ලැප්_එක_මස්_කළා

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ලැප්_එක_මස්_කළා

    හා හා පුරා කියල වොරන්ටියත් ඉවර උන එකේ ලැප ගලෝල බලන්න හිතුන ඇතුලේ මොනවද තියෙන්නෙ කියල :P කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල පොටෝ කෑලි ටිකක් ගහගත්තා :rolleyes: හරි. මේකනේ කතාව. ලැප් එකක් කියන්නේ ඉතින් නෝමල් PC එකක් වගේ නෙවෙයිනේ. හෙන ගානක් දීල පෙරුම් පුරලා අරගන්නේ :baffled: ඉතින් කැසිල්ල තිබ්බ පලියට ඕක ගලවල ආයේ පත්තු උනේ නැත්තන් එහෙම කොහොමද ආතල් එක :baffled: ඒක නිසා ලැපක් ගලවනවා නම් (මම කියන්නේ නොදන්න කෙනෙක්) තමන්ගේ මොඩල් එක ගහල ගූගල් එකේ පොඩ්ඩක් බලන්න Disassembly ටියුට් කෑල්ලක් තියෙනවද කියල. වාසනාවට මට නම් දෙකක්ම හම්බුනා :) ඒක නිසා මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. වීඩියෝ එකක් මම මේකේ දාන්නම්. මගේ ලැප් එක HP Pavilion G6 කියල මොඩල් එකක්. ඉතින් ඔයාල ලඟත් තියෙන්නෙ මෙව්වා එකක් නම් මේ නූල ප්‍රයෝජනයක් වෙයි. හරි එහෙනම් මෙන්න මෙහෙමයි උනේ.

    පිටිපස්සේ මැද තියෙන එක ගැලෙව්වම මෙහෙමයි පෙන්නේ.
    DSC_0046_zps6868660b.jpg

    ඕකෙ 1,2,3 කියන්නේ හාඩ් එක, රැම් එක සහ wireless wifi card එක. ඔය 3ම කිසි අව්ලක් නැතුව ගලවන්න පුළුවන්. 4 කියන්නේ කීබෝර්ඩ් එක හයි කරලා තියෙන ඇණය. ඒක ගැලෙව්වම ඉස්සරහින් කීබෝර්ඩ් එක ගැලවෙනවා.

    ඊටපස්සේ ඉතින් සාමාන්‍ය විදිහට ඇණ ටික ගලවගෙන යන්න ඕනි. තව එකක්. ඕකෙ ප්‍රධාන වශයෙන් ඇණ සයිස් දෙකක් තියෙනවා. වටේ ෆ්‍රේම් එක හයිවෙලා තියෙන ඇණ ටිකක් දිගයි. බෝඩ් එකට හයිවෙන ඒවා ටිකක් කොටයි. ඒක නිසා ඇණ නම් මාරු වෙන්නේ නෑ. තව ඕකෙ තියෙන රිබන් වගේ කේබල් හැම එකකටම ලොක් එකක් තියෙනවා. නියපොත්තෙන් උඩට ඉස්සුවම ලොක් එක ඇරෙනවා.ලොක් අරින්නේ නැතුව කේබල් ඇදලා කඩාගන්නවා එහෙම නෙවෙයි:angry:

    ඔන්න ගලෝල ඉවරයි
    DSC_0050_zpsa1c49dfd.jpg

    ඔය තියෙන්නෙ බෝඩ් එක. ඔය රත්තරන් පාට මෙව්ව එක දිගේ තමයි හීට් එක මුදාහරින්නේ. ඉතින් ගලෝපු එකේ බුරුසුවක් අරන් ඕකෙ තියෙන දුවිලි ටික පිහදාලා එහෙම ආයේ හයි කරන එකයි තියෙන්නෙ. මමත් ඉතින් මගේ ආසාව සපුරාගෙන කෑලි ටික ඔක්කොම හයි කරලා පත්තු කරලා බැලුව :)

    DSC_0052_zps37797be9.jpg

    මෙන්න තියෙනවා මම කියපු වීඩියෝ එක. ඕක බැලුවම හොඳට තේරෙයි මම කියපු ටික.

    ඉතින් ආසාවක් තියෙනවා නම් ට්‍රයි කරලා බලන්න :) ඇත්තටම ලැප් එකක් ගලවන එක මහ ලොකු දෙයක් නෙවෙයි. එක පාරක් ගැලෙව්වම ඒක තේරෙයි. ඇණ ටික කේබල් ටික පවා පිළිවෙලකට තියෙන්නෙ. ඉතින් පිළිවෙලට ගලවල පිළිවෙලට හයිකරන්නයි තියෙන්නෙ. හිතේ හයිය තමා ඕනි :D කාටහරි වැඩක් උනානම් රිප්ලයි එකක් දාගෙන යන්න. වැරදි තියෙනවා නම් නිවැරදි කරන්න. ලැප් ගලෝල ඇණ එහෙම වැඩි වෙච්ච අය ඉන්නවා නම් තමන්ගේ අත්දැකීම් කියල යන්න :D

    අම්ම ගහයි පස්සේ තමයි මීටර් උනේ වැරදි තැන නූල අමුණලා තියෙන්නෙ :sorry::sorry:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගලවලා සුද්ද කරපු එක හොදයි..ගොඩක්ම හොද, ගලවන විදිය නෙට් එකෙන් බලල ගලවපු එක..එතකොට ප්‍රශ්න නෑ..ලැප් ගලවන එක බොහොම පරිස්සමෙන් ඉවසීමෙන් කරන්න ඕන දෙයක්..අනික තමයි ඇන..ඇන ටික හරියට මාර්ක් කරගෙන ආයිත් හයි කරද්දී ඒ විදියටම හයි කරන්න ඕනේ..වයර් ලයින් හරියට රූට් කරන්න ඕනේ..නැත්තන් ඔක්කොම හයි කරලා බැටරි රිලීස් බට්න් එක හිර වෙන්න පුළුවන් ඒ ලගින යන වයර් අහු වෙලා..ඇන තව් වලට සෙට් වෙලා කැඩෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: d_lucifer

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බොහොම හොඳයි.... ඕනෑම දෙයක් ඉගෙන ගන්න එක ගලවල , චෙක් කරලා බලන්න ඕන...

    හැබැයි ලැප්ටොප් ගලවන කොට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා.Motherboard එක නැවෙන්නේ (bend) නැතිවෙන්න ගලවන්න හොඳේ.....
    නවුනොත් ඉතින් contacts ගැලවිලා මහා විනාසයක් වෙයි. ඒ නිසා පරිස්සෙමෙන්....
     
    • Like
    Reactions: d_lucifer

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    • Like
    Reactions: Kasunrock619

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ජන්තු අයියා;16589561 said:
    ගලවලා සුද්ද කරපු එක හොදයි..ගොඩක්ම හොද, ගලවන විදිය නෙට් එකෙන් බලල ගලවපු එක..එතකොට ප්‍රශ්න නෑ..ලැප් ගලවන එක බොහොම පරිස්සමෙන් ඉවසීමෙන් කරන්න ඕන දෙයක්..අනික තමයි ඇන..ඇන ටික හරියට මාර්ක් කරගෙන ආයිත් හයි කරද්දී ඒ විදියටම හයි කරන්න ඕනේ..වයර් ලයින් හරියට රූට් කරන්න ඕනේ..නැත්තන් ඔක්කොම හයි කරලා බැටරි රිලීස් බට්න් එක හිර වෙන්න පුළුවන් ඒ ලගින යන වයර් අහු වෙලා..ඇන තව් වලට සෙට් වෙලා කැඩෙන්න පුළුවන්.

    ඔව් ඒක ඇත්ත ජන්තු ලොක්කා:) ඉවසීමෙන් කරන්න ඕනි වැඩක්. හැබැයි ඔය වයර් ප්‍රශ්නේ නම් දැන් අලුතෙන් එන ලැප් වල අඩුයි කියල මට හිතෙනවා :nerd: වයර් යන්න ඕනි සමහර තැන් ෆ්‍රේම් එකෙන්ම බෙන්ඩ් එක හදල යවල තියෙනවා. කේබල් ටික නම් අනිවා පරිස්සමෙන් ගලවන්න හයි කරන්න ඕනි. පොඩ්ඩක් හරි තුවාල උනොත් ඔක්කොම ඉවරයි :baffled:
     
    අන්න හරි..සමහරු අනා ගන්නේ ආයිත් හයි කරද්දී ඔය බෙන්ඩ් ගැන සැලකිලිමත් නොවී...
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බොහොම හොඳයි.... ඕනෑම දෙයක් ඉගෙන ගන්න එක ගලවල , චෙක් කරලා බලන්න ඕන...

    හැබැයි ලැප්ටොප් ගලවන කොට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා.Motherboard එක නැවෙන්නේ (bend) නැතිවෙන්න ගලවන්න හොඳේ.....
    නවුනොත් ඉතින් contacts ගැලවිලා මහා විනාසයක් වෙයි. ඒ නිසා පරිස්සෙමෙන්....

    ඔව් මටත් ඔහොම එකක් උනා. කලබලේට මට කීබෝර්ඩ් එක යට තියෙන ඇණ දෙක අමතක වෙලා නියනක් දාල බෝඩ් එක ෆ්‍රේම් එකත් එක්කම උස්සල ගන්නයි ගියේ :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මගෙත් තියෙන්නෙ ඕකක් තමයි මුල්ම් දවසෙ ගලවල ආයෙ හයි කරල බලද්දි වයි ෆයි වැඩ කරන්නෑ ආයෙ ඉතින් සිරීපාදෙ නගිනව වගේ ගලවල වැඩේ ගොඩ දාගත්ත කොහොමහරි.
     
    • Like
    Reactions: d_lucifer