන්විතව තිබී ඇත. භූ ගත නල මගින් ජලය සපයා ගන්න ලද අතර කාලිංග මාඝ විසින් මෙය විනාශයට පත් කරන ලදී.
    496_thumb3.jpg


    12. පැරකුම්බා රාජ සභාව
    දිගින් අඩි 75ක් හා පළලින් අඩි 33ක් වූ පැරකුම් රාජ සභාව තුන් තලයකින් සමන්විතයි.පළමුවැන්නේ ඇත් පන්තියකි. දෙවැන්නේ සිංහ රූ පෙළකි. තුන්වැන්න ඝන රූ පෙළකි. ගල් කණු 12 බැගින් ගල් කණු පේළි හතරකින් සමන්විත වේ. ඒ සියල්ල මල් ලිය කමින් අලංකාරවත් කර ඇත.
    524_thumb2.jpg


    13. කුමාර පොකුණ
    රාජකීයයන් ස්නානය කළ කුමාර පොකුණ පිහිටියේ නගර ප්‍රාකාරයෙන් පිටත නන්දන උයන තුළය. අඩි 44ක් දිගින් හා අඩි 38ක් පළලින් යුතු තුන් තලයකින් සමන්විත අලංකාර පොකුණකි. රාජකීයයන් ඇදුම් මාරු කල ස්ථානය පසෙකින් වේ.
    552_thumb3.jpg


    14. ශිව දේවාලය - අංක 01
    පාණ්ඩ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය අනුව සොළීන් විසින් ඉදිකරන ලද අලංකාර ශිව දේවාලයකි. කළු ගල් කුට්ටි සියුම් ලෙස කපා එකිනෙක මත තැබීමෙන් නිර්මාණය සිදුකර ඇත. ශිව ලිංගය හා යෝනි ගල ගර්භ ගෘහයේ තැන්පත් කර ඇත.
    573_thumb2.jpg


    15. ථූපාරාමය
    ථූපාරාම පිළිමගෙය මේ දක්වා ශේෂව පවතින එකම ස්මාරකයයි. ථූපාරාම ගර්භයේ සිට පැත්තකට අඩි 84 අඟල් 06ක් හා පළලින් අඩි 55 අඟල් 2 සහ උස අඩි 44ක් වේ. සම්පූර්ණයෙන් ගඩොලින් නිමකළ ගෙඩිගේ ක්‍රමයේ විහාරයකි.
    583_thumb2.jpg


    16. නිශ්ශංකලතා මණ්ඩපය
    මෙය ඉදිකර ඇත්තේ දළදා වන්දනාමාන කිරීමට බව පැවසේ. දිග අඩි 34 අඟල් 08ක් සහ පළල අඩි 28 අඟල් 08ක් වේ. විසිතුරු කැටයම් සහිත අඩි 8 අඟල් 04ක් උස ගල් කණු අටකි.
    620_thumb2.jpg


    17. බෝසත් ප්‍රතිමාව
    බුද්ධත්වය ලැබීමට පෙර ආත්ම බෝධි සත්ව සංකල්පය තුළින් විග්‍රහ කෙරේ.
    623_thumb2.jpg


    18. අටදාගේ
    විජයබාහු රජතුමා ඉදිකළ දළදා මැදුර අටදාගේ නමින් හැදින්වේ. මහල් දෙකකි. පහත මාලයේ අඩි 4 අගල් 7ක් උස කණු 54ක් මත ඉහල මාලය සකස් කරන්නට ඇත.
    633_thumb2.jpg


    19. හැටදාගේ
    නිශ්ශංකමල්ල රජුගේ දළදා මැදුර හැටදාගේ නමින් හදුන්වයි. අඩි 120ක් දිගින් හා අඩි 90ක් පළලින් යුතුවේ. මෙයද දෙමහල් මැදුරකි. බිත්ති තනි කළු ගලෙන් නිමවා ඇත.
    645_thumb2.jpg


    20. වටදාගෙය
    පොළොන්නරු රාජධානියේ විශිෂ්ටතම නිර් මාණයක්ලෙස පිළිගැනේ. කවාකාර මාලක දෙකකි. පහළ මළුවේ විශ්කම්භය අඩි 81ක්. ඉහල මළුවේ බුදු පිළිම සතරකි. මෙහි මුරගල් ජීවගුණයෙන් ඉහල විශිෂ්ටනිර්මාණ ලෙස සැලකේ.
    672_thumb2.jpg


    21. ගල්පොත
    අඩි 26 අඟල් 10 දිග හා ඩි 07 අගල් 02ක් පළල ශිලා ලිපිය දිවයිනේ හමුවන විශාලම සෙල් ලිපිය වේ. අක්ෂර 4300ක් පමණ අන්තර්ගත මෙය ටොන් 25ක් පමණ බරැතිය.
    698_thumb2.jpg


    22. සත්මහල් පාය
    එක් පැත්තක දිග අඩි 32 අඟල් 02ක් වේ. ඉහලට යන විට කුඩාවන තට්ටු හතකි. සතර දෙසින් ආරුක්කු සහිත දොරටු හතරකි. ආරුක්කු කුහර අතර දේවතා රූප සාදා ඇත.
    715_thumb2.jpg


    23. පබළු වෙහෙර
    පබළු වෙහෙර පැරකුම්බා රජුගේ රූපවතී බිසව විසින් කරවන්නට ඇතැයි සැලකේ. මෙය දෙමහල් ස්තූපයකි. ඉහළ මාලයට නැගීමට කළ පියගැට පෙළ පාමුල කොරවක් ගල, සදකඩ පහණ ආදිය දැකිය හැක. මළුව ගල් අල්ලා සකස් කොට නැත. දාගැබ වටා පිළිම ගෙවල් හා මලසුන් ගෙවල් දැකිය හැක. දාගැබට දකුණු පසින් හමුවන සමාධි පිළිමය උසස් නිර්මාණයක් සේ සැලකේ.
    741_thumb%25255B2%25255D.jpg


    24. ශිව දේවාලය අංක 02
    දක්ෂිණ ඉන්දියා වාස්තු විද්‍යා ලක්ෂණ වලින් නිමවා තිබූ අංක 02 ශිව දේවාලය රාජ රාජ රජුගේ බිසව වූ වාණවණ් මා දේවි ඊශ්වරම් සිහි ගැන්වීම සදහා එතුමාගේ පුත් රාජේන්ද්‍ර රජු විසින් කළ බව බිත්තියේ ඇති සෙල්ලිපියේ සදහන් වේ.
    748_thumb%25255B3%25255D.jpg


    25. උතුරු දොරටුව
    376_thumb%25255B2%25255D.jpg


    26. මැණික් වෙහෙර
    පොළොන්නරුවේ හමුවන පැරණිම ස්තූපය මැණික් වෙහෙර ලෙස සැලකේ. දාගැබ ඉදිකර ඇත්තේ ගඩොලින් කළ වේදිකාවක් මතයි. දාගැබට පිවිසීම සදහා කළ පියගැට පෙළකි. එහි පාමුළ හමුවන ගල් උළුවස්ස අගනා නිර්මාණයකි. වේදිකාව වටා උස් බිත්තියක් වේ. ඒ මධ්‍යයේ ස්තූපය ගොඩනගා ඇත.
    P1130945_thumb%25255B2%25255D.jpg


    27. රන්කොත් වෙහෙර
    ලේඛන අනුව රන්කොත් වෙහෙරේ නාමය රුවන්වැලි සෑයයි. රනින් කළ කොතක් පැළද තිබූ හෙයින් රන්කොත් වෙහෙර වෙහෙර නමින් හැදින්වූවා විය හැකිය. රන්කොත් වෙහෙර නිශ්ශංකමල්ල රජු විසින් ප්‍රතිසංස්කරණය කළ බව සදහන් වේ. ඇතැම් විට පැරකුම්බා රජුගේ රූපවතී බිසව ආරම්භ කළ ස්තූපයේ වැඩ නිශ්ශංකමල්ල රජු විසින් නිම කළා විය හැකිය. ස්තූපයේ වටප්‍රමාණය අඩි 550ක් වෙයි. නියම උස අඩි 200ක් පමණ වෙයි.
    17_thumb%25255B2%25255D.jpg


    28. පැරණි රෝහල
    ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලේ මැද මිදුල් දෙකකි. කාමර පහළොවක් පමණ වේ. රෝගීන්ට අභ්‍යන්තරව හා බාහිරව ප්‍රතිකාර කළ බව පෙනේ.
    60_thumb%25255B2%25255D.jpg


    29. ගෝපාල පබ්බතය
    ගල් කුළු සමූහයකින් හා වෘක්ෂ ලතාදියෙන් සිත් ගන්නා පරිසරයක පිහිටි ගෝපාල පබ්බතය පොළොන්නරු පුදබිම තුළ පිහිටි පැරණිම ලෙන් විහාරයකි.
    50_thumb%25255B2%25255D.jpg


    30. බද්ධසීමා ප්‍රසාදය
    ආලාහන පරිවෙන සංකීර්ණයේ පොහොය ගෙයයි. අඩි 113ක් හා පළල අඩි 106ක් වූ මෙම ගොඩනැගිල්ල මහල් 12කින් යුක්ත වූ බව සදහන් වේ. පිටතින් පැමිණි භික්ෂූන් වහන්සේලා මෙහි නේවාසිකව වැඩසිටින්නට ඇත.
    92_thumb%25255B2%25255D.jpg


    31. කුඩා ගල් විහාරය
    බද්ධසීමා මාලකය ආසන්නයේ පිහිටි ලෙන කුඩා ගල් විහාරය නමින් හැදින්වේ. අහි කුඩා පිළිම හතරක් හා නිම නොකළ පිළිමයක් වේ.
    319_thumb%25255B3%25255D.jpg


    32. ලංකාතිලක විහාරය
    ආලාහන පරිවෙනට අයත් ප්‍රතිමා මන්දිරය ලංකාතිලක විහාරයයි. එය ගඩොලින් කළ සුවිසාල ගෙඩිගේ ක්‍රමයේ විහාර මන්දිරයකි.
    156_thumb%25255B2%25255D.jpg


    33. හේවිසි මණ්ඩපය
    ලංකාතිලක විහාරය ඉදිරිපිට දැකිය හැකි අලංකාර මණ්ඩපය හේවිසි මණ්ඩපයක් ලෙස සැලකේ.
    168_thumb%25255B2%25255D.jpg


    34. කිරි වෙහෙර
    පැරකුම්බා රජුගේ සුභද්‍ර බිසව විසින් කරවන්නට ඇතැයි සලකන කිරි වෙහෙර පොළොන්නරුවේ හමුවන විනාශ නොවූ එකම ස්ථූපයයි.
    173_thumb%25255B2%25255D.jpg


    35. ගල් විහාරය නොහොත් උත්තරාරාමය
    ගල් විහාරයේ පිළිම හතරක් වෙයි.
    1. වැඩ හිදිනා ලොකු සමාධි පිළිමය
    2. වැඩ හිදිනා කුඩා සමාධි පිළිමය
    3. හිටි පිළිමය
    4. පරිනිර්වාණ හෝ සැතපෙන පිළිමය
    225_thumb%25255B2%25255D.jpg


    36. දෙමළ මහා සෑය
    පොළොන්නරුවෙන් හමුවන විශාලතම ස්තූපයයි. පැරකුම්බා රජු පාණ්ඩ්‍ය දේශයෙන් ගෙන ආ ද්‍රවිඩ සිරකරුවන් ලවා ඉදිකළ නිසා දෙමළ මහා සෑය වශයෙන් හැදින්වේ. මහල් දෙකකින් යුක්තව නිමවා ඇත.
    253_thumb%25255B2%25255D.jpg


    37. නෙළුම් පොකුණ
    විශ්කම්භය අඩි 24ක් පමණ වූ කදිම නිමාවකින් යුතු නෙළුම් පොකුණ ශෙල්‍යමය කාව්‍යයක් ලෙස විචාරකයන් දක්වයි. නෙළුම් පොකුණ ජේතවන විහාර සංකීර්ණයට අයත් පොකුණු අටෙන් එකකි.
    260_thumb%25255B3%25255D.jpg


    38. තිවංක පිළිම ගෙය
    මහා පරාක්‍රමබාහු රජතුමා ඉදිකළ ජේතවනාරාම සංකීර්ණයට අයත් පිළිම ගෙයයි. එය තිවංක පිළිම ගෙය වශයෙන් හදුන්වන්නේ දණ, උකුළ හා උරහිස යන තුන් තැනින් නැමුණු ආකාරයට නෙළා එති හෙයිනි.
    283_thumb%25255B2%25255D.jpg


    39. විශ්ණු දේවාලය
    379_thumb%25255B2%25255D.jpg


    40. ගණපති දේවාලය
    381_thumb%25255B2%25255D.jpg


    41. මැදිරිගිරිය වටදාගෙය
    පොළොන්නරුවේ සිට කිලෝමීටර් 25ක් පමණ ඈතින් පිහිටා තිබෙන මැදිරිගිරියේ වටදාගෙය තවත් එක් වටිනා කළා කෘතියකි. මැදිරිගිරිය වටදාගෙය වාස්තු විද්‍යාත්මකව සලකා බලන කල අගනා මාණික්‍යයක් බදු බව බෙල් මහතා පවසා ඇත. මැදිරිගිරිය වටදාගෙය ගල් තලාවක් මත පිහිටි නිසා සම බිම් වල පිහිටි අන් වටදාගෙවල් වලට වඩා තේජස්වී ගතියකින් යුක්ත වේ.
    71_thumb%25255B2%25255D.jpg


    42. පොළොන්නරු සෝමාවතිය
    පොළොන්නරුව රෝහල හන්දියේ සිට කිලෝමීටර් 38ක් පමණ දුරින් පිහිටි මින්විල්ලු ග්‍රාමයේ පිහිටා ඇත.
    119_thumb%25255B2%25255D.jpg


    43. දිඹුලාගල රජ මහා විහාරය
    පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරකින් පිහිටා ඇති මෙය දුම්රග්ගල, දූමරක්ඛ පබ්බත ආදී නම් වලින්ද හදුන්වා ඇත. ඉතිහාසය විජය රජුගේ සමය තෙක් දිව යයි. විජය කුවේණී පලවා දැමීමෙන් පසු පැමිණියේ තම නෑදෑයන් ජීවත් වූ මෙම ප්‍රදේශයටයි.
    224_thumb%25255B2%25255D.jpg


    44. පුල්ලිගොඩ ගල්ගේ සිතුවම්
    දිඹුලාගල රජ මහා විහාරයේ සිට කිලෝමීටර් 3ක් පමණ එම මාර්ගයේ යන විට මෙම ස්ථානයට ලගා විය හැක.
    316_thumb%25255B2%25255D.jpg


    45. නාමල් උයන පුරාවස්තු
    දිඹුලාගල සිට කිලෝමීටර් 5ක් පමණ නැවතත් පොළොන්නරුව දෙසට පැමිණෙන විට නාමල් උයන පුරාවස්තු භූමිය හමුවේ.
    410_thumb%25255B2%25255D.jpg


    පොළොන්නරුවේ ඡායාරූප 1400ක් බලන්න පහලින් එක්වන්න.

    පළමු කොටස
    දෙවන කොටස
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :shocked: මෙච්චර පොළොන්නරු යන මම නොගිය තැනුත් තියෙනවා...... :D ස්තූති විස්තරේට.... අපිට නම් ඉතින් ගියහම නවාතැන් තියෙනවා....... :D :cool: :)

    Rep++ :D :)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඉතා හොද ලිපියක්. අර යුරාජ් කිව්ව වගෙ මෙච්චර කල් පොලොන්නරු ගිහින් තිබුනට නොදැකපු තැනුත් තියන්ව. ඊලග සැරේ යන්න ඕනේ
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    වාහනයක් පොළොන්නරුවෙන් හොයාගන්නවා නම් දවස් 2 කට කියක් විතර යයිද? (දෙදෙනෙකුට)