බොදුබල සේනා පමණක් නොව UNP JVPත් ත්‍රස්තවාදී සං&#3520

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    බොදුබල සේනා පමණක් නොව UNP JVPත් ත්‍රස්තවාදී සං&#3520

    බොදුබල සේනා පමණක් නොව UNP හා JVPත් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරලා

    ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂන පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන "ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්" හෙවත් "ට්‍රැක්" ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.

    යම් අරමුණක් ජය ගැනීම සඳහා ත්‍රස්තය භාවිතා කිරීම ත්‍රස්තවාදය ලෙස හැඳින්වෙන බව එම වෙබ් අඩවියේ දක්වා ඇත. ලොව විවිධ ජාතීන් වලට අයත් පර්යේෂකයන් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් එක්ව ක්‍රියා කරන "ට්‍රැක්" සංවිධානය විසින් බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම් කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇති සංවිධානයක් ලෙස හඳුන්වා දී තිබේ.

    බොදුබල සේනා සංවිධානය මේ පිළිබඳව සිය ස්ථාවරය තවමත් හෙලකර නොමැති අතර අද (16) දිනයේ මාධ්‍යය හමුවක් පවත්වා ඒ පිළිබඳව දනුම්සිමට සැලසුම්කොට තිබේ.

    මේ සම්බන්ධව පළවූ මාධ්‍යය වාර්තාවල මෙලෙස තර්ස්තවාදී සංවිධානයක් ලෙස නම්කළ පසු එකී සංවිධානයේ පිරිස් වෙත ජාත්‍යන්තරව විශාල බලපෑමක් එල්ලවෙන බවත් විදේශ අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම, විදේශ රැකියා ලබා ගැනීමට නොහැකි වීම, විදේශ සමග ව්‍යාපාර පවත්වාගැනීමට නොහැකි වීම විදෙස් ආධාර ලබා ගැනීමට නොහැකි වීම ආදී ගැටළු වලට මුහුණපෑමට සිදුවන බවද පෙන්වා දී තිබුණි.

    නමුත් අප කල සොයා බැලීමකදී හෙලිවුයේ "ට්‍රැක්" ආයතනය විසින් මෙයට කලකට පෙර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා තවත් සමාජවාදී පක්ෂ කිහිපයක්ම ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම්කොට ඇති බවයි. එසේනම් එම සංවිධාන වල සාමාජිකයන්ටද ඉහත සඳහන් කරනලද වරප්‍රසාද මේවනවිට අහිමිවී තිබිය යුතුය.

    එහෙයින් "ට්‍රැක්" සංවිධානයේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගතවූ පමණින් එය අන්තර්ජාතිකව විශාල බලපෑමක් එල්ලකරන ආකාරයේ වර්ගීකරණයක් ලෙස නම් කළනොහැකි බව පෙනී යයි.

    "ට්‍රැක්" සංවිධානයේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ත්‍රස්තවාදී වර්ගීකරණයට එක්කරගෙන තිබු අයුරු

    BB.jpg
    BBB.jpg

    http://nethfm.com/article/5407

    VV.jpg

    http://www.trackingterrorism.org/group/black-sea-tigers-unit?ip_login_no_cache=b49c83741cf741981b1b82c77607af17

    10154499_10152404115136934_7196551985906134443_n.jpg
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol: දවසේ විහිළුව! ත්‍රස්තවාදියෝ විතරයි එහෙනං මේ ලෝකේ ඉන්නේ! :lol: