Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1
දිනය: ජූලි 25
වර්ශය: 2000
ප්‍රංශයේ චාර්ල්ස් ඩිගෝල් ගුවන්තොටුපලින් DC-10 වර්ගයේ ගුවන් යානයක් නෙවාර්ක් බලා ගුවන් ගත විය.. ඇමරිකාවේ "කොන්ටිනෙන්ටල් එයාර්ලයින්ස්" ගුවන් සමාගමට අයිති මෙම ගුවන්යානය එවකට අහසේ පියාසර කරමින් තිබූ ලස්සනම සහ ගුවනේ Icon එකක්වූ කොන්කෝඩ් වර්ගයේ සුපිරි ගුවන් යානයක් මිනිසුන් 110කට මරු කැඳවමින් බිම හෙලීමට තරම් හේතුවක් වේ යැයි කිසිවකු සිතන්නට නැත.
Concorde
කතාව:
එයා ෆ්රාන්ස් ගුවන් සමාගමට අයත් කොන්කෝඩ් වර්ගයේ ගුවන් යානයක් ගුවන් ගමන් අංක 4590 යටතේ නිව්යෝර්ක් නුවර බලා පිටත්වීමට නියමිතව තිබුණි. එයා ෆ්රාන්ස් ගුවන් සමාගමට අයත් මෙම කොන්කෝඩ් වර්ගයේ ගුවන් යානය ගුවන් ගමන් අංක 4590 (Flight 4590) යටතේ නිව්යෝර්ක් නුවර බලා පිටත්වීමට නියමිතව තිබුණි. ගුවන් යානයේ අංක දෙක එන්ජින් එකේ දෝශයක් හේතුවෙන් සහ තවත් නඩත්තු කටයුතු හේතුවෙන් ගුවන් යානය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද විය. ගුවන්තොටුපලේ මීටර 4217ක් දිග 26R ගුවන්පථයෙන් ගුවන් ගතවීමට අවසර ලැබුණි.
ගුවන්යානය ගුවන්පථය දිගේ ඉතාවේගයෙන් ඉදිරියට ඇදුණි.. ගුවන්ගත වීමට නියමිත උපරිම වේගයට පැමිණෙනවාත් සමගම නොසිතූලෙස වම් පස ඇති ඉදිරි රෝදයක් පුපුරා ගීයේය.. මේ හේතුවෙන් ශබ්ධයේ වේගයට වඩා වේගයෙන් ගමන් කිරීමට හැකි මෙම සුපිරි ගුවන්යානය ගුවන් ගත වීමට සිදුවුනේ ඉතා විශාල ගින්නක්ද සමගිනි.. ගුවන්ගත වී මද වේලාවකට පසුව "ලෑන්ඩින් ගියර්ස්" එසවීම සිදුකලමුත්, සිදු වී ඇති අනතුරෙහි බරපතලකම නිසා එය සිදුකිරීමට නොහැකිවිය..මේ හේතුවෙන් ඉහලට ගමන් කිරීමට බලාපොරොත්තු නොවූ ලෙස වේගයක් නොලැබුණි..
Burning Take-off
පුපුරායන ලද ටයරයේ කොටස් වම් පස තටුවෙහි ඇති තෙල් ටැංකි අංක 5 සිදුරු කරගෙනයාම නිසා එයින් තෙල් කාන්දුවී එය විශාල ගින්නක් බවට පත්විය. මේවැනි දරුණු අනතුරක් තමන්ගේ ගුවන් යානයට සිදුවී ඇති බව ගුවන් නියමුවන් දෙදෙනාම නොදැන සිටියහ. නමුත් පාලන මැදිරියෙන් ඔවුන්ට පවසා තිබුණේ "ඔබ ගුවන් ගත උනේ ගින්නක් සමඟින්" යන්නයි. නමුත් මෙහි බරපතලකම කිසිවෙක් දැන සිටියේ නැත.
තෙල් කාන්දුව හේතුවෙන් වම්පස ඇති එන්ජින් දෙකටම ගුවන් යානයට අවශ්‍ය සම්පූර්ණ බලය ලබා දීමට නොහැකිවිය. මේ බව ගුවන්යානයේ ඉංජිනේරුවරයාද ගුවන් නියමුවන්ට දැන්විය. ගුවන්ගත වී තත්පර 9ක් ගතවනවිට පලමුවරට "ගිණි අනතුරු නාදය" (Fire Alarm) නිකුත්විය. ගුවන් ඉංජිනේරුවාගේ උපදෙස් අනුව පලමු එන්ජිම ක්‍රියාවිරහිත කරනවාත් සම්ගම එලාර්ම් එක නැවතුනත් ඔවුන් සිදුවීමට යන මහා අනතුරින් ගැලවීමට නොහැකිවිය. ගුවන් පාලන මැදිරියෙන් නැවත නැවතත් ගින්නක් පිලිබඳ අනතුරු අඟවන අතරතුර නැවටත් ෆයර් එලාර්ම් එක නාද වීමට පන්ගනී... ගුවන් ගත වීමට අවශ්‍ය සම්පූර්ණ එයාස්පීඩ් එක ගැනීමටනම් ලෑන්ඩින් ගියර්ස් අකුලාගතයුතුවූ අතර සිදුවී ඇති අනතුර නිසා එයද අපහසු කාර්යයක් විය. ස්වල්ප මොහොතකින් වම්පස එන්ජින් දෙකම ක්‍රියා විරහිත වීම නිසා ගුවන් යානය තවදුරටත් ගුවනේ තබා ගැනීමට ගුවන් නියමුවන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ අතර තෙවන වරටද ෆයර් එලාර්ම් එක නාද වීමට පටන් ගත් අතර ගුවන් යානයේ අවසන් මොහොත දක්වා මෙය පැවතින.
ගුවන්තවී ස්වල්ප මොහොතකින් එවකට ගුවනේ සැරිසැරූ අලංකාරම ගුවන් යානය අසල පිහිටි හෝටලයක් මතට කඩාවැටුනේ එහි සිටි 100 ක් මගීන් සහ 9ක් සේවකයින් (නියමුවන් ඇතුලුව ) මරණයට පත් කරමිනි.