උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව කරන අයට

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව කරන අයට

    උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව කරන්න ඉන්න අයට වැදගත් වෙයි කියල තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවේ.

    උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා තෝරාගත යුතු විෂයයන්

    1. තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව (ප්‍රධාන විෂයකි අනිවාර්යෙන් හැදෑරිය යුතුය)
    2. ඉංජිනේරු තාක්ෂණවේදය / ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය.
    2. තෙවන විෂය ලෙස මේවායින් එකක් තෝරා ගත යුතුය. ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, චිත්‍ර කලා, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය

    විෂය අන්තර්ගතය කෙටියෙන්

    තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව - ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය, සෙරමික්- වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, මූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ්‍රමණ චලිතය, පරිගණක මෘදුකාංග යෙදවුම්, අන්තර් ජාල/ඊ මේල්, දෘඩාංග පිළිබඳ මූලධර්ම, මූලික මෙහෙයුම් පද්ධතිය හා මෙහෙයවීම, අමුද්‍රව්‍යවල ගුණ, තරල ගුණ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් චුම්බකත්වය,තාපය, තරංග.

    ඉංජිනේරු තාක්ෂණවේදය - සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජි‍නේරු, විදුලි ඉංජිනේරු යන විෂයන් අයත් වෙනවා. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණය, මූලික මෝටර් යාන්ත්‍ර විද්‍යාව, මූලික විදුලි තාක්ෂණය සහ නිවාස වයරින් කිරීම, මූලික ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණවේදය, මූලික නිෂ්පාදන තාක්ෂණය එකලස් කිරීමේ ශිල්ප ක්‍රම, යාන්ත්‍රික ඇඳීම, ඒකක හා මිනුම්, චලනය හා බල සම්ප්‍රේෂණ අංග, තාක්ෂණික කටයුතුවලදී සෞඛ්‍යය හා ආරක්ෂාව, විද්‍යුත් යන්ත්‍ර හා බල පද්ධති, මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භාවිතය, ගෘහස්ත ජල සම්පාදනය හා ස්වස්ථතාව (සනීපාරක්ෂාව), තරල යන්ත්‍ර, ඉංජිනේරු සම්මත (ප්‍රමිති) බිම් මැනුම්, ඇස්තමේන්තු (නිර්මානය කිරීම හා සැකසීම), ව්‍යවසායකත්වය හා කළමනාකරණය.

    ජෛව පද්ධති තාක්ෂණය - කෘෂිකර්මය, පශු තාක්ෂණය, ආහාර තාක්ෂණය,පසු අස්වනු තාක්ෂණය යන ආදී සංචරක වේ. ජෛව පද්ධිති තාක්ෂණය හැඳින්වීම, ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව, පාංශු ජල සම්බන්ධතා, ආහාර ආරක්ෂණය හා රෙගුලාසි, පසු අස්වනු තාක්ෂණය, ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම, ජලයේ ගුණාංග, ආහාර නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදන තාක්ෂණවේදය, පැළෑටි සංරක්ෂණය, ජලය පොම්ප කිරීම, බිම් මැනීම, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා ජෛව පද්ධති සඳහා ඒවායේ භාවිතය.

    NIE වෙබ් අඩවියේ සිලබස් මෙතනින් බාගන්න පුලුවන්
    ජෛව පද්ධති තාක්ෂණය
    ඉංජිනේරු තාක්ෂණවේදය
    තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව


    ගුරු අත්පොත් ඕනෙනම් මෙතනින් බාගන්න පුලුවන්
    ජෛව පද්ධති තාක්ෂණය
    ඉංජිනේරු තාක්ෂණවේදය
    තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව
     
    Last edited:
    Apr 20, 2014
    16
    1
    0
    Thanks macho
    තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව sampurna pothama ganna puluwan link ekak thiyenawa nam dhanna lokuu udawwak
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    වැදගත් වෙයි නෙමෙයි මේක අනිවාර්යෙන් ගොඩක් අයට වදගත්..මගෙන් මේ ලගදිත් O/L ලියපු පොඩි එකෙක් ඇහුවා මේ ගැන.. දැන් බය නැතුව මේක පෙන්නුවහැකි:):):):)
    රේප්++
     

    Similar threads