‘සෝවාන් ඵලය’ ~~~

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලෝකයේ තථාගත සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළ වීම, අති දුර්ලභ සිද්ධියකි. උන්වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීමට සමත් වන්නේ බුද්ධිමත් මිනිසෙකු පමණි. හේ උතුම් සුභාෂිත බුද්ධ වචනය මැනවින් හඳුනා ගනී. එමෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ වූ දුර්භාෂිත වූ, අසත්‍ය වූ පුහුදුන් විසදිටුවද වෙන් කොට හඳුනාගෙන එය බැහැර කරයි. මෙය වනාහි පරම දුර්ලභ කරුණු රැසක එක්වීමකි. එය ධර්මය අවබෝධ කළ හැකි එකම එක ක්‍ෂණසම්පත්තිය වේ.
    තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මුණගැසීම හා චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කිරීම බාහිරින් ලැබෙන දුර්ලභ කරුණු වේ. තමා ශ්‍රවණය කළ ඒ ධර්මය අනුව නුවණින් මෙනෙහි කිරීම හෙවත් යෝනිසෝමනසිකාරය හේ සිදුකරයි. තවද ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නට පටන් ගනී. මෙසේ කටයුතු කිරීමෙන් කෙමෙන් කෙමෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වීමෙන් හේ සද්ධානුසාරී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වේ. හීන වූ අශ්‍රැතවත් පෘථග්ජන භාවයෙන් නිදහස්වීමේ සුදුසුකම ලබයි.
    ඉන්පසු හේ කායානුපස්සනා, වේදනානුස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨාන භාවනාව පටන් ගනී. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති ආදී අනුස්සති භාවනාවන්හි යෙදෙන්නටද පටන් ගනී. ශ්‍රද්ධා, සීල, සුති (ධර්ම ඤාණය) ත්‍යාග, ප්‍රඥා යන පංච සේඛ බල ඇතිවන්නට පටන් ගනී. ඒ තුළින් හේ දියුණුව ධම්මානුසාරී ආර්යශ්‍රාවකයෙකු බවට පත් වේ. බුදුරජාණන් වහන්සේ ඔක්කන්ති සංයුක්තයෙහි අවධාරණය කරන්නේ, ශ්‍රද්ධානුසරී හෝ ධම්මානුසාරී ආර්යශ්‍රාවකයෙකු සිටී නම්, හේ මරණයට පෙර ඒකාන්තයෙන්ම සෝතාපන්න ඵලය සාක්‍ෂාත් කරන බවයි.
    ධම්මානුසාරී ආර්ය ශ්‍රාවකයා තව දුරටත් දහමෙහි හැසිරෙන්නේ, ඔහු තුළ, ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් සේඛබල අවස්ථාවේ සිට ඉතා සුළුවෙන් පිහිටා ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී.
    හේ කෙමෙන් කෙමෙන් රූප, වේදනා, සඥා, සංස්කාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් පිළිබඳව, හටගැනීම, ආස්වාදය, ආදීනවය, නිස්සරණය (නිදහස්වීම) තේරුම් ගත හැකි කෙනෙකු බවට පත් වේ.
    හේ පටිච්ච සමුප්පාදය අර්ථ සහිතව තේරුම් ගනී. තමා තුළින්ම පටිච්ච සමුප්පාදය, ආර්ය න්‍යාය, (හේතු ඵල, දහම නැතහොත් දුක හැදෙන වැඩපිළිවෙල) දැක්ක හැකි වේ.
    “හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන්, ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යතා ස්වභාවයෙන් යුතු වේ.”යන අවිද්‍යා මළකඩ රහිත වූ සදහම් ඇස පහළ වේ. මෙය වනාහි සෝවාන්ඵලයට පත්වීමයි. එම ඵලය සමඟ දස සංයෝජන (සසරට බැඳ තබන වැටි දහය) වලින් තුනක් සදහටම නිරුද්ධ වේ.
    එනම් පංච උපාදානස්කන්ධය ගැන පැවැති විසි ආකාර වූ, මමය, මාගේ ය, මාගේ ආත්මයය යන සක්කාය දිට්ඨියත්, තෙරුවන් කෙරෙහි පැවති විචිකිච්ඡාවත්, වැරැදි සීලව්‍රැතයන්ට බැඳී යාමත් (සීලබ්බන පරාමාස) සදහටම නිරුද්ධ වේ. කේන්දර, සුබ නැකැත්, සුබ නිමිති රිට්ටාවන් ආදිය සරණ යාමත්, අයත් වන්නේ මේ වැරැදි සීල ව්‍රැතයන්ටමය. මේ බුද්ධ වචනය විමසන්න.
    නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා ( 1 නි. නක්ඛත්ත ජා)
    නැකැත් බලා කටයුතු පසු නො කළ යුතු බව.
    (11) නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?
    කාම දිට්ඨ, සීලබ්බත අත්තවාද (ආත්මවාද) යන සතර, උපාදාන (සිතින් දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම) වලින් සෝවාන් වීමේ දී නිරුද්ධ වන්නේ, දිට්ඨි හා සීලබ්බත උපාදන පමණි. එමෙන්ම අත්තවාද(ආත්මවාද) උපාදානයේ හරය වූ සක්කාය දිට්ඨියද නිරුද්ධ වේ. එනමුත් ගින්න අයින් කළද පොළොවේ ගින්නෙහි රස්නය තිබෙන්නාක් මෙන්, අත්තවාද (ආත්මවාද) උපාදානය දිගටම තිබෙනු ඇති අතර, එය රහත්වීමේ දී නිරුද්ධ වී යනු ඇත. කාම උපාදාන පවත්නා හෙයින් සෝවාන් පුද්ගලයාට කාමභෝගී ගිහි දැහැමි ජීවිතයක් ගත කිරීමට බාධාවක් නොමැත.
    සෝවාන් ඵලයට පත් වූ කෙනා තුළ තිබෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව වන සත්‍ය ඤාණයයි. දුක වනාහි ආර්ය සත්‍යයකි. එනම් ඉපදීම දුකකි. ජරාවට පත්වීම දුකකි. රෝග, පීඩා වැළැඳීම දුකකි. මරණයද දුකකි. අපි‍්‍රයයන් හා එක්වීමද දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීමද දුකකි. කැමතිවන්නා වූ යමක් නොලැබීමද දුකකි. සැකවින් කීවොත් පංච උපාදානස්කන්ධයම දුකකි. යන්න ගැන ඔහු අවබෝධ කරගෙන තිබේ.
    දුකේ හට ගැනීම වනාහි ආර්ය සත්‍යයකි. පුනර්භවය ඇති කරවන, ඒ ඒ තැන ඇල්ම ඇති කරවන, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යන ත්‍රිවිධ තණ්හාවෙන් එම දුක හටගන්නේ ය යන කරුණා ඔහු අවබෝධ කරගෙන තිබේ. දුක් නැතිවීම වනාහි ආර්ය සත්‍යයකි. එම ත්‍රිවිධ තෘෂ්ණාවම ඉතිරි නොකොට, සදහටම නිරුද්ධ කිරීමෙන් දුක නිරුද්ධ වී යන්නේ ය. යන කරුණ ඔහු අවබෝධ කරගෙන තිබේ.
    දුක් නැතිවීම පිණිස ඇති ප්‍රතිපදාව වනාහි ආර්ය සත්‍යයකි. ඒ ත්‍රිවිධ තණ්හාව නිරුද්ධ වීම පිණිස පවත්නා වූ එකම වැඩපිළිවෙලක් තිබේ. එනම් ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක්ය යන්න ඔහු අවබෝධ කරගෙන තිබේ. “සෝතාපන්න” යන වදනේ තේරුම් දෙකකි. පළමුවැන්න “ශ්‍රෝත” එනම් වේගවත් සැඬ දිය පහරක් නොනැවතී මුහුද වෙත ගලා යන්නාක් මෙන්, නිවන කරාම යන බැවින්, ඒ හා සමානය යන තේරුමයි. දෙවැන්න “සෝත” යනු ආර්යඅෂ්ටාංගික මාර්ගයට නමක් හෙයින්, ඊට සිත, කය, වචනය යන තුන් දොරින්ම පිළිපන් (ආපන්න) යන තේරුමයි.
    සෝවාන් පුද්ගලයා තුළ සෝතාපත්ති, අංග 4 ක් පිහිටයි. එනම්, ඔහු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මුල්බැසගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත්, කිසිලෙසකින් සෙලවිය නොහැකි ය. ශ්‍රී සද්ධර්මය කෙරෙහි මුල් බැස ගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත් කිසි ලෙසකින් සෙලවිය නොහැකි ය. මගඵල ලාභී ශ්‍රාවක සඟරුවන කෙරෙහි මුල්බැස ගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත්, කිසිලෙසකින් සෙලවිය නොහැකි ය. එමෙන්ම ඔහු තුළ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග තුළ පිහිටන පරිදි ආර්ය කාන්ත පංච ශීලයද සුරක්‍ෂිත වේ. එමෙන්ම පංචානෙන්තරිය පාප කර්මයන් සිදු කරනු ලැබීම හෝ නියත මිථ්‍යා දෘෂ්ටියට හසුවීම කිසිලෙසකින් සෝවාන් ඵල ලාභී පුද්ගලයා අතින් සිදුනොවේ. ඔහු සතර අපායෙන් සදහටම නිදහස් වූ කෙනෙකි. (නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය = සතර අපාය)
    මංමුලා නොවන ඔහු භවයෙහි කෙතෙරම් පමා වූවද, කිසිසේත් අටවන භාවයකට නොගොස් නියත වශයෙන්ම රහත්ව පිරිනිවන් පානු ඇත. බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලය සක්විති රජකමටත් වඩා උතුම් බැව් පැවැසුවේ, එබැවිනි.
    එනම් ඔහු නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර අපාය යන සතර අපායෙන් සදහටම නිදහස් වූ අයෙකු වන බැවිනි.
    සත්පුරුෂයන් ධර්මයේ හැසිරෙද්දී පී‍්‍රතිය වැනි උපක්ලේශයන්ට හසුවී තමන් සෝවාන්ව ඇතැයි නොරැවටිය යුතු ය. ධෛර්ය අත්නොහැර ප්‍රගුණ කරන සාධු ධර්ම පිරිපුන් මනුෂ්‍යයාට සෝවාන් වීම එනම් නොපිරිහෙන ඵලයට පත්වීම, ඉතා දුර නොවනු නියත ය.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    භාවනා කරන කෙනෙක් සෝවාන් වුනොත් තමන් දැන් සෝවාන් වුනා කියලා දැනගන්නේ කොහොමද? මේක මට හරිම ප්‍රහේලිකාවක්. ඒ වගේම තමන් දැන් සකෘදාගාමී, දැන් අනාගාමී, දැන් අරහත් කියලා තමන්ම දැනගන්නේ කොහොමද?
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    භාවනා කරන කෙනෙක් සෝවාන් වුනොත් තමන් දැන් සෝවාන් වුනා කියලා දැනගන්නේ කොහොමද? මේක මට හරිම ප්‍රහේලිකාවක්. ඒ වගේම තමන් දැන් සකෘදාගාමී, දැන් අනාගාමී, දැන් අරහත් කියලා තමන්ම දැනගන්නේ කොහොමද?

    thaman wisin balanna one thaman sakkaya dihittiya wichikichcha seelabbatha paramasayan nathi karalada thiyenne kiyala :yes:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,568
    1,453
    113
    Sri Lanka
    භාවනා කරන කෙනෙක් සෝවාන් වුනොත් තමන් දැන් සෝවාන් වුනා කියලා දැනගන්නේ කොහොමද? මේක මට හරිම ප්‍රහේලිකාවක්. ඒ වගේම තමන් දැන් සකෘදාගාමී, දැන් අනාගාමී, දැන් අරහත් කියලා තමන්ම දැනගන්නේ කොහොමද?
    machan me pilibadawa poddak padili karapanko.
    matath oka loku prashnayak.
    api sowan wunama dana ganne kohomada kiyala.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙ ධර්ම දනයේ පිනෙන් මෙ අත්මෙ දීම නිවන් දකින්න ලබේවා !!!!

    + 3 rep
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අදාළ මර්ගපලය ලැබූ පුද්ගලයාට පමණක්, පලය ලබන මොහොතේ පෙනෙන විශේෂ දර්ශනයක් තියනවා. වෙච්ච කෙනා ඒක දන්නවා. ඒ ඒ මාර්ගපල වලට නියමිත දර්ශනය එසේ නොවන වෙන කිසිම කෙනෙකුට පෙනෙන්නේ නැහැ.. :cool: මර්ගපලය ලබපු කෙනා ඒක හඳුනා ගන්නවා... :yes:

    මේ නම් බයිට් එකට කියපු දෙයක් වාගේ. විහිළුවට කියුවත් නොදන්නා අය නොමග යැවීමක් වෙනවානේ මෙහෙම කියපුවාම.

    තමන් පැහැදිලිව නොදන්නවානම් නොකියා ඉන්න. එහෙම නැත්නම් "මට හිතෙන්නේ මෙහෙමයි ඒත් හරිද දන්නේ නැහැ" වාගේ කියා ඔබේ අදහස ඉදිරිපත් කරන්න.

    විහිළුවට සද්ධර්මය පැටලවීම මිතුරුකමක් නම් නොවේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔබ කොහොමද කියන්නේ මම ඒක උපහාසයට කිවුවා කියලා? :) "මට හිතෙන්නේ මෙහෙමයි ඒත් හරිද දන්නේ නැහැ" වගේ ඒවා නම් මන් බුදු දහම සම්බන්ධව කොහොමත් කියන්නේ නැහැ. ධර්මය වරදවා කියල දෙන මිනිස්සු, ධර්මය විහිලුවට ගන්න මිනිස්සු අනිවාර්යෙන් නිරයේ යන්නේ. මං එක දන්නවා. එහෙම දැනගෙනයි ඕක කියලා තියෙන්නේ. නිරයේ යන්න මගේ කිසි බලාපොරොත්තුවක් නැහැ. :)

    ධර්මය අවබෝධ කරන්න ජීවතයම කැප කරපු, භාවනාව දියුණු කරපු උත්තමයන් කිහිප දෙනෙක් එක්ක කතා බහ කරන්න මට ජිවිතේ විවිධ අවස්ථා වල වාසනාව ලැබිලා තියනවා. ඒ අයගෙන් මම ඔය ගැටලුව අහලා තියනවා. ඊට අමතරව ඔය කියන "ආර්ය දර්ශනය" ගැන කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා කිහිපයක සඳහන් වෙලා තිබ්බා. ඊටත් අමතරව ඔය සම්බන්ධව රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ පොත් වල තියනවා. ඔය හැම කෙනාම එකම බොරුව කියනවා කියලා මට හිතෙන්නේ නෑ. ඒ නිසයි මම ඕක කිවුවේ. ඔව්... මිනිස්සු පැටලෙන්න පුළුවන්.. දැන් තේරෙනවා කියපු ගොන්කම කියලා. නොකියා ඉන්න තිබ්බේ. කියපු දේ මම ඉල්ලා අස්කර ගන්නවා... :)

    බුදු දහම සම්බන්ධ කරුණු කිසි වෙලාවක මම විහිලුවට ගන්නේත් නැහැ. :)
     
    Last edited:

    > ඔබ කොහොමද කියන්නේ මම ඒක උපහාසයට කිවුවා කියලා?

    එයට හේතුව නම් ඔබ කියූ ආකාරය මම කොහෙවත්ම දැකලාත් නැති, අහලාත් නැති කාරනාවක් වීමයි. එය සද්ධර්මයට නොගැලපෙන බවකුත් පෙනෙන්න තිබෙන නිසයි මම එහෙම කියුවේ.

    ඔබට පුළුවන්ද හරියටම ඔබ කියන දේ සද්ධර්මයේ සදහන් එක් තැනක් හෝ ගෙන හැර දක්වන්න? එය කරදරයක් කියා හිතන්න එපා. එය වෙන කාට නැතුවත් මට නම් බොහෝ ප්‍රයෝජනවත් දෙයක් වෙනවා. එනිසායි මම ඉල්ලන්නේ. සමහර විට ඔබටත් අන් අයටත් ප්‍රයෝජනවත් වේවි.

    සමහරක් විට මම ඔබ ලියා ඇති වචන වලින් ඔබ අදහස් කල අර්ථය තේරුම් නොගත්තා වෙන්න පුළුවන්. සද්ධර්මයේ හරියටම තැනක් දක්වන්න පුළුවන් නම් අරුතින් තේරුම් ගන්න එය ලොකු පහසුවක් වෙනවා. මම දැනට දන්නා පමණින් ඔහොම කරුණක් නම් සද්ධර්මයේ සදහන් බවක් මා දන්නේ නැහැ.

    > දැන් තේරෙනවා කියපු ගොන්කම කියලා. නොකියා ඉන්න තිබ්බේ. කියපු දේ මම ඉල්ලා අස්කර ගන්නවා...

    මෙන්න මේ කියපු දේ තමයි නොකියා ඉන්න තිබ්බේ, ඉල්ලා අස්කරගන්න ඕනෑ කියා මා හිතනවා.

    බුදු පියානන් පවසා ඇත්තේ දහම්හි අපැහැදිලි තැන් ඇත්නම්, යම් අයෙක් එය කියන ආකාරය හෝ අරුත් ගැන්වීමක් කරනවා නම් එසේ කරන කෙනාගෙන් ඊට හේතු අසන්න කියා. එසේම කියන කෙනාට හේතු ඉදිරිපත් කරන්න කියාත් තිබෙනවා.

    ඔබ යමක් කියා ඒ ගැන විමසනවාට අකමැතියී නම් ඔබ කියූ කාරනය ඔබ කියා ඇති ආකාරයට ඉල්ලා අස්කර ගැනීම සුදුසුයි. එවිට ඔබ කියන දේ නොකී දෙයක් යැයි සූත්‍රයෙහි, විනයෙහි නොවිමසා සිටීමට හැකියී.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට අමතරව ඔය කියන "ආර්ය දර්ශනය" ගැන කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා කිහිපයක සඳහන් වෙලා තිබ්බා. ඊටත් අමතරව ඔය සම්බන්ධව රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ පොත් වල තියනවා. ඔය හැම කෙනාම එකම බොරුව කියනවා කියලා මට හිතෙන්නේ නෑ.

    ඔබ "ආර්ය දර්ශනය" ගැනද පැවසුවේ? එය නම් "පලය ලබන මොහොතේ පෙනෙන විශේෂ දර්ශනයක් තියනවා" ලෙස අරුත් ගැන්වීමටද ඔබ උත්සාහ කලේ?

    ඔබ එසේ නම් සිතුවේ එම කාරනය ඔබ දහම් අවබෝධය ඇති උතුමන් ගෙන් විමසා බලා සැක දුරැලීම සුදුසුයි.

    ආර්යය දර්ශනය කියන්නේ පේන දෙයක් නොවෙයි. අවබෝධයෙන් කටයුතු කිරීම, අවබෝධයෙන් විමසීම, අවබෝධයෙන් අන් දේ දැකීම, අවබෝධයෙන් සැලකීම, අවබෝධයෙන් වටහා ගැනීම, නිවැරදි පිළිවෙත, නිවැරදි අවබෝධය, හරි ක්‍රමය යන අරුත් සහිතයි.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    > ඔබ කොහොමද කියන්නේ මම ඒක උපහාසයට කිවුවා කියලා?

    එයට හේතුව නම් ඔබ කියූ ආකාරය මම කොහෙවත්ම දැකලාත් නැති, අහලාත් නැති කාරනාවක් වීමයි. එය සද්ධර්මයට නොගැලපෙන බවකුත් පෙනෙන්න තිබෙන නිසයි මම එහෙම කියුවේ.

    ඔබට පුළුවන්ද හරියටම ඔබ කියන දේ සද්ධර්මයේ සදහන් එක් තැනක් හෝ ගෙන හැර දක්වන්න? එය කරදරයක් කියා හිතන්න එපා. එය වෙන කාට නැතුවත් මට නම් බොහෝ ප්‍රයෝජනවත් දෙයක් වෙනවා. එනිසායි මම ඉල්ලන්නේ. සමහර විට ඔබටත් අන් අයටත් ප්‍රයෝජනවත් වේවි.

    සමහරක් විට මම ඔබ ලියා ඇති වචන වලින් ඔබ අදහස් කල අර්ථය තේරුම් නොගත්තා වෙන්න පුළුවන්. සද්ධර්මයේ හරියටම තැනක් දක්වන්න පුළුවන් නම් අරුතින් තේරුම් ගන්න එය ලොකු පහසුවක් වෙනවා. මම දැනට දන්නා පමණින් ඔහොම කරුණක් නම් සද්ධර්මයේ සදහන් බවක් මා දන්නේ නැහැ.

    > දැන් තේරෙනවා කියපු ගොන්කම කියලා. නොකියා ඉන්න තිබ්බේ. කියපු දේ මම ඉල්ලා අස්කර ගන්නවා...

    මෙන්න මේ කියපු දේ තමයි නොකියා ඉන්න තිබ්බේ, ඉල්ලා අස්කරගන්න ඕනෑ කියා මා හිතනවා.

    බුදු පියානන් පවසා ඇත්තේ දහම්හි අපැහැදිලි තැන් ඇත්නම්, යම් අයෙක් එය කියන ආකාරය හෝ අරුත් ගැන්වීමක් කරනවා නම් එසේ කරන කෙනාගෙන් ඊට හේතු අසන්න කියා. එසේම කියන කෙනාට හේතු ඉදිරිපත් කරන්න කියාත් තිබෙනවා.

    ඔබ යමක් කියා ඒ ගැන විමසනවාට අකමැතියී නම් ඔබ කියූ කාරනය ඔබ කියා ඇති ආකාරයට ඉල්ලා අස්කර ගැනීම සුදුසුයි. එවිට ඔබ කියන දේ නොකී දෙයක් යැයි සූත්‍රයෙහි, විනයෙහි නොවිමසා සිටීමට හැකියී.

    ඔවු. මම ඒ කරුණ දැන ගත්ත විදිහ ඔබට කියලා තියනවා. ඔබට ඒක දැනගන්න වුවමනා නම් ඔබ කැමති අකාරයකින් හොයලා බලන්න. ප්‍රශ්නයක් නැහැ. ඕවා භාවනා යෝගීන්ගේ අත්දැකීම්. ඒවා පිළිගන්න වුවමනාම නැහැ. ඔප්පු කරලා පෙන්නන්නත් බැහැ නේ. සඳහන් බුද්ධ දේශනා ගැන මම හොයලා බැලුවේ නැහැ ඉහත හේතු නිසා. අදාළ බුද්ධ දේශනා දැන ගන්න ලැබුනොත් ඒ ගැන මේ thread ඒකෙ සඳහන් කරන්නම්. ඒ නිසා දැනට ඉල්ලා අස්කර ගන්නවා. :)

    නමුත් මම කියපු දෙයින් කිසි කෙනෙක් නොමඟ යන්න කිසිම හේතුවක් නම් නැහැ. මොකද නිවැරදි මගේ ගිය කෙනා දකින දෙයක් ගැන නේ කිවුවේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔබ "ආර්ය දර්ශනය" ගැනද පැවසුවේ? එය නම් "පලය ලබන මොහොතේ පෙනෙන විශේෂ දර්ශනයක් තියනවා" ලෙස අරුත් ගැන්වීමටද ඔබ උත්සාහ කලේ?

    ඔබ එසේ නම් සිතුවේ එම කාරනය ඔබ දහම් අවබෝධය ඇති උතුමන් ගෙන් විමසා බලා සැක දුරැලීම සුදුසුයි.

    ආර්යය දර්ශනය කියන්නේ පේන දෙයක් නොවෙයි. අවබෝධයෙන් කටයුතු කිරීම, අවබෝධයෙන් විමසීම, අවබෝධයෙන් අන් දේ දැකීම, අවබෝධයෙන් සැලකීම, අවබෝධයෙන් වටහා ගැනීම, නිවැරදි පිළිවෙත, නිවැරදි අවබෝධය, හරි ක්‍රමය යන අරුත් සහිතයි.

    ඒක පෙනෙන දෙයක් තමයි. සෝවාන් වෙන කෙනෙක් දකින්නේ "මිනිස් ඇට සැකිල්ලක් හා සම්බන්ධ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය පෙන්නුම් කරන" දර්ශනයක්. සමතය වඩලා විදර්ශනාව වඩපු කෙනා ධ්‍යාන වලට සම වැදුන අවස්ථාවකදී විතරයි ඒක දකින්නේ.

    ඒ කොහොම නමුත්, බුද්ධ දේශනා ඉදිරිපත් කිරීමට මේ මොහොතේ මා අපොහොසත් නිසා මා එය ඉල්ලා අස් කර ගන්නවා. බුද්ධ දේශනා ලැබුණු වහාම ඉදිරිපත් කරන්නම්.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඒක පෙනෙන දෙයක් තමයි. සෝවාන් වෙන කෙනෙක් දකින්නේ "මිනිස් ඇට සැකිල්ලක් හා සම්බන්ධ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය පෙන්නුම් කරන" දර්ශනයක්. සමතය වඩලා විදර්ශනාව වඩපු කෙනා ධ්‍යාන වලට සම වැදුන අවස්ථාවකදී විතරයි ඒක දකින්නේ.

    ඒ කොහොම නමුත්, බුද්ධ දේශනා ඉදිරිපත් කිරීමට මේ මොහොතේ මා අපොහොසත් නිසා මා එය ඉල්ලා අස් කර ගන්නවා. බුද්ධ දේශනා ලැබුණු වහාම ඉදිරිපත් කරන්නම්.

    ඔබ බුද්ධ දේශනා ඉදිරිපත් කිරීමට අපොහොසත් යැයි සිතා ඔබ නිවැරදිව දන්නා දේ අන් අයට කියා දෙන්න මැලි වෙන්න එපා. යමෙක් විස්තර ඇසුවොත් ඒ විස්තරත් සොයා දෙන්නම යුහුසුළු වෙන්න. මොකද අපහසු උනත් එවිට ඔබ සොයන්නේත්, එසේ සෙවීමෙන් ලබන්නේත් වටිනා දෙයක්මයි. ඔබ නිවැරදිව කියන දේ අන් අය තේරුම් ගත්තාද, නොගත්තාද, පිළිගන්නවාද, නොපිළිගන්නවාද කියන දේ අන් අයගේ අවබෝධය මතම සිදුවේවි.

    බුදු දහම පිළිබද සාකච්චාවට පෙළඹීම හැම දෙනාගේම දහම්හි පැහැදිලි අවබෝධයටත්, තම තමන් හරි හැටි නොදැන වැරදි මත වල සිටියානම් එම වැරදි මත වලින් මිදීමටත් ඉවහල් වෙනවා. එය මට නම් එසේමයි.

    "ආර්යය දර්ශනය" යන කරුණ සම්මා දිට්ඨියට බොහෝ සමාන බවයි මට හැගෙන්නේ.

    නමුත් ඔබ "පංච උපාදානස්කන්ධයේ ස්වභාවය පෙන්නුම් කරන දර්ශනයක්" ආදී ලෙසින් කියන නිසා සූත්‍ර දේශනා විමසා බලන්න යනවා නම් "විදර්ශනාව, යතාභූත ඥාන දර්ශනය, විමුක්ති ඥාන දර්ශනය" ආදී කරුනු ගැන සදහන් සූත්‍ර බැලුවොත් ඔබ කියන කරුන ගැන පැහැදිලි යමක් සොයාගන්න සමහර විට පුළුවන් වේවි, ඔබට ඒ ආධාරයෙන් ඔබ කියන්න උත්සාහ කල දේ පැහැදිලි කරන්න හැකිවේවි. සමහරක් විට වෙනත් සූත්‍රත් උවමනා වේවි.

    මම ඔබ කියන ආකාරයට ආසන්න සූත්‍ර දැක්කොත් මමත් මේ ත්‍රෙඩ් එකේම සදහන් කරන්නම්. එම සූත්‍ර වල ඇත්තේ ඔබ කියන ආකාරයට ලඟින් යන කරුණු උවත් එහි අරුත් ඔබ කියන දේට තරමක් වෙනස් නම් එයත් මම සදහන් කරන්නම්. ඔබ කියන දේ එසේම ඇතැයි සිතුනොත් එයත් මම සදහන් කරන්නම්. දැනට නම් යම් ගැටළු සහගත බවක් ඇති බවයි මගේ වැටහීම. සොයලාම බලමුකෝ.
     
    ou saho ehema hondai... :)