රුවක් ඇදෙනවා ඇත්ත කතාව

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
රුවක් ඇදෙනවා ඇත්ත කතාව

[FONT=&quot]“[/FONT][FONT=&quot]අදුර වැටී හෝරා එක හමාරක් පමණ ගතවී ඇත. හාත්පස වූ අඳුර වෙළාගත් ගහකොළ ‍වල සෙවනැලි පවා නොපෙනෙන තරමට ‍ගිලී ඇති රාත්‍රිය දිගු රැයක් කරා පියවර ඔසවමින් සිටී. නගරය තරමක් ජනාකීර්ණ බවින් මිදුනත් නගරය කෙළවර වූ අවන්හල සෑම රාත්‍රිකම කාර්ය බහුලය. අවන්හලට පිවිසෙන මාර්ගයේ එක් පසෙක ඇති විදුලි ලාම්පු විහිදවූයේ මන්දස්මිත ආලෝකයකි. එයින් නිකුත් වූයේ අවන්හලට පිවිසෙන මාර්ගය පමණක් එළිය කරන්නට තරම් සෑහෙන එළියකි. එහි එළිය හාත්පස වෙළා අදුර මකන්නට ප්‍රමාණවත් නොවීය. තරමක් දුරසිට බලන්නෙකුට වීදියේ ඇති විදුලි බුබුලු යටින් ගමන් කරන හෙවනැළි පමණි.[/FONT]

[FONT=&quot]පාර කෙළවර වූ අවන්හල දශක ගණනාවක අතීතයට උරුම කියූ එකකි. දුර සිට එහි ඉපැරණි බව පැහැදිලිවම හඳුනාගත හැකිය. අවන්හලේ ඇතුළත පෙනුමද හරියට ඉංග්‍රීසි පාලන සමයේ ගොඩනැගූ ගොඩනැගිල්ලක සිරි ගත්තේය. තැනින් තැන ඇති මේස පුටු ලීබඩු පවා දශක ගණනාවක අතීතයට නෑකම් කියූ ඒවාය. ඒ දෙමහල් අවන්හලේ ඉහල මාලයට පිවිසෙන්න තිබුනේ ලී වැටක් සහිත තරප්පු පෙලකි. අවහන්හලේ ලීතරප්පු පෙළේ ඉහලට පහලට ගමන් කරන මිනිසුන්ගේ සැබෑ ස්වරූපයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වේටර්වරුන්ගේ පා ගැටෙන හඬත් වෙන වෙනම හදුනාගත හැකිය. අවන්හලේ පහළ මහල තරම් ඉහළ මහල කාර්ය බහුල නොවූ අතර එහි සිටියේ නිතිපතා පැමිණෙන සුන්දරම රාත්‍රියේ මිහිර විඳීන මිනිසුන් පමණි. ඔවුන්ට කිසිම කලබලයක් නැත. රාත්‍රිය උදාවෙත්ම නිරන්තරයෙන් පිරී තිරී යන අවන්හල පුරා උස්පහත් වෙමින් නැගෙන සිනා හඬත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංවාද විසංවාද හා උසුළු විසුළු වලින් පිරුණි.[/FONT]

[FONT=&quot]අවන්හලේ ඉහළ මාලයේ කෙළවරෙහි වූ ජනේලයෙන් පිටත බලන්නෙකුට අවන්හලට පිවිසෙන මාවත හොදින් දිස්වේ. රාත්‍රිය වුවත් පාර පුරා විහිදන විදුලි එලියෙන් අවන්හලට පැමිණෙන සහ එයින් පිටව යන මිනිසුන්ගේ සෙවණැළි දැකගත හැකිය. එසේ පැමිණියේ හෝ පිටව ගියේ කවුරුන්ද යන්න පැහැදිළිව හදුනාගත නොහැකි වුවත් කීදෙනෙක් පැමිණියෙන් කීදෙනකේ නික්ම ගියේද යන්න අදුරේ වුවත් දැනගත හැකිය.[/FONT]

[FONT=&quot]හැමදාමත් අවන්හල වෙත එකම වේලාවකට පැමිණ හෝරා දෙකතුනක් එහි ගත කර නික්මයන මැදි විය ඉක්මවූ මිනිසෙකි. හෙතෙම නිරන්තරයෙන් අසුන්ගත්තේ ඉහළ මාලයේ ජනේලය අසල පිහිටි මේසෙයේය. ඔහුට ජනේලයෙන් එපිට මාවත හොඳනි දිස්වේ. ඔහ් මීවිතක් තොලගාමින් ඒ මාවත දෙස දනෙත් යොමා කල්පනාවේ කිමිදෙයි. තමන්ට අවහ්‍ය දේ ගෙන්වා ගන්නා වේටර්වරයා වෙත කියන දේ හැරුණු විට වෙනත් කිසිවක් සමග හෝ කතාවකට නොයන මේ මැදිවිය ඉක්මවූ තැනැත්තා අවනහලේ සේවකයන්ට බෙහෙවින්ම හුරු පුරුදුය. එහෙත් කිසිවකුටත් ඔහුගෙන් කරදරයක් නැත. තමන් ඇණවුම් කරන මීවිතට හුදකලාව පෙම් බදින ඔහු අවසානයේ වේටර්වරයා ඉදිරිපත් කරන බිල්පතට මුදල් දී වේටර්වරයාගේ අතටද සන්තෝසමක්දී ඉන් පිටව යයි.[/FONT]

[FONT=&quot]රාත්‍රියේ අදුර මැදින් දිනෙක එසේ වූ මේ අවන්හලට පැමි‍ණියේ තරුණයෙකි. තවමත් තුරුණු විය නොඉක්ම වූ හෙතම අවන්හලට අමුත්තෙකු වුවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවන්හල ඔහුට අමුත්තක් නොවුණි. ඔහු අවන්හලේ ඉහළ මාලය වෙත පැමිණ වටපිට බලා මැදිවිය ඉක්මවූ මිනිසා හුන් මේසය වෙත ගොස් ඔහුට ප්‍රතිවිරුද්ධ දිසවෙන් වූ හිස් පුටුවේ වාඩිවිය. වේටර්වරයාට අතවනා ළඟට කැඳවූ ඔහු යමක් කොඳුරා කීවේය. විනකාඩි කීපයක් යන්නට මත්තෙන් ඔහු ඇණුවුම් කළ මීවිතත් ඊට අවැසි සියලු දේත් ඔහු ඉදිරියේ විය.[/FONT]

[FONT=&quot]මීවිතක් තොලගෑ ඔහු දුම්වැටියක් දල්වා හීන් දුම් වළලු කීපයක් වාතලයට මුසු කරන අයුරු මැදිවිය ඉක්මවූ මිනිසා යටැසින් දුටුවේය. යෞවනයා කල්පනා සයුරේ කිමිදී බොහෝ ඈතට ගොස් ඇති බව ඔහුට වැටහිණ. කිසිම දිනෙක අවන්හලට පැමිණෙන අමුතතන් සමග දොඩමළු නොවන ඔහු හෙමින් හඬ අවදි ‍කළේය.[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මල්ලි ඇයි මේ.....[/FONT][FONT=&quot]?”[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]නෑ... නිකං...[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]හීන් සීරුවේ දෑස් ඔසවමින් තමා ඉදිරියේ හුන් මිනිසා දෙස බලාගත් සැණින් සිය දෑස් ඔහුගේ දෑස්වලින් ඉවතට ගත්තේය. යෞවනයාගේ වචන තුළ නොකියූ බොහෝ දේ ඇති බව ඔහුට හැඟිණි.[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]වෙන්න බෑ මල්ලි. මොකක් හරි පැටලිල්ලක ඉන්නවා වාගෙ[/FONT][FONT=&quot]?”[/FONT]

[FONT=&quot]මැදිවිය ඉක්මවූ තැනැත්තා කීවේය. කතාවට මුල පුරන්න මගක් සොයද්දී මධු බදුන් කීපයක නිමාව සටහන්වී තිබුණි.[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මට මගේම කියන්න පුළුවන් විදිහෙ ආදරයක් තිබුණා. මම ඒ ආදරේ වෙනුවෙන් හුඟක් අදරේ කළා. කවදාවත්ම නොහිතපු විදිහට.......[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]අන්තිමට ඉතුරු වුණේ මෙච්චරයි[/FONT][FONT=&quot]” [/FONT]

[FONT=&quot]යෞවනයා සිය ප්‍රථම ප්‍රේමයේ අතීත නටඹුන් අතර සක්මන් කරමින් ප්‍රේමයේ සොදුරු තැන් මෙන්ම රිදුණු තැන්ද බිඳුණු හඬකින් අවදි කළේය.[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]නෑ මල්ලි උඹ තවම පරාද වෙලා නෑ... උඹ පටන් අරන් තියෙන්නෙ වැරදි තැනකින්. හොඳම කාලෙ තව ඉස්සරහට මොකට පරාද වුණත් බොන්න[/FONT][FONT=&quot]එපා... ආපහු හිතපන්[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]මධුවිතෙන් හොඳහැටි රත්වී සිටි මිනිසා යෞවනයාට එක දිගට කියාගෙන කියාගෙන ගියේය.......[/FONT][FONT=&quot]”[/FONT]


මේ සිදුවිම සොඳුරු නිර්මාණ කරුවෙකුගේ පන්හිඳකින් ගී පදවැලක් ලියැවුනා. පහත තියෙන්නේ අපි කිසිදින අසා නැති ඒ් ගී පද
[FONT=&quot]මීවිතෙන් ගිනි කණ වැටුණ් ඇස[/FONT]
[FONT=&quot]කාගෙ රුවදෝ ඇ‍ඳෙන්නේ[/FONT]
[FONT=&quot]නිමේෂයකින් ඔබට සැස‍ඳෙන[/FONT]
[FONT=&quot]හිතවතෙකි ඔබ දකින්නේ[/FONT]

[FONT=&quot]භද්‍ර යෞවන මලණුවනි ඔබ[/FONT]
[FONT=&quot]කිමද මධු විත සොයන්නේ[/FONT]

[FONT=&quot]නුරා දාහය නැත නිවෙන්නේ[/FONT]
[FONT=&quot]එයිනි දුක් ගිනි දළු දමන්නේ[/FONT]

[FONT=&quot]ජීවිතේ දියවී යා නොදී[/FONT]
[FONT=&quot]වෙනින් ඔරුවක නැග යමන්නේ[/FONT]
පසුව මේ ගී පද වැල ගුණදාස කපුගේ ශුරින් වෙත ලබාදෙනවා. මේ අපුරු පද රචකයා නම් රජරටින් අපේ සුභාවිත හෙළ ගී කෙත අස්වැද්දු මහින්ද දිසානායකන්ය. මේ අපුරු ගීතය බිහිවු හැටි කපුගේ ශුරින් [FONT=&quot]පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගෙ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]පහන නිවී දොළොස් මහේ[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]පොතේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මානව ප්‍රගමනය ගීතය හා මගේ දෘෂ්ඨිය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියල අපූරු සටහනක්[/FONT][FONT=&quot] තියෙනවා[/FONT]

මේ ඒ පොතේ සටහන් වු කපුගේ ශුරින්ගේ වචන



[FONT=&quot]දෙතුන් වරක් මේ ගීතය කියවූ මා ගීතය තුළින් දැනවිමට යන අරුත පැහැදිලි නැති බවත් එය වචන තුළ සිරවී ඇති බවත් මහින්දට පැහැදිලි කළෙමි. මධුවිත තොල ගාමින් මා මිහිරි තනුවක් සඳහා සර්පිනාවේ ඇඟිලි හැසුරුවද මට මගේ කාර්යයේ අපහසුවක් දැනිණ.[/FONT]

“..... [FONT=&quot]රුවක් ඇදෙනවා...... කවුදෝ එනවා...... මහින්ද මේ විදියට පටන් ගත්තොත් මොකද කියන්නේ[/FONT]?......”

[FONT=&quot]මම ඔහුගෙන් පිළිවිසිමි. එකල මා වඩා හඳුනාගෙන නොසිටි මහින්දයන් අපහසුතාවකට පත්කිරිමට මසිත මට අවසර නොදුණි. නමුදු වහා මා හා එකඟ වූ ඔහු පැයක පමණ කෙටි කාලයකදී මුලු ගිතයම නැවත සංස්කරණයට සමත්විය. මේ පසු කලෙක කරුණාරත්න දිවුල්ගනේ හා මා එක්ව ගැයූ ඒ ගීතයයි.[/FONT][FONT=&quot]”[/FONT]


[FONT=&quot]රුවක් ඇදෙනවා කවුදෝ එනවා[/FONT]
[FONT=&quot]මීවිත ඇඳරිය දෑස වසනවා[/FONT]
[FONT=&quot]හද පොදි බැඳි දුක දියකර පා කර[/FONT]
[FONT=&quot]ඔබේ ලොවට මා මොහොතින් එනවා[/FONT]

[FONT=&quot]සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ[/FONT]
[FONT=&quot]කිම තොල මීවිත පොඟවන්නේ[/FONT]
[FONT=&quot]නුරා විරහ ගිනි නිවා දමන්නයි[/FONT]
[FONT=&quot]සුරා විතින් මා දෙතොල තෙමන්නේ[/FONT]

[FONT=&quot]නැගුණු නුරා ගිනි මී පොද වැටිලා[/FONT]
[FONT=&quot]හතර වටින් දළු ලා එනවා[/FONT]
[FONT=&quot]අවන් හලේ මී විත තනි කරලා[/FONT]
[FONT=&quot]වරෙන් මලේ පියවර නගලා[/FONT]

[FONT=&quot]ගීපදමාලාව: මහින්ද දිසානායක[/FONT]
[FONT=&quot]සංගීතය: විශාරද ගුණදාස කපුගේ[/FONT]
[FONT=&quot]ගැයුම: විශාරද ගුණදාස කපුගේ සහ[/FONT]
[FONT=&quot] කරුණාරත්න දිවුල්ගනේ[/FONT]



පසු සටහන


මේ ගීතයේ අර්ථය ගැන එළකිරියේ වගේම මුහුණු පොතේ සටහන් තිබුනා. සමලිංගික සම්බන්ධතා ගැන කියවෙන ගීතයක් ලෙස මේ ගීතයේ සැබෑ නිර්මාණාත්මක පසුබිම දයානන්ද දිසානායක ගේ සංවාද සටහනක් ඇසුරින් ඔබ වෙත ඉදිරිපත් කලේ ශ‍්‍රි ලංකාවේ නිර්මාණ රසවිඳිමේ රසඥතාවය දරුණු ලෙස සෝදා පාලූවකට පත්ව ඇති මෙවැනි වකවානුවක ගීතයන් වල අර්ථය විකෘති කර සමලිංගක ප‍්‍රචාරණයන් වෙනුවෙන් මෙවැනි විකෘති අර්ථ කථන ලබාදීම ඇත්තෙන්ම කණගාටුවට කරුනක්, සමරිසි හෝ ඕනෑ මඟුලක් කරගත්තට කමක් නෑ ඒක පුද්ගලයාගේ පුද්ගලික කාරණයක් නමුත් එවැනි දේවල් වෙනුවෙන් ගීත වල අර්ථ විකෘති කරමින් තමන්ගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මෙවැනි වටිනා නිර්මාණ යොදා ගන්න එපා කියන කාරණය මම කාරුණිකව ඉල්ලා සිටිනවා
 
Last edited:

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
එල බන් නියමයි +රෙප්

ස්තූතියි මිත‍්‍රයා
11.gif



ස්තූතියි මිත‍්‍රයා
11.gif


එල බන් නියමයි

:):)

එල බන් නියමයි

:):)

Thanx bro :)
Rep +

ස්තූතියි මිත‍්‍රයා
11.gif



ස්තූතියි මිත‍්‍රයා
11.gif


පවු බං කාටද හොඳටම රිදිලා :lol:
:lol::lol: මිත‍්‍රයා කෙලින් ත්‍රේඞ් එකේ අදහසක් පල කරන්න තරම් කොන්දක් නැති ඔබ වැනි අයට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කියන්නද :(


Thread Date Comment
reputation_neg.gif
රුවක් ඇදෙනවා ඇත්ත කතාව 04-26-2014 09:38 PM -90000 පොන්න හුකන්නෝ! තෝ පොන්නයෙක් වෙච්ච පලියට &#346
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක


පවු බං කාටද හොඳටම රිදිලා :lol:
:lol::lol: මිත‍්‍රයා කෙලින් ත්‍රේඞ් එකේ අදහසක් පල කරන්න තරම් කොන්දක් නැති ඔබ වැනි අයට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කියන්නද :(


Thread Date Comment
reputation_neg.gif
රුවක් ඇදෙනවා ඇත්ත කතාව 04-26-2014 09:38 PM -90000 පොන්න හුකන්නෝ! තෝ පොන්නයෙක් වෙච්ච පලියට &#346
:lol::lol::lol::lol:
 

kputha

Member
May 5, 2012
5,534
240
0
ස්තූතියි මිත‍්‍රයා
11.gif




ස්තූතියි මිත‍්‍රයා
11.gif




:):)



:):)



ස්තූතියි මිත‍්‍රයා
11.gif




ස්තූතියි මිත‍්‍රයා
11.gif


පවු බං කාටද හොඳටම රිදිලා :lol:
:lol::lol: මිත‍්‍රයා කෙලින් ත්‍රේඞ් එකේ අදහසක් පල කරන්න තරම් කොන්දක් නැති ඔබ වැනි අයට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කියන්නද :(


Thread Date Comment
reputation_neg.gif
රුවක් ඇදෙනවා ඇත්ත කතාව 04-26-2014 09:38 PM -90000 පොන්න හුකන්නෝ! තෝ පොන්නයෙක් වෙච්ච පලියට &#346

:lol::lol::lol:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ස්තූතියි මිත‍්‍රයා
    11.gif




    ස්තූතියි මිත‍්‍රයා
    11.gif




    :):)



    :):)



    ස්තූතියි මිත‍්‍රයා
    11.gif




    ස්තූතියි මිත‍්‍රයා
    11.gif


    පවු බං කාටද හොඳටම රිදිලා :lol:
    :lol::lol: මිත‍්‍රයා කෙලින් ත්‍රේඞ් එකේ අදහසක් පල කරන්න තරම් කොන්දක් නැති ඔබ වැනි අයට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කියන්නද :(


    Thread Date Comment
    reputation_neg.gif
    රුවක් ඇදෙනවා ඇත්ත කතාව 04-26-2014 09:38 PM -90000 පොන්න හුකන්නෝ! තෝ පොන්නයෙක් වෙච්ච පලියට &#346

    ගන්නන් ගන්න එපා බන් ,,මෙකෙ කොහොමත් පරන පොන්නයො ටිකක් දාපු බිත්තර වලින් අලුත් පොන්නයයො සෙට් එකක් බිහි වෙලා ඉන්නවා.. ඔන්ලයින් පොන්න හිරො ස්ටාර් තොරන තරගයක් තිබ්බොත් උන් දිනයි:lol: