බොදුබල සේනාව ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙ&
යම් අරමුණක් ජය ගැනීම සඳහා ත්‍රස්තය භාවිතා කිරීම ත්‍රස්තවාදය ලෙස නිර්වචනය කෙරෙනවා. එම තේරුමෙන් ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන 'ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්' (Terrorism Research & Analysis Consortium) හෙවත් 'ට්‍රැක්' (TRAC) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා.
බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම්, කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇතැයි 'ට්‍රැක් සංවිධානය' පවසනවා. බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ රජය සමග සමීපව ක්‍රියා කරන බවද ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සදහන්.
බොදු බල සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමි 'ප්‍රජාතන්ත්‍රවාදීන් කියා ගන්නා අය සිංහල ජාතිය විනාශ කරනවා' යනුවෙන් කියා ඇතැයි උපුටා දක්වන 'ට්‍රැක් සංවිධානය' ඥානසාර හිමි ලෝකයම පිලිකුල් කරන බුරුමයේ 'අෂින් විරතු' නම් මිනීමරුවාදය පතුරුවන චීවරධාරියා හමුවීම දැක්වෙන සේයාරුවක් ද එකී වාර්තාවේ පළ කර තිබෙනවා.
ට්‍රැක් සංවිධානය යනු ලොව විවිධ ජාතීන් වලට අයත් බුද්ධිමතුන්, පර්යේෂකයන් 3000 ක් පමණ එක්ව ක්‍රියා කරන ප්‍රබල ආයතනයකි. ඔවුන් මෙලෙස ලෝකයේ සංවිධාන විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත කර ඇති අතර ලංකාවේ ඊළාම්වාදී සංවිධාන රැසක් ද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇත.
මෙවැනි ප්‍රධාන පෙලේ ස්වාධීන ජාත්‍යන්තර ආයතන යම් සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස වර්ග කිරීමෙන් එකී සංවිධානයේ පිරිස් වෙත ජාත්‍යන්තරව විශාල බලපෑමක් එල්ල වේ. විදේශ අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම, විදේශ රැකියා ලබා ගැනීමට නොහැකි වීම, විදේශ සමග ව්‍යාපාර පවත්වාගැනීමට නොහැකි වීම, විදෙස් ආධාර ලබා ගැනීමට නොහැකි වීම ආදිය ඉන් ප්‍රධාන ය.

Last edited: